Jump to content

වොයේජර් 1

විකිපීඩියා වෙතින්
වොයේජර් 1
වොයේජර් අභ්‍යවකාශ යානයේ ආකෘතිය
වොයේජර් අභ්‍යවකාශ යානයේ ආකෘතිය
මෙහෙයුම් වර්ගයබාහිර ග්‍රහලෝක, සූර්‍යගෝලය සහ අන්තස්තාරීය මාධ්‍යය ගවේෂණය
ක්‍රියාකරුනාසා / ක්ෂේප ප්‍රචාලන පර්‍යේෂණාගාරය
COSPAR ID1977-084A[1]
SATCAT №10321[2]
වෙබ් අඩවියvoyager.jpl.nasa.gov/
මෙහෙයුම් පැවතුම් කාලය
  • 48 years, 11 months, 8 days elapsed
  • ග්‍රහලෝක මෙහෙයුම: 3 years, 3 months, 9 days
  • අන්තස්තාරීය මෙහෙයුම: 45 years, 8 months elapsed
අභ්‍යාවකාශයානා ගුණාංග
අභ්‍යාවකාශායානා වර්ගයමැරිනර් බ්‍රහස්පති-සෙනසුරු
නිෂ්පාදකක්ෂේප ප්‍රචාලන පර්‍යේෂණාගාරය
දියත් ස්කන්ධය825.5 kg (1,820 lb)
ජවයවොට් 470 (දියත් කරන විට)
මෙහෙයුමෙහි ඇරඹුම
අභ්‍යාවකාශගතකිරීම් දිනයසැප්තැම්බර් 5, 1977, 12:56:00 (සැප්තැම්බර් 5, 1977, 12:56:00) UTC
රොකට්ටුවටයිටන් IIIE
අභ්‍යාවකාශගතකිරීම් අඩවියකැනවරල් තුඩුවේ ගුවන් හමුදා ස්ථානයේ 41 වෙනි අභ්‍යවකාශ දියත් කිරීමේ සංකීර්ණය
බ්‍රහස්පති අසළින් පියාසර කිරීම
සමීපතම ප්‍රවේශයමාර්තු 5, 1979
දුර349,000 km[convert: unknown unit]
සෙනසුරු අසළින් පියාසර කිරීම
සමීපතම ප්‍රවේශයනොවැම්බර් 12, 1980
දුර124,000 km[convert: unknown unit]
ටයිටන් අසළින් පියාසර කිරීම (වායුගෝලය අධ්‍යයනය)
සමීපතම ප්‍රවේශයනොවැම්බර් 12, 1980
දුර6,490 km[convert: unknown unit]
----
ෆ්ලැග්ෂිප්
 වොයේජර් 2 ගැලීලියෝ

වොයේජර් 1 යනු නාසා ආයතනයේ වොයේජර් වැඩසටහන යටතේ, 1977 සැප්තැම්බර් 5 වැනිදා පෘථිවියෙන් දියත් කෙරුනු අභ්‍යවකාශ ප්‍රෝබයකි. යානයේ අරමුණ වූයේ බාහිර සෞරග්‍රහ මණ්ඩලය සහ සූර්යගෝලයෙන් එපිට අන්තස්තාරීය අභ්‍යවකාශය ගවේශනය කිරීමයි. වොයේජර් 2 යානය දියත් කිරීමෙන් දින 16 කට පසු දියත් කෙරුනු වොයේජර් 1, අද වන විට වසර 48 ක්, මාස 11 ක්, එක් සතියක් සහ දින 2 ක් ක්‍රියාකාරීව පැවතී ඇත. පෘථිවියේ සිට වොයේජර් 1 යානයට විධාන යැවීම සහ වොයේජර් 1 විසින් පෘථිවියට දත්ත සම්ප්‍රේෂණය කිරීම සිදු වනුයේ නාසා ආයතනයේ ගැඹුරු අභ්‍යවකාශ ජාලය ඔස්සේ ය. නාසා ආයතනය සහ ක්ෂේප ප්‍රචාලන පර්‍යේෂණාගාරය විසින් යානයේ තත්‍ය-කාලීන දුර සහ ප්‍රවේගය වැනි විස්තර සපයනු ලැබේ.[3] 2022 නොවැම්බර් 7 වන විට, වොයේජර් 1 යානය පෘථිවියේ සිට තාරකා විද්‍යාත්මක ඒකක වලින් 158.79 ක දුරක් (කිලෝමීටර් බිලියන 23.754; සැතපුම් බිලියන 14.760) ගමන් කර ඇති අතර, පෘථීවියේ සිට වැඩිම දුරක් ගමන් කරන ලද කෘතීම වස්තුව එය වෙයි.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "වොයේජර් 1". NSSDC Master Catalog. NASA/NSSDC. සම්ප්‍රවේශය August 21, 2013.
  2. "වොයේජර් 1". N2YO. සම්ප්‍රවේශය August 21, 2013.
  3. "වොයේජර් - මිෂන් ස්ටේටස්" [වොයේජර් - මෙහෙයුමේ තත්ත්වය]. ක්ෂේප ප්‍රචාලන පර්‍යේෂණාගාරය. ජාතික අවකාශ තරණ සහ අජටාකාශ පරිපාලනය. සම්ප්‍රවේශය නොවැම්බර් 21, 2021.
"https://si.wikipedia.org/w/index.php?title=වොයේජර්_1&oldid=529490" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි