වෛෂ්ණව ජන තෝ

විකිපීඩියා වෙතින්
"වෛෂ්ණව ජන තෝ"
ගීතය ගයන්නේ විවිධ ශිල්පීන්
ලතා මංගේෂ්කාර් , කේ. එස්. චිත්‍රා
ගෝතුවද්‍යම් නාරායණ අයියන්ගර්
ජග්ජිත් සිං
එම්. එස්. සුබ්බුලක්ෂ්මී
භාෂාවපැරණි ගුජරාටි
ප්‍රකාශයට පත්කළේ15වන සියවස
ගණයභජන්, භක්ති කාව්‍ය
ගීතරචක(යන්)නරසිංහ මෙහ්තා

වෛෂ්ණව ජන තෝ වනාහි 15වන සියවසේ දී නරසිංහ මෙහ්තා නම් කවියා විසින් ගුජරාටි භාෂාවෙන් රචිත හින්දු භජන් ගීතයකි. මෙම පද්‍යය තුළින් වෛෂ්ණව ජනයාගේ (වෛෂ්ණවාගම අදහන්නන්ගේ) ජීවිතය, ගුණධර්ම සහ මානසිකත්වය පිළිබඳ විස්තර කෙරෙයි.

බලපෑම[සංස්කරණය]

මෙම භක්ති ගීතය වඩාත් ජනප්‍රිය වූයේ මහත්මා ගාන්ධි ජීවන සමයේ ය. මෙය ඔහුගේ සබර්මතී ආශ්‍රමයේ දී "භජන්" ගීතයක් ලෙස ගැයුණේ ගෝතුවද්‍යම් නාරායණ අයියන්ගර් වැනි සංගීතවේදීන්ගේ සහභාගීත්වයෙනි. මෙය ඉන්දියාව පුරා නිදහස් සටන්කාමීන් අතර අතිශය ජනප්‍රිය විය.

පද[සංස්කරණය]

ගුජරාටි දේවනාගරී උච්චාරණය පරිවර්තනය

વૈષ્ણવ જન તો તેને કહિયે
જે પીડ પરાઈ જાણે રે
પર દુ:ખે ઉપકાર કરે તો યે
મન અભિમાન ન આણે રે. ॥ધૃ॥

वैष्णव जन तो तेने कहिये
जे पीड परायी जाणे रे ।
पर दुःखे उपकार करे तो ये
मन अभिमान न आणे रे ॥

වෛෂ්ණව ජන තෝ තේනේ කහියේ
ජේ පීඩ පරායී ජානේ රේ,
පර දුක්ඛේ උපකාර කරේ තො යේ
මන අභිමාන න ආනේ රේ

වෛෂ්ණව ජනයා යැයි අමතන්නෝ
පර පීඩාවන් හඳුනත්,
පර දුක්ඛිතයන්ට උපකාර කරත්,
(ඔවුනගේ) මනසට අභිමානය නොම එත්.

સકળ લોકમાં સહુને વંદે,
નિંદા ન કરે કેની રે
વાચ કાછ મન નિશ્ચલ રાખે
ધન ધન જનની તેની રે. ॥૧॥

सकळ लोकमां सहुने वंदे,
निंदा न करे केनी रे ।
वाच काछ मन निश्चल राखे,
धन धन जननी तेनी रे ॥

සකල ලෝක මාන් සහුනේ වන්දේ,
නින්දා න කරේ කේනී රේ,
වාච කාච මන නිශ්චල රාඛේ,
ධන ධන ජනනී තේනී රේ

සකල ලෝකයාට ගෞරව කරනා (ඔවුහු),
නින්දා අවමන් නොකරත්,
වචනයෙන්, කයෙන් සහ මනසින් නිශ්චල ඔවුනගේ,
මෑණියෝ ධන ධාන්‍යයෙන් වැජඹෙත්.

સમદૃષ્ટિ ને તૃષ્ણા ત્યાગી
પરસ્ત્રી જેને માત રે
જિહ્વા થકી અસત્ય ન બોલે
પરધન નવ ઝાલે હાથ રે. ॥૨॥

समदृष्टि ने तृष्णा त्यागी,
परस्त्री जेने मात रे ।
जिह्वा थकी असत्य न बोले,
परधन नव झाले हाथ रे ॥

සම-දෘෂ්ඨී නේ තෘෂ්ණා ත්‍යාගී,
පර-ස්ත්‍රී ජෙනේ මාත රේ,
ජිහ්වා ථකි අසත්‍ය න බෝලේ,
පර-ධන නව ඣලේ හාථ රේ

සියල්ලන් සමව දකිනා, තෘෂ්ණා ත්‍යාගී, (ඔවුහු)
පර ස්ත්‍රීන් සිය මාතාවන් ලෙස සලකත්,
ඔවුනගෙ දිව අසත්‍ය නොපවසත්,
පර ධනය හස්තයෙහි නොරැඳේ.

મોહ માયા વ્યાપે નહિ જેને,
દૃઢ વૈરાગ્ય જેના મનમાં રે
રામ નામ શુ તાળી રે લાગી
સકળ તીરથ તેના તનમાં રે. ॥૩॥

मोह माया व्यापे नहि जेने,
दृढ़ वैराग्य जेना मनमां रे ।
रामनाम शुं ताळी रे लागी,
सकळ तीरथ तेना तनमां रे ॥

මෝහ මායා ව්‍යාපේ නහී ජෙනේ,
දෘඪ-වෛරාග්‍ය ජෙනා මනමාං රේ,
රාම-නාම ශූ තාලී ලාගී,
සකල තීරථ තේනා තනමාං ‍රේ

මෝහ මායාවේ නොඇලෙන ඔවුහු,
මන පිනවීමෙන් දැඩිව ඈත් වෙත්,
රාම නාමයට කැපවූ ඔවුනගේ,
සකල තීර්ථස්ථාන මනසෙහි වේ.

વણ લોભી ને કપટ રહિત છે,
કામ ક્રોધ નિવાર્યાં રે
ભણે નરસૈયો તેનું દર્શન કરતાં
કુળ એકોતેર તાર્યાં રે. ॥૪॥

वणलोभी ने कपटरहित छे,
काम क्रोध निवार्या रे ।
भणे नरसैयॊ तेनुं दरसन करतां,
कुळ एकोतेर तार्या रे ॥

වන-ලෝභී නේ කපට-රහිත චේ,
කාම ක්‍රෝධ නිවාර්යා රේ,
භනේ නරසෛයෝ තේනුං දරසන කරතාං,
කුල ඒකෝතෙර තාර්යා රේ

නිර්ලෝභී වේ කපට රහිත වේ,
කාම ක්‍රෝධ නිවාරණ වේ,
නරසී පවසත්: මෙවන් දිවියක් දැක්මට ප්‍රිය වේ,
ඔවුනගෙ මුළු කුලයම භවයෙන් එතෙර වෙත්.

ජනප්‍රිය සංස්කෘතිය තුළ[සංස්කරණය]

මෙම පද්‍යයේ කොටස් ගාන්ධි (1982) යන බ්‍රිතාන්‍ය චිත්‍රපටයේ සහ වෝටර් (2005), චීනි කුම් (2007) සහ රෝඩ් ටු සංගම් (2009) වැනි බොලිවුඩ් චිත්‍රපටවල ද, හේයි රාම් (2000) වැනි කොලිවුඩ් චිත්‍රපටවල ද ඇතුළත් විය. මෙම ගීතයම තේමා ගීතය ලෙසින් ඉන්දියානු චිත්‍රපට කිහිපයකම භාවිතා වී ඇත. ප්‍රතිනිධි (2014) නම් තෙලිඟු චිත්‍රපටයේ උච්චතම දර්ශනය සඳහා මෙහි පළමු පද්‍ය ඛණ්ඩය භාවිතා කොට ඇත. ඉන්ඩියන් රුපී (2011) නම් මලයාලම් චිත්‍රපටයෙහි ද මෙහි ප්‍රථම පද්‍ය ඛණ්ඩය ඇතුළත් අතර එය ගයනු ලබන්නේ බොම්බේ ජයශ්‍රී විසිනි. මෙම ගීතය එහි කතුවරයා පිළිබඳ වන ගුජරාටි චරිතාපදාන චිත්‍රපටයක් වන කුවාර් බේනු මමේරු (1974) හි ද ඇතුළත් ය. අනින්ද්‍ය චැටර්ජී විසින් රචිත මෙහි බෙංගාලි අනුවර්තනයක් ගෝත්‍රෝ(2019) චිත්‍රපටයේ ඇතුළත් අතර එය ගයනු ලබන්නේ ශ්‍රේයා ඝෝෂාල් විසිනි.

2018 ඔක්තෝබර් 2 දින, මහත්මා ගාන්ධිට උපහාරයක් ලෙසින් රටවල් 124ක මෙම ගීතය ගායනා කෙරිණි.[1][2]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Staff, Scroll. "Watch: Musicians from 124 countries performed 'Vaishnav Jana To' mark Gandhi's birth anniversary". Scroll.in (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-01-09.
  2. Team, DNA Web (2018-10-02). "'Vaishnava Jan To' Goes Global: Artists from 124 nations including Pakistan recreate Mahatama Gandhi's favourite bhajan". DNA India (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2020-01-09.

සැකිල්ල:Mohandas K. Gandhi

"https://si.wikipedia.org/w/index.php?title=වෛෂ්ණව_ජන_තෝ&oldid=457600" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි