විස්තාර මූර්ජනය

විකිපීඩියා වෙතින්

ආදාන තරංගයේ විස්තාරය අනුව වාහක තරංගයේ විස්තාරය වෙනස් කිරීමේ මූර්ජන ආකාරය විස්තාර මූර්ජනය (AM-Amplitude Modulation)ලෙස හඳුන්වනු ලැබේ.මූර්ජනය ලොවට හඳුන්වා දුන්නේ විස්තාර මූර්ජනය සමගිනි. 1870 අවධියේදී මුල්වරට දුරකතන යොදා ගනිමින් සාර්ථකව පැහැදිලි හඩක් ප්‍රචාරය කර ගැනීමට හැකිවීම මෙම තාක්ෂණයේ සංවර්ධනයට මං පෙත් එලි කලේය. (එහිදී විද්‍යුත් චුම්භක තරංග භාවිතා නොවීය 1870 අවදිය වන විට විද්‍යුත් චුම්භක තරංග මගින් සම්ප්‍රේශණ කිරීම පැවතුනේ ළදරු අවදියකය.) 1915න් පසුව විද්‍යුත් චුම්භක තරංග මගින් ශබ්දය විකාශනය කිරීම ඇරඹුනේ විස්තාර මූර්ජනය යොදා ගනිමිනි. ඉතා පහසුවෙන් මූර්ජනය සහ විමූර්ජනය කල හැකි වීම මෙම ආකාරය වඩාත් ප්‍රචලිත වීමට බලපෑ ප්‍රධාන සාධකයයි. මුල් යුගයේ රේඩියෝ වල භාවිතා වූයේ විස්තාර මූර්ජනයයි. පසුකාලීනව දියුණු වූ රූපවාහිනී විකාශණ සඳහාද විස්තාර මූර්ජනය භාවිතා කෙරිණි. සංඛ්‍යාත මූර්ජනය (FM) හඳුන්වාදීමත් සමඟ එහි හඬ රේඩියෝ විකාශන වලදී ට වඩා ඉතා පැහැදිලි භාවය හේතුවෙන් ඈත් වුවද, තවමත් ලංකාවේ රූපවාහිනී විකාශන කටයුතු සඳහා විස්තාර මූර්ජනය භාවිතා කෙරේ (PAL-B).

"https://si.wikipedia.org/w/index.php?title=විස්තාර_මූර්ජනය&oldid=279171" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි