"සිරිධම්ම විද්‍යාලය" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
සුළු ප්‍රවර්ගය:ජාතික පාසල් - ශ්‍රී ලංකා එක් කරන ලදී. HotCat භාවිතයෙන්
සුළු + 5 categories HotCat භාවිතයෙන්
64 පේළිය: 64 පේළිය:

== ක්‍රීඩා ==
== ක්‍රීඩා ==
=== මලල ක්‍රීඩා ===
*මලල ක්‍රීඩා
=== චෙස් ===
*චෙස්
=== පැසිපන්දු ===
*පැසිපන්දු
=== හොකී ===
*හොකී
=== පාපන්දු ===
*පාපන්දු

== ශිෂ්‍යභට ඛණ්ඩය ==
== ශිෂ්‍යභට ඛණ්ඩය ==
75 පේළිය: 75 පේළිය:
*පිරිමි ළමුන් 1 වසර සිට 9 වසර දක්වා
සුදු අත්කොට කමිසය හා නිල් කොට කලිසම
*පිරිමි ළමුන් 1 වසර සිට 9 වසර දක්වා
සුදු අත්කොට කමිසය හා නිල් කොට කලිසම
*පිරිමි ළමුන් 10 වසර සිට 13 වසර දක්වා
සුදු අත්කොට කමිසය හා සුදු දිග කලිසම
*පිරිමි ළමුන් 10 වසර සිට 13 වසර දක්වා
සුදු අත්කොට කමිසය හා සුදු දිග කලිසම
*ගැහැණු ළමුන් 1 වසර සිට 13 වසර දක්වා
නිල් කරපටිය සමඟ සුදු අත්කොට කමිසය හා නිල් රැලි සාය
*ගැහැණු ළමුන් 1 වසර සිට 13 වසර දක්වා
නිල් කරපටිය සමඟ සුදු අත්කොට හැට්ටය හා නිල් රැලි සාය

සියළුම සිසුන්ගේ කමිස සාක්කුවෙහි ඉහල වම් කෙළවරෙහි පාසල් නිල ලාංඡනය අනිවාර්යය වේ.
සියළුම සිසුන්ගේ කමිස සාක්කුවෙහි ඉහල වම් කෙළවරෙහි පාසල් නිල ලාංඡනය අනිවාර්යය වේ.
90 පේළිය: 90 පේළිය:
==යොමුව==
==යොමුව==
<references/>
<references/>

[[en:Siridhamma College]]

[[ප්‍රවර්ගය:ජාතික පාසල් - ශ්‍රී ලංකා]]
[[ප්‍රවර්ගය:ජාතික පාසල් - ශ්‍රී ලංකා]]
[[ප්‍රවර්ගය:ශ්‍රී ලංකාවේ ජාතික පාසල්]]
[[ප්‍රවර්ගය:අධ්‍යාපන ආයතන - ශ්‍රී ලංකා]]
[[ප්‍රවර්ගය:රජයේ පාසල් - ශ්‍රී ලංකා]]
[[ප්‍රවර්ගය:පාසල්]]
[[ප්‍රවර්ගය:පාසල් - ශ්‍රී ලංකා]]

16:14, 5 මැයි 2012 තෙක් සංශෝධනය

සිරිධම්ම විද්‍යාලය
Siridhamma College
ගොනුව:Siridhamma College Crest.jpg
Location
Map

තොරතුරු
වර්ගයරාජ්‍ය පාසලකි
ආදර්ශ පාඨයපඤ්ඤා නරානං රතනං
ආරම්භ කලේ1995 පෙබරවාරි 06
ආදිකර්තෘආචාර්ය රිචඩ් පතිරණ මැතිතුමා
විදුහල්පතිප්‍රේමසිරි ඈපා
ශ්‍රේණි1 - 13
බාලක/බාලිකාමිශ්‍ර
Enrollment3500
වර්ණ(ය)නිල් සහ රන්

“පඤ්ඤා නරානං රතනං” – ප්‍රඥාව මිනිසාට මාණික්‍යයක් බඳුය යන්න ආදර්ශ පාඨය කරගත් සිරිධම්ම විද්‍යාලය ශ්‍රී ලංකාවේ, ගාල්ල, ලබුදූව හි පිහිටුවා ඇත, ශ්‍රී ලංකාවේ ප්‍රාථමික හා ද්විතීයික අංශ දෙකෙන්ම සමන්විත මිශ්‍ර පාසල් අතුරෙන් ඉහලින්ම සිටින පාසලක් වන අතර කෙටි කාලයකින් ඉමහත් කීර්තියක් අත්කරගත් ජාතික පාසලකි.

ඉතිහාසය

ආරම්භය

දිවංගත ගරු අධ්‍යාපන අමාත්‍ය, රිචඩ් පතිරණ මහතාගේ ප්‍රථිමාව

අක්මීමණ ආසනයේ අවශ්‍යතාවයක් සපුරාලමින් 1995 පෙබරවාරි 06 වන දින එවක අධ්‍යාපන අමාත්‍ය, දිවංගත ගරු රිචඩ් පතිරණ මැතිතුමාගේ[1] සමාරාධනාවෙන් එවක අග්‍රාමාත්‍ය, දිවංගත ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සුරතින් පළමු ළමයා ඇතුලත් කරගනිමින් පාසල ආරම්භ කරන ලදී. ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් උපාධිය ලබාගත් පළමු හිමිනම වන ගරුතර ලබුදූවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේට ගරු කිරීමක් ලෙස ලබුදූව සිරිධම්ම විද්‍යාලය ලෙස පාසල නම් කරන ලදී. ළමුන් 90 කින් සහ එක් ගොඩනැගිල්ලකින් ඇරඹි පාසල වසරින් වසර 1 වසරට හා 5 වසර ශිෂ්‍යත්වයෙන් 6 වසර සඳහා ළමුන් ඇතුලත් කරගනිමින් තම සිසු සංඛ්‍යාව ඉහල නංවාගන්නා ලදී. මුල් විදුහල්පති P.S.K.රාජපක්ෂ මූලිකව මාලා ජයසේකර, සන්ධ්‍යා කොඩිකාර, මාලා අලස්, අනූජා වීරසිංහ, චන්දන පන්ඩිත්සේකර, M.K.සෝමපාල, A.M.විජේරත්න, නයනා කුලතිලක ගුරුමණ්ඩලය පාසලේ ආරම්භක ගුරුවරුන් වෙත්.

මඟ සළකුණු

• 1995 පෙබරවාරි 06 දින පාසල ආරම්භය
• 1996 පළමු නිවාසාන්තර ක්‍රීඩා උත්සවය
• 1999 පාසලේ ශ්‍රවණාගාරය, පරිගනක ඒකකය සහිත තෙමහල් ගොඩනැගිල්ල හා නේවාසිකාගාර ගොඩනැගිලි විවෘත කිරීම
• 1999 5 වසර ශිෂ්‍යත්වය සඳහා ප්‍රථම සිසු පිරිස පෙනී සිටීම
• 2004 උසස්පෙළ සඳහා ප්‍රථම සිසු පිරිස පෙනී සිටීම

ආදි විදුහල්පතිවරුන්

විදුහල්පතිවරයා/විදුහල්පතිවරිය සිට දක්වා
P.S.K.රාජපක්ෂ 1995 2004
සුමේධ වක්වැල්ල 2004 2007

වර්ථමානය

අද වන විට සිසුන් 3500 ක් පමන දක්වා වර්ධනය වී ඇත.

සිරිධම්ම විද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල හා බුදුමැදුර

නිවාස

පෙරදී, පාසලේ ළමුන් මැණික් වර්ගවල නම් සහිත නිවාස 4කට බෙදා තිබුනි, එනම්.

• සෆායා - නිල් වර්ණය
• ඔපල් - දම් වර්ණය
• ක්‍රිස්ටල් - රතු වර්ණය
• ඩයමන්ඩ් - කහ වර්ණය

වර්ථමානයේ සිසුන් නිවාස 5කට බෙදා තිබේ. එනම්,

• සිංහරාජ - කොළ වර්ණය
• දුන්හිඳ - රතු වර්ණය
• මහවැලි - නිල් වර්ණය
• සමනළ - කහ වර්ණය
• සීගිරි - රෝස වර්ණය

ක්‍රීඩා

• මලල ක්‍රීඩා
• චෙස්
• පැසිපන්දු
• හොකී
• පාපන්දු

ශිෂ්‍යභට ඛණ්ඩය

නිළ ඇඳුම

• පිරිමි ළමුන් 1 වසර සිට 9 වසර දක්වා
සුදු අත්කොට කමිසය හා නිල් කොට කලිසම
• පිරිමි ළමුන් 10 වසර සිට 13 වසර දක්වා
සුදු අත්කොට කමිසය හා සුදු දිග කලිසම
• ගැහැණු ළමුන් 1 වසර සිට 13 වසර දක්වා
නිල් කරපටිය සමඟ සුදු අත්කොට හැට්ටය හා නිල් රැලි සාය

සියළුම සිසුන්ගේ කමිස සාක්කුවෙහි ඉහල වම් කෙළවරෙහි පාසල් නිල ලාංඡනය අනිවාර්යය වේ.

පාසල් ගීතය

සිරි සරසවි නිතියෙන් රඳනා
සිරිත විරිත නැණ ගුණ වඩනා
සිරිදම් විදුහල් මවුනි දයාබර
පහන් ටැඹකි ඔබ මඟ කියනා

නව විදු නැණ සිප් ලලිත කළා
නිපුණ වෙමින් කෙළි මඩුලු දිනා
පිරිපුන් දරුවන් වෙමු අපි මතුදා
මව්නි නමට ඔබෙ සිරස නමා

විපුල දිරිය ඉඳු බව සපුරා
සාධු ගුනෙන් හදවත සරසා
පිරිපුන් මිනිසුන් වෙමු අපි මතුදා
මව්නි නමට ඔබෙ සිරස නමා

පබැඳුම, රත්නශ්‍රී විජේසිංහ ෴

යොමුව

1. දිවයින හා සිළුමිණ පුවත්පත්වල පලවු දිවංගත ආචාර්ය රිචඩ් පතිරණ මැතිතුමා පිළිබඳ ලිපි
"https://si.wikipedia.org/w/index.php?title=සිරිධම්ම_විද්‍යාලය&oldid=209585" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි