Jump to content

"මිනිසා" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
පළමුව ඇතුළත් කල කරුණු සම්පූර්ණ කිරීම
ටැග: Reverted විෂුවල් එඩිටර් Edit Check (references) activated ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
බුදු දහම අනුව මිනිසාගේ උපත පිලිබඳව කරුණු නිවැරැදි කිරීම
ටැග: Reverted විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
56 පේළිය: 56 පේළිය:
මනසින් උසස් සත්වයා යන අරුත මිනිසා යන වදනේ ගැබ්බ ඇත.'''මිනිස්''' යන ධාතු ප්‍රකෘතියට '''ආ''' යන ප්‍රත්‍ය එක්වීමෙන් මිනිසා යන වදන සැකසී ඇත.සිංහල භාෂාව තුල මනුෂ්‍යයා මනුසතා මානවයා නරයා යන නාමපද මිනිසා යන නාමපදයට සමාන පද ලෙස භාවිතවේ.
මනසින් උසස් සත්වයා යන අරුත මිනිසා යන වදනේ ගැබ්බ ඇත.'''මිනිස්''' යන ධාතු ප්‍රකෘතියට '''ආ''' යන ප්‍රත්‍ය එක්වීමෙන් මිනිසා යන වදන සැකසී ඇත.සිංහල භාෂාව තුල මනුෂ්‍යයා මනුසතා මානවයා නරයා යන නාමපද මිනිසා යන නාමපදයට සමාන පද ලෙස භාවිතවේ.
== ආගම ==
== ආගම ==
මානවයාගේ සම්භවය පිළීබද ශද්ධ බෛබලයේ මෙසේ සදහන් වෙයි.දෙවියන් වහන්සේ විසින් රතු මැටියෙන් මිනිස් රූපයක් සාදා එයට ජීවන හුස්ම පිඹ අමරණිය ආත්මයක් ඇතුළු කළහ.ශුද්ධ වූ කුරාණයේ 32 පරිච්ඡේදයේ 338 වන පිටුවේ(ශු.කු රැසියානු මුද්‍රණය. 1901)මෙලෙස සදහන්වෙයි.ඔහු නිර්මාණය කළ හැමදෙයක්ම අංග සම්පූර්ණ විය.හෙතෙම පළමුවෙන් මිනිසකු මැටියෙන් සෑදුවේය.අනතුරුව කුඩා දිය බිදුවකින් මිනිස් පරපුර බිහිකළේය.අනතුරුව හෙතෙම සමානුපාතික ලෙස ඔහුගේ සිරුර සෑදීය තමාගේ ජීවාත්මයෙන් කොටසක් ඔහුට පිම්ඹේය.මේ අනුව බයිබලය සහ කූරාණයේ සදහන් වන අදහස් බොහෝ දුරට සමානය.හින්ද ආගමට අනුව මහා බ්‍රහ්ම නම් සර්ව බලධාරී දෙවියකු විසින් ලෝකය හා මිනිසා මැවූබව සදහන් කරයි.බුදු දහම මීට හාත්පසින් වෙනස් මතයක් ඉදිරිපති කරයි.ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් දීඝ නිකායේ අග්ගඥ්ඥ සූත්‍රයට අනුව මිනිසාගේ හා ජීවයේ සම්භවය ආභස්සර නම් බ්‍රහ්ම ලෝකයෙන් පැමිනි ජීවින් කොටසක් මගින් පෘථිවියේ ජීවීන් බිහිවූ බව සදහන් කෙරේ.
මානවයාගේ සම්භවය පිළීබද ශද්ධ බෛබලයේ මෙසේ සදහන් වෙයි.දෙවියන් වහන්සේ විසින් රතු මැටියෙන් මිනිස් රූපයක් සාදා එයට ජීවන හුස්ම පිඹ අමරණිය ආත්මයක් ඇතුළු කළහ.ශුද්ධ වූ කුරාණයේ 32 පරිච්ඡේදයේ 338 වන පිටුවේ(ශු.කු රැසියානු මුද්‍රණය. 1901)මෙලෙස සදහන්වෙයි.ඔහු නිර්මාණය කළ හැමදෙයක්ම අංග සම්පූර්ණ විය.හෙතෙම පළමුවෙන් මිනිසකු මැටියෙන් සෑදුවේය.අනතුරුව කුඩා දිය බිදුවකින් මිනිස් පරපුර බිහිකළේය.අනතුරුව හෙතෙම සමානුපාතික ලෙස ඔහුගේ සිරුර සෑදීය තමාගේ ජීවාත්මයෙන් කොටසක් ඔහුට පිම්ඹේය.මේ අනුව බයිබලය සහ කූරාණයේ සදහන් වන අදහස් බොහෝ දුරට සමානය.හින්ද ආගමට අනුව මහා බ්‍රහ්ම නම් සර්ව බලධාරී දෙවියකු විසින් ලෝකය හා මිනිසා මැවූබව සදහන් කරයි.බුදු දහම මීට හාත්පසින් වෙනස් මතයක් ඉදිරිපත් කරයි.ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් දීඝ නිකායේ අග්ගඥ්ඥ සූත්‍රයට අනුව පෘථිවයේ මිනිසාගේ සම්භවය ආභස්සර නම් බ්‍රහ්ම ලෝකයේ සිට මිනිසා පෘථිවියට පැමිණීම මඟින් ආරම්භ වූ බව සැලකේ. ජෛව පරිණාමික මතයේ සඳහන් ආකාරයට විද්‍යාඥයන් දක්වන ශාක සහ වෙනත් සත්ව පරිණාමය ඒ අයුරින්ම එහි දැක්වේ.


== ඉතිහාසය ==
== ඉතිහාසය ==

18:07, 18 නොවැම්බර් 2024 තෙක් සංශෝධනය

මිනිසා[1]
කාලීන ව්‍යාප්තිය: 0.195–0 Ma
Pleistocene – Recent
අග්නිදිග ආසියානු මිනිස්සු (ගැහැණු සහ පිරිමි)
විද්‍යාත්මක වර්ගීකරණය edit
අධිරාජධානිය: Eukaryota
රාජධානිය: අනිමාලියා
වර්ගය: මමාලියා
ගෝත්‍රය: Primates
උපගෝත්‍රය: Haplorhini
අධෝගෝත්‍රය: Simiiformes
කුලය: Hominidae
උපකුලය: Homininae
Tribe: Hominini
ගණය: Homo
විශේෂය: ''H. sapiens''
ද්වීපද නාමය
Homo sapiens
Linnaeus, 1758
Subspecies

Homo sapiens idaltu White et al., 2003
Homo sapiens sapiens

Range of Homo sapiens (green)
Synonyms
Species synonymy[1]
  • aethiopicus
    Bory de St. Vincent, 1825
  • americanus
    Bory de St. Vincent, 1825
  • arabicus
    Bory de St. Vincent, 1825
  • aurignacensis
    Klaatsch & Hauser, 1910
  • australasicus
    Bory de St. Vincent, 1825
  • cafer
    Bory de St. Vincent, 1825
  • capensis
    Broom, 1917
  • columbicus
    Bory de St. Vincent, 1825
  • cro-magnonensis
    Gregory, 1921
  • drennani
    Kleinschmidt, 1931
  • eurafricanus
    (Sergi, 1911)
  • grimaldiensis
    Gregory, 1921
  • grimaldii
    Lapouge, 1906
  • hottentotus
    Bory de St. Vincent, 1825
  • hyperboreus
    Bory de St. Vincent, 1825
  • indicus
    Bory de St. Vincent, 1825
  • japeticus
    Bory de St. Vincent, 1825
  • melaninus
    Bory de St. Vincent, 1825
  • monstrosus
    Linnaeus, 1758
  • neptunianus
    Bory de St. Vincent, 1825
  • palestinus
    McCown & Keith, 1932
  • patagonus
    Bory de St. Vincent, 1825
  • priscus
    Lapouge, 1899
  • proto-aethiopicus
    Giuffrida-Ruggeri, 1915
  • scythicus
    Bory de St. Vincent, 1825
  • sinicus
    Bory de St. Vincent, 1825
  • spelaeus
    Lapouge, 1899
  • troglodytes
    Linnaeus, 1758
  • wadjakensis
    Dubois, 1921

අප, එනම් මිනිස් ජීවී වර්ගයයි. ජීවී විශේෂ අතුරින් වඩාත් දියුණු හා දියුණු කල හැකි මනසකට උරුමකම් කියන නිසාම ස්භාවධර්මයට වඩාත් බලපැම් කල හැකි ජීවී විශේෂය ලෙස දැක්විය හැක..

නිරුක්තිය

මනසින් උසස් සත්වයා යන අරුත මිනිසා යන වදනේ ගැබ්බ ඇත.මිනිස් යන ධාතු ප්‍රකෘතියට යන ප්‍රත්‍ය එක්වීමෙන් මිනිසා යන වදන සැකසී ඇත.සිංහල භාෂාව තුල මනුෂ්‍යයා මනුසතා මානවයා නරයා යන නාමපද මිනිසා යන නාමපදයට සමාන පද ලෙස භාවිතවේ.

ආගම

මානවයාගේ සම්භවය පිළීබද ශද්ධ බෛබලයේ මෙසේ සදහන් වෙයි.දෙවියන් වහන්සේ විසින් රතු මැටියෙන් මිනිස් රූපයක් සාදා එයට ජීවන හුස්ම පිඹ අමරණිය ආත්මයක් ඇතුළු කළහ.ශුද්ධ වූ කුරාණයේ 32 පරිච්ඡේදයේ 338 වන පිටුවේ(ශු.කු රැසියානු මුද්‍රණය. 1901)මෙලෙස සදහන්වෙයි.ඔහු නිර්මාණය කළ හැමදෙයක්ම අංග සම්පූර්ණ විය.හෙතෙම පළමුවෙන් මිනිසකු මැටියෙන් සෑදුවේය.අනතුරුව කුඩා දිය බිදුවකින් මිනිස් පරපුර බිහිකළේය.අනතුරුව හෙතෙම සමානුපාතික ලෙස ඔහුගේ සිරුර සෑදීය තමාගේ ජීවාත්මයෙන් කොටසක් ඔහුට පිම්ඹේය.මේ අනුව බයිබලය සහ කූරාණයේ සදහන් වන අදහස් බොහෝ දුරට සමානය.හින්ද ආගමට අනුව මහා බ්‍රහ්ම නම් සර්ව බලධාරී දෙවියකු විසින් ලෝකය හා මිනිසා මැවූබව සදහන් කරයි.බුදු දහම මීට හාත්පසින් වෙනස් මතයක් ඉදිරිපත් කරයි.ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයට අයත් දීඝ නිකායේ අග්ගඥ්ඥ සූත්‍රයට අනුව පෘථිවයේ මිනිසාගේ සම්භවය ආභස්සර නම් බ්‍රහ්ම ලෝකයේ සිට මිනිසා පෘථිවියට පැමිණීම මඟින් ආරම්භ වූ බව සැලකේ. ජෛව පරිණාමික මතයේ සඳහන් ආකාරයට විද්‍යාඥයන් දක්වන ශාක සහ වෙනත් සත්ව පරිණාමය ඒ අයුරින්ම එහි දැක්වේ.

ඉතිහාසය

මිහිතලය මත මානවයාගේ බිහිවීම සිදුවී ඇත්තේ මීට වසර මිලියනයකට ආසන්න කාලයක සිටය.එනම් වර්තමානයේ ජීවත්වන හෝමෝ සේපියන්ස් සෙපියන්ස් මානවයා ගේ බිහිවීම සිදුවන්නේ මීට වසර මිලියනයකට පමණ පෙර සිටය.නූතන මානවයාගේ පැරණිතම ෆොසිල ශ්‍රී ලංකාවේ බලංගොඩ ප්‍රදේශයෙන් හමුවී ඇත.එම ෆොසිල මීට වසර 40000-30000 අතර පැරණි කාලයකට දිවයනබව මානව විද්‍යාඥයන් හා පුරා විද්‍යාඥයන් අවධාරණය කරයි.කෙසේ වෙතත් මානවයාගේ පරිණාමය මීට වඩා ඈත අතීතයට දිවයයි.මිනිසා අයත් මුල්ම ප්‍රිමාටා ගෝත්‍රයේ පූර්වජකයා මීට වසර මිලියන 65 පමණ පෙර සෙනොසොයික යුගයේදී බිහිවී ඇත.මෙම පූර්වජකයන්ගෙන් ටාසියර් හා ලීමර් යන ප්‍රිමාටාවන් පරිණාමයවී ඇත.මොවුන් රුක්වැසි වානරයන්විය.මෙම වානර පූර්වජකයන් එකල ඇතිවූ දේශගුණික හා කාලගුණික විපර්යාසනිසා වනගහනය අඩුවීම තැනිතලා වැඩිවීම ආදිය නිසා රුක්වැසි ජීවිතයෙන් තරමක් මිදී බිම්වැසි වානරයන් බවට පරිණාමය විය.මෙම බිම්වැසි වානරයන් අතරින් මානව පූර්වජකයන් බිහිවිය.ඔවුන් අනෙකුත් වානරයන්ට වඩා වේගයෙන් පරිණාමය වන්නට ඇතිබව විශ්වාස කෙරේ.

මීට වසර මිලියනයකට පමන පෙර නකලිපිතකස් නම් වානරයන් බිහිවිය ඔවුන් මානව පූර්වජකයන්ගේ මුල්ම අවධිය සටහන් කරයි.මීට වසර මිලියන 9 කට පෙර ඔරනොපිතකස්නම් වනරයන් බිහිවිය.මෙම වානරයන් රුක්වැසි ජීවිත ගතකලහ.සංචරනය සදහා පාද සතරම භාවිත කලහ.මුල්ම දෙපයින් ඇවිදියහැකි වානරයාලෙස සහෙලැන්ත්‍රොපස් නම් වානරයා මීට වසර මිලියන 7කට පමණ පෙර බිහිවී ඇත.මීට වසර මිලියන 6කට පෙර බිහිවූ ඔරොරින් නම් වානරයාද දෙපයින් ගමන්කලහැකි වානරයෙකි.මුල්ම මානවරූපී වානරයා ලෙස මීට වසර මිලියන 4.5 කට පමණ පෙර අාඩිපිතකස් නම් වානරයා බිහිවිය.මොවුන් මීට පෙර විසූ වානරයින්ට වඩා වැඩි කාලයක් දෙපයින් ගමන්කිරීමට හැකි වානරයන්විය.ආඩිපිතකස් නම් අර්ධ මානවයාට පසු බිහිවන ඔස්ට්‍රලෝපිතකස් මානවයා මානව පරිණාමයේ මුල් අවධිය සටහන් සුවිශේෂී මානව පූර්වජයෙකි.මෙම මානව පූර්වජකයන් මීට වසර මිලියන 4 කට පමණ පෙර මිහිතලය මත වාසයකර ඇත.මොවුන් අර්ධ ඍජු කාය විලාසයක් දැරීය.අඩිපිතකස්ට වඩා වැඩි කාලයක් දෙපයින් ගමන්කිරීමේ හැකියාව තිබිණ.ශාකභක්ෂණය වැඩි වශයෙන් සිදුකලද කුඩා සතුන්ද ආහාරයට ගෙන ඇත.දියුණු ස්නායු පද්ධතියක් හා වර්ධනයවූ මොළයක් මොවුන් සතුවිය.ආහාරවල කවච ඉවත්කිරීම ගෙඩි කඩා ගැනීම වැනි කරුණු සදහා දඩු මුගුරු භාවිතකර ඇත.මීලඟට මිහිමත බිහිවූ හෝමෝ හැබිලිස් නම් වානර රූපී වානරයා ඔහුට පෙර සිටි ඔස්ට්‍රලෝපිතකස්ට වඩා දියුණු මොළයකින් සමන්විතවිය.මොහු ශක්‍ය මානවයා හෙවත් හැකි මිනිසා යනුවෙන්ද හදුන්වයි.මොවුන්ගේ ආයුධ භාවිතය තරමක් දියුණුය.එයට හේතුව මොවුන් ක්‍රමයෙන් මාංශභක්ෂනයට වඩාත් නැඹුරුවීමයි.සතුන් දඩයම් කිරීමට සතුන්ගේ සම ගලවා ගැනීමට අස්ථි කොටස් පලා ඇට මිදුළු ආහාරයට ගැනීම සදහා සරල ගල් ආයුධ භාවිතා කරඇත.එසේම මානව භාෂාවේ උපත සිදුවී ඇත්තේ හෝමෝ හැබිලිස් මානවයාගේ යුගයේදීය.මොවුන්ට සුළු කථන හැකියාවක් පැවතී ඇතිබව මානව විද්‍යාඥයන් සනාථකරගෙන ඇත.හෝමෝ හැබිලිස් මානවයා මීට වසර මිලියන 2 කට පමණ පෙර මිහිමත වාසයකර ඇත.හෝමෝ හැබිලිස්ගෙන් පසු ඍජු මිනිසා නමින් හදුන්වන හෝමෝ ඉරෙක්ටස් මානවයා බිහිවිය.මොවුන් හෝදින් කය ඍජු ලෙස තබාගෙන සංචරණයවී ඇත.මොවුන් ගින්දර නිපදවා ගැනීම හා ආහාර පිස අනුභවකල ප්‍රථම මානවයන්විය.මීට පෙර විසූ මානව පූර්වජකයන් නොපිසිනලද අමු ආහාර අනුභව කළහ.මොවුන් තමන් දඩයම් කරගත් සතුන් ගිනිමැලයකට දමා පුළුස්සා ආහාරයට ගෙනඇත.එසේම මොවුන්ගේ ආයුධ භාවිතයද පෙර විසූ හෝමෝ හැබිලිස්ට වඩා දියුණු විය.මොවුන් උග්‍ර මාංශභක්ෂකයන්විය.මීලඟට මිහිතලය මත බලය පතුරුවන්නේ හෝමෝ නියැන්ඩතාල් මානවයාය.මොවුන් වත්තමාන මිනිසාට බොහෝ සමාන ලක්ෂණ දැරුවද ඉතා රළු පරළු ස්වභාවයක් දැරීය.මුල්වරට අඳුම් භාවිතා කරන්නේ මෙම නියැන්ඩතාල් මානවයා විසිනි.ඔවුන් තමන් ආහාර පිනිස මරාදැමූ සතුන්ගේ සම් ඇඳුම් ලෙස භාවිත කළහ.එවක පෘථිවිය මත පැවති අධික ශීත දේශගුණයෙන් මිදීමට ඔවුන්ට මෙම අඳුම් භාවිතය නිසා හැකිවිය.හොමෝ ඉරෙක්ටස්ට වඩා දියුණු මොළයක් මොවුන්ට තිබිණ.අයුධ භාවිතයද ඉතා දියුණු විය.විවිධ අයුරින් සකස් කල ගල් ආයුධ ඔවුන් භාවිත කරනලදී.මේවා තියුණු හා මුවහත් අවි ආයුධවිය.මොවුන් මීට වසර 50000 කට පෙර මිහිතලය මත වාසය කරඇත.මොවුන්ගෙන් පසු වර්ථමාන මිනිසා වන හෝමෝ සේපියන්ස් සේපියන්ස් මානවයා බිහිවෙයි.මොවුන් දඩයම් හා එඩේර යුග පසුකර ගොවි යුගයට අවතීර්ණවෙයි.දියුණු ශිෂ්ටාචාර ගොඩනගා ගැනීම මෙම මානවයා අතින් සිදුවිය.

ජනාවාස හා ජනගහනය

මුල්කාලීන මානවයන් කුඩා කණ්ඩායම් ලෙස ජීවත්වී ඇත.පසුව මිනිසා ක්‍රමයෙන් ගොවි යුගයට අවතීර්න වීමත් සමග ශීෂ්ටාචාරයන් බිහිකරගත්හ.මිනිසා ශිෂ්ටාචාර බිහිකිරීම ක්‍රිස්තු පූර්ව 6000-8000 අතර කාලයතුල සිදුවන්නට ඇතැයි අනුමාන කෙරේ.මුල් කාලීන ශිෂ්ටාචාර බොහෝමයක් ගංගා නිම්න ආශ්‍රිතව බිහිවී ඇත.මෙවන් ශිෂ්ටාචාරයන්ට උදාහරණ ලෙස මෙසපොතේසියානු ඉන්දු නිම්න හොවැංගෝ යුප්‍රටීස් ටයිස්ග්‍රිස් මායා රෝම හා ග්‍රික ශිෂ්ටාචාර දැක්විය හැක.මෙම ශිෂ්ටාචාරවල ජනගහණය වර්ධනයවීමත් සමග මිනිසා වෙනත් පෙදෙස් කරා සංක්‍රමණයවිය.මෙම ශිෂ්ටාචාර අවධියේදී ඇතිවූ තාක්ෂණික දියුණුව කැපීපෙනෙයි.නුතනයේ තාක්ෂනය යොදා ගෙන මෙසේ නිර්මාන කරනුයේද එදා ගල් යුගයේ සිටි මිනිසාමයයය

ජීව විද්‍යාව

ජීව විද්‍යාත්මකව මිනිසා පිළිබද අධ්‍යයේදී මිනිසාද සත්වලෝකයට අයත් සාමාජියෙකුලෙස සළකා වර්ගීකරණය කර ඇත.

රාජධානිය සත්ව
වංශය පෘෂ්ඨවංශය
වර්ගය ක්ෂීරපායී
ගෝත්‍රය ප්‍රිමාටා
උපගෝත්‍රය හැප්ලෝරයිඩ්
අධෝගෝත්‍රය කැටරයින්
උපරි පවුල හොම්නොයිඩ්
පවුල හොමිනිඩ්
උප පවුල හොමිනින්
ගනය හෝමෝ
විශේෂය සේපියන්ස්

මානව වර්ග

මිනිසාගේ බාහිරපෙනුම පදනම් කගෙන මානවයින් ප්‍රධානකොටස් හතරකටබෙදා දැක්වීමට මානව විද්‍යාඥයන් සමත්වී ඇත.

මොන්ගොලොයිඩ්

චීනය ජපානය කොරියාව තායිලන්තය වැනි නැගෙනහිර ආසියාතික රටවල වාසය කරන ජන වර්ගය හා අප්‍රිකානු ස්වදේශිකයන් මේ ගණයට අයත්ය.ලු පැහැති ඇස්,කහ පැහැයට හුරු සම පළල් දෙකොපුල් හා අඩු රෝම පිහිටී මොවුන් අතර දක්නට ලබේ.මොවුන් උසින් අඩුය.ඇස් කුඩාය.

කෝකසොයිඩ්

යුරෝපීයයන් ඉරානය ඉරාකය හා දකුණු ආසිවට අයත් ලංකාව ඉන්දියාව පකිස්ථානය වැනි රටවල ජනයාද මෙම වර්ගයට අයත් වෙයි.සුදු පැහැති සම,නිල් පැහැති ඇස්,රන්වන් පැහැති හිසකෙස් මොවුන්ට ඇත.එහෙත් දකුණු ආසියාව දෙසට යනවිට තද පැහැ සම,කලු පැහැ හිස කෙස් කලු පැහැ ඇස් ඇති මානවයින් දක්නට ලබේ.මෙම වෙනස පාරිසරික බලපෑම් මත වෙනස් වන්නට ඇතිබව මානව විද්‍යාඥයන් පෙන්වා දෙයි.මොවුන් උස මහත සිරුරු දරයි.හොදින් වැඩුණු රෝම දක්නට ඇත.

නීග්‍රොයිඩ්

අප්‍රිකානු කලාපයේ වාසය කරන ජනයා මීට අයත්ය.තද කලු පැහැති සම,කලු ඇස්,කැරලි ගැසුනු හිසකෙස්,විශාල තොල්,විශාල නාසය,ලොකු ඇස් මොවුන් සතුය. උස මහත සිරුරු දරයි දිගු ශක්තිමත් අවයව දරයි.

ඔස්ත්‍රලොයිඩ්

ඕස්ට්‍රෙලියානු ආදිවාසීන් පැපුවා නිව්ගිනියා වාසීන් ශ්‍රී ලංකාවේ වැදි ජනයා මීට අයත්ය.දුඹුරු පැහැති සම ඝනව වැඩුණු රෝම විශාල හනු හා අක්ෂි කූප මොවුන්ට හිමිය.

මනෝ විද්‍යාව

චර්යාව

චර්යාව පිළිබඳ ජීවවිද්‍යාත්මක පැහැදිළි කිරීම

සෑම මනෝවිද්‍යාඥයෙක්ම චර්යාව කෙරෙහි විශේෂ අවධානයක් දක්වයි. චර්යාවන් අධ්‍යනය කිරීම, විශේෂිත චර්යාවන් හඳුනා ගැනීම, හා චර්යාවන් පාලනය කිරීම වැනිදෑ පිළිබඳව ඔවුහු අවධානය යොමු කරති. උදාහරණයක් ලෙස, සමාජ මනෝවිද්‍යාඥයෝ චර්යාවන් සඳහා බලපාන සමාජමය හේතු අධ්‍යනය කරති. පෞරුෂ මනෝවිද්‍යාඥයින් චර්යාව සඳහා බලපාන අවිඥානික ගැ‍ටුම් හඳුනා ගන්නා අතර සායනික මනෝවිද්‍යාඥයෝ චර්යාවන් පාලනය කිරීමට ප්‍රතිකාර කරති.[3]


මනෝවිද්‍යාව නම් විෂය දිනෙන් දින තම විෂය පථය පුළුල් කරගනිමින් සිටින අතර වර්තමානයේදී මනෝවිද්‍යා විෂයට පරිපූර්ණ නිර්වචනයක් සැපයීම පවා දුෂ්කරය. නමුත් සරලව ගත් කල්හි "මනෝවිද්‍යාව යනු මානව ප්‍රජානනය, චර්යාව හා චිත්තවේග විද්‍යාත්මකව අධ්‍යනයය කරන විෂයකි" (Psychology is the scientific study of human cognition, behavior and emotion). එහිදී චර්යාවාදය (Behaviorism)  වැනි මනෝවිද්‍යාව ගුරුකුල චර්යාව පිළිබඳ පමණක්ම අධ්‍යනයය කිරීමට යොමුවී තිබීම තුළින් පෙනීයන්නේ චර්යාව (Behavior)  පිළිබඳ අධ්‍යනය කිරීම මනෝවිද්‍යාවේ ඉතා වැදගත් අංශයක් වූ බවයි.

මනෝවිද්‍යාවේ සංවර්ධනය සමග මනෝවිද්‍යාව හා ජීවවිද්‍යාව සංකලනය වීමෙන් ජීවමනෝවිද්‍යාව (Biopsychology) නම් විෂය ඇතිවීමේ ප්‍රතිඵලය ලෙස මානව චර්යාව අධ්‍යනය කිරීම වඩාත් පහසු කාර්යයක් විය. මිනිස් හා සත්ව චර්යාවන් සඳහා ජීවවිද්‍යාත්මක  පදනමක් තිබීම ඊට හේතුවයි.

චර්යාව පිළිබඳ පොදු පිළිගැනීම නම් අප සිදුකරන චර්යාවන් චේතාන්විත ^intentional&  වන බවයි. උදාහරණයක්  ලෙස,

“ඔහු එය කළේ ඔහුට ඕන නිසයි”

යනුවෙන් යම් පුද්ගලයෙකුගේ චර්යාව සම්බන්ධව අපි ව්‍යවහාර කරන්නෙමු. නමුත් සෑමවිටම අප සිදුකරන චර්යාවන් සඳහා එවැනි චේතාන්විත බවක් ඇතැයි උපකල්පනය කිරීමට හේතු සාධක දැකිය නොහැක. උදාහරණයක් ලෙස, ඔබ ඈනුම් ^yawning&  යවන විටදී එය චේතාන්විත වේද? ප්‍රතීක ක්‍රියාවක් ^reflex action&  සිදුවන විටදී ඔබ එය චේතාන්විතව සිදු කරන්නේද? නැත. එය එසේ නම් සෑම චර්යාවක්ම පාහේ චින්තනයේ ප්‍රතිඵලයක් නොවන බව පෙනීයයි.

සාමාන්‍ය පිළිගැනීම අනුව චර්යාව පිළිබඳ විවිධ පැහැදිළි කිරීම් පවතී. එසේම චර්යාව පිළිබඳ ජීවවිද්‍යාත්මක පැහැදිළි කිරීම ප්‍රවේශයන් හතරක් ඔස්සේ වර්ග කළහැක.[4]

1. කායික විද්‍යාත්මක (Physiological)

2. ව්‍යක්ත ප්‍රවෘත්තික (Ontogenetic)

3. පරිණාමවාදී (Evolutionary)

4. කෘත්යාමක (Functional)

කායික විද්‍යාත්මක පැහැදිළි කිරීම (Physiological)

කායික විද්‍යාත්මක පැහැදිළි කිරීම අනුව මොළයේ හා ශරීරයේ අනෙකුත් පද්ධතීන්වල ක්‍රියාකාරීත්වය සමග චර්යාව ඍජුවම සම්බන්ධ වේ. එය සිදුවන්නේ ශරීරයේ ඇති යාන්ත්‍රික ක්‍රමයකටය. උදාහරණයක් ලෙස, ශරීරයේ සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක් වන හෝමෝන ^enzyme&  මොළයේ ක්‍රියාකාරීත්වයට ඍජුවම බලපාන අතර එය මාංශපේශි සංකෝචනය ආදියෙන් සිදුවන චර්යාවන් පාලනය කරයි. සිගරට් බීමට ඇබ්බැහි වන්නේ ඇයි? සිගරට් බීමෙන් සිදුවන බලපෑමක් නම් මොළයට විශේෂ එන්සයිමයක් සැපයීම වැඩිවීමයි. මෙම එන්සයිමය වැඩිවූ විට ඩොපමින් ^dopamine&  නම් මොළයේ ඇති රසායනික ක්‍රියාකාරීත්වය ඉහල යයි. මොළයේ ඩොපමින් ක්‍රියාකාරීත්වය වැඩිවීම ඇබ්බැහිවීමේ චර්යාවන් ^addictive behavior& වර්ධනය වීමට බලපායි. එබැවින් සිගරට් බීමට ඇබ්බැහිවීමේ හේතුව වන්නේ සිගරට් බීම තුළින් සිදුවන මොළයේ ඩොපමින් ක්‍රියාකාරීත්වය ඉහළයාමයි. එවැනි චර්යාවන් අවබෝධ කරගැනීමට කායික විද්‍යාත්මක (Physiological) දැනුම අත්‍යයවශ්‍ය වේ.

ව්‍යක්ත ප්‍රවෘත්තික පැහැදිළි කිරීම (Ontogenetic)

ව්‍යක්ත ප්‍රවෘත්තික (Ontogenetic)  යන වචනය ග්‍රීක භාෂාවෙන් පැමිණි අතර එය "වීමට" (to be)  හෝ "උපත" (origin)  යන අර්ථය ගෙනදෙයි.එබැවින් ව්‍යක්ත ප්‍රවෘත්තික පැහැදිළි කිරීම වන්නේ චර්යාවක හෝ ශරීර ව්‍යුහයක  විකාශනය පිළිබඳවයි. එහිදී ජාන, ආහාර හා අත්දැකීම් යන ඒවායේ අන්තර්ක්‍රියාවන් චර්යාවට බලපාන ආකාරය සාකච්ඡා කෙරේ. උදාහරණයක් වශයෙන්, ආවේග පාලනය කිරීමේ හැකියාව ළදරු වයසේ සිට යෞවන වයස මුළුල්ලේද අනුක්‍රමයෙන් වර්ධනය වන්නේ මොළයේ ඉදිරිපස කොටස්වල ක්‍රමානුකූල පරිණතියත් සමගයි.

පරිණාමවාදී පැහැදිලි කිරීම (Evolutionary)

පරිණාමවාදී පැහැදිළි කිරීම තුළින් චර්යාවක් හෝ ශරීර ව්‍යුහයක් පරිණාමය වූ ආකාරය සාකච්ඡා කරයි. මිනිසුන් බිය වූ විට ලොමු ඩැහැගැනීම සිදුවෙයි. එහිදී විශේෂයෙන් අත්වල හා උරහිස්වල ලොම් ඍජුවීම සිදුවේ. නමුත් මිනිසුන්ට එවැනි ලොමු ඩැහැගැනීමක් ප්‍රයෝජන රහිත වන්නේ ඔවුන්ගේ අත්වල හා උරහිස්වල ලොම් ඉතා කෙටි බැවිනි. එහෙත් අනෙක් සතුන් ලොම් ඩැහැගත් විට ඔවුන් වඩාත් විශාල ලෙස දිස්වීමෙන් ඔවුන්ගේ ආරක්ෂාව සැලසේ. පරිණාමවාදී පැහැදිළි කිරීමට අනුව එවැනි ප්‍රයෝජන රහිත චර්යාවක් මිනිසා තුළ පවතින්නේ මානව පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙසයි.[5]

කෘත්යාමක පැහැදිළි කිරීම (Functional)

කෘත්යාමක පැහැදිළි කිරීම වන්නේ යම් චර්යාවක හෝ ශරීර ව්‍යුහයක පරිණාමය ඒ ආකාරයට සිදුවූයේ ඇයි දැයි සාකච්ඡා කිරීමයි.වර්තමාන සමාජ ක්‍රමයට අවශ්‍යය නොවූවත් අතීතයේදී නොයෙක් හේතු මත මිනිසාට අත්‍යයවශ්‍ය වූ (වාසිදායක වූ) චර්යාවන් වර්තමානයේදීද මිනිසා තුළ පවතී. කෘත්යාමක පැහැදිළි කිරීම වන්නේ එම අවශ්‍යයතාවයන් (වාසීන්- advantages) හඳුනා ගැනීමයි. චර්යාව පිළිබඳ මෙම කෘත්යාමක පැහැදිළි කිරීම විවාදයට තුඩු දෙන්නෙකි. මන්ද මෙම පැහැදිළි කිරීම වන්නේ අපගේ බොහෝ චර්යාවන් ඉගෙන ගන්නා ^Learned& දේට වඩා ප්‍රවේණියෙන් ^Heritage& අපට උරුම වන බවයි. උදාහරණයක් වශයෙන්, ගැහැනුන්ට වඩා පිරිමින් බහු ලිංගික සේවනයට ^multiple sex&  කැමැත්තක් දැක්වීම පිරිමින් තුළ ප්‍රවේණියෙන් පවතින චර්යාවකි. එයට හේතුව නම් අතීතයේදී බහු ලිංගික සේවනයෙන් පිරිමියා කරුණු  දෙකක් බල්ලපොරොත්තු වීමයි. එනම් වර්ගයා බෝ කිරීම හා දරුවන් හදාවඩා ගැනීමයි. ගැහැනියට ගැබ් ගැනීම කළ හැක්කේ මාස නවයකට වරක්  පමණක් බැවින් වර්ගයා බෝ කිරීමේ ප්‍රතිශතය සීමිතය. බහුලිංගික සේවනයෙන් වර්ගයා බෝ කිරීමේ ප්‍රතිශතය වැඩි වේ. එසේම ගැබ්බර කාලය තුළ ගැහැනියට ආරක්ෂාව සපයීම හා දරුවන් හදාවඩා ගැනීම ඒකලිංගික සේවනය තුළ පිරිමියාට අපහසු වන්නේ ඔහු විසින් ආහාර සෙවිය යුතු බැවිනි. නමුත් බහු ලිංගික සේවනය තුළ පිරිමියාගේ සහයෝගයක් නොමැතිව එකී ගැහැනුන්ට අන්‍යොන්‍ය වශයෙන් ආරක්ෂාව සළසා ගැනීම හා දරුවන් හදාවඩා ගැනීම කළහැකි බැවින් පිරිමියාට ආහාර සෙවීම පහසුවෙන් කළ හැකිය.

මෙලෙස චර්යාවේ ජීවවිද්‍යාත්මක පදනම දැනගැනීම තුළින් අපට අපගේ චර්යාවන් වඩාත් හොඳින් අවබෝධ කරගත හැක. ඉහත කී ප්‍රවේශයන් තුළින් ජීවවිද්‍යාත්මක යාන්ත්‍රනය මිනිස් චර්යාවන් ඇති කරවන ආකාරය, එකී චර්යාවන් පුද්ගලයා තුළ හටගත් ආකාරය, එකී චර්යාවන් මිනිසා තුළ පරිණාමය වීම හා එවන් චර්යාවන්ගේ ප්‍රතිඵලය වැනි දේ අවබෝධ කරගැනීමට වඩාත් පහසු වේ.

විද්‍යාව

මානව සංස්කෘතියෙහි සහ චින්තනයෙහි තවත් අනන්‍ය ලක්ෂණයක් වන්නේ නිරික්ෂණය, ප්‍රමාණකරණය, සහ සත්‍යාපනය හරහා දැනුම අත්කරගැනීම වෙයි.

සමාජීය හා දේශපාලන පැවැත්ම

අමතර අවධානයට

සටහන්

මූලාශ්‍ර

  1. ^ a b Groves, C. P. (2005). Wilson, D. E.; Reeder, D. M. (eds.). Mammal Species of the World: A Taxonomic and Geographic Reference (3rd ed.). Baltimore: Johns Hopkins University Press. ISBN 0-801-88221-4. OCLC 62265494.
  2. ^ Global Mammal Assessment Team (2008). Homo sapiens. In: IUCN 2009. IUCN Red List of Threatened Species. Version 2009.2. <www.iucnredlist.org>. Downloaded on 03 March 2010.
  3. ^ චර්යාව පිළිබඳ ජීවවිද්‍යාත්මක පැහැදිළි කිරීම සෑම මනෝවිද්‍යාඥයෙක්ම චර්යාව කෙරෙහි විශේෂ අවධානයක් දක්වයි. චර්යාවන් අධ්‍යනය කිරීම, විශේෂිත චර්යාවන් හඳුනා ගැනීම, හා චර්යාවන් පාලනය කිරීම වැනිදෑ පිළිබඳව ඔවුහු අවධානය යොමු කරති. උදාහරණයක් ලෙස, සමාජ මනෝවිද්‍යාඥයෝ චර්යාවන් සඳහා බලපාන සමාජමය හේතු අධ්‍යනය කරති. පෞරුෂ මනෝවිද්‍යාඥයින් චර්යාව සඳහා බලපාන අවිඥානික ගැ‍ටුම් හඳුනා ගන්නා අතර සායනික මනෝවිද්‍යාඥයෝ චර්යාවන් පාලනය කිරීමට ප්‍රතිකාර කරති. මනෝවිද්‍යාව නම් විෂය දිනෙන් දින තම විෂය පථය පුළුල් කරගනිමින් සිටින අතර වර්තමානයේදී මනෝවිද්‍යා විෂයට පරිපූර්ණ නිර්වචනයක් සැපයීම පවා දුෂ්කරය. නමුත් සරලව ගත් කල්හි "මනෝවිද්‍යාව යනු මානව ප්‍රජානනය, චර්යාව හා චිත්තවේග විද්‍යාත්මකව අධ්‍යනයය කරන විෂයකි" (Psychology is the scientific study of human cognition, behavior and emotion). එහිදී චර්යාවාදය (Behaviorism)  වැනි මනෝවිද්‍යාව ගුරුකුල චර්යාව පිළිබඳ පමණක්ම අධ්‍යනයය කිරීමට යොමුවී තිබීම තුළින් පෙනීයන්නේ චර්යාව (Behavior)  පිළිබඳ අධ්‍යනය කිරීම මනෝවිද්‍යාවේ ඉතා වැදගත් අංශයක් වූ බවයි. මනෝවිද්‍යාවේ සංවර්ධනය සමග මනෝවිද්‍යාව හා ජීවවිද්‍යාව සංකලනය වීමෙන් ජීවමනෝවිද්‍යාව (Biopsychology) නම් විෂය ඇතිවීමේ ප්‍රතිඵලය ලෙස මානව චර්යාව අධ්‍යනය කිරීම වඩාත් පහසු කාර්යයක් විය. මිනිස් හා සත්ව චර්යාවන් සඳහා ජීවවිද්‍යාත්මක  පදනමක් තිබීම ඊට හේතුවයි. චර්යාව පිළිබඳ පොදු පිළිගැනීම නම් අප සිදුකරන චර්යාවන් චේතාන්විත ^intentional&  වන බවයි. උදාහරණයක්  ලෙස, “ඔහු එය කළේ ඔහුට ඕන නිසයි” යනුවෙන් යම් පුද්ගලයෙකුගේ චර්යාව සම්බන්ධව අපි ව්‍යවහාර කරන්නෙමු. නමුත් සෑමවිටම අප සිදුකරන චර්යාවන් සඳහා එවැනි චේතාන්විත බවක් ඇතැයි උපකල්පනය කිරීමට හේතු සාධක දැකිය නොහැක. උදාහරණයක් ලෙස, ඔබ ඈනුම් ^yawning&  යවන විටදී එය චේතාන්විත වේද? ප්‍රතීක ක්‍රියාවක් ^reflex action&  සිදුවන විටදී ඔබ එය චේතාන්විතව සිදු කරන්නේද? නැත. එය එසේ නම් සෑම චර්යාවක්ම පාහේ චින්තනයේ ප්‍රතිඵලයක් නොවන බව පෙනීයයි.
  4. ^ සාමාන්‍ය පිළිගැනීම අනුව චර්යාව පිළිබඳ විවිධ පැහැදිළි කිරීම් පවතී. එසේම චර්යාව පිළිබඳ ජීවවිද්‍යාත්මක පැහැදිළි කිරීම ප්‍රවේශයන් හතරක් ඔස්සේ වර්ග කළහැක. 1. කායික විද්‍යාත්මක (Physiological) 2. ව්‍යක්ත ප්‍රවෘත්තික (Ontogenetic) 3. පරිණාමවාදී (Evolutionary) 4. කෘත්යාමක (Functional) කායික විද්‍යාත්මක පැහැදිළි කිරීම (Physiological) කායික විද්‍යාත්මක පැහැදිළි කිරීම අනුව මොළයේ හා ශරීරයේ අනෙකුත් පද්ධතීන්වල ක්‍රියාකාරීත්වය සමග චර්යාව ඍජුවම සම්බන්ධ වේ. එය සිදුවන්නේ ශරීරයේ ඇති යාන්ත්‍රික ක්‍රමයකටය. උදාහරණයක් ලෙස, ශරීරයේ සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක් වන හෝමෝන ^enzyme&  මොළයේ ක්‍රියාකාරීත්වයට ඍජුවම බලපාන අතර එය මාංශපේශි සංකෝචනය ආදියෙන් සිදුවන චර්යාවන් පාලනය කරයි. සිගරට් බීමට ඇබ්බැහි වන්නේ ඇයි? සිගරට් බීමෙන් සිදුවන බලපෑමක් නම් මොළයට විශේෂ එන්සයිමයක් සැපයීම වැඩිවීමයි. මෙම එන්සයිමය වැඩිවූ විට ඩොපමින් ^dopamine&  නම් මොළයේ ඇති රසායනික ක්‍රියාකාරීත්වය ඉහල යයි. මොළයේ ඩොපමින් ක්‍රියාකාරීත්වය වැඩිවීම ඇබ්බැහිවීමේ චර්යාවන් ^addictive behavior& වර්ධනය වීමට බලපායි. එබැවින් සිගරට් බීමට ඇබ්බැහිවීමේ හේතුව වන්නේ සිගරට් බීම තුළින් සිදුවන මොළයේ ඩොපමින් ක්‍රියාකාරීත්වය ඉහළයාමයි. එවැනි චර්යාවන් අවබෝධ කරගැනීමට කායික විද්‍යාත්මක (Physiological) දැනුම අත්‍යයවශ්‍ය වේ. ව්‍යක්ත ප්‍රවෘත්තික පැහැදිළි කිරීම (Ontogenetic) ව්‍යක්ත ප්‍රවෘත්තික (Ontogenetic)  යන වචනය ග්‍රීක භාෂාවෙන් පැමිණි අතර එය "වීමට" (to be)  හෝ "උපත" (origin)  යන අර්ථය ගෙනදෙයි.එබැවින් ව්‍යක්ත ප්‍රවෘත්තික පැහැදිළි කිරීම වන්නේ චර්යාවක හෝ ශරීර ව්‍යුහයක  විකාශනය පිළිබඳවයි. එහිදී ජාන, ආහාර හා අත්දැකීම් යන ඒවායේ අන්තර්ක්‍රියාවන් චර්යාවට බලපාන ආකාරය සාකච්ඡා කෙරේ. උදාහරණයක් වශයෙන්, ආවේග පාලනය කිරීමේ හැකියාව ළදරු වයසේ සිට යෞවන වයස මුළුල්ලේද අනුක්‍රමයෙන් වර්ධනය වන්නේ මොළයේ ඉදිරිපස කොටස්වල ක්‍රමානුකූල පරිණතියත් සමගයි.
  5. ^ පරිණාමවාදී පැහැදිලි කිරීම (Evolutionary) පරිණාමවාදී පැහැදිළි කිරීම තුළින් චර්යාවක් හෝ ශරීර ව්‍යුහයක් පරිණාමය වූ ආකාරය සාකච්ඡා කරයි. මිනිසුන් බිය වූ විට ලොමු ඩැහැගැනීම සිදුවෙයි. එහිදී විශේෂයෙන් අත්වල හා උරහිස්වල ලොම් ඍජුවීම සිදුවේ. නමුත් මිනිසුන්ට එවැනි ලොමු ඩැහැගැනීමක් ප්‍රයෝජන රහිත වන්නේ ඔවුන්ගේ අත්වල හා උරහිස්වල ලොම් ඉතා කෙටි බැවිනි. එහෙත් අනෙක් සතුන් ලොම් ඩැහැගත් විට ඔවුන් වඩාත් විශාල ලෙස දිස්වීමෙන් ඔවුන්ගේ ආරක්ෂාව සැලසේ. පරිණාමවාදී පැහැදිළි කිරීමට අනුව එවැනි ප්‍රයෝජන රහිත චර්යාවක් මිනිසා තුළ පවතින්නේ මානව පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙසයි. කෘත්යාමක පැහැදිළි කිරීම (Functional) කෘත්යාමක පැහැදිළි කිරීම වන්නේ යම් චර්යාවක හෝ ශරීර ව්‍යුහයක පරිණාමය ඒ ආකාරයට සිදුවූයේ ඇයි දැයි සාකච්ඡා කිරීමයි.වර්තමාන සමාජ ක්‍රමයට අවශ්‍යය නොවූවත් අතීතයේදී නොයෙක් හේතු මත මිනිසාට අත්‍යයවශ්‍ය වූ (වාසිදායක වූ) චර්යාවන් වර්තමානයේදීද මිනිසා තුළ පවතී. කෘත්යාමක පැහැදිළි කිරීම වන්නේ එම අවශ්‍යයතාවයන් (වාසීන්- advantages) හඳුනා ගැනීමයි. චර්යාව පිළිබඳ මෙම කෘත්යාමක පැහැදිළි කිරීම විවාදයට තුඩු දෙන්නෙකි. මන්ද මෙම පැහැදිළි කිරීම වන්නේ අපගේ බොහෝ චර්යාවන් ඉගෙන ගන්නා ^Learned& දේට වඩා ප්‍රවේණියෙන් ^Heritage& අපට උරුම වන බවයි. උදාහරණයක් වශයෙන්, ගැහැනුන්ට වඩා පිරිමින් බහු ලිංගික සේවනයට ^multiple sex&  කැමැත්තක් දැක්වීම පිරිමින් තුළ ප්‍රවේණියෙන් පවතින චර්යාවකි. එයට හේතුව නම් අතීතයේදී බහු ලිංගික සේවනයෙන් පිරිමියා කරුණු  දෙකක් බල්ලපොරොත්තු වීමයි. එනම් වර්ගයා බෝ කිරීම හා දරුවන් හදාවඩා ගැනීමයි. ගැහැනියට ගැබ් ගැනීම කළ හැක්කේ මාස නවයකට වරක්  පමණක් බැවින් වර්ගයා බෝ කිරීමේ ප්‍රතිශතය සීමිතය. බහුලිංගික සේවනයෙන් වර්ගයා බෝ කිරීමේ ප්‍රතිශතය වැඩි වේ. එසේම ගැබ්බර කාලය තුළ ගැහැනියට ආරක්ෂාව සපයීම හා දරුවන් හදාවඩා ගැනීම ඒකලිංගික සේවනය තුළ පිරිමියාට අපහසු වන්නේ ඔහු විසින් ආහාර සෙවිය යුතු බැවිනි. නමුත් බහු ලිංගික සේවනය තුළ පිරිමියාගේ සහයෝගයක් නොමැතිව එකී ගැහැනුන්ට අන්‍යොන්‍ය වශයෙන් ආරක්ෂාව සළසා ගැනීම හා දරුවන් හදාවඩා ගැනීම කළහැකි බැවින් පිරිමියාට ආහාර සෙවීම පහසුවෙන් කළ හැකිය. මෙලෙස චර්යාවේ ජීවවිද්‍යාත්මක පදනම දැනගැනීම තුළින් අපට අපගේ චර්යාවන් වඩාත් හොඳින් අවබෝධ කරගත හැක. ඉහත කී ප්‍රවේශයන් තුළින් ජීවවිද්‍යාත්මක යාන්ත්‍රනය මිනිස් චර්යාවන් ඇති කරවන ආකාරය, එකී චර්යාවන් පුද්ගලයා තුළ හටගත් ආකාරය, එකී චර්යාවන් මිනිසා තුළ පරිණාමය වීම හා එවන් චර්යාවන්ගේ ප්‍රතිඵලය වැනි දේ අවබෝධ කරගැනීමට වඩාත් පහසු වේ.

භාහිර සබැඳි

"https://si.wikipedia.org/w/index.php?title=මිනිසා&oldid=727445" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි