විල අසල මණ්ඩපය

විකිපීඩියා වෙතින්
විල අසල මණ්ඩපය
චීන: 《湖边凉亭》
ශිල්පියාසමෝජේ (පසුකාලීන 18වන සියවසේ ක්‍රියාකාරී වූ)
වර්ෂයපසුකාලීන 18වන සියවස (ජොසොන් රාජවංශය)
වර්ගයසිතුවම
මාධ්‍යයරාමුකළ සිතුවම; සේද මත තීන්ත සහ වර්ණ
මාන45.4 cm × 27.6 cm (17.9 in × 10.9 in)
පිහිටීමමෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය, නිව් යෝක්
ප්‍රවේශනය15.96.2

විල අසල මණ්ඩපය (ඉංග්‍රීසි: Pavilion by the Lake) යනුවෙන් හැඳින්වෙන්නේ කොරියානු අර්ධද්වීපයේ ජොසොන් රාජවංශ යුගයට අයත් යැයි සැලකෙන සිතුවමකි. පසුකාලීන ක්‍රි.ව. 18වන සියවසේ නිර්මාණය වූ මෙම සිතුවමේ උස 45.4 cm පමණ වන අතර, එහි පළල 27.6 cm වේ. සිතුවම්කරණයේ දී අනුගමනය කොට ඇති සිතුවම් ශෛලිය වන්නේ සාමෝජේ නම් ශෛලියයි. එහි සාහිත්‍යමය අර්ථය "තුනේ-පහේ කලාගාරය" යන්නයි. මෙය මෙම සිතුවම නිර්මාණය කළ ජොසොන් චිත්‍ර ශිල්පියාගේ ශෛලීය නම ලෙස භාවිතා වී ඇත. මෙම සිතුවම ජොසොන් රාජවංශ සමයේ ජුන්ගින් හෙවත් මධ්‍යම පාන්තික චිත්‍ර ශිල්පියකු විසින් නිර්මාණය කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. වර්තමානයේ ලේඛනමය සාධක අල්ප හෙයින්, මෙම සිතුවම නිර්මාණය කළ චිත්‍ර ශිල්පියාගේ සැබෑ නාමය සහ චරිතාපදානය පිළිබඳ තොරතුරු නිර්ණය කළ නොහැකි වී ඇත. එමනිසා මෙම සිතුවම තුළින් නිරූපණය අවශ්‍ය කොට තිබුණේ කුමක්ද යන්න අපැහැදිළි වී ඇත.[1] මෙම "විල අසල මණ්ඩපය" නම් සිතුවම චීනයේ මිං රාජවංශයෙන් (1368–1644) ආනයනය කරන ලද ප්‍රචලිත සිතුවම් මාර්ගෝපදේශ ග්‍රන්ථයකින් උපුටා ගන්නට ඇති බැව් පෙනේ. මෙවන් අවස්ථාවකට නිදසුනක් ලෙස අබ ඇට උයන නම් සිතුවම දැක්විය හැක.[2]

විස්තරය[සංස්කරණය]

චීන ආභාසය ලබමින් කොරියානු අර්ධද්වීපයේ තුන් රාජධානිවල ඇරඹි සිතුවම් කලාව ආරම්භයේ දී බිතු සිතුවම් ස්වරූපයෙන් දක්නට ලැබිණි. එය ක්‍රමයෙන් සංවර්ධනය වී ඒකවර්ණ සිතුවම් කලාව හෝ ලා පැහැ සිතුවම් කලාවක් ලෙස ගොඩනැගිණි. වර්ණවත් සහ අලංකාර ලක්ෂණවලින් හෙබි කොරියාවේ මෙම සිතුවම් ශෛලිය සඳහා තේමා වී ඇත්තේ ස්වභාවධර්මයේ ඇති දෑ ය. මේ නිසා එමගින් නිරූපණය වන දර්ශන වඩාත් යතාර්ථවාදී ස්වරූපයක් ගෙන ඇත. [3] "‍විල අසල මණ්ඩපය" නම්වූ මෙම සිතුවම පසුකාලීන 18වන සියවසට අයත් අතර, එය කොරියානු අර්ධද්වීපයේ ජොසොන් රාජවංශ සමයේ නිර්මාණය වූවකි. මෙය සිතුවම් කොට ඇත්තේ ජුන්ගින් හෙවත් මධ්‍යම ජන පන්තියට අයත් චිත්‍ර ශිල්පියකු විසිනි. සිතුවමේ උස 45.4 cm පමණ වන අතර එහි පළල 27.6 cm වේ. මෙය සිතුවම් කොට ඇත්තේ සමෝජේ යන ශෛලීය නාමය සහිත චිත්‍ර ශිල්පියකු විසිනි. ඔහුගේ සැබෑ අනන්‍යතාව නොදනියි. මෙම නාමයෙහි සාහිත්‍යමය අර්ථය වන්නේ "තුනේ පහේ කලාගාරය" යන්නයි.[1] වර්තමාන මතය වන්නේ මෙම "විල අසල මණ්ඩපය" සිතුවම චීනයේ මිං රාජවංශයෙන් ආනයනය කරන ලද "අබ ඇට උයන" වැනි සිතුවම් මාර්ගෝප‍දේශ සංග්‍රහයක වූ සිතුවමක් අනුසාරයෙන් සිතුවම් කරන්නට ඇති බවයි.[2] 1915දී රොජර්ස් පදනම විසින් මෙම සිතුවම මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරය වෙත ප්‍රදානය කරන ලදී. 2006දී සහ 2010දී මෙම සිතුවම මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ කොරියානු කලා ප්‍රදර්ශනයේ දී ප්‍රදර්ශනය කොට ඇත.[1]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 "Pavilion by the Lake" (ඉංග්‍රීසි බසින්). Metropolitan Museum of Art. සම්ප්‍රවේශය 2017-11-22.
  2. 2.0 2.1 Hiscox M J; Sze M (1977). The Mustard Seed Garden Manual of Painting[M] (ඉංග්‍රීසි බසින්). Princeton University Press. සම්ප්‍රවේශය 2017-11-22.
  3. "崔成龙朝鲜国画赏析 和谐清雅的审美世界". 博宝资讯网. 2013-08-26. සම්ප්‍රවේශය 2017-11-22.

වැඩිදුර කියවීමට[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=විල_අසල_මණ්ඩපය&oldid=412194" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි