විලී බ්‍රන්ට්
බටහිර ජර්මනියෙහි චාන්සලර්වරයා | |
---|---|
තනතුර දරමින් 22 ඔක්තොම්බර් 1969 – 7 මැයි 1974 | |
ජනාධිපතිවරයා | ගුස්ටෆ් හයිනමන් |
වයිස්-චාන්සලර් | වල්ටර් ෂීල් |
පූර්වප්‍රාප්තිකයා | කුඕර්ට් ගියෝග් කීසිංගර් |
අනුප්‍රාප්තිකයා | හෙල්මුට් ෂ්මිට් |
සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂයෙහි නායකයා | |
තනතුර දරමින් 16 පෙබරවාරි 1964 – 14 ජූනි 1987 | |
ජාතික ලේකම් | හන්ස්-යෝගන් විෂ්නෙෂ්කි හොල්ගා බර්නා ඊගොන් බාර් පීටර් ග්ලොට්ස් |
පූර්වප්‍රාප්තිකයා | ඉයරිෂ් ඕලොන්හොවර් |
අනුප්‍රාප්තිකයා | හන්ස්-යෝහන් ෆෝගල් |
බටහිර ජර්මනියෙහි වයිස්-චාන්සලර්වරයා | |
තනතුර දරමින් 1 දෙසැම්බර් 1966 – 20 ඔක්තොම්බර් 1969 | |
Chancellor | කුඕර්ට් ගියෝග් කීසිංගර් |
පූර්වප්‍රාප්තිකයා | හන්ස්-ක්‍රිස්ටොෆ් සීබොම් |
අනුප්‍රාප්තිකයා | වල්ටර් ෂීල් |
විදේශ කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍යවරයා | |
තනතුර දරමින් 1 දෙසැම්බර් 1966 – 20 ඔන්තොම්බර් 1969 | |
Chancellor | කුඕර්ට් ගියෝග් කීසිංගර් |
පූර්වප්‍රාප්තිකයා | ගෙයාහාඩ් ෂෲඩා |
අනුප්‍රාප්තිකයා | වල්ටර් ෂීල් |
බර්ලිනයෙහි ගවර්නිං මේයර් (බටහිර බර්ලිනය) | |
තනතුර දරමින් 3 ඔක්තොම්බර්1957 – 1 දෙසැම්බර් 1966 | |
ජනාධිපතිවරයා | තියඩෝර් හොයිස් හෙයින්රිෂ් ලුබ්කර් |
Chancellor | කොන්රඩ් ආඩනෝව ලුඩ්විෂ් එයාහාඩ් |
පූර්වප්‍රාප්තිකයා | ඔටෝ සුවර් |
අනුප්‍රාප්තිකයා | හෙයින්රිෂ් ඇල්බාර්ට්ස් |
බුන්ඩස්හාර්ට් හී සභාපති | |
තනතුර දරමින් 1 නොවැම්බර් 1957 – 31 ඔක්තොම්බර් 1958 | |
පූර්වප්‍රාප්තිකයා | කූර්ට් සීවකිං |
අනුප්‍රාප්තිකයා | විල්හෙල්ම් කයිසන් |
බර්ලීන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙහි සභාපතිවරයා | |
තනතුර දරමින් 11 ජනවාරි 1955 – 2 ඔක්තොම්බර් 1957 | |
පූර්වප්‍රාප්තිකයා | ඔටෝ සුවර් |
අනුප්‍රාප්තිකයා | කුවර්ට් ලන්ඩ්ස්බර්ග් |
පුද්ගලික තොරතුරු | |
උපත | හේබට් අර්න්ස්ට් කාල් ෆ්‍රාම් 18 දෙසැම්බර් 1913 ලූබෙක්, ජර්මානු අධිරාජ්‍යය |
විපත | 8 ඔක්තොම්බර් 1992 උන්කල්, ජර්මනිය | (වයස 78)
Cause of death | මහාන්ත්‍රක පිළිකාව |
Resting place | සීලන්ඩෝර්ෆ්, බර්ලිනය |
පුරවැසිභාවය | ජර්මනිය( 1938 තෙක්, 1948 දී යළි හිමිකරගති ) නෝර්වේ ( 1940 සිට) |
දේශපාලන පක්ෂය | SPD (1930–1931, 1948–1992) සෝෂලිස්ට් වර්කර්ස් (1931–1946) |
කලත්‍රයා |
|
දරුවන් | 4, මතීයාස් ඇතුළු |
Awards | නොබෙල් සාම ත්‍යාගය (1971) |
අත්සන | |
විලී බ්‍රන්ට් (ජර්මානු: [ˈvɪliː ˈbʁant] ( සවන්දෙන්න); උපතේදී නම හේබට් අර්න්ස්ට් කාල් ෆ්‍රාම්; 18 දෙසැම්බර් 1913 – 8 ඔක්තොම්බර් 1992) යනු ජර්මානු දේශපාලනඥයෙකු සහ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන අතර 1964 සිට1987 දක්වා ජර්මනියෙහි සෝෂල් ඩිමොක්‍රටික් පක්ෂයෙහි (SPD) නායකයා වශයෙන් කටයුතු කර 1969 සිට 1974 දක්වා බටහිර ජර්මනියෙහි චාන්සලර්වරයා වශයෙන් සේවය කලේය.
ඔහු වෙත 1971 වසරෙහිදී නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුනේ ඊඊසී ඔස්සේ බටහිර යුරෝපයෙහි සමෝධානය තර කිරීමට සහ බටහිර ජර්මනිය සහ නැගෙනහිර යුරෝපයෙහි රටවල් අතර සංහිඳියාව සාක්ෂාත් කර ගැනීමට ඔහුගේ උත්සාහයයන් නිසාය.[1] ඔහු [2] 1930 වසරෙන් පසුව පත්වූ පළමු සෝෂල් ඩිමොක්‍රට් චාන්සලර්වරයා විය.
නාසි පාලනාධිකාරියට හසු නොවන පරදී නෝර්වේ රාජ්‍යයට සහ පසුව ස්වීඩන් රාජ්‍යයට පලාගොස් වාමාංශික මාධ්‍යවේදියෙක් ලෙසින් ක්‍රියාකාරීවූ ඔහු , විලී බ්‍රන්ට් යන ආරූඨ නම භාවිතයට ගත්තේ නාසි ඒජන්තයන් විසින් ඔහු සොයාගැනුම වලක්වා ලනු පිණිස වන අතර, 1948 දී එම නම විධිමත් ලෙසින් භාවිතයට ගත්තේය. බ්‍රන්ට් මුලින්ම සැලකුනේ එස්පීඩී පක්ෂයෙහි දක්ෂීණාංශයෙහි නායකයන් අතරින් එක් අයෙකු ලෙසින් වන අතර, බටහිර බර්ලිනයෙහි ගවර්නිං මේයර් ලෙසින් මුල් ජනප්‍රියත්වය ලබා ගති. කුඕර්ට් ගියෝග් කීසිංගර්ගේ කැබිනට් මණ්ඩලයෙහි විදේශ අමාත්‍යවරයා ලෙසින් සහ වයිස්-චාන්සලර්වරයා ලෙසින් ඔහු සේවය කල අතර, 1969 වසරෙහිදී චාන්සලර්වරයා බවට පත් විය.
චාන්සලර්වරයා ලෙසින්, එක්සත් ජනපදය සමග බටහිර ජර්මනියෙහි සමීප බැඳියාව ඔහු විසින් පවත්වා ගෙන යන ලද අතර බටහිර යුරෝපයෙහි යුරෝපියානු සමෝධානය ශක්තිමත් කරන අතරම, නැගෙනහිර යුරෝපය සමග සබඳතා වැඩි දියුණු කිරීම සඳහා ඔස්ට්පොලිටික් නම්වූ නව ප්‍රතිපත්තියක් එළිදැක්වීය. ඔහුගේ ඔස්ට්පොලිටික් නිසා බ්‍රන්ට් දක්ෂිණාංශයෙහි මතභේදකාරී වූ අතරම, වියට්නාම යුද්ධය සහ දක්ෂිණාංශික ඒකාධිපති රාජ්‍යයන් ඇතුළු ඇමරිකානු ප්‍රතිපත්තීන්ට සහය දීම නිසා ඔහු වාමාංශයෙහි මතභේදයට ලක් විය. ලෝක ආර්ථිකයන්හී සහ දේශපාලනයෙහිදී සමෘද්ධිමත් උතුර සහ දුප්පත් දකුණ අතර සාමාන්‍ය උතුරු-දකුණු බෙදීම විස්තරකිරීම සඳහා පිළිගත් මිම්මක් ලෙසින් බ්‍රන්ට් වාර්තාව භාවිතා විය. දේශීය කරළියෙහිදී ඔහුගේ අති දරුණු කොමියුනිස්ට් විරෝධී ප්‍රතිපත්තීන් පිළිබඳව බ්‍රන්ට් ප්‍රකටවූ අතර, එහි මස්තකප්‍රාප්තිය වූයේ 1972 වසරෙහි රැඩිකාලෙනලස් (රැඩිකල් විරෝධී නියෝගය) විය.
1974 වසරෙහිදී බ්‍රන්ට් චාන්සලර් තනතුරෙන් ඉල්ලා අස්වුනේ, ඔහුගේ සමීපතම පුද්ගලික සහායකයෙකු වූ ගුන්ටා ගියෝම්, ෂ්ටාසී නම්වූ, නැගෙනහිර ජර්මානු රහස් ඔත්තු සේවයෙහි ඒජන්තවරයෙකු බවට හෙළිවීම සමගය.
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "දි 1971 නොබෙල් ප්‍රයිස් – ප්‍රසන්ටේෂන් ස්පීච්". Nobelprize.org. සම්ප්‍රවේශය 17 අප්‍රේල් 2017.
- ^ හේමන් මිලර් ගෙන් පසුව
භාහිර සබැඳි
[සංස්කරණය]- විලී බ්‍රන්ට් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත