විධායක නියෝගය 13769

විකිපීඩියා වෙතින්

එක්සත් ජනපදය වෙත විදේශ ත්‍රස්තවාදීන් ඇතුළුවීම වෙතින් දේශය ආරක්ෂා කිරීම යනු, 2017 ජනවාරි 27 දිනදී එ.ජ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අත්සන් තැබුණු සහ විධායක නියෝගය 13769 ලෙසින් ෆෙඩරල් ලේඛනයෙහි ප්‍රකාශයට පත්කෙරුණු විධායක නියෝගයකි. මැද පෙරදිග සහ අප්‍රිකාවෙහි රටවල් කිහිපයක ජනයා විසින් එක්සත් ජනපදය වෙත චාරිකාව සහ එය වෙත ආගමනය යන දෙකම එය විසින් සීමා කෙරිණි.[1][2][3] එ.ජ. සරණාගත ප්‍රතිග්‍රහණ වැඩසටහන (යූඑස්ආර්ඒපී) දින 120 ක කාලසීමාවක් තුලදී අත්හිටුවීමත් වීසා බලපත්‍ර තිබීම නොසලකමින් ඉරාකය, ඉරානය, ලිබියාව, සෝමාලියාව, සුඩානය, සහ යේමනය වෙතින් ජනයා ඇතුළුවීම දින 90 ක කාලසීමාවක් තුලදීත් සිරියාව වෙතින් ජනයා ඇතුළුවීම දින නියමයක් නොමැති කාලසීමාවක් තුලදීත් අත්හිටුවීම මෙම නියෝගය විසින් සිදුකෙරිණි.

ජනවාරි 28 දින තුලදී, ඇස්තමේන්තු ගත සංචාරකයන් 100–200 සංඛ්‍යාවක් එ.ජ. ගුවන්තොටුපොළ වල රඳවා තබා ගැනුණු අතර, සිය ගණනක ජනයා එ.ජ. වෙත පැමිණීමට නියමිත පියාසැරි තුලට ගොඩවීම වැලැක්විණි. මෙම නියෝගය නිසා ජාත්‍යන්තර විවේචනය එල්ලවුණු අතර, ප්‍රශ්නයට තුඩුදී ඇති රටවල් හත තුලම බහුතර ලෙසින් මුස්ලිම් ජනගහණය පවතින බව සටහන් කරන පුද්ගලයන් විසින් නිව්යෝර්ක් හී ජෝන් එෆ්. කෙනඩි ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි සහ අනෙකුත් එ.ජ. ගුවන්තොටුපොළ තුලදී විරෝධතාවන් සංවිධානය කෙරිණි. නියෝගය ක්‍රියාත්මක වීම වාරණය කිරීමේ අදහස ඇතිව, ඩාර්විෂ් එරෙහි ට්‍රම්ප් නමැති නඩුවක් ඇමරිකානු සිවිල් නිදහස් සංගමය (ඒසීඑල්යූ) විසින් ගොනු කෙරිණි.

  1. "ට්‍රම්ප් රෙෆියුජි ඇන්ඩ් ට්‍රැවල් සස්පෙන්ෂන්: කී පොයින්ට්ස්". බීබීසී නිවුස්. ජනවාරි 28, 2017. සම්ප්‍රවේශය ජනවාරි 29, 2017.
  2. නිකොලාස්, පීටර්; නිකොලාස්, පීටර් (ජනවාරි 28, 2017). "වයිට් හවුස් ඩිෆෙන්ඩ්ස් එක්සකටිව් ඕඩර් බාරිං ට්‍රැවලර්ස් ෆ්‍රොම් සර්ටන් මුස්ලිම් කන්ට්‍රීස්". ද වෝල් ස්ට්‍රීට් ජර්නල්. සම්ප්‍රවේශය ජනවාරි 29, 2017.
  3. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; nyt_target නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
"https://si.wikipedia.org/w/index.php?title=විධායක_නියෝගය_13769&oldid=391174" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි