විකිපීඩියා සාකච්ඡාව:විකිපීඩියා ආසියානු මාසය/2015

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්
  1. Wow! Nicely done. Thank you L Manju. ----Randeer (talk) 17:59, 25 ඔක්තෝබර් 2015 (යූටීසී)[reply]
  2. නීති රීති යටතේ ඇති "ලිපිය මත කිසිදු ආකාරයක ටැගයක් නොවිය යුතුයි". යන්න පැහැදිලි කර දෙන්න. ස්තුතියි !--222.165.138.61 10:36, 3 නොවැම්බර් 2015 (යූටීසී)[reply]
ඒ කියන්නේ මෙන්න මේ වගේ ටැග්

{{අසම්පූර්ණ}} {{දියුණු කරන්න}} {{අනාථ ලිපිය}} --L Manju (talk) 11:07, 3 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

පවතින ලිපි සංවර්ධනය[සංස්කරණය]

විකිපීඩියාවේ දැනට පවතින ලිපියක් වුවද සංවර්ධනය කිරීමට දැනට අවකාශ ලබා දී ඇත්තේ ඉංග්‍රීසි සහ චීන භාෂා විකිපීඩියා වල පමණි. දැනට එය සිංහල විකිපීඩියාව තුළ ක්‍රියාත්මක නොමැති බැවින් අදාළ නිතිය ඉවත් කරන අතර අවශ්‍ය යැයි හැඟෙ නම් සංවර්ධිත ලිපි ද සලකා බැලීමට අවස්ථාව ඉල්ලීම සංවිධායකවරුන්ට සිදු කළ හැක.----Randeer (talk) 12:29, 6 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

ආසියානු මාසයේ ලිපි ලිවිම සම්බන්දයෙන්![සංස්කරණය]

මෙහි දැනට ඇති ඉංග්‍රීසි ලිපියක පරිවර්තනයක් දිය හැකිද?--██ AE ██ (talk) 13:12, 12 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

සිංහල විකිපීඩියාවේ දැනට නොපවතින මාතෘකාවකට අදාළව වෙනත් ඕනෑම භාෂා විකිපීඩියා ලිපියක් පරිවර්තනය කර ඉදිරිපත් කළ හැකිය----Randeer (talk) 13:58, 12 නොවැම්බර් 2015 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු තානාපතිවරුන් තෝරාගැනීම[සංස්කරණය]

හිතවත් L Manju හා Randeer,
Sudheera සහ Shwetha යන දෙදෙනාම ලිපි 8 බැගින් ඉදිරිපත් කර ඇති නිසා ඔවුන් දෙදෙනාම ආසියානු තානාපතිවරුන් ලෙස නම් කරමු නේද? -- Mr. 1100100 (Talk) 04:58, 2 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

එහෙම කරන්න පුළුවන් ආසියානු මාසයේ සාමාජිකයන් විශාල සංඛ්‍යාවක් සිටි විකිපීඩියා වල පමණක් නොවේද?----Randeer (talk) 07:23, 2 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]
ශ්වේත මහතා හා සුධීර මහතා ඉදිරිපත් කල ලිපි ඔක්කොම ගොඩක් හොදයි වගේම මේ මහත්වරු දෙදනාටම අපේ ස්තූතියත් හිමි වෙනවා මේ සදහා දායකවීම සම්බන්ධව. අපේ නීතිරීති වල මෙසේ තිබෙනවා. කරුණාකර (ආසියානු මාසයට අදාළව) 2015 නොවැම්බර් මාසය තුළ ඔබ ලබාදුන් දායකත්වයන් 2015 දෙසැම්බර් 3 බ්‍රහස්පතින්දා දිනය වනවිට වාර්තා කරන්න. කියලා. මෙයින් කියන්නේ නොවැම්බර් මාසයට අදාල සංස්කරණ දායකත්වයන් පමණක් සැළකිල්ලට ගන්නා බවයි. ඊට අනූව සුධීර මහතා ඉදිරිපත් කල මෙම ලිපි (එන්එච්කේ, ටීවී අසාහි හා ඔකිනාවා දූපත) සළකුණු කිරීමේදී ඒවායේ නොවැම්බර් අවසාන සංස්කරණය බලන එක යෝග්‍යයි. මින් ටීවී අසාහි සංස්කරණයන් නොවැම්බර් මාසයට අදාලයි වගේම අදාල උපමාන සංතෘප්ත කොට තිබෙනවා. නමුත් නොවැම්බර් අවසන් වන අවස්ථාව වෙද්දි ඔකිනාවා දූපත හා එන්එච්කේ ලිපි වල සුළු දෝෂ වගයක් තිබෙනවා. 2015 නොවැම්බර් 30 17:47, (නොවැම්බර් අවසන් සංස්කරණය) වන විට එන්එච්කේ ලිපියේ වැඩසටහන් - ප්‍රවෘත්ති යන කොටස යාන්ත්‍රික පරිවර්ථනයක් වගේ පෙනෙනවා. මේ නිසා මෙම ලිපිය නැවත වතාවක් පරික්ෂාකරන ලෙස 1100100 මහතාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ස්තූතියි--L Manju (talk) 13:03, 2 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]
මෙම කරුණු කාරණා නිරාකරණයෙන් පසුව අපි තානාපතිවරු එක්කෙනෙක් තෝරමු කියලා මම යෝජනා කරනවා. (කට්ටියත් ටිකක් අඩුයිනේ) --L Manju (talk) 13:08, 2 දෙසැම්බර් 2015 (යූටීසී)--L Manju (talk) 04:15, 6 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]
සුධීර මහතාගේ එන්එච්කේ ලිපියේ මංජු මහතා පෙන්වූ අඩුපාඩුව තිබෙනව එහෙත් ආසියානු මාසය වෙනුවෙන් දක්වපු දායකත්වය සළකා බලල ලිපිය තත්ත්වයේම තියමු. ඔක්කොම දේවල් සලකා බලනකොට ශ්වේත මහතාව ආසියානු තානාපති ලෙස මම යෝජනා කරනවා. -- Mr. 1100100 (Talk) 14:24, 2 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]
ඔව්, සුධීර මහතා ආසියානු මාසය වෙනුවෙන් දක්වපු වටිනා දායකත්වය සළකා එම ලිපිය තත්වයේ තැබීමට අදහස් කිරීම ගොඩක් වටිනවා.-- L Manju (talk) 14:35, 2 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]
@Mr. 1100100 @L Manju @Randeer සංවිධායකවරුන් තිදෙනාට බෙහෙවින් ස්තුතියි! එම අඩුපාඩු මම පිලිගන්නවා. ශ්වේත මහතාට ආසියානු තානාපති තනතුර හිමිවිය යුතුයි. ව්‍යාපෘතිය පුරා සිදුකල කැපවීමට සංවිධායකවරුන්ට නැවතත් තුති පුදමි. --Sudheera1994 (talk) 17:24, 2 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]
ශ්වේත මහතා ආසියානු තානාපතිවරයා ලෙස තොරාගැනීමේ යෝජනාවට සහය දෙමි. එසේම සුධීර මහතාවත් අපගේ දෙවන ආසියානු තානාපතිවරයා ලෙස යෝජනා කරමි. මීට පෙර සිදුකල තානාපතිවරු එක්කෙනෙක් තෝරමු වශයෙන් කල යෝජනාව ඉවත් කර ගනිමි.--L Manju (talk) 04:15, 6 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

@L Manju @Randeer @Mr. 1100100 විකිපීඩියා ආසියානු මාසය පිලිබඳ දීර්ඝ නිහැඬියාවට හේතුව කුමක්ද? --Sudheera1994 (talk) 08:08, 27 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු තානාපති ලෙසින් අපට කුමක් හෝ ලිපියක්/පදක්කමක් ලැබෙනවාද අපගේ පරිශීලක කොටුවේ ඇතුලත් කර ගැනුමට?----Shwetha (talk) 12:23, 27 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]
තවමත් ඉංග්‍රීසි විකිපීඩියාව ඇතුළු ප්‍රාදේශීය විකිපීඩියා කිහිපයක ගණනය කිරීම් අවසන්ව නැති නිසා චුට්ටක් සද්ද නැතිව හිටියා. 2015 ආසියානු තානාපතිවරයාට පදක්කමක් ලබා දීම සිදු කරනවා. ස්තූතියි --L Manju (talk) 14:08, 28 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]

@Randeer,Mr. 1100100 - අප විසින් තෝරාගත් තනාපතිවරයාට ඒ සම්බන්ධ දැනුම්දීම මේ අයුරින් සිදුකලෙමි. ඔබතුමන්ලාටත් හැකිනම් ඊට තම අත්සන යොදන මෙන් ඉල්ලා සිටිමි.--L Manju (talk) 17:07, 28 ජනවාරි 2016 (යූටීසී)[reply]

ඔබ දැන සිටියාද[සංස්කරණය]

මුල් පිටුවෙහි දර්ශනය වන ඔබ දැන සිටියාද (DYK/Did You Know) යන කොටස සදහා අපිත්, මෙම ව්‍යපෘතියට අදාල ලිපි කිහිපයක් තෝරාගනිමුද? --L Manju (talk) 04:05, 6 දෙසැම්බර් 2015 (යූටීසී)[reply]