විකිපීඩියා:ප්‍රත්‍යක්ෂණ පල්හෑලි

විකිපීඩියා වෙතින්

විකිපීඩියා ලේඛකයන් සහ සංස්කාරකවරුන් විසින්, අතිදක්ෂ ලියවිලි බොහෝමයකට දායකත්වය සපයන නමුදු, කලාතුරකින් සමහරක් ප්‍රත්‍යක්ෂණ පල්හෑලි ලියැවෙයි. මේවා අයත්වන්නේ පහත ප්‍රවර්ග දෙකටය:

  1. සම්පූර්ණ පල්හෑලි, එනම්, කිසිම අර්ථයක් නොමැති පෙළ හෝ අහඹු අක්ෂර. යතුරුපුවරුව මත අහඹු ලෙසින් තට්ටුකිරීමෙන් නිපැයෙන අක්ෂර මාලාවන්ද මෙයට අයත් වෙයි.
  2. කිසියම් දෙයක් අර්ථවත් කිරීම අරභයා ඉදිරිපත් කෙරුණු ලෙසින් පෙනෙන නමුදු, කිසියම් සාධාරණ මනසැති පුද්ගලයෙක් විසින් එය තෝරා බේරා ගැනීම කල නොහැකි අන්තර්ගතයක් වෙයි. වචන සලාදය බලන්න. අර්ථය තේරුම් ගත නොහැකි නම්, නිරවද්‍ය ලෙසින් පෙළ සංස්කරණය කිරීම කල නොහැකි වෙයි.

මේවා සමග පටලවා ගත යුතු නොවේ...[සංස්කරණය]

ඒවායින් සමහරක්, අනෙකුත් ඉක්මන් මකාදැමීමේ උපමාන වලට අනුකූල විය හැකි වුවද, පහත දැක්වෙන ඒවා ප්‍රත්‍යක්ෂණ පල්හෑලි ලෙසින් මකා නොදැමිය යුතු වෙයි. මේවා සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට අනෙකුත් විධි ඇත; මකා දැමීමේ ප්‍රතිපත්තිය බලන්න.