විකිපීඩියා:තෝරාගත් සංවත්සර/ජනවාරි 8
Appearance
ජනවාරි 8: එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාගේ උපන්දිනය
- 1547 – ලිතුවේනියානු භාෂාවේ පළමු ග්‍රන්ථය ප්‍රකාශයට පත් කරයි.
- 1828 – එක්සත් ජනපදයේ ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන ඩිමොක්රටික් පක්ෂය පිහිටුවනු ලැබෙයි.
- 1940 – දෙවන ලෝක යුද්ධය: එක්සත් රාජධානිය ආහාර සලාකනය බලාත්මක කරයි.
- 2008 – දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය ජා-ඇල ප්‍රදේශයේදී ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කරයි. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී ද. මු. දසනායක ජීවිතක්ෂයට පත්වෙයි.
- 2009 – ශ්‍රී ලාංකික මාධ්‍යවේදීයෙකු වන ලසන්ත වික්‍රමතුංග (සේයාරුව) කොළඹ දී ඝාතනයට ලක්වෙයි.
- 2015 – ශ්‍රී ලංකාවේ 6 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන තේරී පත්වෙයි.