අප්‍රේල් 1: ඉරානයෙහි ජාතික දිනය (1979);

ස්ටීව් ජොබ්ස්
1867 – සිංගප්පූරුව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් බවට පත්වෙයි.
1873 – එස්එස් ඇට්ලැන්ටික් නම් ඉංග්‍රීසි නෞකාවක් කැනඩාවේ නෝවා ස්කෝෂියා පළාතේ වෙරළ ආසන්නයේදී ගිලී යයි. එහිදී පුද්ගලයන් 547 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි.
1918 – බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව පිහිටුවනු ලැබෙයි.
1948 – ෆාරෝ දූපත් සමූහය ඩෙන්මාර්කයේ ස්වයංපාලන භූමිප්‍රදේශයක් බවට පත්වෙයි.
1976 – ස්ටීව් ජොබ්ස් (සේයාරුව) සහ තවත් දෙදෙනෙකු ඇපල් සමාගම ස්ථාපිත කරයි.
2022 – අරගලය: හදිසි නීතිය පැනවෙයි.
තවත් සිදුවීම්: මාර්තු 31 – අප්‍රේල් 1 – අප්‍රේල් 2