විකිපීඩියා:අයිටීඑන් නාලිකාව

විකිපීඩියා වෙතින්
අයිටීඑන් ටීවී
දියත්කල දිනය 13 අප්‍රේල් 1979 (1979-04-13)
රූප ආකෘතිය PAL-B
ප්‍රචාරණ උද්‍යෝග පාඨය ඔබේ පවුලේ නාලිකාව
රට  ශ්‍රී ලංකාව
භෘෂාව සිංහල
පෙරදී හැඳින්වුනේ ටීවී ශ්‍රී ලංකා
(1979-1989)
ස්වාධීන රූපවාහිනිය
(1989-2016)
සහෝදර නාලිකා(ව) වසන්තම් ටීවී
ප්‍රයිම් ටීවී
අයිටීඑන් එෆ්එම්
වෙබ් අඩවිය itn.lk

අයිටීඑන් ටීවී ( ITN TV ) යනු ශ්‍රී ලංකාවේ විකාශන කටයුතු සිදුකරනු ලබන රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් වේ. මෙය ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී නාලිකාවයි. මෙහෙයවනු ලබන්නේ ස්වාධීන රූපවාහිනී සේවා සමාගම ( ඉංග්‍රීසි: Independent Television Network Limited ) විසිනි.

ඉතිහාසය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ පළමු රූපවාහිනී නාලිකාව ලෙස ස්වාධීන රූපවාහිනී නාලිකාව 1979 අප්‍රේල් මස 13 වෙනි දින තම විකාශන කටයුතු ආරම්භ කලේය.

සංඛ්‍යා තරංග සහ ආවරණය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ භූමියෙන් 99% ආවරණය කර ස්වාධීන රූපවාහිනී නාලිකාව තම විකාශන කටයුතු සිදුකරනු ලබයි.

වැඩසටහන්[සංස්කරණය]

ප්‍රධාන ලෙසම විකාශන කටයුතු සිංහල භාෂාවෙන් සිදුකරනු ලබයි. දිනපතා පුවත් ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවෙන්ද විකාශනය සිදුකරනු ලබයි.

මේ අඩවිත් බලන්න[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]