වැස්ස

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඉහළ අහසේ සිට පොළොවට ජලය පතිත වන ආකාර කිහිපයකි. එනම් අයිස්, හිම, තුෂාර හෝ ද්‍රවමය ලෙසට වේ. මින් ද්‍රවමය

වැස්ස — බ්‍රසීලය.

ආකාරයට ජලය පතිත වීම පොදුවේ වැස්ස ලෙස හදුන්වයි.වැස්ස ඇතිවනුයේ පොළොව මත වූ වායුගෝලයේ ඇති ජල වාෂ්ප වායුගෝලයේ රැදී සිටීමට නොහැකි තරම් ඝනීභවනය වූ විට දීය.

වැස්ස හෙවත් වර්ෂාව යනු ලො‍්‍ර්‍ර්‍කයේ බොහෝ ප්‍රදේශ වල පිරිසිදු ජල මූලාශ්‍රයක් ලෙස භාවිතයට ගැනෙන්නකි. එය විවිධ වූ පරිසර පද්ධතීන් සදහා අවශ්‍යම සධකයකි. එසේම වැස්ස; ජල විදුලි බලාගාර වලට හා කෘෂිකර්මන්තයන්ට මහඟු දායකත්වයක් ලබා දෙයි.

කෙසේ නමුත් සියලුම වැහි බිංදු පොළොවට නො එන අතර ඒවා මගදී නැවත වාෂ්ප (virga) වී යයි. පහළ වායුගෝලයේ ඇති පීඩනය හා උෂ්ණත්වය මෙයට බලපායි. කාන්තර ප්‍රදේශ වල මෙය බහුලව දැකිය හැක.

වැස්ස නිර්මාණය වන අයුරු[සංස්කරණය කරන්න]

ජල චක්‍රයේ ප්‍රධාන අංගයක ලෙස වැස්ස දැක්විය හැක. විශාල ජල වාෂ්ප ප්‍රමාණයක් වැස්ස මගින් ද්‍රව ජලය බවට

ජල චක්‍රය

හරවයි. එම ජලය පොළොවට පැමිණි විට ඇළ ,දොළ, ගංඟා මගින් මුහුදු හා සාගර කරා රැගෙන එයි. මුහුදු හා සාගර මත ඇති ජලය තාපය හා අනෙකුත් සාධක නිසා නැවත වාෂ්ප බවට හැරී ඉහළ වායුගෝලය කරා ඇදී යයි (වායුගෝලයට නිරාවරණය වූ ජලය ඇති ඕනෑම තැනක මෙය සිඩුවන අතර සාගර මතදී එය විශාල වශයෙන් සිදු වෙයි.

Bergeron process විද්‍යාත්මක ක්‍රමය මගින් වැස්සේ ඇති වීම හා කඩා හැලීම මැනවින් පෙන්වයි.


මානව ක්‍රියාකාරීත්වයේ බලපෑම[සංස්කරණය කරන්න]

අධ්ක කාර්මීකරණය නිසා වායුගෝලයට එකතුවන විවිධ විෂ වායූන් (SO2, CO, CO2) හා සියුම් අංශුමය කොටස් නිසා අපවිත්‍ර වූ වළාකුළු සෑදෙන අතර, වර්ෂාව ඇතිවන රටාවන්ද වෙනස් කරයි. උදාහරණයක් ලෙස ඇමෙරිකාවේ මුහුදු බඩ ප්‍රාන්ත වල සෙනසුරාදා වැස්ස ඇති වීමේ හැකියාව සඳුදාට වඩා 22% කින් වැඩිය.එයට හේතුව වන්නේ වායු දූෂණය සතියේ සෙනසුරාදා දවස වන විට උපරිම වීමයි.

වර්ෂාව ප්‍රමාණය අනුව බෙදිය හැකි ආකාර[සංස්කරණය කරන්න]

ජපානයේ ඇස්තමේන්තුගත වර්ෂාපතනය
  • ඉතා අඩු වර්ෂාපතන-වර්ෂාපතන පැයට මි.මි .025 ට වඩා අඩු
  • අඩු වර්ෂාපතන-වර්ෂාපතන පැයට මි.මි 0.25-1.0 ත් අතර
  • මධ්‍යම වර්ෂාපතන-වර්ෂාපතන පැයට මි.මි 1.0-4.0 ත් අතර
  • අධික වර්ෂාපතන-වර්ෂාපතන පැයට මි.මි 4.0-16.0 ත් අතර
  • ඉතා අධික වර්ෂාපතන -වර්ෂාපතන පැයට මි.මි 16.0-50.0 ත් අතර
  • ඉතාමත් අධික(අතී)වර්ෂාපතන-වර්ෂාපතන පැයට මි.මි 50.0 ට වඩා වැඩි
  • වර්ෂාව මනිනු ලබන්නේ වර්ෂා මාන වලිනි.


වැස්සේ ගුණ[සංස්කරණය කරන්න]

වැහි බිඳු වල හැඩය
A-කඳුළු බිඳුවකට සමාන නොවේ
B-මි.මි. 2 ට අඩු - ගෝලාකාරය
C-මි.මි. 2 ට වැඩි - හැම්බගර් බනිසයකට සමානය
D-මි.මි. 5 ට අඩු - පැරෂුටයකට සමානය
E-මි.මි. 5 ට වැඩි - කුඩා කොටස් වලට බිදී යයි

සාමාන්‍යයෙන් වැහි බිංදුවක් කඳුළු බිදුවක හැඩයට සමාන යැයි සැලකුවත් එය එසේ නොවන බව විද්‍යාත්මකව පැහැදිලි කල හැක. ජල බිඳුවක් එහි මූලාශ්‍රයේ සිට ගිලිහෙන මොහොතේ පමණක් කඳුළු බිඳුවක හැඩයට සමානවේ. කුඩා වැහි බිඳු ආසන්න වශයෙන් වටකුරු හැඩයක් ගනී. විශාල වැහි බිඳු වල පහළ කොටස ආසන්න වශයෙන් පැතලි වේ. හරියට හැම්බගර් බනිස් ගෙඩියක හැඩයට සමාන වේ. ඉතා විශාල ඒවා පැරෂුටයක හැඩයට සමාන වේ. වැහි බිඳු වල හැඩය සම්බන්ධව 1988 දී පිලිප් ලෙනාඩ් Philipp Lenard විසින්අධ්‍යනය කරන ලදී. ඔහුගේ නිරීක්ෂණ අතරට

  • කුඩා වැහි බිඳු (විශ්කම්භය මි.මි 2 ට අඩු ) හරියටම ගෝලාකාර හැඩයට සමන බව
  • විශ්කම්භය මි.මි 5ක් පමන වන ඒවා ඩෝනට් හැඩයට සමාන බව
  • විශ්කම්භය මි.මි. 5 ට වඩා වැඩි ඒවා අස්තායී වන අතර ඒවා කුඩා බිඳු වලට බෙදෙන බව

ඇතුලත් වේ. මධ්‍යස්තව වැහි බිංදු මි.මි. 1-2 ත් අතර විශ්කම්භයෙන් යුක්තය.ලොව විශලතම වැහි බිංදු ගැන බ්‍රසීලයෙන් හා මාශල් දූපත් වලින් වර්තා වේ. එනම් 2004 වර්ශයේදී එම රටවලට ඇද හැලුනු වැහි බිංදු වල තරම මි.මි.10 ද ඉක්මවූ බව කියවේ. ඒවා එතරම්ම විශාල වී ඇතේ අධික ඝනීභවනය හා විශාල වශයෙන් වැහි බිඳු එකට ගැටී තිබීම නිසාවෙනි. වැහි බිඳුවක ගැටෙන මොහොතේ ප්‍රවේගය එහි ස්කන්ධය මත රදා පවතී (අනිකුත් භාහිර සාධක බල නොපාන විට ). සුළඟ නැති විට මි.මි.5 ක වැහි බිඳුවක් තත්පරයට මීටර් 2 ක පමණ වේගයකින් පොළොවට පතිත වේ. විශ්කම්භය මි.මි 5 හෝ ඊට වඩා වැඩි වන විට එහි වේගය තත්පරයට මීටර් 9 කට වඩා වැඩිවේ. වැහි බිඳුවක් පෘෂ්ඨයක ගැටෙන විට නිකුත් වන්නේ වායු බුබුලු බිදී යන හඩට සමාන හඩකි. වැසි ජලයේ සාමාන්‍යයෙන් pH අගය අඩු අගයක් ගනී. අකුණු ගැසීම් හා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අම්ල වැසි ඇති වීමද බරපතල කාරණයකි. ආසෘත ජලයේ කාබන්ඩයොක්සයිඩ් අඩංගු නොවන අතර pH අගය 7ක් වේ. පිරිසිදු වැහි ජලය ආම්ලික ස්භාවයක් ගන්නා අතර pH අගය 5.2 ක් පමණ වේ. හේතුව වන්නේ එහි; වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් දියවි තිබිමයි. එම දියවීම නිසා වැස්ස පො‍ළවට පතිත වන්නේ දුර්වල කාබනික අම්ලයක් ලෙසිනි. එසේම දූෂණය නොවූ වැසි ජලයේ නයිට්‍රස් ඔක්සයිඩ් ද අඩංගු වේ. වැස්ස අතර සිදුවන අකුණු ගැසීම් මෙයට බලපායි. මෙහිදී නයිට්‍රජන් අණු බිදී ඔක්සිජන් සමග සම්බන්ධව නයිට්‍රස් ඔක්සයිඩ් සාධන අතර ඒවා වැසි ජලයේ සමග එක්වී අම්ල වැසි ඇතිකරවයි. මෙම අම්ල වැසි පොළොවේ ඇති කැල්සයිට් (හුණු ගල්) සමග ප්‍රතික්‍රියා කර අහිතකර තත්වයන් ඇති කරවයි. එසේම විවිධ පරිසර පද්ධති වල තුලනයන්ට හානි පමුණුවයි. ගස්කොළන් හා කෘෂිකාර්මික බෝග වල පටක විනාශටද හේතුවන මේ අම්ල වැසි ජල මූලාශ්‍ර වලට එකතු වීමෙන් ජලජ ජීවීන් විනාශ වීමද සිදුවේ.

කෘෂිකර්මාන්තයට වැස්සේ දායකත්වය[සංස්කරණය කරන්න]

කෘෂිකර්මාන්තයේදී වැස්සසට විශේෂ තැනක් හිමිවේ.සියලුම ශාක සදහා ජලය යනු අත්‍යාවශ්‍යම සාධකයකි. ක්‍රමානුකූලව ලැබෙන වර්ෂාපතනය ශාක වල නිරෝගී වර්ධනයට හේතුවක් වන අතර අක්‍රමවත් හෝ අධික වර්ෂාව ශාක වලට අහිතකර වේ. වැස්ස නිසා වායුගෝලයේ තෙත් ගතිය වැඩි වන අතර ; එය අධිකව වැඩිවීම හානිකර දිලීර පැතිර යාම්ටද හේතු වේ.බොහෝ රටවල කෘෂිකර්මාන්තවල එක් කොටසක් හෝ එක් කාලයක් අනිවාර්යයෙන්ම වැස්ස හා සම්බ්න්ධව පවති. උදහරණයක් ලෙස ශ්‍රී ලන්කාවේ කන්න ක්‍රමයට වගා කිරීම පෙන්වා දිය හැක. නියඟයන් නිසා බෝග වලට සිදුවූ හානි ද අපට ඕනෑ තරම් දැකිය හැක.

වැස්ස හා සම්බන්ධ සංස්කෘතීන්[සංස්කරණය කරන්න]

විවිධ සංස්කෘතීන්ගේ වැස්ස හා සම්බන්ධ ආකල්පද විවිද වේ. සාම්ප්‍රදායික යුරෝපීයයන් ගේ විශ්වාශයන්ට අනුව වැස්ස දුකට හා අවාසනාවන්ත දේ සදහා හේතු වේ. උදාහරණයක් ලෙස ඉංග්‍රීසි ජන කවියක්වන " Rain Rain go away...." දැක්විය හැක. එලෙසම ඉර සතුට හා වාසනාව උදාකරන බව ඔවුන්ගේ විස්වාසයයි. සාම්ප්‍රදායික බටහිර ලෝකයේ ද වැස්ස ගැන ඇත්තේ නොපහන් හැගීමකි. වැස්ස; සතුට,සාමය,සෞභාග්‍යට හා ප්‍රීතිමත් බව සංකේතවත් කරන බව වියළි දේශගුණයක් ඇතිරටවල්(අප්‍රිකාව,ඕ‍ස්‍ට්‍රේලියාච,ඉන්දියාව ආදී රටවල් ) වල ජනතාවගේ විශ්වාශයයි. ඔවුහු වැස්ස වෙනුවෙන් යාග හෝම හා පුද පූජා පවා පවත්වති. ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර ප්‍රදේශ වල හා මධ්‍යම ආසියාතික (අරාබි කරයේ) ප්‍රදේශ වල ජනතාවද වැස්ස උත්සවශ්‍රීයෙන් පිළිගනිති. බොට්ස්වානා රාජ්‍යයේ මුදල් හැදින්වීම සදහා වැස්ස යන අරුත ඇති 'pula' යන වචනය භාවිත කරයි. කාන්තාරීකරණයට ලක්වූ රටවලට වැස්සේ ඇති වැදගත් කම එයින් අවබෝධ කර ගත හැක. බොහෝ සංස්කෘතීන් වල වැස්ස සමග ගනු දෙනු කිරීම සදහා විවිධ උපකරණ තනා ඇත. වැහි කබා හා කුඩ ඒවාට උදාහරණ ලෙස පෙන්වා දිය හැක. එසේම වැහි වතුර බැස යාම සදහා පීළි, කාණු ආදිය තැනීමද අතීතයේ සිටම පැවත එන්නකි. ව්යළි දේශගුණයක් ඇති රටවල මිනිස්සු වැස්ස ඇති වන අවස්ථා වල වැඩිපුර එළියට නොබසිති. එයට හේතුව වන්නේ එම රටවල වැස්සත් සමග අධිකව අකුණුද හට ගැනීමයි. මේවා වැඩියෙන්ම මෝසම් හා සංවහන වැසිත් සමග ඇතිවේ. ජලය හිඟ බොහෝ රටවල ජනතාව වැසි ජලය එක් රැස් කොට ගෘහස්ථ පරිභෝජනයට යොද ගනිති. වියළි කාල වලදී පොළොවේ පස් ඉතා තද වන නිසා ඊට පසු ඇතිවන වැසි වලදී ගංවතුර පවා ඇතිවිය හැක. එසේ වන්නේ වැසි ජලය පොළොවට උරා ගැනීමට නොහැකි වන නිසාවෙනි. වැස්සකට පසුව ඇතිවන සුවඳ ආග්‍රහණය කිරීමට බොහෝ අය කැමත්තක් දක්වයි.එම සුවඳට හේතුව ; පස්, ගල් ආදියට උරා ගන්න ලද ශාක තෙල් ආදිය; වැස්සත් සමඟ වාතයට මුසු වීමයි. සමහර අවස්ථා වල වැස්ස ආදරණීය බවක්ද ගෙන දෙයි.

වර්ෂා ලැබීමේ ප්‍රවනතාවයන්[සංස්කරණය කරන්න]

යුරෝපයට[සංස්කරණය කරන්න]

තැඹ්ලි පාටින් ගල්ෆ් ප්‍රවාහය පෙන්වයි

එක්සත් රාජධානියට වැඩිපුරම වැසි ලැබෙන්නේ නිරිත දිසාවෙන් හමා එන ගල්ෆ් සුළං ප්‍රවාහය හේතුවෙනි. එහි බටහිර මුහුදු තීරයට මි.මි.1000 ක් පමනද,කඳු කරයට මි.මි.2500ක් පමනද වාර්ශිකව වැස්ස ලැබේ. එසේම ; යුරෝපයේ වැඩිම වාර්ෂික වර්ෂාපතනය වන මි.මි 2250; නෝර්වේ හි ඇති Bergen නගරයට ලැබේ.

උතුරු ඇමෙරිකාවට[සංස්කරණය කරන්න]

ශීත සෘතුවේදී මෙම කලාපයට වැස්ස අනිවාර්යෙන්ම ලැබෙන අතර, අහස නිතරම වළාකුළු වලින් බරවී පවතී.වොෂින්ටන් වල ඇති Seattle නගරයට වාර්ෂිකව මි.මි.942 ක පමන වැස්සක් ලැබේ.නිව්යෝක් නගරයට එම අගය මි.මි. 1173 පමන වේ.නමුත් Seattle හි අවුරුද්දට දින 201 ක් වළාකුළු වලින් බරවී තිබෙන අතර නිව්යෝක් සදහා එම අගය 152ක් පමන වේ. PortlandහාOregon නගර වලට මි.මි. 1143ක වර්ෂාපතනයක් ලැබේ.Seattle නගරයේ අඩු වැස්සට හේතුව ඔලිම්පික්_කඳු_පංතියේ වැසි මුවාවේ එය පිහිටා තිබීමයි.නමුත් සුළං මුහුණතේ පිහිටා ඇති කඳු කරයේ වර්ෂාපතනය මි.මි. 3300ක් ද ඇමෙරිකාවේ ආර්ද්‍රතාවය වැඩිම නගරය වන ඇලබාමා වල වර්ෂාපතනය මි.මි. 1702 ක් පමන ද වේ.නැගෙනහිර ඇලස්කාවේ සෞම්යය වැසි වනාන්තර වල එම අගය මි.මි.4064 වන අතර එය මි.මි. 5000 දක්වා වැඩිවූ අවස්ථාද නැතිවා නොවේ.


ආසියාවට[සංස්කරණය කරන්න]

ලෝකයේ ඇති ආද්‍රතාවය (තෙත් බව ) වැඩිම ස්ථානය වන නැගෙනහිර හිමාලයේ දකුණු බෑවුමේ ඇති Cherrapunji නගරයට වාර්ෂික වර්ෂාපතනය මි.මි.11,430 ක් පමන ලැබේ. එහි වැඩිම අගය වූ මි.මි. 22,987 ක අගය 1861 දී වාර්ථා විය. ඉන්දියාවේ ඇති Mawsynram, Meghalaya යන නගර වලට පසුගිය අවුරුදු 38 ක සාමාන්‍ය වර්ෂාපතනය ලෙස මි.මි.11873 ක ප්‍රමාණයක් ලැබී ඇත. Joseph Dalton Hooker නම් වූ ස්භාව විද්‍යාඥයා 1850 දී පමන ඉහත සදහන් කල ,ලෝකයේ තෙත්ම ස්ථානයේ(Cherrapunji) සිදු කල පරීක්ෂණයේදී; ඔහුගේ එක් නිරීක්ෂණයක් වූයේ Cherrapunji නගරයේ වැස්ස ඒකාකාරී නොවන බවයි.එක් ස්ථානයක වර්ෂාපතනය වඩා ඊට මීටර් 100ක් පමන එපිටින් ඇති ස්ථානයක වර්ෂාපතනයට වඩා අඩකින් පමන අඩු වන (සමසේ පැතිරී ගිය වර්ෂාපතනයක් නොලැබෙන )බවයි. පහත වගුවෙන් එහි වාර්ෂික වර්ෂාපතනයන් ගැන අදහසක් ලබා දෙයි.

Year Cherrapuni වර්ෂාපතනය මි.මි. Mawsynam වර්ෂාපතනය මි.මි.
2002 12,262 11,300
2001 9,071 10,765
2000 11,221 13,561
1999 12,503 13,444
1998 14,536 16,090
ගොනුව:Panoramapic.jpg
වැසි වළාකුළු

දකුණු ඇමෙරිකාවට[සංස්කරණය කරන්න]

කොලොම්බියාවේ ඇති Lloró නගරයට ලොව වැඩිම වර්ෂාපතනය වන මි.මි. 13300 ක ප්‍රමාණයක් වාර්ෂිකව ලැබේ. එහිම ඇති තවත් කුඩාම නගරයක් වන Tutunendo ට 1974 දී මි.මි. 26,303 ක අති දැවැන්ත වර්ෂාවක් ලැබී ඇත. මෙයට ඉහත සදහන්කල Cherrapunji නගරය මෙන් නොව සමසේ පැතිරී ගිය වර්ෂාවක් අවුරුද්ද පුරාවටම ලැබේ. එයට අවුරුද්දේ දින 280 ක් ම වැස්ස ලැබෙන අතර එයින් 68% ක් රාත්‍රී කාලයෙදී ලැබේ. ලොව ජනගනය 100,000 ට වඩා වැඩි නගර අතරින් වැඩිම වර්ෂාපනයලැබෙන්නේ‍ Quibdó නගරයටයි. එය Chocó රටේ අගනගරයද වන අතර වර්ෂාපතනය මි.මි.500 ය ඉක්මවයි.

ඕ‍ස්‍ට්‍රේලියාචට[සංස්කරණය කරන්න]

ලොව විශාලතම වියළි මහාද්වීපය වන්නේ ඕ‍ස්‍ට්‍රේලියාචයි. එහි ඊසාන කොටසට වාර්ෂිකව මි.මි.8000 ක පමන වර්ෂාවක් ලැබේ. එහි වැඩිම අගය ලෙස 2000 වසරේදී මි.මි. 12,000ක් වාර්ථා විය. සිඩ්නි හා මෙල්බර්න් නගර වලට පිළිවලින් මි.මි. 1213 ක් හා මි.මි. 648 ක් බැගින් වූ වැසි ලැබේ. Hawaiian දූපතේ ඇතිMount Waialeale ප්‍රදේශයට වාර්ෂිකව මි.මි.11680 ක වර්ෂාවක් ලැබෙන අතර ලොව වැඩිම වැසි ලැබෙන ස්ථානයක් ලෙසටද සැලකේ.සංචාරකයන් ඇදී යන ලොව තෙත්ම ස්ථානයද මෙය වේ.

අමතර කියවීමට[සංස්කරණය කරන්න]


රූපමය දර්ශන[සංස්කරණය කරන්න]

බාහිර සබැඳි[සංස්කරණය කරන්න]

"https://si.wikipedia.org/w/index.php?title=වැස්ස&oldid=390413" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි