ව්‍යුහවාදය (මනෝවිද්‍යාව)

විකිපීඩියා වෙතින්

ව්‍යුහවාදය(Structuralism) එසෙත් නැතිනම් ව්‍යුහවාදී මනෝවිද්‍යාව (also structural psychology)[1] iයනු විල්හෙල්ම් වුන්ඩ් හා ඔහුගේ ශිෂ්‍ය ට්විච්නර් විසින් හදුන්වාදුන් ලොව ප්‍රථම මනෝ විද්‍යා ගුරුකුලයයි.මෙම ව්‍යුහවාදය 20 වන සියවසයේ දී දැඩි විවේචනයට ලක්විය. එහෙත් වුන්ඩ්ගෙන් මනෝ විද්‍යා විෂයේ දියුණුවට ලැබුනු දායකත්වය ලඝුකොට සැළකිය නොහැකිය.මනෝ විද්‍යා විෂය ලොවට හදුන්වාදී එය ස්වාධීන විෂයක් ලෙස වර්ධනය කිරීම සිදුවූයේ වුන්ඩ් අතිනි.වුන්ඩ් විසින් ආරම්භ කොට වර්ධනය කල මනෝ විද්‍යාව පසුව ඔහුගේ ශිෂ්‍ය ටිවිච්නර් විසින් තම ගුරුවරයාගේ ඉගැන්වීම් ව්‍යුහවාදය ලෙස නම් කළේය.ව්‍යුහවාදය තුල මනස අනෙකුත් භෞතික වස්තූන්මෙන් සූක්ෂම කොටස්වලට බෙදා විශ්ලේෂණය කරහැකිබව විශ්වාස කළහ.ඔවුන් මනස විශ්ලේෂණය සදහා අන්තරාවලෝකනය නම්වූ විධික්‍රමය යොදාගත්හ යොදාගත්හ .[2][3]

ට්විච්නර්[සංස්කරණය]

එඩ්වඩ් බී ට්විච්නර් තම ගුරුවරයා වූ විල්හෙල්ම් වුන්ඩ් සමග එක්ව ව්‍යුහවාදය ගොඩනැගීය.මෙය මනෝවිද්‍යා ඉතිහාසයේ ප්‍රථම මනෝවිද්‍යා ගුරුකුලයයි[4][5] මෙම දෙදෙනාගේ ගුරුගෝල සම්භන්ධය ආරම්භ වන්නේ විල්හෙල්ම් වුන්ජ් විසින් ලයිම්ෂිෆ් විශ්ව විද්‍යාලයේ ඇරඹූ ප්‍රථම මනෝවිද්‍යා උපාධි පාඪමාලාවේ ශිෂ්‍යයෙකු ලෙස ට්ව්ච්නර් සම්බන්ධවීමත් සමගය, ට්විච්නර් අදහස් කළේ තම ගුරුවරයාගේ අදහස පරිදි සමාන්‍ය ශෞතික ප්‍රපංචයන් මෙන් මනසද සියුම් අංශු මගින් නිර්මාණයවී ඇතිබවයි.ට්විච්නර මනසේ ව්‍යුහය අවබෝධකරගැනීමට අන්තරාවලෝකනය මගින් උස්සාහ ගත්තේය[6]

මනස සහ විඥ්ඥානය[සංස්කරණය]

ට්ව්ච්කර් විශ්වාස කළේ මනස යනු ජීවිතකාලය පුරා එක්රැස්වූ අද්දැකීම් වල එකතුවක් පවයි.ඔහු විශ්වාස කළේ මනසේ ව්‍යුහය අවබොධ කරගැනීමෙන් මනස පිළිබද නිරීක්ෂනය කළහැකි බවයි.මනසේ ව්‍යුහය අවබෝධ කරගැනීම සදහා මනස සියුම් අංශුවලට බෙදා දැක්වියහැකි බව ඔහු විශ්යිවාස කළේය.

අන්තරාවලෝකනය[සංස්කරණය]

මනසේ ව්‍යුහය අධ්‍යනය සදහා ට්විච්නර අන්තරාවලෝකනය නම්වූ පර්යේෂණ ක්‍රමය යොදාගත්තයෙ.මනස හෙවත් විඥ්ඥානය යනු මනෝ විද්‍යාවේ ප්‍රමුක අධ්‍යන ක්ෂේත්‍රයකි.මෙය අධ්‍යනය සදහා ඇති ක්‍රසයකි අන්තරාවලෝකනය.[7]එකල මනස අධ්‍යනය සදහා තිබූ ඉහලම පර්යේෂණ ක්‍රමය අන්තරාවලෝකනයයි..[8]

වුන්ඩ්ගේ අන්තරාවලෝකන ක්‍රමයට වඩා දියුණු හා වැඩිදියුණු කරගත් ක්‍රමයක් ට්ව්ච්නර් අනුගමනය කළේය.අන්රාවලොකනයේ දී මතකයට නැගෙන මාතෘකාවට අදාල වස්තුවක් ප්‍රදර්ශනය කිරීම මගින් තවදුරටත් මනස තුල සැගවුන මතකයන් ආවර්ජනය කරගැනීමට පර්යේෂණයට ලක්වන්නාට පහසුකම් සැපයීය.යම් සිදුවීමක් හෝ යම් දෙයක් එයට අදාල වන වස්තුවක් දැකීම ඇසීම දැනීම ආදී සංවේදී ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන වර්තමාන සංජානනය අතීත මතකයන් ආවර්ජනයට රුකුලක් වෙයි.

වුන්ඩ් විසින් භාවිත කළ අන්තරාවලෝකන ක්‍රමය තරමක් දුරට වෙනස් කර වැඩි දියුණු කොට ට්විච්නර් විසින් භාවිත කළද වුන්ඩ් විසින් හදුන්වාදුන් පදනම බිදහෙලීමක් සිදු නොකළේය.අන්තරාවලොකනය පිළිබද වුන්ඩ් ගේ ප්‍රධාන න්‍යායන් එලෙසම අනුගමනය කළේය.

අන්තරාවලෝකනය යන්නේ තේරුම ඇතුලාන්තය දෙස හැරී බැලීම යන්නයි, මෙමගින් පුද්ගලයෙකුගේ මතකය සංජානනය අභිප්‍රේරණය වැනි කරුණු විස්තර කිරීමට නිරීක්ෂණය කිරීමටයොදාගනී.[9]

මනසේ මූලික කොටස්[සංස්කරණය]

මනස පිළිබද ට්විච්නර්ගේ නියමය අනුව මනස මූලික කොටස් තුනකට බෙදා දැක්විය හැක.එනම් සංවේදනය අදහස් චිත්තවේග යන්නයි.මෙම මූලික කොටස් ඝනත්වය කාලය පැහැදිළිබව මගින් කොටස්වලට පෙදා දැක්විය හැක.යම් වස්තුවක් දැකීමෙන් ඇතිවන සංජානනය මෙසේ ව්‍යුහගත කළහැක.ඔහු මෙසේ මනසේ ව්‍යුහය විශ්ලේෂණය සදහා අන්තරාවලෝකනය භාවිත කළේය.[10]

අංශු අතර අන්තර්ක්‍රියාව[සංස්කරණය]

විඥ්ඥානයේ මූලික කොටස් අතර සම්භන්ධතාවයක් ඇතැයි ට්ච්නර සදහන් කරයි.ඒ අනුව ඔහු අන්තරසම්භන්ධතා න්‍යාය හදුන්වා දෙයි.මෙම න්‍යාය මගින් මනසේ මූලිකාංග අතර ඇති අන්තර් සම්බන්ධතාවයන් විග්‍රහ කරයි.

වුන්ඩ් ගේ ඉච්ඡානුගවාදයට අයත් සවිංඥානය හා නිර්මාණාත්මක සංස්ලේෂණය පිළිබද මත ට්විච්නර විසින් බැහැර කරයි. යම් වස්තුවක් කෙරේ අවධානය ඇතිවීමට සංවේදනය බලපාන බව ට්විච්නර දක්වයි.

කායික හා මානසික සම්භන්ධතා[සංස්කරණය]

ට්විච්න මනස හා මනෙස් මූලිකාංග අතර ඇති අන්තර් සම්බන්ධතාව පැහැදිළි කෙළ්ය,ඔහු මනස හා කායික ක්‍රියා අතර සම්බන්ධය විමසා බැලීය.ට්ච්නර විශ්වාස කළේ කායික ක්‍රියාවක් ඇතිවීමට පෙර මනසික ක්‍රියාවලියක් ඇතිවන බවයි.එනම් යම් පුද්ගලයෙකු යම් ක්‍රියාවක් කිරීමට පෙර එම මනසින් සැළසුම් කිරීමක් සිදුකරයි.එසෙම ට්විච්නර මනස හා විඥානය වෙන වෙනම දක්වයි.මනස යනු කිසියම් පුද්ගලයෙකු තම ජීවිත කාලය තුලම රැස්කරගත් අනුභූතීන් සම්භාරයක එකතුවකි.එහෙත් විඥානය යනු පුද්ගලයෙකු ජීවිත කාලය පුරා රැස් කරගත් වේදනයන් ගේ එකතුවකි.ට්විච්නර් ගේ මෙම සංකල්පය අනුව විඥානය හා මනස අතර ඇත්තේ කාලය අතර පරතරයේ වෙනස පමණි.

වුන්ඩ් හා ව්‍යුහවාදය[සංස්කරණය]

විල්හෙල්ම් වුන්ඩ් 1879 දී ලයිම්ෂිප් විශ්ව විද්‍යාලයේ දී මනෝවිද්‍යාව නම් වූ විෂය මුල්වරට අරම්භ කිරීමත් සමග ව්‍යුහවාදයද බිහිවිය.එහෙත් මෙම ගුරුකුලයට ව්‍යුහවාදය යන නම ලබා දෙන්නේ වුන්ඩ් ගේ ශිෂ්‍ය ටිවිච්නර විසිනි. .[11] වුන්ඩ් තම මනෝ විද්‍යා පර්යේෂණ සදහා අන්තරාවලෝකනය යොදාගත්තේය.මෙය කතොලික හා යුදෙවු ආගම්වල භාවිත කරන පාපොච්චාරන ක්‍රමය ඇසුරෙන් නිර්මාණය කරගත් ක්‍රමයකි.කෙසේ වෙතත් මෙම අන්තරාවලෝකන ක්‍රමයට සමාන ක්‍රමයක් පුරාණ ග්‍රීක දාර්ශනිකයන්ද යොදාගැන ඇතිබව පැවසේ.වුන්ඩ් විසින් අන්තරාවලෝකනය යොදාගනිමින් විද්‍යාත්මක පර්යේෂණ රැසක් සිදුකළේය.වුන්ඩ් අන්තරාවලෝකනය මගින් මනසේ ව්‍යුහය අධ්‍යනය කිරීමේ දී මනා පුහුණුවකින් යුක්තව යොදාගත්හ.එසේම ඔහු තම ශීෂ්‍යයන්ට අන්තරාවලෝකනයේ යෙදෙන්නට අවසර දුන්නේද නිසි පුහුණුකින් පසුවය.

වුන්ඩ් ගේ ඉගැන්වීම් ඇමරිකා එක්සත් ජනපදයේ ව්‍යාප්ත කිරීමට ට්විච්නර කටයුතු කළේය.කෙසේ වෙතත් තම ගුරුවරයාවූ වුන්ගේ ඉගැන්වීම් ඒ ආකාරයෙන්ම පිළිනොගත් ටිවිච්නර් ව්‍යුහවාදයට නව සංශෝදන ගෙන ආවේය..[12][13]

විවේචන[සංස්කරණය]

ව්‍යුහවාදයට සතර දිගින්ම විවිද විවේචන එල්ලවිය.කාර්‍යබද්ධවාදය හා චර්‍යාවාදී ගුරුකුල වෙතින් එල්ලවූ විවේචන ප්‍රමුඛය.මෙම බොහෝ විවේචනවල පදනම වූයේ ව්‍යුහවාදය තුල භාවිතවන අන්තරාවලෝකනය කෙරෙහිය.මෙම අන්තරාවලෝකනය විද්‍යාත්මක නොවනබව බොහෝ උගතුන්ගේ තර්කය විය.මෙම ක්‍රමයේ දී අන්තරාවලෝකනයට ලක්වන පුද්ගලයා විසින්ම තම අදහස් ප්‍රකාශ කරයි එහිදී බොහෝ පුද්ගලයන් තම අදහස් එයාකාරයෙන්ම විග්‍රහ නොකරයි.එනම් අතිශ්‍ය පෞද්ගලික කාරණයක් විමසන විට හෝ පර්යේෂණයට ලක්වන්නා තමාට පහළවූ අදහස ප්‍රකාශ කිරීම වැදගත් නැතැයි සිතිය හැක.මේ ආකාරයෙන් පුද්ගල ආත්මගත දෝෂයන් නිසා අන්තරාවලෝකනයෙන් ලබාගත හැකි විශ්ලේෂණයන් සීමා සහිත වෙයි.එසේම යම් අනුභූතියක් කාණ්ඩවලට කඩා විශ්ලේෂණය කළ පසු සම්පූර්ණ අනුභූතිය නැවත ලබාගත නොහැකිය.තවද යම් සිදුවීමක් හමුවේ ඇතිවූ චිත්තවේග පසුව එයාකාරයෙන්ම මතකයට නගා ගත නොහැකිය.

කාර්‍යබද්ධවාදීන් විසින් වුන්ඩ් ගේ අන්තරාවලොකන ක්‍රමයේ නොයෙක් අඩුපාඩු පෙන්වාදුන්හ.කාර්‍යබද්ධවාදීන් විසින් ද අන්තරාවලෝකන ක්‍රමය යොදාගත්තද ව්‍යුහවාදීන් මෙන් සමස්ත සමස්ත මනස ව්ශ්ලේෂණයය කිරීමට එය යොදා නොගත්හ.ඒ වෙනුවට මිනිස් මනසේ එක් අවස්ථාවන සිදුවන වෙනස්කම් අධ්‍යනයට පමණක් අන්තරාවලෝකනය යොදාගත්හ.තවද කාර්‍යබද්ධවාදීන් විසින් මිනිස් මනස ස්ථිතික ප්‍රපංචයක් නොව පරිසරයට අනුව වෙනස්වන බව පැවසීය.(ව්‍යුහවාදීන්ට අනුව මිනිස් මනස ස්ථිතික ප්‍රපංචයකි)

මීලගට වර්‍යාවාදීන් අන්තරාවලෝකන ක්‍රමය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළහ.ව්‍යුහවාදීන් විසින් ඉදිරිපත්කළ විඥ්ඥාන සංකල්පව විද්‍යාත්මකව පර්යේෂණයට ලක් කිරීම අපහසු බවත් විඥානය වෙනුවට වර්‍යාව පමණක් අධ්‍යනය කළයුතු බව වර්‍යාවාදීන් තර්ක කළහ.මනෝ විද්‍යාව දියුණු කිරීමට ඇති එකම සාධකය අන්තරාවලෝකනය බව වර්‍යාවාදීන් පෙන්වාදුන්හ.ව්‍යුහවාදීන් මෙන්ම කාර්‍යබද්ධවාදීන්ද අන්තරාවලෝකනයේ සිරවී ඇතිබව තවදුරටත් ඔවුන් දැක්වීය.යම් විද්‍යාගාර පරීක්ෂණයකදී සිදුකළ පරීක්ෂණයක් මගින් ලබාගත් ප්‍රථිපලය නැවන වරක් එම පරීක්ෂණයෙන් ලබාගත හැකි විය යුතුය.උදාහරණ ලෙස ජලය සෙල්සියස් අංශක 100 දී වාෂ්පීකරණය වන්නේය යන්න නැවන නැවන පරීක්ෂණය කිරීමෙන් සනාතවේ.එහෙත් අන්තරාවලෝකනයේ දී යම් පුද්ගලයෙකුට ඇතිවන සිදුවීමක් නිසා ඇතිවන කෝපය තවත් අවස්ථාවක අන්තරාවලෝකනය මගින් මතකයට නැගුවද එය පෙර පරිදිම සිදුනොවේ.එනම් කෝපය නිවීගොස් තිබිය හැක.තවදුරටත් වර්‍යාවාදීන් දක්වන්නේ ව්‍යුහවාදයේ එන සංවේදන සංකල්පය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්වෙයි.

ගෙස්ට්ටොල්ඩ් මනෝ විද්‍යා ගුරුකුලය මගින්ද වයූහවාදය විවේඡනයට බදුන්විය.මෙහිදී මානව සංජානනය ව්‍යුහවාදීව සිදුවන බව පවසන වයූහවාදීන්ගේ මතය ප්‍රතික්ෂේස කරන ගෙස්ටොල්ඩ්වාදීන් සංජානනය යනු සංවිධානාත්මක ක්‍රියාවලියක් බව තර්ක කරයි.

ප්‍රජානන මනෝ විද්‍යා ගුරුකුලය මගින් ව්‍යුහවාදීන් ඉදිරිපත්කළ සංජානන සංකල්පය තවදුරටත් වැඩිදියුණු කොට ඉදිරිපත් කළේය.සංජානනය පිළිබද ව්‍යුහවාදීන්ගේ අදහස් අසම්පූර්ණබව ප්‍රජානන මනෝ විද්‍යා ගුරුකුලය තර්ක කළහ.

ව්‍යුහවාදී මනෝ විද්‍යාවේ පැවති අඩුපාඩු හේතුවෙන් මෙම ගුරුකුලය ළමා මනෝ විද්‍යාව වෛද්‍ය මනෝ විද්‍යාව අසාමාන්‍ය මනෝ විද්‍යාව ආදී වශයෙන් උප විෂයන්ට බෙදීමක් සිදුවූයේ නැත.මෙම උප බෙදීම් වලට බලපෑවේ පුසුව බිහිවූ චර්‍යාවාදී ගුරුකුලය බිහිවීමයි.අදවනවිට මිනිසා අයත් සෑම විෂය ක්ෂේත්‍රයකටම අයත් මනෝ විද්‍යා උපවිෂය ධාරාවක් ඇත.

ව්‍යුහවාදයට එරෙහිව ගොඩනැගුනු විවේචන හමුවේ ව්‍යුහවාදීන්ට ප්‍රතිචාර දක්වීමට අපහසුවීමෙන් මෙම ව්‍යුහවාදී ගුරුකුලය වැඩිකල් නොගොස් අභාවයට ගියේය.

විකල්ප[සංස්කරණය]

ව්‍යුහවාදයට විකල්ප ලෙස විවිධ මනෝ විද්‍යා ගුරුකුල බිහිවිය ඒ අතර මුල්ම ගුරුකුලය වූයේ කාර්‍යබද්ධවාදයයි.මේ සදහා ප්‍රධාන දායකත්වයක් ලබාදෙන්නේ කාර්‍යබද්ධවාදයේ පියා ලෙස සැළකෙන අමරිකානු ජාතිකයෙකුවන විලියම් ජේම්ස්ය.මීල අමතරව මේ සදහා ජොන් ඩුවීගේ දායකත්වයත් අමතකකල නොහැක කාර්‍යබද්ධවාදීන් චාල්ස් ඩාවින් ගැල්ටන් වැනි පරිණාමවාදීන්ගේ දර්ශනයන් පදනම් කරගනිමින් කාර්‍යබද්ධවාදය ගොඩනැගීය.මීලගට මෙම මනෝවිද්‍යා ගුරුකුල දෙකම විවේචනයට ලක් කරමින් 1920 දී පමණ නවතම ගුරුකුලයක් ලෙස ජොන් බී වොට්සන් විසින් චර්‍යාවාදයනම් ගුරුකුලය ආරම්භ කළේය.චර්‍යාවාදීන් විසින් ව්‍යුහවාදයේ හා කාර්‍යබද්ධවාදයේ එන විඥාන සංකල්පය සම්පූර්ණයෙන් බැහැරකර චර්‍යාව සංකල්පය ඉස්මතු කළේය.අන්තරාවලෝකනය මගින් මිනිස් මනස විශ්ලේෂණය කරනු වෙනුවට සතුන් ගේ චර්‍යාවන් අධ්‍යනය මගින් පර්යේෂණ පැවැත්වීය.වර්‍යාවාදීන් විසින් සියලු සත්ව චර්‍යාවන් උගත් හා නඋගත් ලෙස කාණ්ඩ දෙකකට වෙන් කළේය.උගත් වර්‍යාවන් උත්තේජන හා එයට දක්වන ප්‍රථිවාරයමත සිදුවන බව ඔවුන් පැවසූහ.පසුව ඉහත දැක්වූ සියලු මනොවිද්‍යා ගුරුකුලයන් ඌන පූරණය කරමින් ගෙස්ටොල්ඩ් වාදය බිහිවිය.

සමකාලීන ව්‍යුහවාදය[සංස්කරණය]

වර්තමානය වනවිට ව්‍යුහවාදය භාවිතයේ නොපවතී.එසේම ඔවුන් භාවිතකළ අන්තරාවලෝකන ක්‍රම ශිල්පය ද පර්යේෂණ ක්‍රම ශිල්පයක් ලෙස යල්පැනගොස් ඇත.කෙසේ වෙතත් ඔවුන් හදුන්වාදුන් සංජානන වැනි සංකල්ප වර්තමානයේ ප්‍රජානන මනෝ විද්‍යා ගුරුකුලය තුල භාවිතවෙයි.

මේවාත් බලන්න[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. Donald K. Freedheim, Irving B. Weiner (eds.
  2. http://www.britannica.com/EBchecked/topic/569652/structuralism
  3. සංරක්ෂිත පිටපත, https://www.boundless.com/psychology/the-history-of-psychology/origin-of-psychology/structuralism/, ප්‍රතිෂ්ඨාපනය 2016-11-09 
  4. http://www.uni.edu/tan/structuralism.htm
  5. සංරක්ෂිත පිටපත, http://psychology.about.com/od/historyofpsychology/a/schoolsthought.htm, ප්‍රතිෂ්ඨාපනය 2016-11-09 
  6. Vardanyan, Vilen (January 2011). Panorama of Psychology. AuthorHouse. p. 160. ISBN 978-1-4567-0032-4. සම්ප්‍රවේශය November 11, 2013. {{cite book}}: More than one of |ISBN= and |isbn= specified (help); More than one of |accessdate= and |access-date= specified (help)
  7. Titchener (1929) Systematic Psychology: Prolegomena, p. 165
  8. Titchener (1906) A Textbook of Psychology, p. 358
  9. Carlson, Neil R. (2010). Psychology the Science of Behaviour. Canada: Pearson Canada Inc. p. 18. ISBN 0-205-64524-0. {{cite book}}: More than one of |ISBN= and |isbn= specified (help)
  10. Sternberg, Robert; Smith, Edward, eds. (1988). The Psychology of Human Thought. Cambridge University Press. pp. 3–4. ISBN 0 521 32229 4. සම්ප්‍රවේශය November 11, 2013. {{cite book}}: More than one of |ISBN= and |isbn= specified (help); More than one of |accessdate= and |access-date= specified (help)
  11. Carlson&Heth, Neil R & C. Donald (2010). Psychology the science of behaviour. Toronto, Ontario: Pearson Canada Inc. pp. 18–19. ISBN 978-0-205-64524-4. {{cite book}}: More than one of |ISBN= and |isbn= specified (help)
  12. Wilhelm Max Wundt (1897), Outlines of Psychology (Grundriss der Psychologie).
  13. "Wundt's Psychological Model", http://people.bethel.edu/~johluc/history-resource/WundtTheory.html, ප්‍රතිෂ්ඨාපනය 2016-11-09 

යොමුව[සංස්කරණය]

  • Danziger, Kurt. "Wundt and the Two Traditions in Psychology." In Wilhelm Wundt and the Making of a Scientific Psychology, by R. W. Rieber, 73-88. New York, NY: Plenum Press, 1980.
  • Hergenhahn, B.R. An Introduction to the History of Psychology. 6th Edition. Belmont, CA: Wadsworth, 2009.
  • Leahey, T.M. "The mistaken mirror: On Wundt's and Titchener's psychologies." Journal of the History of Behavioral Sciences, 17, (1981): 273-282.
  • Robinson, Daniel N. Toward a Science of Human Nature. New York, NY: Columbia University Press, 1982.
  • Uttal, William R. The War Between Mentalism and Behaviorism: On the Accessibility of Mental Processes. Mahwah, NJ: Lawrence Erlbaum Associates, Publishers, 2000.