විලියම් ජේම්ස්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
විලියම් ජේම්ස්

විලියම් ජේම්ස් (William James) (1842 ජනවාරි 11, – 1910 අගෝස්තු 26, ) ඇමරිකානු ජාතික දාර්ශනිකයෙක් මනෝ විද්‍යාඥයෙක් වෛද්‍යවරයෙක් ලෙස ප්‍රකටය. ඇමරිකාවේ බිහිවූ මුල්ම මනෝ විද්‍යාඥයා ද ජේම්ස්ය,[1] 19 වන සියවසයේ බිහිවූ ශේෂ්ඨතම දාර්ශනිකයෙකු ලෙස විලියම් ජේමස් හදුන්වාදිය හැක.ඇමරිකානු දර්ශනයේ පියා යන විරුදාවලි නාමයෙන්ද මොහු හදුන්වයි.".[2][3][4] එසේම ලොව බිහිවූ දෙවන මනෝ විද්‍යා ගුරුකුලය වූ කර්‍යයබද්ධවාදය නම් වූ මනෝ විද්‍යා ගුරුකුලයේ පුරෝගාමියා විලියම් ජේම්ස්ය..[5] කාර්‍යබද්ධවාදීය කුරුකුලය දියුණු කිරීහ හා මනෝ විද්‍යාව පෝෂණය කිරීම සදහා මාහැගි මෙහෙවරක් කළ ජෙම්ස් ජීවිතයේ අවසන් භාගයේ දී මනෝ විද්‍යාවෙන් සම්පූර්ණයෙන් බැහැරවී දර්ශන විෂය කෙරේ සමණක් අවධානය යොමු කළ බව පැහැදිළිවේ.ජෙම්ස් දාර්ශනිකයෙකු වශයෙන් දර්ශනය විෂය පෝෂණය කිරීමට දැක්වූ දායකත්වයද අතිමහත්ය.

උපත හා අධ්‍යාපනය[සංස්කරණය]

විලියම් ජේම්ස් ඇමරිකාවේ නිව්යෝක් නගරයෙ දි උපත ලැබීය.ඔහු ගේ පියා ශ්‍රීමත් හෙන්ඩ්‍රි ජේමස් නම් වූ අතර මව මේරි රොබට්සන් නම් විය.ජෙම්ස් හෙන්රි ජේ.ආ්ර්ˌගාත් විකින්සන්ˌරොබට්සන්ˌඇලිස් ජේමස් නම්වූ සහෝදර සහෝදරියන් හතර දෙනකුගෙන් සමන්විත පවුලේ වැඩිමහල් සහෝදරයා විය.ජේම්ස් පවුල එකල ඇමරිකාවේ විසූ ඉතා ධනවත් පවුලක් විය. ඔහුගේ සොහොයුරකු වූ හෙන්රි ජේ.ආරි සහ සොයුරියවූ ඇලිස් ජේමස් ප්‍රකට ග්‍රන්ත කතුවරුන් විය.

විලියම් ජේම්ස්ට කුඩා අවදියෙ විවිධ රටවල සංත්‍රමණයවීමට සිදුවූ නිසා විවිධ රටවලින් අධ්‍යාපනය ලැබීමට සිදුවිය.ඒ අනුව ප්‍රංශය එංගලන්තය ස්විස්ටර්ලන්තය ජර්මනිය ඉතාලිය ආදී විවිධ රටවල පාසැල් වලින් අධ්‍යාපනය ලැබීමට ජේම්ස්ට සිදුවිය.ජේම්ස් 1861 දී ලෝරන්ස්හි විද්‍යාත්මක අධ්‍යන විද්‍යාලයට බැදී රසායන විද්‍යාව ඉගෙනීම ආරම්භ කළේය.පසුව ඔහු වෛද්‍ය විද්‍යව හැදෑරීය.එයද අතරමග නතරකළ ඔහු බ්‍රසීලයට ගොස් සත්ව විද්‍යාව ඉගෙනීම ආරම්භ කළේය.යලිත් ඔහු එයද අතහැර දමා යුරෝපයට පැමිණ යළිත් වෛද්‍ය විද්‍යාව ඉගෙනීම ඇරඹීය.යුරෝපයේ දී ඔහුට වෛද්‍ය විද්‍යා උපාධිය සම්පූර්ණ කිරීමට නොහැකිවූ අතර ඔහු එය සම්පූර්ණ කරගන්නේ 1869 දී ඇමරිකා එක්සත් ජනපදයේ දීය.

කුඩා කාලෙය් ජේම්ස්ට විවිධ ශාරීරික ආබාධයන්ට ලක්වීමට සිදුවිය.ඇස් දෙකෙහිවූ ආබාධ තත්වයක් පිට කොන්දේ ආබාධ තත්වයක් උදරාබාධයක් සහ සමේ රෝගයක් වශයෙන් අතොරක් නැති අබාධයන්ගෙන් කුඩා ජේමස් පීඩා වින්දේය..[6] ශාරීරික මෙන්ම මානසික වශයෙන්ද විවිධ පීඩාවන්ට ලක්වී සිටි අතර වරක් ඔහු සියදිවිනසා ගැනීමට පවා උස්සාහ කළේය.පළමුවන ලොක යුද්ධයට මැදිවීම නිසාද විවිධ පීඩාවන්ට ලක්විය.

විලියම් ජේම්ස් බ්‍රසීලයේදී (1865)

1894 දී හාවඩ් වෛද්‍ය විද්‍යලයෙන් ඉවත්වී ස්වභාවික විද්‍යා පර්යේෂණ ආයතනයක් හා එක්වී ඇමසන් ගංගාවේ පර්යේෂණ වල නිරතවිය.මෙයින් වසර අටකට පසු ඔහු තදබලලෙස රෝගීතත්වයට ගොදුරුවිය.ඔහුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වලය එය බරපතල ප්‍රතිරෝධයක් විය.1863 දී ඔහු ජ්ර්මනිය බලා පිටත් වන්නේ තම අසනීප තත්වයට ප්‍රතිකාර ලබාගැනීම උදෙසාය.මේ වනවිට ජෙම්ස් ගේ වයස අවුරුදු 26 විය.අසනීප තත්වයෙන් පසුවුවද ඔහු තම ප්‍රකාශනයන් එලිදැක්වීමට තරම් දෛර්‍යසම්පන්නවිය.

අවසානයේ ඔහු 1869 දී තම වෛද්‍ය උපාධිය සම්පූර්ණ කළේය.එහෙත් ඔහු වෛද්‍ය විද්‍යාවට එතරම් ප්‍රියතාවයක් දැක්වූයේ නැත.අතොරක් නැති ශාරීරික රෝගයන්ගෙන් පෙලුනු ඔහු දර්ශනය කෙරේ උනන්දුවක් දැක්වීය.එයට හේතුව වෛද්‍ය විද්‍යාව පිළිබද ඔහුතුල කරකිරීමක් පැවතිනිසා වියහැත.මේ අතර 1875 දී ඔහු මනෝවිද්‍යා විෂය ඉගෙනීමට කාලය ගතකළහ.1872 දී ඇලිස් ගිබ්සන් නම් තරුණිය හා විවාහවිය.මනෝ විද්‍යා ඉතිහාසයේ වැදගත්ම ග්‍රන්තයක් වූ මනෝවිද්‍යා මූල ධර්ම ග්‍රන්තය රචනා කිරීම ආරම්භ කරන්නේ ඔහු විවාහවූ වර්ෂයේදීමය..[7]

විලියම් ජේම්ස් වඩාත් කැමැත්තක් දැක්වූයේ වෛද්‍ය විද්‍යාවට වඩා මනෝ විද්‍යාව හා දර්ශනය යන විෂයන් කෙරෙහිය..[8]

රැකියාව[සංස්කරණය]

ජේම්ස්ගේ පළමු රැකියාව ලෙස හාවඩ් විශ්ව විද්‍යාලයේ කතිකාචාර්‍යවරයෙකු ලෙස පත්වීම ලැබිණ.ඒ 1873 දීය.ඔහු හාවඩ් විශ්ව විද්‍යාලයේ භෞතවේදය හා ව්‍යවච්ඡේද විද්‍යාව පිළිබද ආචාර්‍යවරයෙකු ලෙස කටයුතු කළේය.වර්ෂ 1876 දී ඔහු එම විශ්ව විද්‍යාලයේම මනෝ විද්‍යාව පිළිබද සහාය මහාචාර්‍යපදවියට පත්විය.1881 දී ඔහු දර්ශනය පිළිබද සහාය මහාචාර්‍යවරයෙකු ලෙසද පත්විය.1885 දී ඔහු ජ්‍යෙෂ්ඨ මහාචාර්‍යවරයෙකු ලෙස උස්සවීමක් ලැබීය.1889 දී ඔහු මනෝවිද්‍යා අධ්‍යනාංශයේ අංශාධිපති ලෙස පත්විය.පසුව ඔහු නැවත 1907 දී දර්ශන අධ්‍යනාංශයේ අංශාධිපති තනතුරටපත්විය.

ජේම්ස් වෛද්‍ය විද්‍යාව කායික විද්‍යාව හා ජීව විද්‍යාව හොදින් හදාරා එම විෂයන් පිළිබද ප්‍රවීනත්වයක් දැනූ විද්වතෙක්විය.ඔහු එම විෂයන් මිළිබද ආචාර්‍යවරයෙකු ලෙසද කටයුතු කළේය.එහෙත් ඔහු වැඩි කැමැත්තක් දැක්වූයේ මිනිස් මනස පිළිබද ඉගැන්වෙන මනෝවිද්‍යාව දර්ශනය වැනි විෂයන් කෙරෙහිය.ඔහු වෛධවරයෙකු ලෙස සේවය කරන අවදියේදී පියරේ ජෙනට් වැනි විද්වතුන් හදුනාගැනීමට හැකිවිය.(පියරේ ජෙනට් යනු සිග්මන් ෆ්‍රොයිඩ්ගේ සමකාලීනයෙකි.‍ෆ්‍රොයිඩ් හා ජෙනට් ජිම් මාටින් චාකොට් ගේ සිසුන්ය.ඔවුන් මෝහනය පිළිබද හැදෑරීමට සිදු කළේ ජිමි වාකොට් ගෙනි)ජෙනට් විසින් හාවඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාත්මක මනෝ විද්‍යාව නමින් පාඨමාලාවක් අරඹා තිබිණ.ජේමස් ද මෙම පාඨමාලාවේ දේශකවරයෙකු ලෙස කටයුතුකර ඇත.[9]

හාවඩ් විශ්ව විද්‍යාලයේ සෙවය කරන කාලයේදී ඔහුගේ අවධානය දර්ශනය හා පාරභෞතික විශ්වාසයන් කෙරේ යොමුවිය.ඔහු 1872 දී මේ අතර ඔහුට දර්ශනය පිළිබද උගත් විද්වතුන් රැසකගේ ඇසුර ලැබිණ.ජේමස් හාවඩ් විශ්ව විද්‍යාලයෙන් විශ්‍රාාම ගැනීමෙන් පසුවද විවිධ ප්‍රකාශන එලිදැක්වීය.ජේමස් විසින් මනෝ විද්‍යාව හා දර්ශනය විෂය අලලා ලියා පලකරන ලද කෘතින් රැසක්වේ.

පවුල[සංස්කරණය]

විලියම් ජේම්ස් හෙන්රි ජේම්ස හා මේරි රොබට්සන් ගේ වැඩිමහල් පුතුය.ඔහුට සහෝදර සහෝදරියන් හතර දෙනෙක්විය හෙන්රි (නවකතාකරුවෙකි) ගාත් විකින්සන් රොබට්සන් හා ඇලිස් විලියම් යනු ජෙම්ස්ගේ සහෝදර සහෝදරියන්ය.1878 මැයි 10 වන දින ජේම්ස් විවාහ දිවියට පැමිනේ.ඒ අලිස් ගිබ්සන් සමගය.ඔවුන්ට දරුවන් පස් දෙනකු ලැබිණ.හෙන්රි(1878)ˌවිලියම්(1882) හර්මන්(1884) මාග්‍රට්(1887)ඇකේසැන්ඩ්‍ර(1890) මෙම දරුවන් පස් දෙනාය.මේ අතරින් හරිමන් ළදරු අවධියේදීම මිය ගියේය.

ලේඛන[සංස්කරණය]

විලියම් ජේම්ස් විසින් 1890 දී මනෝවිද්‍යාෙව් මූලදර්ම නමින් කෘතියක් සම්පාදනය කළේය.මෙය පිටු 1200 යුත් වෙළුම් දෙකකින් යුක්තව සම්පාධනය කැරිණි.මෙය සම්පූර්ණ කිරීමට වසර 12ක් ගතවිය.මෙය මනෝවිද්‍යා ඉතිහාසයේ ලියැවුන ශේෂ්ඨතම ග්‍රන්තයක් ලෙස හැඳින්වේ.

අධි මනෝවිද්‍යාව[සංස්කරණය]

ජේම්ස් හා සමීප ඇසුර නිසා ජෙනට් විසින් ස්වාප්නය යොදාගෙන සිදුකල අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂය පිළිබද තොරතුරු ඔහුගේ අවධානයට යොමුවිය.සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ ශිෂ්‍ය කාල් යුං ද අධි මනෝවිද්‍යා පර්යේෂණ සිදුකල පුද්ගලයෙකි.

වරක් විලියම් ජේමස් තම කල්‍යාණ මිත්‍ර ජේමස් හිස්ලොප් සමග ගිවිසුමක් ඇතිකර ගත්හ.ඒ අනුව මොවුන් දෙදෙනාගෙන් පළමුව මියගිය පුද්ගලයා විසින් එවක ජීවත්වන පුද්ගලයාට තමා උපතලද ආත්මය පිළිබද විසතර දැන්විය යුතු බවයි.මොවුන් දෙදෙනාගෙන් මුලින්ම මියගියේ විලියම් ජේම්ස්ය.කාලයකට පසු හිස්ලොප් වෙත පණිවිඩයක් ලැබිණ.මෙම සංකේතාත්මක ගුප්ත පණිවිඩයේ සටහන්ව තිබුනේ ඔබ පැරීසියේදී අැන්ඳ රතුපාට කලිසම මතක් කරන්න යන්නයි.එහෙත් හිස්ලොප්ට මෙය තේරුම්ගත නොහැකිවිය.ඔහු මේ පිළිබදව කල්පනා කරමින් සිටියදී ඔහුට අතීත සිදුවීම මතක්විය.හිස්ලොප් හා ජේම්ස් වරක් ප්‍රංශයට ගිය අවස්තාවක හිස්ලොප් රතුපැහැති කලිසමක් මිලදීගෙන ඇත.ජේම්ස් එයට දිනගණනාවක් තිස්සේ සිනහ වෙමින් හිස්ලොප්ට විහිළුකරඇත.එහෙත් ඔවුන් අතර වැඩිදුරටත් මෙසේ සන්නිවේදනයන් සිදුවී ඇතිබවක් දක්නට නැත.

ආශයන්[සංස්කරණය]

ජේම්ස්ගේ අදහස් සදහා චාල්ස් ඩාවින්ගේ පරිනාමවාදී අදහස් බලපා ඇත.[10] ඔහු විසින් 1890 දී රචිත මනෝවිද්‍යාවේ මූලදර්ම නම් ග්‍රන්තය තුල මෙම පරිනාමවාදී අදහස් ගැබ්ව පවතී.[10] ජේම්ස් මිනිසා ගැන මෙන්ම සත්ව ලෝකය ගැනද ලියුවේය.[10] කෙසේ වෙතත් 1920 දී ආරම්භවූ චර්‍යාවාදය නම් මනෝවිද්‍යා ගුරුකුලය මෙම පරිනාමවාදී අදහස් නව මානයකට යොමු කළහ..[10]

කාර්‍යබද්ධවාදය[සංස්කරණය]

මනෝවිද්‍යා ඉතිහාසයේ හමුවන දෙවන මනෝවිද්‍යා ගුරුකුලය වන්නේ කාර්‍යබද්ධවාදයයි.එහි පුරෝගාමියා ලෙස විලියම් ජේම්ස් හදුන්වාදියහැක.මීට අමතරව මෙම මනෝවිද්‍යා ගුරුකුලය ආරම්භ කිරීමට ජේා්න් ඩුවී නම් දාර්ශනිකයාගේ අදහස්ද මූලිකවිය.එවක පැවති ව්‍යුහවාදය නම් මනෝවිද්‍යා ගුරුකුලයේ පැවති අඩුපාඩුකම් පෙන්වාදෙමින් එහි ඌන පූරණයක් ලෙම මෙම ගුරුකුලය නිර්මානය විය.මෙම මනෝවිද්‍යා ගුරුකුලය මගින් මනසේ ව්‍යුහය අධ්‍යනය වෙනුවට මිනිසා තමා අවට පරිරය හා ගැටෙද්දී ඔහුගේ මනස ක්‍රියාත්මකවන ආකාරය අධ්‍යනකලයුතු බව අවධාරණය කළේය.කාර්‍යබද්ධවාදීන්ද ව්‍යුහවාදීන්මෙන් අන්තරාවලෝකනය භාවිත කළහ.එහෙත් ඒ ව්‍යුහවාදීන් මෙන් මනසේ ව්‍යුහය අධ්‍යනය කිරීමන නොව වර්‍යාව අධ්‍යනය කිරීමටයි.අන්තරාවලෝකනය මගින් කාර්‍යබද්ධවාදීන් මනසේ එක් මොහොතක පවතින ස්වභාවය අධ්‍යනය කළහ.තවද මොවුන් විශ්වාස කලේ පළමුව ශාරීරික චර්‍යාවක් ඇතිවී පසුව ප්‍රතිචාරයක් ඇතිවන බවයි.

කෙසේ වෙතත් මෙම මනෝවිද්‍යා ගුරුකුලයේද බොහෝ අඩුපාඩු පැවතිබව දාර්ශනිකයන් පෙන්වා දුන්හ.විශේෂයෙන් අන්තරාවලෝකනයෙන් මිදීමට කාර්‍යබද්ධවාදීන්ට නොහැකිවීම දැඩි විවේචනයට බදුන්විය.තවද විඥානය සංකල්පයෙන් ඹබ්බටයාමට මෙතෙක් පැවති ගුරුකුලයන්ට නොහැවීමද විවේචනයට බදුන්විය.1913 දී ජොන් බී ටොට්සන් නම් වෛද්‍යවරයා විසින් ඇමරිකානු මනොවිද්‍ය සංගමයේ Psychologycal Review නම් සඟරාවට ලියූ Psychology as a Behaviourist Views it නම් ලිපිය මගින් කාර්‍යබද්ධවාදය තුල පැවති අඩුපාඩු පෙන්වා දන්හ.වොට්සන් යනු චර්‍යාවාදය නම් මනෝවිද්‍යා ගුරුකුලයේ පුරෝගාමිදචිය.

වැදගත් කාර්‍යයන්[සංස්කරණය]

  • The Principles of Psychology, 2 vols. (1890), Dover Publications 1950, vol. 1: ISBN 0-486-20381-6, vol. 2: ISBN 0-486-20382-4
  • Psychology (Briefer Course) (1892), University of Notre Dame Press 1985: ISBN 0-268-01557-0, Dover Publications 2001: ISBN 0-486-41604-6
  • The Will to Believe, and Other Essays in Popular Philosophy (1897)
  • Human Immortality: Two Supposed Objections to the Doctrine (the Ingersoll Lecture, 1897)
  • Talks to Teachers on Psychology: and to Students on Some of Life's Ideals (1899), Dover Publications 2001: ISBN 0-486-41964-9, IndyPublish.com 2005: ISBN 1-4219-5806-6
  • The Varieties of Religious Experience: A Study in Human Nature (1902), ISBN 0-14-039034-0
  • Pragmatism: A New Name for Some Old Ways of Thinking (1907), Hackett Publishing 1981: ISBN 0-915145-05-7, Dover 1995: ISBN 0-486-28270-8
  • A Pluralistic Universe (1909), Hibbert Lectures, University of Nebraska Press 1996: ISBN 0-8032-7591-9
  • The Meaning of Truth: A Sequel to "Pragmatism" (1909), Prometheus Books, 1997: ISBN 1-57392-138-6
  • Some Problems of Philosophy: A Beginning of an Introduction to Philosophy (1911), University of Nebraska Press 1996: ISBN 0-8032-7587-0
  • Memories and Studies (1911), Reprint Services Corp: 1992: ISBN 0-7812-3481-6
  • Essays in Radical Empiricism (1912), Dover Publications 2003, ISBN 0-486-43094-4
    • critical edition, Frederick Burkhardt and Fredson Bowers, editors. Harvard University Press 1976: ISBN 0-674-26717-6 (includes commentary, notes, enumerated emendations, appendices with English translation of "La Notion de Conscience")
  • Letters of William James, 2 vols. (1920)
  • Collected Essays and Reviews (1920)
  • Ralph Barton Perry, The Thought and Character of William James, 2 vols. (1935), Vanderbilt University Press 1996 reprint: ISBN 0-8265-1279-8 (contains some 500 letters by William James not found in the earlier edition of the Letters of William James)
  • William James on Psychical Research (1960)
  • The Correspondence of William James, 12 vols. (1992–2004) University of Virginia Press, ISBN 0-8139-2318-2
  • "The Dilemma of Determinism"
  • William James on Habit, Will, Truth, and the Meaning of Life, James Sloan Allen, ed. Frederic C. Beil, Publisher, ISBN 978-1-929490-45-5 [11]

එකතුව[සංස්කරණය]

Psychology: Briefer Course (rev. and condensed Principles of Psychology), The Will to Believe and Other Essays in Popular Philosophy, Talks to Teachers and Students, Essays (nine others)
The Varieties of Religious Experience, Pragmatism, A Pluralistic Universe, The Meaning of Truth, Some Problems of Philosophy, Essays
  • The Writings of William James: A Comprehensive Edition (1978). University of Chicago Press, 912 p., ISBN 0-226-39188-4
Pragmatism, Essays in Radical Empiricism, and A Pluralistic Universe complete; plus selections from other works
  • In 1975, Harvard University Press began publication of a standard edition of The Works of William James.

මේවාත් බලන්න[සංස්කරණය]

  • "The Moral Philosopher and the Moral Life"
  • Psychology of religion
  • Functional psychology
  • American philosophy
  • List of American philosophers
  • William James Lectures
  • William James Society
  • Stream of consciousness (psychology)

යොමුව[සංස්කරණය]

  1. T.L. Brink (2008) Psychology: A Student Friendly Approach.
  2. Empty citation (help) 
  3. Empty citation (help) 
  4. Empty citation (help) 
  5. Haggbloom, Steven J.; Warnick, Jason E.; Jones, Vinessa K.; Yarbrough, Gary L.; Russell, Tenea M.; Borecky, Chris M.; McGahhey, Reagan; et al. (2002). "The 100 most eminent psychologists of the 20th century". Review of General Psychology. 6 (2): 139–152. doi:10.1037/1089-2680.6.2.139.  More than one of |DOI= and |doi= specified (help)
  6. Sachs, Oliver (2008). Musicophilia: Tales of Music and the Brain, Revised and Expanded Edition. New York: Vintage Books. පිටු xiii. ISBN 1-4000-3353-5. 
  7. Antony Lysy, "William James, Theosophist", The Quest Volume 88, number 6, November–December 2000.
  8. Ralph Barton Perry, The Thought and Character of William James, vol. 1, (1935), 1996 edition: ISBN 0-8265-1279-8, p. 228.
  9. Duane P. Schultz; Sydney Ellen Schultz (22 March 2007). A History of Modern Psychology. Cengage Learning. පිටු 185–. ISBN 978-0-495-09799-0. https://books.google.com/books?id=ge36EniJWwQC&pg=PA185. Retrieved 28 August 2011. 
  10. 10.0 10.1 10.2 10.3 Buss, David M. Evolutionary psychology: the new science of the mind.
  11. beil.com

මූලාශ්‍ර[සංස්කරණය]

  • Essays Philosophical and Psychological in Honor of William James, by his Colleagues at Columbia University (London, 1908)
  • R, W. B. Lewis The Jameses: A Family Narrative (1991) Farrar, Straus & Giroux
  • James Sloan Allen, William James on Habit, Will, Truth, and the Meaning of Life (2014). Frederic C. Beil, Publisher, ISBN 978-1-929490-45-5
  • Émile Boutroux, William James (New York, 1912)
  • Werner Bloch, Der Pragmatismus von James und Schiller nebst Exkursen über Weltanschauung und über die Hypothese (Leipzig, 1913)
  • K. A. Busch, William James als Religionsphilosoph (Göttingen, 1911)
  • Jacques Barzun. A Stroll with William James (1983). Harper and Row: ISBN 0-226-03869-6
  • Deborah Blum. Ghost Hunters: William James and the Search for Scientific Proof of Life After Death (2006). Penguin Press, ISBN 1-59420-090-4
  • Wesley Cooper. The Unity of William James's Thought (2002). Vanderbilt University Press, ISBN 0-8265-1387-5
  • Howard M. Feinstein. Becoming William James (1984). Cornell University Press, ISBN 978-0-8014-8642-5
  • Théodore Flournoy, La Philosophie de William James (Saint-Blaise, 1911)
  • Sergio Franzese, The Ethics of Energy. William James's Moral Philosophy in Focus, Ontos Verlag, 2008
  • Sergio Franzese & Felicitas Krämer (eds.), Fringes of Religious Experience.Cross-perspectives on William James's Varieties of Religious Experience, Frankfurt / Lancaster, ontos verlag, Process Thought XII, 2007
  • Peter Hare, Michel Weber, James K. Swindler, Oana-Maria Pastae, Cerasel Cuteanu (eds.), International Perspectives on Pragmatism, Newcastle upon Tyne, Cambridge Scholars Publishing, 2009
  • James Huneker, "A Philosophy for Philistines" in his The Pathos of Distance (New York, 1913)
  • Henry James's A Small Boy and Others (1913) and Notes of a Son and Brother (1914)
  • Amy Kittelstrom, The Religion of Democracy: Seven Liberals and the American Moral Tradition. New York: Penguin, 2015.
  • H. V. Knox, Philosophy of William James (London, 1914)
  • Louis Menand. The Metaphysical Club: A Story of Ideas in America (2001). Farrar, Straus, and Giroux, ISBN 0-374-52849-7.
  • Ménard, Analyse et critique des principes de la psychologie de W. James (Paris, 1911) analyzes the lives and relationship between James, Oliver Wendell Holmes Jr., Charles Sanders Peirce, and John Dewey.
  • Gerald E. Myers. William James: His Life and Thought (1986). Yale University Press, 2001, paperback: ISBN 0-300-08917-1. Focuses on his psychology; includes 230 pages of notes.
  • Giuseppe Sergi L'origine dei fenomeni psichici e loro significazione biologica, Milano, Fratelli Dumolard, 1885.
  • Giuseppe Sergi Principi di Psicologie: Dolore e Piacere; Storia Naturale dei Sentimenti, Milano, Fratelli Dumolard, 1894.
  • James Pawelski. The Dynamic Individualism of William James (2007). SUNY press, ISBN 0-7914-7239-6.
  • R. B. Perry, Present Philosophical Tendencies (New York, 1912)
  • Robert D. Richardson. William James: In the Maelstrom of American Modernism (2006). Houghton Mifflin, ISBN 0-618-43325-2
  • Robert D. Richardson, ed. The Heart of William James (2010). Harvard U. Press, ISBN 978-0-674-05561-2
  • Jane Roberts. The Afterdeath Journal of an American Philosopher: The View of William James (1978. Prentice-Hall. ISBN 0-13-018515-9.)
  • Josiah Royce, William James and Other Essays on the Philosophy of Life (New York, 1911)
  • Linda Simon. Genuine Reality: A Life of William James (1998). Harcourt Brace & Company, ISBN 0-226-75859-1
  • Michel Weber. Whitehead’s Pancreativism.Jamesian Applications. Ontos Verlag, 2011, ISBN 978-386838-103-0
  • Michel Weber, « On Religiousness and Religion. Huxley’s Reading of Whitehead’s Religion in the Making in the Light of James’ Varieties of Religious Experience », Jerome Meckier and Bernfried Nugel (eds.), Aldous Huxley Annual. A Journal of Twentieth-Century Thought and Beyond, Volume 5, Münster, LIT Verlag, March 2005, pp. 117–132.
  • Michel Weber, « James’s Mystical Body in the Light of the Transmarginal Field of Consciousness », in Sergio Franzese & Felicitas Krämer (eds.), Fringes of Religious Experience. Cross-perspectives on William James's Varieties of Religious Experience, Frankfurt / Lancaster, Ontos Verlag, Process Thought XII, 2007, pp. 7–37.
  • Wiseman, R. (2012). Rip it up: The radically new approach to changing your life. London, UK: Macmillan
  • Margo Bistis, "Remnant of the Future: William James' Automated Utopia", in Norman M. Klein and Margo Bistis, The Imaginary 20th Century (Karlsruhe: ZKM, 2016).
  • එදිරිසිංහ දයා (2009) මනෝවිද්‍යාව ගුරුකුල සහ මනෝවිද්‍යාඥයෝ වත්මා ප්‍රකාශකයෝ දෙහිවල

බාහිර යොමු[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=විලියම්_ජේම්ස්&oldid=397597" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි