විල්හෙල්ම් වුන්ඩ්

විකිපීඩියා වෙතින්
Wilhelm Wundt
Wilhelm Wundt in 1902
උපත
Wilhelm Maximilian Wundt

16 අගෝස්තු 1832(1832-08-16)
මියගිය දිනය31 August 1920(1920-08-31) (වයස 88)
නිවහනGermany
ජාතිකත්වයGerman
උගත් ශාස්ත්‍රාලයUniversity of Heidelberg
(MD, 1856)
ප්‍රසිද්ධව ඇත්තේExperimental psychology
Empirical psychology[2]
Psychological voluntarism[2][3]
Psychological structuralism
Scientific career
ක්ෂේත්‍රයExperimental psychology, Physiology
ආයතනUniversity of Leipzig
ThesisUntersuchungen über das Verhalten der Nerven in entzündeten und degenerirten Organen (1856)
ආචාර්ය උපදේශකKarl Ewald Hasse[4]
Other academic advisorsJohannes Peter Müller
Hermann von Helmholtz
ආචාර්ය සිසුන්Edward B. Titchener, G. Stanley Hall, Oswald Külpe, Hugo Münsterberg, Vladimir Bekhterev, James McKeen Cattell, Lightner Witmer[5]
බලපෑමGustav Fechner
ආභාෂය ලැබුවේEmil Kraepelin

විලියම් මැක්ස්මිලන් වුන්ඩ් (16 අගෝස්තු 1832 – 31 අගෝස්තු 1920) ජර්මන් ජාතික වෛද්‍යවරයෙකි.මෙතුමා මනෝ විද්‍යාඥයෙක් දාර්ශනිකයෙක් හා මහාචාර්‍යවරයෙකු ලෙසද ප්‍රකටය.මනෝ විද්‍යාවේ පියා යන විරුදාවලි නාමයෙන් මොහු හදුන්වනු ලබයි.ලොව පහලවූ ප්‍රතම මනෝ විද්‍යාඥයා විල්හෙල්ම් වුන්ඩ් ලෙස සැලකේ.එයට හේතුව මනෝ විද්‍යව නම් විෂය බිහිකිරීම හා මෙම විෂය නාමය හදුන්වා දෙන්නේ වුන්ඩ් විසින් බැවිනි..[6] වුන්ඩ් විශාල සේවයක් මනෝ විද්‍යාවේ දියුණුව වෙනුවෙන් සිදු කළේය.එම නිසා පර්යේෂණාත්මක මනෝ විද්‍යාවේ පියා යනුවෙන් හදුන්වයි".[7][8] 1876 දී ඔහු ප්‍රතම මනෝ විද්‍යා පර්යේෂණාගාරය ජ්මනියේ ලයිම්ෂිප් විශ්ව විද්‍යාලයේ දී ඇරඹීයˌමෙමගින් මනෝ විද්‍යාව ස්වාධින විෂයක් ලෙස වර්ධනය වීම ඇරඹින.[9]

මනෝ විද්‍යා පර්යේෂණාගාරයක් ඇරඹීම මගින් වුන්ඩ්ට ආගමික පිළිගැනීම් වල යථාර්තය සොයාබැලීමට මානසික රෝග හදුනා ගැනීමට අසාමාන්‍ය වර්‍යා හදුනා ගැනීමට මොළයට ඇතිවන හානි නිසා සිදුවන මානසික රෝග තත්වයන් ආදිය හදුනාගැනීමට ද ඒ පිළිබදව විද්‍යානුකූකූල අර්තකතනයන් ඉදිරිපත් කිරීමට හැකිවිය.තවද මනෝ විද්‍යාව ස්වාධින විෂයක් ලෙස වර්ධනය කිරීමට හැකිවිය.මීට පෙර දර්ශනය තුල පැවති උප විෂයක් ලෙස මනස පිළිබද දර්ශනය නමික් පැවති මනස පිළිබද අධ්‍යනය විධිමත් අධ්‍යනයක් වන්නේ වුන්ඩ්ගේ දායකත්වය නිසාය.

වුන්ඩ් තම අධ්‍යන වලදී මනසේ ත්‍රියාකාරීත්වය සිතීම සංජානනය යනු කරුණු කෙරේ අවධානය යොමු කළේය.වර්තමාන ප්‍රජානන මනෝ විද්‍යාෙව් සාකඡ්චා වන ප්‍රධාන සංකල්පයන්ද මේවා වෙයි. වුන්ඩ් ගේ අදහස් පසුව ප්‍රජානන මනෝවිද්‍යාව බිහිවීමට පදනම්විය.[10]

ජීවිත කතාව[සංස්කරණය]

විල්හෙල්ම් වුන්ඩ් 1832 අගෝස්තු මස 16 වන දින නෙක්රවු(Neckarau) නගරයේ දී උපත ලැබීය[11] ඔහු වුන්ඩ් පවුලේ හතරවැන්නාවිය.පියා මැක්ස්මිලන්ඩ් වුන්ඩ් නම් වූ අතර මව මාරි ෆ්‍රඩරික් නම්විය.වුන්ඩ්ගේ සීයා භූවිද්‍යා මහාචර්‍ය වරයෙකුවිය.ඔහු නමින් ෆ්‍රෙඩ්රිච් පීටර් වුන්ඩ් නම්විය.[12]වුන්ඩ් ගේ වයස අවුරුදු හතර පමණවනවිට ඔහුගේ පවුල හෙයිඩල්ෂින්(Heidelsheim) නම් නගරයට සංක්‍රමණය විය.වුන්ඩ් ගේ පියා සැර පරුෂ ගති ඇති පූජකයෙකු වූ අතර මව කරුණාවන්ත ගති ඇති තැනැත්තියක වූවාය.වුන්ඩ් පවුල උගතුන්ගෙන් හෙබි පවුලක් ලෙස එවක ජර්මන් ජමාජයේ ගෞරවයට පාත්‍රවී ඇත.වුන්ඩ් ගේ ළමාවිය හුදෙකලාව ගතකලබව ඔහු පවසා ඇත.

වුන්ඩ් හෙයිඩල්බග් විශ්ව විද්‍යලයටත් බර්ලින් විශ්ව විද්‍යාලයටත් තම උසස් අධ්‍යාපනය සදහා ගියේය.එහි දී ඔහු වෛද්‍ය විද්‍යාව කායික ව්‍යවඡේද විද්‍යාව භෞතික විද්‍යාව හා රසායන විද්‍යාව හැදෑරීය.ඔහු 1856 දී හෙයිඩල්බග් විශ්ව විද්‍යාපයෙන් කායික විද්‍යාව පිළිබද ආචාර්‍ය උපාධියක් ලැබීය.පසුව ඔහු එම විශ්ව විද්‍යාලයේම සහාය මහාචාර්‍ය වරයෙකුලෙස තම වෘත්තීය දිවිය ආරම්භ කළේය..[13] එහිදී ඔහු Contributions to the Theory of Sense Perception ග්‍රන්තය ප්‍රකාශයට පත්කළේය.ඒ 1858ත් 1862 අතර කාලය තුලයි.[14] 1865 දී ඔහු මනොවිද්‍යව පිළිබද ග්‍රන්තයක්ද සම්පාදනය කළේය.කෙසේ වෙතත් ඔහු ගේ වැඩි අවධානය ව්‍යාධිවේදය කෙරේ යොමුවිය.[11] 1867 දී ඔහු එම විශ්ව විද්‍යාලයේ මහාචාර්‍ය පදවියටපත්විය.පසුව ඔහු තම ශිෂ්‍යයන් හා එක්ව විවිධ පර්යේෂණ සිදුකලහ.1874 දී ඔහු සුරිචි විශ්ව විද්‍යාලයේ දර්ශනය පිළිබද මහාචාර්‍යවරයා ලෙස පත්විය.

හෙයිඩ්ල්බර්ග් විශ්ව විද්‍යාලයේ ආචාර්‍යවරයෙකු ලෙස කටයුතු කරන කාලයේ දී පළමු වතාවට වුන්ඩ් විසින් මනෝ විද්‍යාව පිළිබද සහතික පත්‍ර පාඨමලොවක් ඇරඹීය,ශද්ධ විද්‍යාන්හි භාවිතවන සම්පරීක්ෂණ ක්‍රමවේදයන් මිනිස් මොළය හා මනස පිළිබද අධ්‍යන කිරීම මෙහිදී සිදුවිය.කායික විද්‍යාඥයෙක් ලෙස ඔහු ලබාගත් දැනුම නවතම විෂයක් වූ මනෝ විද්‍යාව බිහිකිරීමේ දී ඔහුට පහසුවිය.ඔහුගේ පළමු මනෝ විද්‍යා ප්‍රකාශනය Lectures on the Mind of Humans and Animals නමින් 1863–18කොලය තුල පළවිය.වුන්ඩ් හෙයිල්ඩන්බර්ග් විශ්ව විද්‍යාලයේ කායික විද්‍යාව පිළිබද සහාය මහාචාර්‍යවරයා ලෙස 1864දී පත්විය.[14] පසුව ඔහු ලයිම්ෂිෆ් විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරයෙකු බවට පත්වේ.

වුන්ඩ් විසින් මනෝ විද්‍යාෙව් වැදගත්ම ග්‍රන්තයක් වූ Principles of Physiological Psychology 1874 දී ප්‍රකාශයට පත් කලහ.මෙය මනෝ විද්‍යා ඉතිහාසයේ ප්‍රථම පාඨ ග්‍රන්තය ලෙස ඉතිහාස ගතවේ.[6] මනෝ විද්‍යා විෂය නාමය බිහිකිරීමෙහි පුරෝගාමියා වන්නේ වුන්ඩ්ය.".[15] ඔහු විඥ්ඥානය හැගීම් දැනීම් චිත්තවේග සංජානනය යන සාධක පිළිබද මනෝවිද්‍යාත්මක අධ්‍යන සිදු කළේය.

1875 දී වුන්ඩ් ලයිම්ෂිප්(Leipzig) විශ්ව විද්‍යාලයේ මහාචාර්‍යවරයෙකු ලෙස පත්විය.ඔහු එහි දී ප්‍රථම මනෝ විද්‍යා පර්යේෂණාගාරය 1879 දී ආරම්භ කළේය.නිලවශයෙන් මනෝ විද්‍යාෙව් උපත සිදුවන්නේ එතැන් සිටය.මෙතැන් සිට ස්වාධීන විශයක් ලෙස මනෝ විද්‍යාව සංවර්ධනයවීම ඇරඹිනි.ඔහු මෙම විශ්ව විද්‍යාලයේ දී මනෝ විද්‍යාව පිළිබද ප්‍රථම උපාධි පාඨමාලාව ඇරඹීය.[16]

නූතන මනෝ විද්‍යවට වුන්ඩ්ගෙන් ලැබුන දායකත්වය[සංස්කරණය]

වුන්ඩ් තම ශිෂ්‍යයන් සමග

වුන්ඩ් විශ්වාස කලේ විද්‍යාත්මක මනෝවිද්‍යාව මගින් පුද්ගල විඥ්ඥානය ශූක්ෂම කොටස්වලට විභේදනය කිරීම මගින් අධ්‍යනය කලහැකිබවයි.[9] වුන්ඩ් ගේ ව්‍යුහවාදී ක්‍රමය පසුව ඔහුගේ ප්‍රධාන ශිෂ්‍යෙයකු වූ ටිච්නර්(Titchener) විසින් දියුණු කළේය ශද්ධ විද්‍යාවන්හි යම් පදාර්ථයක් ශූක්ෂම කොටස්වලට වෙන් කිරීම මගින් විශ්ලේෂණය කරන්නාසේ මනයේ ව්‍යුහයද එසේ විශ්ලේෂනය කළහැකිය යන්න වුන්ඩ් ප්‍රමුඛ ව්‍යුහවාදීන්ගේ අදහසවිය.ශුද්ධ විද්‍යාවන් හැදෑරීමෙන් ඔහු ලැබූ දැනුම මෙම අදහස ඔහුට ඇතිවීමට බලපාන්නට ඇත.[9] විඥ්ඥානය කුවා කොටස්වලට බෙදා විශ්ලේෂණය කිරීම සදහා වුන්ඩ් අන්තරාවලෝකතය(introspection) නම්වූ ක්‍රමය භාවිත කළේය.මෙහිදී අන්තරාවලොකනයට ලක්වන තැනැත්තා විසින් ඔහුගේ අදහස් තමා විසින්ම කියාපෑම සිදු කරයි..[9]මෙම අන්තරාවලෝකනය නම්වූ මනස විශ්ලේෂණය සදහා සකස්කරගත් යාන්ත්‍රණය යුදෙවු හා ක්‍රිස්තියානි ආගමේ පැවති පාපොච්ඡාරණය ක්‍රමය ඇසුරින් සකස්කරගත් ක්‍රමයක් විය.ප්ලේටෝ හා සොක්‍රටීස් වැනි දාර්ශනිකයන්ද මෙයට සමාන ක්‍රමයක් අනුගමනය කලබව සාධක පවතී. මෙම අන්තරාවලෝකන ක්‍රමයේ බොහෝ දුර්වලතා ඇතිබව පසුව මනෝ විද්‍යාඥයන් පෙන්වා දුන්හ.[9] වුන්ඩ්ගේ දාර්ශනික මනෝ විද්‍යාවේ මූලධර්ම(Principles of Physiological Psychology)කෘතිය නූතන මනො විද්‍යාවේ හැරවුම් ලක්ෂයක් ලෙස මනෝ විද්‍යාඥයන් පිළිගනී.

වුන්ඩ් ගේ ශිෂ්‍යයන් රැසක්ම පසුකාලීනව කීර්තිමත් මනෝ විද්‍යාඥයන් ලෙස ප්‍රකටවිය.වුන්ඩ් ගේ සිසුන් දෙදෙනකු වූ ජුබෝනි නෙඩික්(Ljubomir Nedić සහ බ්‍රනිස්ලොව් පෙට්ට්‍රොවික්(Branislav Petronijević).වුස්බර්ග් විශ්ව විද්‍යාලයේ(University of Würzburg) දර්ශනය පිළිබද මහාචාර්‍යවරුවිය.වුන්ඩ් ගේ සිසුවකුවූ ජෙම්ස් මැකේන් කැට්ල්(James McKeen Cattel) ඇමරිකාවේ ප්‍රථම මනෝ විද්‍යා මහාචාර්‍යවරයාවිය.ජී ස්ටැන්ලි හෝල්(G. Stanley Hall)ළමා මනෝ විද්‍යාවේ පියාය.චාල්ස් හුබාර්ඩ්(Charles Hubbard Judd)චිකාගෝ හා හාවඩ් විශ්ව විද්‍යාලවල මහාචාර්‍යවරයෙකු වවිය.,එඩ්වඩ් බර්නාඩ් ට්ව්ච්නර්(Edward Bradford Titchener) කිර්තිමත් මනෝ විද්‍යාඥයෙකු විය ඔහු තම ගුරුවරයා වූ වුන්බ් ගේ ඉගැන්වීම් ව්‍යුහවාදය ලෙස නම් කර එහි දියුණුවට කටයුතු කළේය.ඇමරිකාව ඇතුලු වෙනත් රටවලටද මෙම ව්‍යුහවාදී මනෝ විද්‍යා ගුරුකුලය ප්‍රචලිත කළේය.ඔහු ලොව ප්‍රථම මනෝ විද්‍යා සායනය ඇරඹිය.

1876 දී ලයිම්ෂිප් විශ්ව විද්‍යාලය මගින් වුන්ඩ් විසින් සුරිචි විශ්ව විද්‍යාලයෙන් ගෙනා පර්යේණ උපකරණ ලයිම්ෂිප් හි තැන්පත් කිරීමට අවසර ලබාදුනි.[17]වුන්ඩ් විසින් මෙම උපකරණ ලයිම්ෂිප්හි කොන්වික්ට් ගොඩනැගිල්ලේ තැන්පත් කරන ලද්දේ ඔහු දේශන සිදුකල පංති කාබරය හා මෙම පර්යේෂණාගාරය අතර දුර අවම වීමෙන් පහසුවෙන් පර්යේෂණ උපකරණ එහා මෙහා ගෙනයාමට පහසුවීම නිසාය.ඔහුගේ පර්යේෂණ උපකරණ අතර ටැකිස්ටෝස්කෝපය(tachistoscopes),හොරේක්ෂය(chronoscopes),අවලම්භනය(pendulums),විදුලි උපකරණ,ටයිමර් සංවේදක උපකරණ අාදිය මෙන්ම පසුව ඔහු තම සිසුන් හා එක්වී නිර්මාණය කළ නව උපකරණද එ් අතරවිය.[17]

1879 දී වුන්ඩ් තම මනෝවිද්‍යා පර්යේෂණ ආරම්භ කළේය.ඒ ඔහු ගේ පාඨමාලාවන්ට අමතරවය.ඔහු විසින් ස්වාධීනව පර්යේෂණ සිදුකළ මෙම ප්‍රථම මනෝ විද්‍යා පර්යේෂණාගාරය ලයිම්ෂිප් විශ්ව විද්‍යාලයට අයත් නිල පර්යේෂණාගාරයක් ලෙස 1883 දක්වාම විශ්ව විද්‍යාලය විසින් පිළි නොගත්හ..[17] වුන්ට මනෝ විද්‍යා විෂයට නිල පිළිගැනීමක් ලබාදීමට මෙන්ම ස්වාධීන විෂයක් ලෙස වර්ධනය කිරීමට නොයෙක් බාධා මැද සිදුකරන්නට සිදුවිය.ඔහු භාවිත කළ අන්තරාවලෝකන ක්‍රමය බොහෝ අඩුපාඩු සහිත බව ව්ද්වතුන් පෙන්වා දුන්හ.[17] බොහේ බාධක මැද වුවද වුන්ඩ් තම පර්යේෂණාගාරය කාබර දොළහකින් යුත් මධ්‍යස්ථානයක් බවට පත් කිරීමටත් පසුව එය නව ගොඩනැගිල්ලක ස්ථාපනය කිරීමටත් හැකිවිය.[17]

වුන්ඩ්ගේ මරණයෙන් පසුව ඔහුගේ ශිෂ්‍යයන් විසින් මනෝ විදෘ විෂය තවදුරටත් වර්ධනය කිරීමට දායකවිය.[18] මේ අතර වුන්ඩ්ගේ සිසුවකු වූ ට්විච්නර් විසින් තම ගුරුවරයා හදුන්වාදුන් මනෝ විද්‍යා න්‍යායන් ව්‍යුහවාදය නමින් නම් කළේය.මනෝ විද්‍යා ඉතිහාසයේ ප්‍රථම මනෝවිද්‍යා ගුරුකුලය මෙයවිය.ට්ව්ච්නර් විසින් ව්‍යුහවාදය ඇමරිකාවතුල ප්‍රචාරය කැරිණි.

කෙසේ වෙතත් පසුව බිහිවූ මනෝ විද්‍යා ගුරුකුල ව්‍යුහවාදයේ බොහෝ දුර්වලතා ඇතිබව පෙන්වා දුන්හ.මනෝ විද්‍යා ඉතිහාසයේ දෙවන ගුරුකුලය වූ කාර්‍යබද්ධවාදය තුල මෙන්ම වාර්‍යාවාදී මනෝ විද්‍යා ගුරු කුලය මගින්ද ව්‍යුහවාදය විවේඡනයටලක්විය.

ප්‍රකාශ මායාව [සංස්කරණය]

ප්‍රකාශ මායාව

මෙය වුන්ඩ්ගේ මායාව යනුවෙන්ද හදුන්වයි.මෙමගින් ඍජු රේඛාවත් වක්‍ර රේඛාවක් ලෙස දර්ශනය වීම සිදුවේ.

මනසේ ක්‍රියාකාරීත්වය අධ්‍යනය කිරීම සදහා වුන්ඩ් විසින් යොදාගත් උපක්‍රමයකි

ප්‍රකාශන[සංස්කරණය]

වුන්ඩ් මනසේ ක්‍රියාවලින් තුනක් ප්‍රමුඛව අධ්‍යනයට ලක්කළේය.ඒවා නම් සිතීම සංජානනය හා දැනීමයි.මෙම සංකල්පයන් පසුව ප්‍රජානන මනෝවිද්‍යාව බිහිවීමට මූලිකවිය..[19]

වුන්ඩ් විසින් පළකල ප්‍රකාශන අතුරින් කිහිපයක් පහත දැක්වේ..

විල්හෙල්ම් වුන්ඩ්ගේ සැමරුම් ස්මාරකය.
  • Die Lehre von der Muskelbewegung (The Patterns of Muscular Movement), (Vieweg, Braunschweig 1858).
  • Die Geschwindigkeit des Gedankens (The Velocity of Thought) (Die Gartenlaube 1862, Vol 17, p. 263)
  • Beiträge zur Theorie der Sinneswahrnehmung (Contributions on the Theory of Sensory Perception), (Winter, Leipzig 1862).
  • Vorlesungen über die Menschen -und Tierseele (Lectures about Human and Animal Psychology), (Voss, Leipzig 1863/1864).
  • Lehrbuch der Physiologie des Menschen (Text-book of Human Physiology), (Enke, Erlangen 1865).
  • Die physikalischen Axiome und ihre Beziehung zum Causalprincip (Physical Axioms and their Bearing upon Causality Principles) (Enke, Erlangen 1866).
  • Handbuch der medicinischen Physik (Handbook of Medical Physics), (Enke, Erlangen 1867)
  • Grundzüge der physiologischen Psychologie (Principles of Physiological Psychology), (Engelmann, Leipzig 1874) (has been revised and republished several times[20])
  • Untersuchungen zur Mechanik der Nerven und Nervenzentren (Researches upon the Mechanisms of Nerves and Nerve-Centres), 1876
  • Logik. Eine Untersuchen der Principien der Erkenntniss und der Methoden Wissenschaftlicher Forschung (Logic. An investigation into the principles of knowledge and the methods of scientific research), (Enke, Stuttgart 1880 & 1883), 3 Volumes and vol. 4
  • Essays, (Engelmann, Leipzig 1885).
  • Ethik (Ethics), (Enke, Stuttgart 1886)
  • System der Philosophie (System of Philosophy), (Engelmann, Leipzig 1889).
  • Grundriss der Psychologie (Outline of Psychology), (Engelmann, Leipzig 1896).
  • Völkerpsychologie (Social Psychology), 10 Volumes, (Engelmann, Leipzig 1900 to 1920)
    • 1, 2. Die Sprache (Language), Pt 1, 2. (1900)
    • 3. Die Kunst (Art). (1908)
    • 4, 5, 6. Mythos und Religion (Myth and Religion), Pt 1, 2, 3. (?1910, 1914, ?)
    • 7, 8. Die Gesellschaft (Society), Pt 1, 2. (1917)
    • 9. Das Recht (Right). (1918)
    • 10. Kultur in der Geschichte (Culture in History). (1920)
  • Kleine Schriften (Shorter Writings), 3 Volumes, (Engelmann, Leipzig 1910).
  • Einleitung in die Psychologie (Introduction to Psychology), (Engelmann, Leipzig 1911).
  • Probleme der Völkerpsychologie (Problems of Social Psychology), (Wiegandt, Leipzig 1911).
  • Elemente der Völkerpsychologie (The Elements of Social Psychology), (Kröner, Leipzig 1912).
  • Reden und Aufsätze (Addresses and Extracts), (Kröner, Leipzig 1913).
  • Sinnliche und übersinnliche Welt (The Sensory and Supersensory World), (Kröner, Leipzig 1914).
  • Über den wahrhaften Krieg (About the Real War), (Kröner, Leipzig 1914).
  • Die Nationen und ihre Philosophie (Nations and Their Philosophies), (Kröner, Leipzig 1915).
  • Erlebtes und Erkanntes (Experience and Realization), (Kröner, Stuttgart 1920).
  • Philosophische Studien (the first journal of psychology), 1883

මේවාත් බලන්න[සංස්කරණය]

  • Optical illusions
  • N. O. Lossky

සටහන්[සංස්කරණය]

  1. See Wundt's gravestone (image).
  2. 2.0 2.1 Wilhelm Max Wundt (1897), Outlines of Psychology (Grundriss der Psychologie).
  3. "Wundt's Psychological Model"
  4. Neurotree profile Wilhelm Wundt
  5. Wilhelm Wundt and William James. Webspace.ship.edu. Retrieved on 29 June 2015.
  6. 6.0 6.1 Carlson, Neil and Heth, C. Donald (2010) Psychology the Science of Behaviour.
  7. "Wilhelm Maximilian Wundt" in Stanford Encyclopedia of Philosophy.
  8. Butler-Bowdon, Tom (2007). 50 Psychology Classics.
  9. 9.0 9.1 9.2 9.3 9.4 Schacter, D. L.; Gilbert, D. T. and Wegner, D. M. (2010).
  10. McLeod, Saul.
  11. 11.0 11.1 Titchener, E.B. (1921).
  12. Lamberti, Georg (1995) Wilhelm Maximilian Wundt 1832–1920.
  13. Wilhelm Wundt Psychology 1.
  14. 14.0 14.1 "Wilhelm Maximilian Wundt" in Stanford Encyclopedia of Philosophy, section on "Life and Times".
  15. Francher, 1979, p. 126
  16. Schacter, Daniel.
  17. 17.0 17.1 17.2 17.3 17.4 History of Psychology , Fourth Edition, McGraw Hill Co., 2004
  18. Kim, Alan.
  19. McLeod, Saul.
  20. Richards, Graham (2009) Putting psychology in its place: critical historical perspectives.

වැඩිදුර කියවීම්[සංස්කරණය]

  • Carpenter, Shana K (August 2005). "Some neglected contributions of Wilhelm Wundt to the psychology of memory.". Psychological reports. 97 (1): 63–73. doi:10.2466/PR0.97.5.63-73. PMID 16279306. 
  • Steinberg, H (November 2001). "[The psychologist and philosopher Wilhelm Wundt and a dedication by his student Emil Kraepelin]". Der Nervenarzt. 72 (11): 884. doi:10.1007/s001150170025. PMID 11758098. 
  • Ziche, P (1999). "Neuroscience in its context. Neuroscience and psychology in the work of Wilhelm Wundt.". Physis; rivista internazionale di storia della scienza. 36 (2): 407–29. PMID 11640242. 
  • Smith, R (November 1982). "Wilhelm Wundt resurrected.". British journal for the history of science. 15 (51 Pt 3): 285–91. doi:10.1017/S0007087400019361. PMID 11611088. 
  • Bringmann, W G; Balance, W D; Evans, R B (July 1975). "Wilhelm Wundt 1832–1920: a brief biographical sketch.". Journal of the history of the behavioral sciences. 11 (3): 287–97. doi:10.1002/1520-6696(197507)11:3<287::AID-JHBS2300110309>3.0.CO;2-L. PMID 11609842. 
  • Steinberg, H (November 2001). "[The psychologist and philosopher Wilhelm Wundt and a dedication by his student Emil Kraepelin]". Der Nervenarzt. 72 (11): 884. doi:10.1007/s001150170025. PMID 11758098. 
  • HICKS GD (16 September 1920). "Prof. Wilhelm Wundt". Nature. London. 106 (2655): 83–85. Bibcode:1920Natur.106...83H. doi:10.1038/106083a0. 
  • Smith, Roger (October 1982). "Wilhelm Wundt Resurrected". The British Journal for the History of Science. 15 (3): 288, 285–91. doi:10.1017/S0007087400019361. ISSN 1474-001X. PMID 11611088. 
  • Daniel L. Schcter; Daniel T. Gilbert; Daniel M. Wegner (2009). Psychology: The evolution of a science (2nd ed.). p. 9. 
  • Azurmendi, Joxe: "Herri Psikologia, Etnologia. Wundt" in: Volksgeist. Herri Gogoa, Donostia: Elkar, 2007. pp. 199–214 ISBN 978-84-9783-404-9
  • Blumenthal, Arthur L. (1970–80). "Wundt, Wilhelm". Dictionary of Scientific Biography. 25. New York: Charles Scribner's Sons. pp. 368–371. ISBN 978-0-684-10114-9. 

බාහිර සබැදුම්[සංස්කරණය]

Works online[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=විල්හෙල්ම්_වුන්ඩ්&oldid=624664" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි