Jump to content

වයිකිං යුගය

විකිපීඩියා වෙතින්

වයිකිං යුගය යනු, යුරෝපියානු ඉතිහාසයෙහි, විශේෂයෙන්ම උතුරු යුරෝපියානු සහ ස්කැන්ඩිනේවියානු ඉතිහාසයෙහි, 793 වසරෙහි සිට 1066 වසර දක්වා කාලය වන අතර, ජර්මැනික යකඩ යුගයට පසුව පැමිණි කාල පරිච්ඡේදයයි.[1] මෙම ඓතිහාසික කාල පරිච්ඡේදය වනාහී, ස්කැන්ඩිනේවියානු නෝර්ස්වරු විසින් යුරෝපයේ මුහුදු හා ගංගා මතින් එය ගවේෂණය කරමින්, වෙළෙඳාමෙහි, ආක්‍රමණයෙහි සහ යටත් කර ගැනුමෙහි යෙදුනු කාල සීමාවයි. මෙම කාල පරිච්ඡේදයෙහිදී, වයිකිං වරුන් විසින්, නෝර්ස් ග්‍රීන්ලන්තයෙහි සහ නිව්ෆවුන්ඩ්ලන්තයෙහිද සහ, වර්තමාන ෆාරෝ දිවයින්හීද, අයිස්ලන්තයෙහිද, නෝර්මැන්ඩියෙහිද, ස්කොට්ලන්තයෙහිද, අයර්ලන්තයෙහිද, රුසියාවෙහිද සහ ඇනටෝලියාවෙහිද පදිංචි වූහ.[2]

සටහන්

[සංස්කරණය]
  1. ^ ෆෝර්ටෙ, ඕරාම් & පෙඩර්සන් 2005, p. 2.
  2. ^ ටෙරී මැක්කිනෙල්, ද ඩෝනිං, පි.189, ක්ස්ලිබ්රිස් කෝපරේෂන්, 2011
"https://si.wikipedia.org/w/index.php?title=වයිකිං_යුගය&oldid=364354" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි