ලිච්චවී (රාජධානිය)

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(ලිච්ඡවී (රාජධානිය) වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

ලිච්චවී යනු, දළ වශයෙන් ක්‍රියු 400 සිට 750 දක්වා, කත්මන්ඩු නිම්නයෙහි පිහිටියාවූ, නේපාලයෙහි පුරාතන රාජධානියකි. සියවස් ගණනාවකට පෙර, බෞද්ධ යුගය ඇරඹෙත්ම, ලිච්චවී නම්වූ බලවත් ජනරජයක් වර්තමාන කත්මන්ඩු පවතින ස්ථානයෙහි පැවතිණි. මෙම රාජ්‍යයන් දෙක අතර වාර්ගීය හෝ ඓතිහාසික හෝ සබැඳියන් පැවැති බවට නිසැකයෙන් තීරණය කිරීමට ඉවහල් වන්නාවූ කිසියම් සාක්ෂ්‍ය නොපවතියි. ලිච්චවී ශිලා ලේඛනයන්හී භාවිතා වී ඇති භාෂාව සංස්කෘත වන අතර, භාවිතා වී ඇති විශේෂිත අක්ෂර, නිල ගුප්ත අක්ෂර හා සමීප සබැඳියක් දක්වමින් අඟවනුයේ, දක්ෂිණ දිශාවට වන්නට පිහිටි සම්භාව්‍ය යුගයෙහි අනෙකුත් ප්‍රධාන රාජධානි විසින් මෙය වෙත සැලකිය යුතු සංස්කෘතිමය ආභාෂයන් ඇති කල බවයි. මෙම ආභාෂයන් බොහෝවිටෙක, නූතන ඉන්දියාවේ බිහාරයෙහි උතුරු කොටස වන්නාවූ, මිථිලා ඔස්සේ සිදුවූවා විය හැක. 'ලිච්චවී' යන පදය බොහෝ විටෙක, රාක්ෂවතී වෙතට සංස්කෘතකරණය වූ රීක්ෂවී වෙතින් බිඳී සැදෙන්නට ඇත. රීක්ෂ හෝ රාක්ෂ යන්නෙහි සංස්කෘත අර්ථය වනුයේ තාරකාව යන්නය. ලිච්චවී ශිලා ලේඛනයන්හී භාවිතා වී ඇති සමහරක් ගුප්ත අක්ෂරයන්හී විකාශනය පිළිබඳ ගෞතමවජ්‍ර වජ්‍රාචාර්යය විසින් පිළියෙල කල වගුවක් මාර්ගගතව පවතියි.[1]

වාර්තා[සංස්කරණය]

ඉන්දියාව තුල ඔවුන්ගේ දේශපාලන සෞභාග්‍යයෙහි කෙළවර දුටු ලිච්චවීවරුන්, නේපාලයට පැමිණ, එහි අවසන් කිරාට් රජු වූ ගස්ති වෙත පහරදී ඔහු පැරදවූ බව විශ්වාස කෙරෙයි. බෞද්ධ පාලි ත්‍රිපිටකයෙහි, දේශනාවන් කිහිපයකදී ලිච්චවීවරුන් පිළිබඳ සඳහන් වන අතර, එයින් වඩාත් ප්‍රධාන වන්නේ ලිච්චවී සූත්‍රය,[2] ප්‍රසිද්ධ රතන සූත්‍රය[3] සහ පේතවත්තුහී සතරවන පරිච්ඡේදය වෙයි.[4] මහායාන විමලකීර්ති සූත්‍රය විසින්ද වෛශාලී නගරය පිළිබඳ සඳහන් කරන අතර, එහි විමලකීර්ති නම් ගිහි ලිච්චවී බෝධිසත්ත්වයන්වහන්සේ වැඩ වැස ඇත.[5]

රාජධානිය පිළිබඳ දැනට දන්නා පැරණිතම වාර්තාව වන්නේ, 464 වසරට කාලානුරූප කෙරෙන පළමුවන මානදේවගේ ශිලාලේඛනයකි. පූර්වගාමී පාලකයන් තිදෙනෙක් පිළිබඳව එහි සඳහන් වන අතර, එයින් ඉඟි කෙරෙනුයේ ලිච්චවී රාජවංශය, 4වන සියවසෙහි අග භාගයෙහිදී ඇරඹුනු බවයි.

රජය[සංස්කරණය]

නේපාල ලිච්චවී රාජවංශයෙහි ජිස්නුගුප්තගේ තඹ කාසියක් (622-633 පමණ). මූණත. පියාපත් සහිත අශ්වයාට ඉහළින් ඇති කැටයම ශ්‍රී ජිස්නු ගුප්තස්ය යනුවෙනි
නේපාල ලිච්චවී රාජවංශයෙහි ජිස්නුගුප්තගේ තඹ කාසියක් (622-633 පමණ). පසුපස

ලිච්චවීවරුන් පාලනය කරනු ලැබුයේ මහාරාජා ("මහා රජු") කෙනෙකු විසින් වන අතර, හමුදාව භාරව සිටි අග්‍රාමාත්‍යවරයෙක් සහ අනෙකුත් ඇමතිවරු ඔහුට සහාය වූහ.

සාමන්ත ලෙසින් හැඳින්වුනු වංශාධිපතියෝ, ඔවුන් සතුව පැවති ඉඩකඩම් සහ අතුරු හමුදා පරිපාලනය කරන අතරතුරදීම රාජසභාවෙහි බලපෑම්ද ඇති කලහ.

605 සහ 641 වසර අතරතුර එක් අවස්ථාවකදී, අම්ෂුවර්ම නමැති අග්‍රාමාත්‍යවරයෙක් සිංහාසනාරූඪ විය.

රජය පවත්වා ගෙන යෑම සඳහා, ජනගහණය වෙතින් ඉඩම් බදු සහ බලහත්කාර ශ්‍රමය (විශ්ති) ලබා ගන්නා ලදි. ප්‍රාදේශීය පාලනයන් බොහෝමයක් පවත්වා ගෙන ගියේ ගම් නායකයන් හෝ ප්‍රධාන පවුල් විසිනි.

ආර්ථිකය[සංස්කරණය]

ආර්ථිකය කෘෂිකාර්මික වූ අතර, ප්‍රධාන වැවිලි ලෙස සහල් සහ අනෙකුත් ධාන්‍ය පැවතිණි. පරිපාලනය උදෙසා, ද්‍රංග ලෙසින්, ගම් (ග්‍රාම) සමූහනය කෙරිණි. ඉඩකඩම් සතුව තිබුණේ රාජකීය පවුල, වංශාධිපතියන්, සිද්ධස්ථාන හෝ බ්‍රාහ්මණයන් සමූහ වෙතය. වෙළෙඳාමද ඉතා වැදගත්වූ අතර, වෙළෙඳ මාර්ග අබියස බොහෝ ජනාවාස පැවැතිණි. ටිබෙටය සහ ඉන්දියාව යන දෙරටම වෙළෙඳ හවුල්කරුවෝ වූහ.

භූගෝලය[සංස්කරණය]

බල ප්‍රදේශය[සංස්කරණය]

ලිච්චවී යුගය වන විට මුළු මිටියාවත ජනාවාසවලින් පිරී තිබුණි. බනේපා දෙසට නැගෙනහිර දිශාවටද, ටිස්ටිං දෙසට බටහිර දිශාවටද සහ, වර්තමාන ගොර්කා දෙසට වයඹ දිශාවටද තවදුරටත් ජනාවාස තැනිණි.

පාලකයෝ[සංස්කරණය]

පහත ලැයිස්තුව, තමෝත් සහ අල්සොප් ගේ ද ලිච්චවී කිංග්ස්,,[6] වෙතින් උපුටා ගන්නා ලද අතර, විශේෂයෙන් දිනයන් සම්බන්ධයෙන් දළ වශයෙන් පමණක් බව සැලකිය මනාය.

  • 185 ජයවර්ම (පළමුවන ජයදේව ලෙසින්ද)
  • වාසුරාජ (වාසුදත්ත වර්ම ලෙසින්ද)
  • 400 පමණ ව්‍රෂදේව (විශ්වදේව ලෙසින්ද)
  • 425 පමණ පළමුවන ශංකරදේව
  • 450 පමණ ධර්මදේව
  • 464-505 පළමුවන මානදේව
  • 505-506 මහීදේව (මූලාශ්‍ර සුළුවෙනි)
  • 506-532 වසන්තදේව
  • මනුදේව (සම්භාවි කාලානුක්‍රමය)
  • 538 වාමනදේව (වර්ධමානදේව ලෙසින්ද)
  • 545 රාමදේව
  • අමරදේව
  • ගණකාමදේව
  • 560-565 ගණදේව
  • 567-590 පමණ භෞමගුප්ත (භූමිගුප්ත ලෙසින්ද, බොහෝ විට රජෙක් නොවිය හැක)
  • 567-573 ගංගාදේව
  • 575/576 දෙවන මානදේව (මුලාශ්‍ර සුළුවෙනි)
  • 590-604 පළමුවන ශිවදේව
  • 605-621 අම්ෂුවර්ම
  • 621 උදයදේව
  • 624-625 ධ්‍රැවදේව
  • 631-633 භීමර්ජුනදේව, ජිස්නුගුප්ත
  • 635 විශ්ණුගුප්ත - ජිස්නුගුප්ත
  • 640-641 භීමර්ජුනදේව / විශ්ණුගුප්ත
  • 643-679 නරේන්ද්‍රදේව
  • 694-705 දෙවන ශිවදේව
  • 713-733 දෙවන ජයදේව
  • 748-749 දෙවන ශංකරදේව
  • 756 තෙවන මානදේව
  • 826 බලිරාජ
  • 847 බලදේව
  • 877 සිව්වන මානදේව

මෙයද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. ගෞතමවජ්‍ර වජ්‍රාචාර්යය, "රීසන්ට්ලි ඩිස්කවර්ඩ් ඉන්ස්ක්‍රිප්ෂන්ස් ඔෆ් ලිච්චවී නේපෝල්", කත්මන්ඩු කයිලාෂ් - ජර්නල් ඔෆ් හිමාලයන් ස්ටඩීස්. වෙළුම 1, අංකය 2, 1973. (පිටු. 117-134)
  2. "ලිච්චවී සූත්‍ර," තනිස්සරෝ බික්ඛු විසින් පාලියෙහි සිට පරිවර්තනය කරන ලදි (2004).
  3. "රතන සූත්‍ර: ද ජුවල් ඩිස්කෝස්," පියදස්සි තෙරණුවන් විසින් පාලියෙන් පරිවර්තනය කරන ලදි (1999).
  4. පේතවත්තු, සතරවන පරිච්ඡේදය, පාලියෙන්.
  5. තුර්මාන්, රොබට්. "විමල්කීර්ති නිර්දේශ සූත්‍ර". Retrieved 17 සැප්තැම්බර් 2014.
  6. තමෝත්, කාශිනාත් සහ අල්සොප්, ඉයන්. "අ කුෂාන්-පීරියඩ් ස්කල්ප්චර්, ද ලිච්චවී කිංස්", Asianart.com

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=ලිච්චවී_(රාජධානිය)&oldid=352276" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි