Jump to content

ලිච්ඡවී (වංශය)

විකිපීඩියා වෙතින්
(ලිච්චවී (ජනරජය) වෙතින් යළි-යොමු කරන ලදි)
වෛශාලීහී පිහිටි, ලිච්චවීවරුන් විසින් තැනුනු, බුදුන්වහන්සේගේ ධාතු තැන්පත් ස්තූපය.

ලිච්චවීවරුන් යනු, සහජීවනයෙන් පාලනය කල පාලක වංශ අතුරෙන් ඉතාමත් ප්‍රචලිතව සිටි, පුරාතන ඉන්දියාවෙහි සහ නේපාලයෙහි, වජ්ජී මහාජනපදයෙහි වංශයන් වූහ. ලිච්චවීවරුන්ගේ අගනගරය වූ වෛශාලී, වජ්ජී මහාජනපදයෙහි අගනගරයද වූයේය. වජ්ජී බලප්‍රදේශය තම රජධානියට ඈඳාගත් අජාසත්ත විසින්, මෙම ප්‍රදේශය පසු කලෙක අධිවාසනය කෙරිණි.[1]

ඔහුගේ අර්ථශාස්ත්‍ර (පරි. XI) ග්‍රන්ථයෙහිදී, කෞටිල්‍යය විසින්, ලිච්චවීවරුන් විස්තර කෙරුණේ, එහි නායකයා විසින් රාජා (රාජශබ්දෝපජිවීනා) යන අභිධානය භාවිතා කල ගෝත්‍රීය සහජීවනයක් (ගණ සංඝයක්) ලෙසිනි. මහාපරිනිබ්බාණ සූත්‍රය නම් වූ බෞද්ධ ග්‍රන්ථයක් විසින් ඔවුන් හැඳින්වෙන්නේ ක්ෂත්‍රීයයන් ලෙසත් බුදුන්වහන්සේගේ ධාතුන්වහන්සේට හිමිකම් පෑ අයවළුන් අතුරෙන් එක් පාර්ශවයක් ලෙසටත්ය. ඔවුන් විසින්ම ක්ෂත්‍රීයය තත්ත්වය සඳහා හිමිකම් පෑ ඇත.[2] දීඝ නිකාය පරිදී, ලිච්චවීවරුන් වශිෂ්ට ගෝත්‍රයට අයත් වූහ.[3] මනුස්මෘති (X.22) හිදී , ලිච්චවීවරුන් තැබෙනුයේ ව්‍රත්‍ය ක්ෂත්‍රියවරුන් යන වර්ගයෙහිය.[4]

ඔහුගේ පරමත්‍ථජෝතිකා හිදී බුද්ධඝෝෂ අටුවචාරීන් විසින්, ලිච්චවීවරුන්ගේ සම්භවය බරණැස් නුවර වෙතට අනුරේඛනය කර ඇත. වර්තමාන උතුරු බිහාරය සහ නේපාලයෙහි ටෙරායි ප්‍රදේශය වෙතින් සමන්විත ප්‍රදේශය මත ලිච්චවී ආධිපත්‍යය පැතුරවුනු කාල සීමාව පිළිබඳ අවබෝධයක් නොමැත. මහාවීරතුමන් සහ ගෞතම බුදුන්වහන්සේගේ කාලය වන විට, මෙම වංශය විසින් ඔවුන්ගේ අගනගරය වූ වෛශාලී අවට ප්‍රදේශයෙහි ජනාවාසකරණය වී සිටියහ. බෞද්ධ සම්ප්‍රදායයන් විසින්, අභය, ඔත්තාධ, සහ මහාලි යන කුමාරවරුන්, සිහ, අජිත, දුම්මුඛ සහ සුනකත්ථ නම් සෙන්පතිවරුන් යන්නන් ඇතුළු කීර්තිමත් ලිච්චවීවරුන්ගේ නම් භාවිතයේ පවත්වා ගනිමින් සිට ඇත. භද්‍රවාහුගේ කල්පසූත්‍ර තුල මල්ල ජනරාජවරුන් නවදෙනෙක් සහ කාසි-කෝසල ජනරාජවරුන් දහඅටදෙනෙක් සමග මගධයට එරෙහිව, ගිවිසුමක් ඇතිකරගත් ලිච්චවී ජනරාජවරුන් (වර්ග නායකයන්) නවදෙනෙක් පිළිබඳ සඳහන් වෙයි. මෙම සන්ධානයෙහි නායකයා වූයේ චේතක වූ අතර, ඔහුගේ සොහොයුරිය ත්‍රිශාලා, මහාවීරගේ මව වූවාය.[5]

ලිච්චවී පරිපාලනය

[සංස්කරණය]
අග නගරය වූ වෛශාලීහී පිහිටි , ආනන්ද ස්තූපය, ස්තම්භයක් සමගින්

ලිච්චවී රාජ්‍ය පාලන ක්‍රමය පිළිබඳ තැන තැන විසිරුණු වාර්තා පමණක් ඉතිරිව ඇත. චුල්ලකලිංග ජාතකයෙහි සහ ඒකපණ්ණ ජාතකයෙහි හැඳින්වීමේ කොටසෙහි සඳහන් වන්නේ ලිච්චවීවරුන් හට රාජාවරුන් 7,707 සිටි බවයි. මෙම සංඛ්‍යාව සම්මතයක් පමණක් විය හැකි වන අතර, තථ්‍ය අගය විය නොහැක. මෙය විසින් දක්වනුයේ, ඔවුන්ගේ අසල්වැසි රාජ්‍යයන් බොහෝමයක් වෙතින් වෙනස් වූ ලිච්චවීවරුන්, පූර්ණ රාජාණ්ඩුවක් නොවුනු බවයි. පාලකයෙක් ලෙසින් ඔවුනතුරෙන් එක් අයෙකු සහ ඔහුට සහය වීමට නව දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් තෝරාගැනීමට සෑම වසරකම රැස්වූ රාජාවරුන් 7,707 මත අත්‍යන්ත අධිකාරිය පැවතිණි. ලිච්චවී ජනගහණයෙන් කුඩා කොටසකට පමණක් ඡන්දය දීමේ වරම තිබුණු මෙම ක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදයකට ප්‍රතිවිරුද්ධ ක්‍රමයක් විය. මෙම රාජා තත්ත්වය දැරුවේ, ක්ෂත්‍රීය වර්ණයට අයත් පවුල්වල පිරිමි ගෘහමූලිකයන් පමණක් වූහ.[6]

ලිච්චවී පරිපාලනයේ කේන්ද්‍රස්ථානය වූයේ, වජ්ජීයානු සන්ධීයනයෙහි අගනගරයද වූ, වෛශාලී විය. උච්චතම විධායකයා සහ අධිකරණමය බලාධිකාරියා වූයේ රාජා විය.[7] භද්දසාල ජාතකයෙහි හැඳින්වීමේ කොටසෙහි, වෛශාලීයෙහි ජනරාජයන් අභිෂේක කෙරුම සඳහා ජලය ලබාගැනුමට භාවිතා කල වැවක් පිළිබඳ සඳහන් වෙයි. සාකච්ඡා සඳහා මෙම ජනරාජයන් රැස්වූ සම්මන්ත්‍රණ ශාලාව හැඳින්වුනේ සන්ථඝාර ලෙසිනි.[8]

විධායකය

[සංස්කරණය]

රාජා (පාලන නායකයා), උපරාජා (නියෝජ්‍ය නායකයා) සහ සේනාපති (යුද්ධ හමුදාවේ නායකයා) යන්නන් ලිච්චවී පරිපාලනයෙහි ප්‍රධාන නිලධාරීන් තිදෙන ලෙසින් අත්ථතථා වෙත සඳහන් වෙයි .[7] ඒකපණ්ණ ජාතකයෙහි හැඳින්වීමේ කොටසෙහිදී තවද එක් අයෙක් සඳහන් වන අතර ඔහු භාණ්ඩාගාරික (භාණ්ඩාගාරයෙහි අධිපති) වෙයි.

අධිකරණය

[සංස්කරණය]
ක්‍රියුපෙ 600 දී වජ්ජී හෝ ව්‍රිජී මහාජනපද

අත්ථකථා පරිදී, අපරාධකරුවෙක් පළමුව භාර දෙනු ලබන්නේ විනිශ්චය මහාමාත්ථවරයෙක් (විනිශ්චය කරන මහේස්ත්‍රාත්වරයෙක්) වෙත වන අතර, ඔහු විසින් චූදිතයා විමර්ශනය කිරීමෙන් සහ හරස් ප්‍රශ්න ඇසීමෙන් අනතුරුව වරදකරු බවට තීරණය කලේ නම්, වෝහාරික (නීතිමිමාංසී-විනිසුරු) වෙත ඉදිරිපත් කෙරෙයි. චූදිතයා නිවැරැදිකරු බව ඔහුට පැහැදිලි වූයේ නම් ඔහු නිදහස් කිරීමට මොහුට බලය ඇති අතර, නොඑසේ නම් සූත්‍රධාර (අග්‍ර නීතිසංග්‍රහයෙහි විශාරද) වෙත භාරදෙනු ලබයි. චූදිතයා වරදකරු බව අවධාරණය කරගත් සූත්‍රධාර විසින්, ඔහු අත්ථකුලක (වචනාර්ථයෙන් වංශ සතක් වුවද, බොහෝවිට සන්ධීය අධිකරණයක් විය හැක) වෙත භාර දෙනු ලබයි. චූදිතයා වරදකරු බව අවධාරණය කරගත් අත්ථකුලක විසින් චූදිතයා වරදකරු බව අවධාරණය කරගතහොත්, ඔහු සේනාපති වෙත භාර දෙනු ලබන අතර, චූදිතයා වරදකරු බව නෙවලහා වටහා ගත් ඔහු විසින් උපරාජ වෙත චූදිතයා භාර දෙනු ලබයි. උපරාජ විසින්ද ඔහු වරදකරු බව වටහා ගත්තේ නම්, රාජා වෙත පාවා දෙනු ලබයි. රාජා විසින් චූදිතයා වරදකරු බවට තීරණය කෙරුනු විටක, පවේණිපොත්තක (පූර්වාදර්ශක පිළිබඳ පුස්තකය) තුල වරද සඳහා නියම කර ඇති දඬුවම චූදිතයා වෙත පනවනු ලබයි.[8]

ලිච්චවීවරුන් සහ රාජකීය ගුප්තවරුන්

[සංස්කරණය]
ඔවුන්ගේ පුත් සමුද්‍රගුප්තගේ, ක්‍රියු 350-380 කාසියක, ලිච්චවී රැජිණ කුමාරදේවී සහ පළමුවන චන්ද්‍රගුප්ත රජ දැක්වෙන අයුරු.

පළමුවන චන්ද්‍රගුප්ත නම් ගුප්ත අධිරාජයා විසින්, තුමාරදේවී නම් ලිච්චවී කුමාරිකාවක් සරණපාවා ගන්නා ලද අතර, සමුද්‍රගුප්තගේ පළමුවන චන්ද්‍රගුප්ත-කුමාරදේවී වර්ගයේ රත්රන් කාසිවල පසුපස පැත්තෙහි ලක්ෂ්මි දෙවඟනගේ රූපය සමගින්, ලිච්චවයා නම් ආඛ්‍යානය දක්නට ඇත.[9] සමුද්‍රගුප්තගේ අලහබාද් ස්තම්භයෙහි ශිලාලේඛනයන්හී, තමන් හඳුන්වාගන්නේ ලිච්චවීදවුහිත්‍ර (ඔහුගේ මවුගේ පාර්ශවයෙන් ලිච්චවීවරුන්ගේ මුණුපුරා) ලෙසිනි. මේවා විසින් බොහෝ විට ඇඟවෙනුයේ, රාජකීය ගුප්තවරුන්ගේ මස්තකප්‍රාප්තියට ඒක්ෂණයෙහි ලිච්චවීවරුන් විසින් මගධය අධිවාසනය කල බවක් වුවද, එය ඔප්පු කිරීමට සෘජු සාක්ෂි නොමැත.[10]

මෙයද බලන්න

[සංස්කරණය]

නේපාලයේ ලිච්චවී රාජධානිය

සටහන්

[සංස්කරණය]
  1. ^ රේචවුදූරී, හේමචන්ද්‍ර (1972), පොලිටිකල් හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඉන්ඩියා, කල්කටා විශ්වවිද්‍යාලයය, කල්කටාව, පිටු. 106–113, 186–90
  2. ^ බුඩිසම්, ඩිප්ලෝමසි, ඇන්ඩ් ට්‍රේඩ්: ද රීඅලියන්මන්ට් ඔෆ් සීනො-ඉන්ඩියන් රිලේෂන්ස්, 600-1400 ටංසෙං සෙං විසින් (2003), පි. 58.
  3. ^ තාපර්, රොමිලා (1984) ෆ්‍රොම් ලීනියේජ් ටු ස්ටේට්, ඔක්ස්වර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, බොම්බාය, පි. 85
  4. ^ බූලා, ජී. (2004). ද ලෝස් ඔෆ් මනු. දිල්ලිය: කොස්මෝ පබ්ලිකේෂන්ස්. p. 279. ISBN 81-7755-876-5.
  5. ^ රේචවුදූරී, හේමචන්ද්‍ර (1972), පොලිටිකල් හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඉන්ඩියා, කල්කටා විශ්වවිද්‍යාලය, කල්කටාව, පිටු.106-113
  6. ^ ජග්දීෂ් පී. ෂර්මා. රිපබ්ලික්ස් ඉන් ඒන්ෂන්ට් ඉන්ඩියා, ක්‍රිපූ 1500- ක්‍රිපූ 500 පමණ ඊ. ජේ. බ්‍රිල්, 1968, පි. 104
  7. ^ a b මහාජාන් වි.ඩී. (1960, යළි මුද්‍රණය 2007). ඒන්ෂන්ට් ඉන්ඩියා, එස්. චාන්ඩ් සහ සමාගම, නව දිල්ලිය, ISBN 81-219-0887-6, පි.227-8
  8. ^ a b ලෝ, බී.සී. (2005). ක්ෂත්‍රීය ක්ලෑන්ස් ඉන් බුඩිස්ට් ඉන්ඩියා, අජේ බුක් සර්විස්, නවදිල්ලිය, ISBN 81-87077-55-7, පිටු.107–23
  9. ^ රේචවුදූරී, හේමචන්ද්‍ර (1972), පොලිටිකල් හිස්ට්‍රි ඔෆ් ඒන්ෂන්ට් ඉන්ඩියා, කල්කටා විශ්වවිද්‍යාලයය, කල්කටාව, පිටු.468-9
  10. ^ ලිහිරි, බෙලා (1974) ඉන්ඩිජෙනස් ස්ටේටස් ඔෆ් නෝදන් ඉන්ඩියා (ක්‍රිපූ 200 - ක්‍රිව 320 පමණ), කල්කටා විශ්වවිද්‍යාලයය, කල්කටාව, පි.71,71n
"https://si.wikipedia.org/w/index.php?title=ලිච්ඡවී_(වංශය)&oldid=606735" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි