ලා ෆෝනරිනා
තරුණ කාන්තාවකගේ ආලේඛ්‍ය චිත්‍රය | |
---|---|
Italian: La fornarina | |
ශිල්පියා | රෆායල් |
වර්ෂය | 1518–1519 |
මාධ්‍යය | Oil on wood |
මාන | 85 cm × 60 cm (33 in × 24 in) |
පිහිටීම | Galleria Nazionale d'Arte Antica, Rome |
තරුණ කාන්තාවකගේ ආලේඛ්‍ය චිත්‍රය ( ලා ෆෝනරිනා ලෙසද හැඳින්වේ) යනු 1518 සහ 1519 අතර කාල පුනරුද සමයෙහි රෆායල් නම් ශ්‍රේෂ්ට ඉතාලි චිත්‍ර ශිල්පියා කළ සිතුවමකි. . එය රෝමයේ Palazzo Barberini හි Galleria Nazionale d'Arte Antica හි පිහිටා ඇත.
මෙම සිතුවමෙහි දැක්වෙන සුරූපී කාන්තාව මාගරීටා ලූති ලෙස සැලකෙන අතර ඇය අග්‍රගන්‍ය චිත්‍ර ශිල්පී රෆායල්ගේ සොරඹුව ලෙස සැලකේ.
විචාරය
[සංස්කරණය]ඇත්තෙන් ම සිතුවමෙහි දැක්වෙන කාන්තාවගේ රුව පිරිමින් වශීකිරීමට සමත් ය. ලූති එකල විසූ සුන්දරම ගැහැනියක බවට සැක නැත. පුනරුද සමයෙහි ඇති වූ දියුණුවත් සමග ස්වාභාවෝක්තියට මුල් තැනක් හිමි විය. එබැවින් ලූතිගේ සිතුවම ඇත්තේ අඩ නිරුවතිනි. ඈ තම එක් අතකින් තම වම් පයෝධරය අල්වා ගෙන සිටී. ඇත්තෙන් ම ඇගේ නිරුවත් පයෝධර විත්‍රයෙහි ආකර්ශනය වැඩි කර ඇත. ඇගේ මුහුනෙහි සිනහව ස්වභාවික ය. ඇගේ කෙළවරට ගත් දෑස පිරිමින් ආකර්ශනය කරගනී. ඇතැම් විචාර අනුව හෙළිවනුයේ ඇගේ බැල්ම තමා ඉදිරියෙහි වන්නාට තමා සමීපයට ම එන ලෙස කරන ආරාධනාවක් බව යි. මෙලෙස ඇගේ බැල්ම තමා හා ලිංගිකව හැසිරීමට කරන ආරාධනාවක් බැවින් ඇතැම් විචාරකයන් ඇය වෛශ්‍යාවක ලෙස පෙන්වා දී ඇත.
කෙසේවෙතත් එතෙක් මෙතෙක් විසූ ශ්‍රේෂ්ටත ම සිත්තරෙකුවන රෆායල්ගේ විශිෂ්ටත ම ආලේඛ්‍ය චිත්‍රය මෙය බවට අවිවාදයෙන් පිළිගැනේ.