රොබර්ට් ෆ්‍රැන්සිස් කෙනඩි ඝාතනය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

රොබට් කෙනඩිගේ සහෝදර ජෝන් .f. කෙනඩිගේ ඝාතනය පිලිබඳ දැනගැනීම සඳහා, ජෝන් .f. කෙනඩි ඝාතනය බලන්න

රොබට් F. කෙනඩි ඝාතනය
Rfk assassination.jpg
තුවාල ලබා බිම වැටි සිටි රොබට් .f.කෙනඩි, බොරිස් යාරෝ(Boris Yaro) ගේ කැමරා ඇසින්...ඔහු අසලින් සිටින්නේ අවුරුදු 17ක් වයසැති ජුවාන් රොමෙරෝ(Juan Romero),[1].
ස්ථානයඇම්බසිඩර් හෝටලය, ලොස් ඇන්ජලිස්, කැලිෆෝනියා, USA
ඛණ්ඩාංක34°03′35″N 118°17′50″W / 34.0597°N 118.2971°W / 34.0597; -118.2971ඛණ්ඩාංක: 34°03′35″N 118°17′50″W / 34.0597°N 118.2971°W / 34.0597; -118.2971
දිනය1968 ජුනි 5
12:15 a.m. (Pacific Time Zone)
ඉලක්කයරොබට් .f.කෙනඩි
ආයුධය(න්).22 කැලිබර් අයිවර්-ජොන්සන්
මරණ1
තුවාලකරුවන්5
අපරාධකරුවාසර්හැන් සර්හැන්


ඇමරිකා එක්සත් ජනපද සෙනට් සභික හා ඝාතනය වූ ජනාධිපති ජෝන් ෆිට්ස්ජෙරල්ඩ් කෙනඩි (John Fitzgerald "Jack" Kennedy) ගේ සහෝදරයා වූ රොබර්ට් ෆ්‍රැන්සිස් කෙනඩි (Robert Francis "Bobby" Kennedy) ඝාතනය 1968 ජුනි 5 වනදින ලොස් ඇන්ජිලිස්, කැලිෆෝනියා හිදී සිදුවිය. ඒ 1968 වසර පැවතී ජනාධිපතිවරණ වෙනුවෙන් පැවති කැලිෆොනියා සහ දකුණු දකොටාහි ප්‍රථමික වරණයෙහි ඩිමෝක්‍රටික් පක්ෂයේ නාමයෝජනා ජයග්‍රහණය ලබා ගැනීමෙන් අනතුරුවය. ඔහු ඇම්බසිඩර් හෝටලයෙහි මුළුතැන්ගෙය හරහා යනවාත් සමඟම වෙඩි තැබීම සිදුවූ අතර පැය 26 කට පසු ගුඩ් සමරිටන් රෝහලේදී මියගියේය. ඝාතනයට වරදකරු වූ අවුරුදු 24 ක් වයසැති පලස්තීන/ජෝර්දාන ජාතික සංචාරකයකු වූ සර්හැන් සර්හැන් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබීමට නියම විය. සර්හැන් වෙනුවෙන් පෙනීසිටි නිතිඥවරුන් සාක්ෂි ඉදිරිපත් කරමින් පෙන්වා දුන්නේ ඔහු මේ සිදුවීමට අදාල නොවන බවය්.[2] නමුත් වෙඩි තැබීම පුවත්පත් වාර්තාකරුවකු විසින් ශබ්ද පටිගත කොට ඇති අතර පසුව එය තහවුරු විය.[3]රොබට් කෙනඩි ඝාතනය ඇමරිකානු ඉතිහාසය තුල සෙනට් සභිකයන් ඝාතනය වූ අවස්ථා දෙකින් එකක් ලෙස සලකනු ඇත. Huey Long අනෙක් පුද්ගලයායි.

දේහය නිව්යෝර්ක් නුවර ශාන්ත පැට්‍රික්ස් පල්ලියහි දෙදවසක් මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර තිබු අතර ජුනි 8 වනදින ආලින්ටන් නැෂනල් සුසාන භූමියේදී ඔහුගේ සහෝදරයා මිහිදන් කල ස්ථානය අසල මිහිදන් කෙරිණි. ඔහුගේ මරණය ජනාධිපති අපේක්ෂකයන්ට ආරක්ෂාව සැපයීමට පෙළඹවූ අතර ඩිමෝක්‍රටික් පක්ෂය වෙනුවෙන් හර්බට් හම්ෆ්රි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවද ඔහු පරාජයට පත්විය. රිචර්ඩ් නික්සන් ජයග්‍රහණය ලැබීය.

ඔහුගේ ඝාතනයත් සමඟ කෙනඩි ඝාතනය හා ඒහා සම්බන්ධ සිදුවීම් අළලා ඝාතනය සිදුවූ ආකාරය ගැන විවිධ මතයන් ගොඩනැගිනි.


පසුබිම[සංස්කරණය]

කෙනඩි ලොස් අන්ජිලිස් ජනතාව අමතමින් (ඡායාරූපය ඉවන් ෆ්‍රීඩ්).

වයස අවුරුදු 22 දී පලස්තීන සංචාරයකට සහභාගී වූ කෙනඩි ඒ සම්බන්ධව Boston Post වෙත ඔහුගේ සංචාරය පිළිබඳවත් එය ඔහුට බලපෑ ආකාරයත් සඳහන් කරමින් සන්දේශයක් නිකුත් කළේය.[4] එම සන්දේශයෙහි ඔහු යුදෙව් වැසියන් අගය කරන බවද සඳහන් කොට තිබු අතර සෙනෙට් සභිකයකු ලෙසින් ඔහු පසුකාලීනව ඊශ්‍රායෙලයට නීතිවේදියකු ලෙසත් අනුග්‍රහකයකු ලෙසත් බොහෝ සහය ලබා දුන්නේය.[5]

කෙනඩි නීතිපතිවරයකු ලෙසින් 1961 ජනවාරි සිට 1964 සැප්තැම්බර් දක්වා සේවය කල අතර සෙනට් සභාවට තරඟ කිරීමට ඇති අවශ්‍යතාවය නිසා එයින් ඉවත්විය. 1965 ජනවාරි 3 වන දින සෙනෙට් සභිකයකු ලෙස තේරීපත්විය. [6]

ජනාධිපති ලින්ඩන් .B. ජොන්සන් පාලන කාලය තුල දුප්පත්කම අවම කිරීමට හා විවේචනය නොකිරීමට නීති සම්පාදනය වී තිබුනත් ප්‍රධාන නගර වල කැරලි කෝලාහල වර්ධනය වෙමින් පැවතුනි. තවද වියට්නාමයහි ක්‍රියාත්මක වෙමින් පැවතුන යුධමය වාතාවරණය සම්බන්ධවද විරුද්ධ මතයන් ගොඩනැගෙමින් පැවතිනි. මෙම සමාජ නොසන්සුන්බව 1968 ජනාධිපතිවරණය කට මුලපිරීය. [7][8]

1968 අප්‍රේල් 04 මාර්ටින් ලුතර් කින්ග් Jr. ඝාතනය තව තවත් කැරලි කෝලාහල කැරලි කෝලාහල ඇමරිකාව පුරා උත්සන්න වීමට හේතුවක් විය. [9] කෙනඩි 1968 මාර්තු 16 වනදින ඩිමෝක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමයෝජනා ලැයිස්තුවට ඇතුලත් වීමට තීරණය කළේය. සති 2කට අනතුරුව ජොන්සන් ප්‍රකාශ කරමින් කියා සිටියේ තමන් තවදුරටත් වරණයකට ඉදිරිපත් වීමට අපේක්ෂා නොකරන බවය්. මසකට අනතුරුවඋප ජනපති හර්බට් හම්ෆ්‍රී නිවේදනය කරමින් කියා සිටියේ තමන් ජනාධිපති ධුරය දැරීමට අපේක්ෂා කරන බවය්. ඔහුට බහුතරයක් ඩිමෝක්‍රටික් පක්ෂ නියෝජිත සහය ලැබුණු අතර හම්ෆ්‍රී සමඟ සංසන්දනය කිරීමේදී කෙනෙඩි දෙවන ස්ථානයේ පසුවිය. [10]

ඝාතනය[සංස්කරණය]

ජනාධිපතිවරණය සඳහා වූ කැලිෆෝනියාහි ප්‍රාථමික වරණය පැවැත්වුයේ 1968 ජුනි 4 අඟහරුවාදා දිනදීය. චන්දය ප්‍රකාශ කිරීම අවසන් වී පැය 4 කට පසු ප්‍රථමික වරණයෙහි ජය කෙනඩිට හිමිවිය. මධ්‍යම රාත්‍රී 12:10 ට පමණ ඔහු ලොස් අන්ජෙලිස්හි මිඩ්-විල්ශයර් දිස්තික්කයෙහි ඇම්බසිඩර් හෝටලයෙහි උත්සවශාලාවේදී ඔහුගේ ආධාරකරුවන් අමතන ලදී..[11] එම වකවානුව තුල රජය විසින් රහස් සේවය ආරක්ෂාව සලසන ලද්දේ පාලක ජනපතිට පමණකි. කෙනඩිගේ ආරක්ෂාව සපයනු ලැබුවේ FBI නියෝජිත විලියම් බැරී(William Barry) හා නිල නොලත් ආරක්ෂකයන් දෙදෙනකු විසිනි.[12] චන්ද ව්‍යාපාරය අතරතුර මහජනයා අතරට යාමට කෙනඩිට අවස්ථාව ලැබිණි. ජනතාව කෙනඩි ස්පර්ශ කිරීමට උත්සහ කල අවස්ථාද විය.[13]

පිරිස ඇමතීමෙන් අනතුරුව හෝටලයෙහි අනෙක් පිරිස් ඇමතීමට උත්සව ශාලාව හරහා ගමන් කිරීමට කෙනඩි තීරණය කර තිබුණි.[14] කෙසේ නමුත් වාර්තාකරුවන්ට ප්‍රවෘත්ති සාකච්චාවක් අවශ්‍යව තිබිණි. කෙනඩිගේ පුද්ගලික සහයක ,තවත් පිරිසක් ඇමතීමට වඩා උත්සව ශාලාවේ පිටුපසින් මුළුතැන්ගෙය හරහා පුවත් සාකච්චාවට යා යුතු යැයි තීරණය කළේය. කෙනඩි තම කතාව නවත්වා යාමට සරසේනවාත් සමගම විලියම් බැරී ඔහුව නවත්වා කියා සිටියේ "No, it's been changed. We're going this way."(උත්සව ශාලාව හරහා නොයන බවත් වෙනත් මගකින් ගමන් කරන බවත්ය)."[15] Barry හා Dutton පිරිස මෙහෙයවමින් කෙනඩිගේ ගමන් මග මුළුතැන්ගෙයි කොරිඩෝවට යොමුකලද කාල් උකර්(Karl Uecker) අනුගමනය කල කෙනඩි පිරිස අතර සිරවිය.[15]

කාල් කෙනඩිගේ අතින් අල්ලාගෙන මුළුතැන්ගෙයි පෙදෙස හරහා ඔහුව යොමු කළේය. එක්වරම ඉදිරියට මුණගැසුණු පිරිස දුටු කෙනඩි තිගැස්සිණි.[16] කාල් හා කෙනඩි පටුමාර්ගය වෙත ගමන් කරන්නටවිනි. පටුමාර්ගය අයිස් යන්ත්‍රයකින් හා වම්පසින් වාෂ්ප මේසයකින්(steam table) ඇහිරී තිබිණි. [16] කෙනඩි වම්පසට ගමන් කරනවාත් සමගම කාල් පසුකරමින් පැමිණි සර්හැන් සර්හැන් කෙනඩිට වෙඩි තබන්නට විය. පසුව අනාවරණය කරගත් කරුණු අනුව වෙඩි තබා ඇත්තේ .22 කැලිබර් අයිවර් ජොන්සන් කැඩෙට්වර්ගයේ රිවෝල්වරයකින් බව තහවුරුවිය. [17]

කෙනඩි බිමට ඇදවැටුණු පසුත් සර්හැන් දෙවතාවක් අපේක්ෂක කෙනඩිගේ මුහුණට වෙඩිතබනු FBI නියෝජිත බැරී දැක ඇත. එම අවස්ථාවේදීත් අවට පිරිස නම් වශයෙන් කාල් උකර් හා එඩ්වර්ඩ් මිනැසියන්(Edward Minasian), ලේඛක ජෝර්ජ් ප්ලිම්ටොන්(George Plimpton),ඔලිම්පියානු රන් පදක්කම්ලාභී දශ ප්‍රයාම ක්‍රීඩක රෆර් ජොන්සන්(Rafer Johnson) හා ඇමරිකානු පාපන්දු ක්‍රීඩක රෝසේ ග්‍රීඅර්(Rosey Grier) සර්හැන් අල්ලා නිරායුධ කිරීමට උත්සහ දරාඇත.[18] නොනවත්වා එක් එක් දිශාවන්ට එල්ල කල වෙඩි ප්‍රහාර හේතුවෙන් කෙනඩිට අමතරව පුද්ගලයින් පස් දෙනෙකුද තුවාල ලැබීය.(විලියම් වීසල්(William Weisel) - ABC පුවත්,පොල් ශ්ක්‍රාඩ්(Paul Schrade) - යුනයිටඩ් ඔටෝ වර්කර්ස්(United Auto Workers) වෘත්තිය සමිතිය ,එලිසබෙත් එවන්ස්(Elizabeth Evans) - ඩිමෝක්‍රටික් පක්ෂය, අයිරා ගෝල්ඩ්ස්ටීන්(Ira Goldstein) - යුරෝපීය පුවත් සේවය, අර්වින් ස්ට්‍රෝල්(Irwin Stroll))[18]

ග්‍රහණයෙන් මිදුණු සර්හැන් නැවතත් රිවෝල්වරය අතට ගත්තද එහි උණ්ඩ සියල්ල අවසන් නිසා ඔහුව දමනය කරගැනීම පහසු විය.[19] කෙනඩි අසලට පැමිණි බැරී ඔහුගේ කබාය අපේක්ෂක කෙනඩිගේ හිසට යටින් තැබුවේය. පසුව සඳහනක් කරමින් ඔහු ප්‍රකාශ කර සිටියේ "I knew immediately it was a .22, a small caliber, so I hoped it wouldn't be so bad, but then I saw the hole in the Senator's head, and I knew" ("එය .22 කැලිබර් රිවෝල්වරයක් බව මා ක්ෂණිකවම දැනගත්තා.. මම සිතුවා එය එතරම් දරුණු දෙයක් නොවේ කියා.. නමුත් ඔහුගේ හිසෙහි තුවාලය දුටුවිටයි මට වැටහුනේ...").[19] තත්වය ව්‍යාකූල කරමින් සෑම දෙසින්ම වාර්තාකරුවන් හා ඡායාරූපශිල්පීන් සිද්ධිය සිදුවූ ස්ථානයට රැස්විය. පිරිස අතර සිටි ජුවන් රොමෙරෝ(Juan Romero), තුවාල ලබා සිටි කෙනඩිගේ හිස ඔසවා ඔහුගේ අත්ලෙහි (කුන්තය) තැබීමෙන් අනතුරුව කෙනඩි රොමෙරෝ ගෙන් අසා සිටියේ හැමෝම හොදින්ද යනුවෙනි.[20][21]

උදව් බලාපොරොත්තුවෙන් සිදුවීම සිදුවූ ස්ථානයට පිටතින් සිටි කෙනඩිගේ බිරිඳ ඊතල් පසුව කෙනඩි කරා ගොස් ඔහු අසලින් දණගසා වාඩිවිය. ඔහු හිස හරවා ඇයව හදුනාගත් බව පෙනෙන්නට විය. මිනිත්තු කිහිපයකට පසු ‍‌ගිලන් රථය පැමිණි අතර වෛද්‍යධාර සඳහා කෙනඩිව රැගෙන යන්නට විය.[22] එයින් මොහොතකට පසු පියවි සිහිය නැතිවිය. රෝහල් ගතකිරීම සඳහා සැතපුමකට ආසන්න දුරක් ගෙවයාමට සිදුවිය. කෙනඩිගේ තත්වය අවිනිශ්චිතව පැවතිනි. හදවත තෙරපන අතරතුර වෛද්‍යවරයා විසින් ඔහුගේ කම්මුල් පෙදෙසට පහරක් එල්ල කරමින් ඔහුට ආමන්ත්‍රණය කල අතර අවිනිශ්චිත තත්වය පහවීමෙන් අනතුරුව වෛද්‍යවරයා විසින් වෙදනලාව ඊතල් හට ලබා දුන්නේය. ඒ ඇයට ඔහුගේ හෘද ස්පන්දනය ඇසීම යම් සහනයක් ලබාදෙන බැවිනි.[23]

මිනිත්තු 30 කට පමණ පසු ශල්‍යකර්මයක් සඳහා කෙනඩිව ලොස් අන්ජිලිස්හි ගුඩ් සමරිටන් රෝහලට ඇතුලත් කරන ලදී. රෝහල අසල ගෘහස්ථ ක්‍රීඩාංගණය ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව විටින් විට තොරතුරු මාධ්‍ය වෙත ලබාගැනීමට තාවකාලික මධ්‍යස්ථානයක් ලෙසට වෙන් කෙරිණි. පෙරවරු 3:12 ට පමණ ශල්‍යකර්මය ආරම්භ කල අතර එය පැය 3ක් හා විනාඩි 40ක් පුරාවට පැවතිනි.[24] පැය 10 ක් හා විනාඩි 30 කට පසු නියෝජිතයකු (ෆ්‍රෑන්ක් මැකිඅවික්ස්(Frank Mankiewicz)) විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ වෛද්‍යවරුන් පවසන ආකාරයට පවතින තත්වය තුල ප්‍රගතියක්‌ බලාපොරොත්තු වීමට නොහැකි බවත් ඔහුව ජීවත් කරවීමට අපහසු බවත්ය.[25]

කෙනඩිට තෙවතාවක් වෙඩි වැදී ඇත. එක් උණ්ඩයක් සෙ.මි 2.54 දුරක සිට දකුණු කන පිටුපසින් ඇතුල් වී ඇති අතර කැබලි මොලය පුරා සම්පුර්ණයෙන්ම විසිරී ඇති බවත් [26] , අනෙක් උණ්ඩ 2 දකුණු කිහිලි ප්‍රදේශයට පිටුපසින් ඇතුල් වී එයින් එකක් පපු ප්‍රදේශයෙන් පිටවී ඇති අතර අනෙක ගෙලහි සිරවී ඇත..[27] ගුඩ් සමරිටන් රෝහලෙහි අවශ්‍ය සියලු ශල්‍යකර්ම සඳහා උපරිම පහසුකම් තිබුනත් ජුනි 6 වනදින පෙරවරු 1:44 ට කෙනඩි අවසන් හුස්ම හෙලුවේය. ඒ වනවිට වෙඩි තබා පැය 26ක් ගතවී තිබිණි.[23]

කෙනඩිගේ මරණය සැලවීමෙන් අනතුරුව ඔහුගේ නියෝජිත ෆ්‍රෑන්ක් මැකිඅවික්ස් රෝහලින් පිටව ගෘහස්ථ ක්‍රීඩාංගණය වෙත ගිය ඔහු නිල නිවේදනයක් නිකුත් කළේය.[28] එය ඔහුට තරමක් අසීරු කාර්යයක් විය.

"I have, uh, a short..... I have a short announcement to read, which I will read, uh..... at this time. Senator Robert Francis Kennedy died at 1:44 AM today, June 6, 1968. With Senator Kennedy at the time of his death were his wife Ethel, his sisters Mrs. Stephen Smith, Mrs. Patricia Lawford, his brother-in-law Mr. Stephen Smith, and his sister-in-law Mrs. John F. Kennedy. He was 42 years old. Thank you."

("මෙම මොහොත්දී මට කෙටි දැනුම්දීමක් කිරීමට අවශ්‍යව තිබෙනවා.. සෙනට් සභික රොබර්ට් ෆ්‍රැන්සිස් කෙනඩි 1968 ජුනි 6 වනදින පෙරවරු 1:44 ට අප අතරින් වෙන්ව ගියා.. එම මොහොතේදී ඔහුගේ බිරිඳ ඊතල්,ඔහුගේ සහෝදරිය ස්ටෙෆන් ස්මිත්(Stephen Smith) මහත්මිය,පැට්‍රිෂියා ලොෆොර්ඩ්(Patricia Lawford) මහත්මිය, ඔහුගේ මස්සිනා වූ ස්ටෙෆන් ස්මිත්(Stephen Smith) මහතා සිටියා.. ඔහු මිය යන විට වයස අවුරුදු 42 ක්.. ස්තුතියි... ") ප්‍රකාශය ජුනි 6 වනදින පෙරවරු 2:00 ට නිකුත් කළේය.

Sirhan Sirhan[සංස්කරණය]

  ප්‍රධාන ලිපිය : Sirhan Sirhan 

සර්හැන් සර්හැන් පලස්තීන අරාබි ක්‍රිස්තියානු ජෝර්දානයේ පුරවැසිභාවය හිමි පුද්ගලයෙකි. ඔහු දැඩිව යුදෙව් මතවාද බැහැර කල අතර ජෙරුසලම ඔහු උපන් ගම විය..[29][30]. සර්හැන්ගේ නිවස සෝදිසි කිරීමේදී ඔහුගේ දිනපොත ලැබුණු අතර එහි 'ඔහුගේ අභිප්‍රාය RFK(රෝබෙර්ට් ෆ්‍රැන්සිස් කෙනඩි) දිනෙන් දින ලබාගන්නා සාර්ථකත්වය ව්‍යර්ථ කිරීම බවත්, එසේ වීමට නම් ඔහුව ඝාතනය කල යුතු බවත්, එය ජුනි 5 වන දිනට පෙරාතුව සිදුවිය යුතු බවත්ය.'සඳහන් විය. ("My determination to eliminate RFK is becoming more and more of an unshakable obsession. RFK must die. RFK must be killed. Robert F. Kennedy must be assassinated..... Robert F. Kennedy must be assassinated before 5 June 68.") ඝාතනය සඳහා වෙන්වූ දවස සුවිශේෂ දිනයක් විය. එය ඊශ්‍රායලය හා අනෙකුත් අරාබි රටවල් අතර පැවතී දින හයේ යුද්ධයහි ප්‍රථම සංවත්සරය විය.[31]සර්හැන් පොලිස් අත්අඩංගුවට පත්වූ පසු ඔහුගේ ළඟ තිබී කෙනඩිගේ ඊශ්‍රායලයට සහයෝගය පලකිරීම සම්බන්ධ පුවත්පත් ලිපියක් සොයාගැනිණි. ප්‍රශ්න කිරීම් වලදී ඔහු පවසා සිටියේ සහයෝගයේ සැබෑ ස්වරූපය දැනගත් පසු ඔහු කෙනඩිට වෛර කිරීමට පටන් ගත් බවයි.[32][33].1989 දී , ඔහු ඩේවිඩ ෆොස්ට්ට පවසා ඇත්තේ, "My only connection with Robert Kennedy was his sole support of Israel and his deliberate attempt to send those 50 bombers to Israel to obviously do harm to the Palestinians".("රොබට් කෙනඩිත් සමඟ මගේ ඇති එකම සම්බන්ධය ඔහු ඊශ්‍රායලයට පෙන්වන පහත් සහයෝගයත්,පලස්තීන ජනතාව විනාශ කරන්නට බෝම්බකරුවන් පනස් දෙනෙකු යැවීමට ගන්නා උත්සාහයත් පමණයි." )[34]යම් අයෙක් මෙම ඝාතනය මැදපෙරදිග අරාබි - ඊශ්‍රායල් ගැටුම නිසා ඇතිවූ ප්‍රමුඛ පෙලේ දේශපාලන ප්‍රචණ්ඩත්වයක් ලෙස විශ්වාස කරන්නට විය.[35]

සිද්ධිය සම්බන්ධව 1969 අප්‍රේල් 17 සර්හැන් වරදකරු වූ අතර එයින් දවස 6 කට පසු ඔහුට මරණ දණ්ඩනය නියම විය.[36]1972 දි කැලිෆෝනියා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මරණ දණ්ඩනයට නියම වූ සියලුදෙනාට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලබාදීමට තීරණය කරන ලදී. වර්ෂ 2011 දි සර්හැන් ගේ වාචික ප්‍රතිඥාව 14 වන වරටත් ප්‍රතිෂේප වූ අතර දැනට සැන් ඩියාගෝ හි රිචර්ඩ් ජේ. ඩොනොවන්(Richard J. Donovan) බන්ධනාගාරයෙහි රඳවා ඇත.[37]

විකල්ප මතයන්[සංස්කරණය]

  ප්‍රධාන ලිපිය :Robert F. Kennedy assassination conspiracy theories 

1963 ඔහුගේ සොයුරු, ජනපති ජෝන් .f.කෙනඩි ගේ ඝාතනයත් සමඟ, රොබර්ට් කෙනඩිගේ මරණය ලෝකය පුරා මහත් ආන්දෝලනයකට තුඩු විය. රාජ්‍ය නොවන පිරිස් පවා සිදුකල ගවේෂනයන්ට ඍජුවම සහභාගී වනු දක්නට ලැබිණි. සමහර ගවේෂකයන් අපරාධය සම්බන්ධයෙන් විකල්ප මතයන් ගොඩ නැගීය. යම අයෙක් දැනට සිදුවුවායැයි කියන සිදුවීම සම්බන්ධව විරුද්ධව නොයෙක් ප්‍රශ්න මතු කරන්නට විය. [38]

ලෙගසිය[සංස්කරණය]

අනුස්මරණය[සංස්කරණය]

මරණ පරීක්ෂණයෙන් අනතුරුව ජුනි 6 වන දින කෙනෙඩිගේ සිරුර නිව්යෝර්ක් නගරයට ගෙන්වන ලදී. මහජන ප්‍රදර්ශනය සඳහා ශාන්ත පැට්‍රික්ස් පල්ලියෙහි තැන්පත් කරන ලදී. දහසකට අධික ප්‍රමාණයක් කෙනෙඩිව දැක බලා ගත්හ. පසුව අවසන් කටයුතු ජුනි 8 වන දින සිදුකෙරිණි.[39]


කෙනඩිගේ බාල සහෝදරයා වූ එඩ්වර්ඩ් මූර් ටෙඩ් කෙනඩි(Edward Moore "Ted" Kennedy) රොබට් කෙනඩි අගය කරමින් අවසන් කතාව පැවැත්විය.[40] ඔහුගේ වදන් වලින් :

"මගේ සහෝදරයා උත්කෘෂ්ට සේ සලකන්න අවශ්‍ය නැහැ. නමුත් සරලවම ඔහු හොද විනීත ,වැරදි දැක ඒවා නිවැරදි කරන්න උත්සහ ගත්, වේදනාව දැක එය සමනය කරන්න උත්සහ ගත් , යුද්ධය දැක එය වලක්වන්න උත්සහ ගත් පුද්ගලයකු බව මතක් කරන්නට අවශ්‍යයි. ඔහුට ආදරය කල පිරිස විදියට අපි යාඥා කරනවා ඔහු අපි වෙනුවෙනුත් අනෙක් අය වෙනුවෙනුත් ප්‍රර්ථනා කල දේ යම හෝ දවසක ලෝකෙට ලැබෙන්න කියලා."

එයින් පසු කෙනඩිගේ දේහය සෙමින් ගමන් කරන දුම්රියක වොෂින්ටන් ඩී.සි බලා ගමන කරවීමට සලස්විනි. දහස් සංඛ්‍යාත ජනයා දුම්රිය මඟ දෙපස , දුම්රිය නැවතුම් ස්ථාන වල රැස්ව සිට තම ශෝකය ප්‍රකාශ කළහ.[41]

සුසාන භූමියට යන අතරතුර අවමඟුල් පෙරහැරට පුනුරුත්ථාපන කදවුරක් හරහා යාමට සිදුවිය. එහිදී දුප්පත් මිනිසුන් වෙනුවෙන් වූ ව්‍යපාරයේ කොටසක් ලෙසින් shantytown විරෝධතා ව්‍යපාරය සංවිධානය වී තිබිණි..[42]පසුව විරෝධතාවය Lincoln ස්මාරකය ඉදිරියේදී අවසන් කෙරිණ. පුනුරුත්ථාපන කදවුරහි වැසියන්ද පෙරහරට එක්විය.[43][44]

රොබට් .f.කෙනඩි ඔහුගේ වැඩිමහල් සොයුරු ජැක් මිහිදන් කල ස්ථානය අසල මිහිදන් කළේය. එය අර්ලින්ටෝන් නැෂනල් සුසන භුමියේ රාත්‍රියක සිදුකල පළමු මිහිදන් කිරීමයි. දෙවැන්න ඔහුගේ බාල සොයුරු ටෙඩ් කෙන්ඩිය..[39][41]

රොබට් .f.කෙනඩි ඝාතනයෙන් පසු මහසභාව ප්‍රකාශ කලේ රහස් සේවයහි ආරක්ෂාව ජනාධිපති අපේක්ෂකයන්හට අනිවාර්යයෙන්ම ලබාදිය යුතු බවයි.[45] ලින්ඩන් ජොන්සන් විසින් ඉතිරි අපේක්ෂකයන්හට ආරක්ෂාව සපයන ලෙස නියෝග නිකුත් කෙරිණි..[46]

1968 වරණය[සංස්කරණය]

මෙම කාලය තුල කෙනඩිට හිමිව තිබු නියෝජිත සහය හම්ෆ්‍රීට හිමි සහයට සාපේක්ෂව තරමක් අඩුය.[47] නමුත් ප්‍රථමික වරණයේදී කැලිෆෝනියාහි කෙනඩිට හිමිවූ ජයග්‍රහනයත් සමඟ බොහෝ අය අවසානයේ ඔහුගේ නාමයෝජනා ස්ථිර වේ යයි විශ්වාස කළහ.[48] එම වසර තුල ප්‍රාන්ත 13 ක පමණක් ප්‍රාථමික වරණ පැවැත්විණි. ඒ තොර ගන්නා අපේක්ෂකයා ඔහුගේ පුද්ගලික ස්වරූපය අනුව තෝරා ගැනීමේ අපේක්ෂාවෙනි. ආතර් .එම්. ස්ච්ලේසිංගර් , ජුනියර්(Arthur M. Schlesinger, Jr.) හා අනෙක් පිරිස වාද කරමින් සම්මේලනයේදී කියා සිටියේ කෙනඩිගේ බහුශ්‍රැත ස්වභාවයත් පිරිස් බලයත් පැහැදිලිවම ඔහුට නාමයෝජනා ලබාදීමට තරම් ප්‍රමාණවත් බවයි.[49]නමුත් මයිකල් බෙස්ච්ලොස්(Michael Beschloss) විශවාස කලේ කෙනඩිට නාමයෝජනා නොලැබෙන බවයි.[50] Chicago හි පවතී සම්මේලනයෙන් පසු හම්ෆ්‍රී අදහස් කල ඡන්ද ප්‍රමාණය නොලැබුනත් සැලකිය යුතු ප්‍රමාණයක් ඔහු හිමි කර ගත්තේය. නමුත් අවසානයේ හම්ෆ්‍රී ජනාධිපතිවරණය රිචර්ඩ් නික්සන්ට පරාජය විය.

තවදුරටත්[සංස්කරණය]

නිර්දේශ[සංස්කරණය]

සටහන[සංස්කරණය]

  1. "PHOTOS: A busboy kneels again next to RFK". Los Angeles Times.
  2. "Bullet switch proves Sirhan Sirhan innocent of Robert F Kennedy assassination, claim lawyers". Daily Record.co.uk. Retrieved 12/1/11. Check date values in: |accessdate= (help)
  3. Martinez, Michael (April 30, 2012). "RFK assassination witness tells CNN: There was a second shooter". CNN.
  4. Fischbach, Michael R. (June 2, 2003). "First Shot in Terror War Killed RFK". Los Angeles Times. Retrieved March 12, 2010.
  5. Ben-David, Lenny (April 4, 2008). "This Kennedy was our friend". Jerusalem Post. Retrieved March 9, 2010.
  6. "Kennedy, Robert Francis — Biographical information". Biographical Directory of the United States Congress. Archived from the original on 30 July 2008. Retrieved 2008-07-26. Cite uses deprecated parameter |deadurl= (help)
  7. "1964: Election triumph for Lyndon B Johnson". On this Day. BBC. 1964-11-03. Archived from the original on 8 April 2008. Retrieved 2008-04-24. Cite uses deprecated parameter |deadurl= (help); Check date values in: |year= / |date= mismatch (help)
  8. "Biography of Lyndon B. Johnson". White House. Archived from the original on 2008-04-09. Retrieved 2008-04-24.
  9. "1968: Martin Luther King shot dead". On this Day. BBC. 1968-04-04. Retrieved 2006-09-17. Check date values in: |year= / |date= mismatch (help)
  10. Moldea 1995
  11. "RFK LAPD Microfilm, Volume 75 (SUS Final Report)". Mary Ferrell Foundation. Retrieved 2008-07-25.
  12. Moldea 1995
  13. Witcover 1969
  14. Witcover 1969
  15. 15.0 15.1 Witcover 1969
  16. 16.0 16.1 Moldea 1995, chapter 1
  17. Witcover 1969
  18. 18.0 18.1 "A Life On The Way To Death". TIME. 1968-06-14. Archived from the original on 1 May 2008. Retrieved 2008-04-27. Cite uses deprecated parameter |deadurl= (help); Italic or bold markup not allowed in: |publisher= (help)
  19. 19.0 19.1 Witcover 1969
  20. "Bobby's Last, Longest Day". Newsweek: 29–30. 1968-06-17.
  21. Witcover 1969
  22. Heymann, C. David (1998). RFK: a candid biography of Robert F. Kennedy. New York: Dutton. පි. 500. 
  23. 23.0 23.1 "Everything Was Not Enough". TIME. 1968-06-14. Retrieved 2008-04-27. Italic or bold markup not allowed in: |publisher= (help)
  24. Witcover 1969
  25. Witcover 1969
  26. "The Man Who Loved Kennedy". TIME. 1969-02-21. Retrieved 2008-04-27.
  27. Moldea 1995
  28. Huntley, Chet (June 6, 1968). "The Death of Robert F. Kennedy". NBC Nightly News. NBCUniversal Media, LLC. Retrieved July 3, 2012.
  29. "Behind Steel Doors". TIME. 1969-01-17. Retrieved 2008-04-27.
  30. "Selectivity In Los Angeles". TIME. 1969-01-31. Retrieved 2008-04-27.
  31. Coleman, Loren (2004). The Copycat Effect: How the Media and Popular Culture Trigger the Mayhem in Tomorrow's Headlines. New York: Paraview Pocket. ISBN 978-0-7434-8223-3. 
  32. Moldea 1995
  33. Trial transcript. 18. Mary Ferrell Foundation. පි. 5244. http://www.maryferrell.org/mffweb/archive/viewer/showDoc.do?docId=99533&relPageId=221. Retrieved 2008-07-26. 
  34. "Sirhan Felt Betrayed by Kennedy". The New York Times. Associated Press. February 20, 1989. Retrieved October 20, 2013.
  35. "RFK's death now viewed as first case of Mideast violence exported to U.S." San Diego Union Tribune (Boston Globe). June 8, 2008.
  36. "Sirhan Sirhan Kept Behind Bars". CBS. 2003-03-06. Retrieved 2008-05-18.
  37. "Sirhan Sirhan moved to new California prison". San Jose Mercury News. November 23, 2013.
  38. Turner, William; Christian, John (1978). The Assassination of Robert F. Kennedy. New York: Random House. 
  39. 39.0 39.1 Hoggard, Liz (2007-01-21). "The night Bobby Kennedy was shot". The Independent on Sunday. Archived from the original on December 2, 2007. Retrieved 2008-05-12.
  40. "American Rhetoric: Edward Kennedy — Eulogy for Robert F. Kennedy". americanrhetoric.com. Archived from the original on May 9, 2008. Retrieved 2008-05-12. Cite uses deprecated parameter |deadurl= (help)
  41. 41.0 41.1 "Arlington National Cemetery: Visitor Information". Arlington Cemetery. Archived from the original on May 11, 2008. Retrieved 2008-05-12. Cite uses deprecated parameter |deadurl= (help)
  42. Kotz, Nick (2005). "Epilogue: The Legacy". Judgment days: Lyndon Baines Johnson, Martin Luther King Jr., and the laws that changed America. Boston: Houghton Mifflin. පි. 422. ISBN 0-618-08825-3. 
  43. Engler, Mark (January 15, 2010). "Dr. Martin Luther King's Economics: Through Jobs, Freedom". The Nation. Retrieved July 19, 2012.
  44. Mossman, B.C. (1991). "XXVIII: Senator Robert F. Kennedy". The Last Salute: Civil and Military Funerals 1921–1969. Washington, D.C.: Department of the Army. http://www.history.army.mil/books/Last_Salute/Ch28.htm. Retrieved July 19, 2012. 
  45. "United States Secret Service History". United States Secret Service. Archived from the original on 13 May 2008. Retrieved 2008-05-12. Cite uses deprecated parameter |deadurl= (help)
  46. Smith, Terence (2003-10-29). "Transcript:Online NewsHour — Deadlines Past". PBS. Retrieved 2008-05-18.
  47. Kerridge, Steven (2007-01-27). "Would Robert Kennedy have been president?". The Guardian. London. Retrieved 2007-11-26.
  48. Thomas, Evan (2000). Robert Kennedy: His Life. New York: Simon & Schuster. පි. 24. ISBN 978-0-684-83480-1. 
  49. Schlesinger, Jr., Arthur M. (1996). Robert Kennedy and His Times. Ballantine Books. ISBN 0-345-41061-0. 
  50. Beschloss, Michael (1996-08-11). "Let's Have Conventions With Cliffhangers". The New York Times. Retrieved 2008-05-13.

ග්‍රන්ථ නාමාවලිය[සංස්කරණය]

භාහිර ලින්ක්[සංස්කරණය]


en:Category:1968 murders in the United States Kennedy, Robert F. Kennedy, Robert F en:Category:History of Los Angeles, California en:Category:Terrorist incidents in the United States en:Category:United States presidential election, 1968 en:Category:Assassination of Robert F. Kennedy