එදා හෙළදිව

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(එදා හෙළදිව(පොත) වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search
Robert knox ceylon.gif

An Historical Relation of the Island Ceylon නමින් ක්‍රිස්තු වර්ෂ 1691 දී රොබට් නොක්ස් විසින් රචිත ග්‍රන්තයේ සිංහල අනුවාදය එදා හෙළදිව නමින් හදුන්වයි.වසර 19 කට අදික කාලයක් ලංකා දිවයිනේ සිරකරුවකු ලෙස ගත කර එයින් මිදී පෙරළා තම මවු රටට යන අතරතුර තමා ගමන් ගත් නෞකාව තුලදී ඇතිවූ කාන්සිය නිවාගනුවස් තම අතීත අද්දැකීම් අලලා මෙම කෘතියේ මුල් පිටපතව ඔහු විසින් ලියා ඇත.ඒ 17 ශතවර්ෂයේ දීය.

නොක්ස් වසර 19 පුරා එවක ලංකාද්වීපය පාලනය කළ දෙවන රාජසිංහ රජුගේ ගේ සිරකරුවකු ලෙස කල්ගත කළේය.ඒ අතරතුර ඔහු හිස් වැසුම් වියමින් බඩු විකුණමින් වී සහ ඉරිගු ආදිය වගා කරමින් කල්ගත කළේය.අවසානයේ ඔහු 1679 දී අරිප්පු ප්‍රෙද්ශයට පලා යන ඔහු පසුව එවක ලංකාවේ මුහුදුබඩ පෙදෙස් පාලනය කළ ලංදේසි ආණ්ඩුකාරයා හමුවී නැවත තම මවු රටට පෙඑළා ගමන් කරන්නේ 1680 දීය.

මෙම කෘතිය ලියන්නේ ඔහු එංගලන්තය බලා යාත්‍රා කරන අතරතුරයි.මෙම කෟතිය පෙරදිග ඉන්දීය වෙළද සමාගමේ අධ්‍යක්ෂක තුමාගේ අවධානයට ලක්වේ ඔහු මෙය ප්‍රකාශයට පත් කරනලෙස නොක්ස්ගෙන් ඉල්ලා සිටියේය.ඉතිහාසඥයෙකු හා චරිතකතා කතෘවරයෙකු වූ ජොන සට්‍රයිප් නම්වූ රොක්ස්ගේ ඥාතියකු තවදුරටත් මෙම කෘතිය ප්‍රකාශයට පත් කරනලෙස ඔහුව උද්යොගිමත් කළේය..පොලිමත් රොබට් හූකර් ද මෙයට සහයවිය.රිචට් චිස්වෙල් විසින් මෙය මුද්‍රනය කැරිණි..[1] 1681 දී මෙම ග්‍රන්තය ප්‍රථම වරට ප්‍රකාශයට පත් කැරිණි.1689 දී මෙය ජර්මන් බසටද පරිවර්තනය විය.1692 දී ඕලන්ද බසටත් 693 දී ප්‍රංශ බසටත් පරිවර්තනය විය.මෙම ග්‍රන්තය ඉතා ඉහළ අවෙියක් වාර්ථා කළ කෘතියක් ලෙස දැක්වේ.[2]

නොක්ස් විසින් ඉතා ව්‍යක්ත භාෂා ශෛලියක් මෙම ග්‍රන්තය ලිවීමේදී යොදාගෙන ඇත.මොගේ මෙම කෘතිය ඉතා විශිෂ්ට සාහිත්‍ය දැනුමක් ඇති ඉංග්‍රීසි නවකතා කරුවන්ගේ කෘතීන්ට වඩාත් ලංවේ.ශ්‍රී ලංකාවේ එවක පැවති සමාජීය ආර්ථික දේශපාලන තත්වයන් අපූරුවට විග්‍රහ කරන මෙය ඓතිහාසික හා මානව විද්‍යාත්මක වශයෙන් ඉතා වටිනා කෘතියක් බව ඉතිහාසඥයන් හා මානව විද්‍යාඥයන් පිළිගනී..[2] මෙම කෘතිය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදේ මුල් කොටස් තුනෙන් උඩරට රාජධානියේ විස්තරද හතරවන කොටසෙන් ඔහු සිරභාරයෙන් මිදී පලායාමද විස්තර කරයි..[1]

සිංහලයන් කන බොන හැටි (එදා හෙළදිව කෘතියෙන්)

මෙම කෘතිය මගින් භූ ගොලීය සීමාවන් ඔහු දක්වයි.ඒ අනුව එවක ලංකාද්වීපය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදී තිබුනබව දක්වයි.උඩරට රජු යටතේ උඩරට රාජධානියත් මුහුදුබඩ කලාපය ලන්දේසීන් යටතේත් යාපනය රාජධානිය දෙමළ පාලකයන් යටතේද පැවතිබව ඔහු සදහන් කරයි.එසේම ලංකාවේ වාසය කරන සිවුපාවුන් පක්ෂීන් උරගයන් මත්ෂ්‍යයන් මෙන්ම ගස් වැල් අල පළා මල් ලළතුරු ආදී භෝග වර්ග පිළිබදවද ගොවිතැන ආර්ථික රටාව දේශපාලන රටාව කුල භේදය ඇදුම් පැළදුම් ආහාර ආගම හා අභිවර ක්‍රම පුරාවෘත්ත ආදී බොහෝ තොරතුරු වලින් පොහොසත් විදේශිකයෙකු අතින් ලියැවුන දීර්ඝතම ඓතිහාසික විස්තරය මෙම බව අවිවාදාත්මකව පිළිගත හැක.

මෙම කෘතිය තුල අඩංගු කරුණු රචකයා සිය අද්දැකීමෙන්ම අවඩෝධ කරගත් නිසාත් ආගන්තුකයෙකු ලෙසින් නොව ස්වදේශිකයෙතු ලෙසින්ම හැසිරෙමින් සිංහලයන්ගේ භාෂාව හොදින් ව්‍යාවහාර කරමින් සිංහල සංස්කෘතියට අනුව හැඩගැසෙමින් මෙන්ම වෙළෙන්දකු ලෙස ඔහු ලංකාද්වීපයේ අස්සක් මුල්ලක් නෑරම සැරිසරමින් විටෙක මිනිසුන්ට අතරද තවත් වරෙක මහා ගණ වනාන්තරය තුලද සැරිසරමින් ඔහු රැස්කරගත් කරුණු ඉතා විශාලය.

මෙහි ඇති දුර්වල තාවයන් ලෙස මෙම කෘතියතුල ගැබ්වී ඇති මානවකේන්ද්‍රනවාදී අදහස් පෙන්වාදිය හැත.ඔහු තමා සිරගත කරනු ලැබූ දෙවන රාජසිංහ රජු කෙරේ දැක්වූ ද්වේශ සහගත ආකල්පත් තමාව ඉතා ආදරයෙන් සැළකූ සිංහල ජනයා පිළිබද කෘතවේ දී ගෞරවනීය ආකල්පත් වික්ටෝරියානු සංස්කෘතිය යටතේ හැදී වැඩුනු ඔහු ලාංකිකයන්ගේ සංස්කෘතිය මානවකේන්ද්‍රණවාදී දෘෂ්ටි කොණයකින් විග්‍රහ කිරීමට යාමත් මෙහිදැකිය හැකි දුර්වලකාවයන්ය. .[3]

සිංහල අනුවාදය[සංස්කරණය]

A Historical Relation of the Island Ceylon ග්‍රන්තයේ සිංහල අනුවාදය

විවිධ විද්වතුන් විසින් රොබට් නොක්ස් ලියූ An Historical Relation of the Island Ceylon නම් වූ කෘතිය එදා හෙළදිව නමින් සිංහලයට පරිවර්තනය කර ඇත.ඩේවිට් කරුණාරත්න නම්වූ කතෘ වරයා විසින් නොක්ස් ගේ මුල් කෘතියෙ අසුරින් කල සිංහල අනුවාදය වඩාත් ප්‍රවලිතය.

සිංහල අනුවාදය තුල පරිච්ඡේද 34 යටතේ තොරතුරු දක්වයි.පළමු පරිච්ඡේදය මගින් ඔහුගේ මව පියා පිළිබදවත් සහොදරයන් පිළිබදවත් හෙළිකරයි.කුඩා කලසිටම තම පියා මෙන් නැවියකු වීමේ සිහිනය ඔහුතුල තිබූ බව පැහැදිලිවේ.කුඩා කාලයදෙී නොක්ස් එංගලන්තයේ ගතකල ජීවියය පිළිබද පළමු පර්ච්ඡේදය හෙළි කරයි.නොක්ස් ගේ පියා නැවක අණ දෙන නිළධාරියකු බවත් මව භක්තිවත් කතෝලික කාන්තාවක බවත් ඔහු සදහන් කරයි.එංගලන්තයේ පැවති නේවාසික පාසැලකින් අකුරු කල බවත් මෙම පාසැල එවක එංගලන්ත යේ අගරදගුරු තුමන් විසින් පවත්වාගෙන ගිය ආයතනයක් පවත් නොක්ස් පවසයි.කුඩා නොක්ස් ගේ දඟකාර ක්‍රියා හෙතුවෙන් තම සහෝදරයාට ඇසක් අහිමිවූ අයුරුත් ඔහු සිහිපත් කරයි.නොක්ස් ගේ පියාගේ මිතුරන්ගේ ඉල්ලීමට නොක්ස් ගේ පියා තමාවද මුහුදු ගමන් වලට එක්කර ගත්බවත් වර්ෂ 1655 හේ දෙසැම්බර් මස 7 දින මුල් වරට ඔහු නැව් නැගි බවත් එය සාර්තකව නිමකර  1657 ජූලි මාසයේ දී ලන්ඩන් නුවරට පැමණි සැටිත් ඔහු සදහන් කරයි. 1657 ජනවාරි 21 වැනි දින ඈන් නම් වූ නෞකාවේ නැගී පෙරදිගට ගමන් කොට සාර්තකව ගමන නිමකර නැවත ආපසු එන අතරතුර බෙංගාල බොක්ක ආශ්‍රිතව ඇතිවූ කුණාටුවක් හේතුවෙන් ලංකාද්වීපට ගොඩ බසින්නට වූ බවත් අනතුරුව දෙවන රාජසිංහ රජුගේ සිරකරුවකු වූ සැටිත් මෙම කෘතියේ පළමු පරිඡ්යේදය සදහන් කරයි.මෙහි දැක්වෙන ආකාරයට රොබට් නොක්ස්ට අමතරව ඔහුගේ පියා ජෝන් ලව්ලන්ඩ්, ජෝන් ග්‍රැගරි, චාර්ල්ස් බියර්ඩ්, රෝගර් ගෝල්ඩ්, ස්ටීවන් රට්ලන්ඩ්, නිකලස් ටුලින්ස්, ප්‍රැන්සිස් ක්‍රච්, ජෝන් බෙරි, රැල්ෆ් නයිට්, පීටර් වින්, විලියම් හබැඩ්, ආතර් ඇමැරි, රිචර්ඩ් චාන්හැම්, ජෝර්ජ් සවිත් යන අයද ලංකාද්වීපයේ සිරකරුවන්විය.

වෙන්වෙන් වශයෙන් ඹවුනොවුන් හමුවිය නොහැකිසේ විවිධ ස්ථානවල රදවා තැබීමට දෙවන රාජසිංහ රජු විසින් සිදුකරන ලදී.1660 සැප්තැම්බර් 16 දින රොබට් නොක්ස් හා ඔහුගේ පියා බණ්ඩාර කොස්වත්තනම් ග්‍රාමයට යැවීය.නොක්ස් ගේ පියාගේ මළගම සිදුවන්නේද මෙහිදීය.මෙම අවදියේදී මෙම ග්‍රාමයේ දරුණු උණ රෝගයක් පැතිරී තිබින.එබැවින් ගම් වැසියන්ට නොක්ස් හා ඔහුගේ පියාගැන බැලීමට කාලයක් නොවීය.නොස්ගේ පියා අධික උණ ‍රෝගයක් නිසා1661 පෙබරවාරි මස නමවන දින ස්වර්ගස්ථවිය.තම පියාගේ නිසළ දේහය නොක්ස්ගේ අතින්ම භුමදාන කෙරිනි.

පියාගේ මරණයෙන් පසු නොක්ස් බණ්ඩාර කොස්වත්ත ග්‍රාමයේ තනිවූ අතර ඔහුගේ වහල් සෙවකයෙකු ලෙස සිටි කළු ජාතික පිරිමි ළමයෙකු පමණක් ඔහුගේ තනියට සිටියේය.තම ස්වාමියා සිරකරුවකු වූ බැවින් මෙම වහල් පිරිමි ළමයා නොක්ස්ගේ වචනයන්ට අවනත නොවීය.නොක්ස් සතුව තිබූ යුරෝපීය ඇදුම් ඒවනවිට භාවිතයට ගත නොහැකි තත්වයක තිබූ හෙයින් ඔහු හැද සිටි කමිසයෙන් කලිසමක් මසාගෙන යාන්තමින් විළි වසා ගැනීමට හැකිවිය.පසුව ඔහු හිස්වැසුම් මසා ඒවා සිංහලයන්ට විකුණා ලත් මුදලින් රෙදි කඩක් මිලදීගෙන එකළ සිංහලයන් මෙන් දණහිස දක්වාවූ රෙදිකඩක් හැද උඩුකය නග්නව තබාගත්හ.නොක්ස් පවසන පරිදි ඔවුන්ගේ කලිසම් වලට වඩා රෙදි කඩක් ඇදීම ඔහුට පහසුවිය.එයට හේතුව ලංකාද්වීපයේ සෑම තැනම පාහේ ඇළ දොළ ගංගා දිය කඩිති තිබූ බැවින් එවන් ස්ථානවලදී අදුම් නොතෙමී එගොඩ වන්නට කලිසමක් ඇදසිටීමට වඩා මෙසේ රෙදි කඩක් හැදීම පහසු බවයි.නොක්ස්ද සිංහලයන්මෙන් පාවහන් වරහිත නග්න දෙපයින් ඇවිදයාමට හුරුවිය.මෙසේ බණ්ඩාර කොස්වත්ත ග්‍රාමයේ ගතකරන කාලයේදී ඔහුට පරංගින් ගෙන් ලැබුන බෛබලයක් මහළු පුද්ගලයෙකුගෙන් මිලදී ගැනීමට හැකිවිය.

නොක්ස් ගේ පියාගේ මරණයෙන් වසරකට පමණ පසුව ඔහු හා මුහුදු ගමනේ ආ අනෙකුත් සිරකරුවන් මුණ ගැසීමට අවස්ථාවක් ලැබිණ.මෙම අවධියේ දී ඔහු මහරජුට අයත් ඉඩමක ගෙපැලක් තනා ගන්නේ රජ්‍ය නිළධාරීන්ගේ අවසරය ඇතුවය.එහෙත් නොක්ස් සෑදූ එම නිවසේ සුදුහුණු ගෑම නිසා රජ උදහසට ලක්වුද අන්දේශයකින් පැමිණි පිටරැටියකු නිසා නොදැන කළ වරදට රජුගේ සමාව නොක්ට ලැබිණ.

යොමුව[සංස්කරණය]

  1. 1.0 1.1 Donald F. Lach, Edwin J. Van Kley.
  2. 2.0 2.1 Watson, I.B. 'Knox, Robert (1641–1720)', Oxford Dictionary of National Biography, Oxford University Press, September 2004
  3. Rajpal Kumar De Silva, Willemina G. M. Beumer.

බාහිර සබැදුම්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=එදා_හෙළදිව&oldid=390875" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි