අහිකුණ්ඨක

විකිපීඩියා වෙතින්
ශ්‍රී ලාංකික අහිකුණ්ඨික ජනයා
අහිකුණ්ඨික නයි නටවන්නෙක්
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ
 ශ්‍රී ලංකාව
භාෂා
තෙළිගු , සිංහල, දෙමළ
ආගම
ප්‍රාණවාදය, බෞද්ධ, හින්දු, ක්‍රිස්තියානි
ආශ්‍රිත මිනිස් ජාතීන්
සිංහල, ශ්‍රී ලාංකික දෙමළ

භාවිතා කරනු ලබන භාෂාව හා ගති පැවතුම් ආශ්‍රීත ව ‌පෙ‌නෙන්‌නේ ඔවුහු වි‌දේශික සම්භවයකින් පැවත එන්නන් බව ය. ඔවුන්‌ගේ භාෂාව ‌තෙලිඟු, සින්දි

ස්ථිර නිවාස සදා ගැනිමක් ‌නොමැති හෙයින් ඔවුහු තැන තැන යන්‌‌නෝ වූ හ.‌ අහිකුණ්ඨකහු තාවකාලික ‌ලෙස අටවාගන්නා වූ අතුපැල ආශ්‍රීත ව ජීවත් ‌වෙමින් ද, අතබලා සාස්තර කීම, වදුරුරැගුම් ‌හෝ නයිනැටවීම වැනි මනුෂ්‍යයන් පිනවීමේ කර්මාන්තයන්හි යෙදී ස්වකීය ජීවිකාව සරිකර ගත් හ. අහි යන්නෙහි තේරුම නාගයා යන්නයි කුණ්ඨික යනු නටවන්නා යන තේරුමයි අහිකුණ්ඨික යනු නයි නටවන්නා යන තේරුමයි ඒ අනුව මොටුන් නයි නැටවීම ජීවිකාව කරගත් පිඑිසක් බව පැහැදිලිය මොවුන් සංචාරක ජීවිතයක් ගතළ ජන කොටසකි ලංකාවේ පමනක් නොව වෙනත් රටවල පවා මේ ආකාරයෙන් සංචාරක ජීවිතයක් ගතකරන ජන කොටස් ඇත මානව විද්‍යාඥයන් හා සමාජ විද්‍යාඥයන්ගේ අදහස මොවුන් එකම මූලයකින් පැවත එන ජන කොටසක් බවයි.

අහිකුණ්ඨික ජනයාගේ ආරම්භය[සංස්කරණය]

මානව විද්‍යඥයන්ට අනුව අහිකුණ්ඨිකයන් සම්භවය සිදුවී ඇත්තේ දකුණු ඉන්දියාව තුලයි මදුරා හා පාණ්ඩ්‍ය ප්‍රදේශවල ජීවත්වන කොරවර් නම් ගෝත්‍රිකයන්ට මොවුන් නෑකම් කියන බවයි මානව වංශව විද්‍යාත්මක දත්ත හා මානව රූපාකෘති විද්‍යාත්මක දත්ත අනුව මොවුන් ගේ දකුණු ඉන්දියානු සම්භවය පැහැදිළිය තවදුරටත් මොවුන්ගේ බස දකුණු ඉන්දීය දාවිඩ පවුලට අයත් භාෂාවක් බව වාග් විද්‍යාඥයන් පැහැදිලි කරයි මොවුන්ගේ බස දකුණු ඉන්දීය තෙළිගු බසට වඩාත් සමීප ලක්ෂණ දරයි.

අහිකුණ්ඨික ජනයාගේ සමාජ සංවිධානය[සංස්කරණය]

අහිකුණ්ඨික පවුල් ක්‍රමය න්‍යෂ්ටික පවුල් ක්‍රමයක්විය ඔවුන් පවුල් කිහිපයකින් සැදුනු කණ්ඩායමක් වශයෙන් වාසය කරයි මේ සෑම කණ්ඩායකම නායකයෙකු බැගින් සිටී කණ්ඩායමට නායකත්වය සැපයීම අධිකරණ තීරකයා ලෙස කටයුතු කිරීම ආදිය ඔහුට පැවරී ඇත මෙම නායකයාට මොවුන් ආරච්චි නමින් හදුන්වයි මෙම නම සිංහල බසෙන් බිදී ආ වචනයකි මොහුව පෙරිය මනුෂ්‍යම් යනුවෙන්ද හදුන්වයි කණ්ඩායම් කිහිපයක ප්‍රධානියා කොරළමාව නමින් හදුන්වයි සංචාරක දිවියක් ගතකරන මොවුන් එක් ස්ථානයක දින 07 කට වඩා වාසය නොකරයි මොවුන් බොහෝවිට දීපවාලි දින රාත්‍රියේ කොරළමාවගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි මේ සදහා සියලු කණ්ඩායම් පැමිනේ පැමින ඉදිරි කාලයේ සංචාරය කරන පුදේශ කතිකාකරගනී එක් පෙදෙසකට එක් කණ්ඩායමක් පමනක් යෑමට වගබලාගනී.

අතීතයේ සිට ඔවුන් මහාසමාජය සමග සහයෝගයෙන් ක්‍රියා කලහ ඔවුනගේ නවාතැන් තාවකාලික කූඩාරම්විය ඒවා වාඩී නමින් හදුන්වයි ඔවුනෙග් වාඩි තනාගැනීම ආදී කටයුතු සදහා මහාසමාජයෙන් විරොධයක් නොවීය එයට හේතුව ඹවුන් ගේ නවාතැන් තාවකාලික වීමය වාඩි සාදාගැනීමට තල්කොළ බට ලී වේ වැල් පොල් අතු ආදිය භාවිතයට ගත්හ.

මොවුන්ගේ වෛද්‍ය ක්‍රමය සිංහල අයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් ලබාගත්තකි වෙදකම දත් කණ්ඩායමේ වෙදෙරාළෙ කෙනකු ගෙන් ඔවුන් ප්‍රතිකාර ලබා ගනී විවිධ ශාන්ති කර්ම බහුල වශයෙන් යොදාගනී තෙල් මැතිරීම නූල් බැදීම ආදිය ප්‍රමුඛය සුවායි තෛලය නමින් ප්‍රකට අයුරිවේද ඖෂධයක් ඔවුන් අතර ප්‍රචලිතය සතුන් සදහා පුතුකම් නම් ඖෂධයක් ද භාවිත කරයි මීට අමතරව මොවුන් නිරන්තරයනේ නාගයින් හා සමීපව කටයුතු කරන බැවින් නයිගල නමින් හදුන්වන නාග විෂ අද්දවන ඖෂදීය ගලකට සමාන මෟෂධ පෙවු පාෂාණ කැබැල්ලක් වැනි යමක් විය නාග දෂ්ඨනයකදී එය මහෝපකාරී වනබව දැක්වේ මීට අමතරව නාග විෂට ඖෂධ ලෙස ගන්නා විවධ දෑ ඔවුන් අතර විය.

මොවුන්ගේ ආගම බෞද්ධ ආගමවිය එහෙත් ඔවුන් බෞද්ධවත් පිළිවෙත් අනුගමනය කරනු දක්නට ලැබෙන්නේ කලාතුරකිනි මොවුන් පන්සල් පල්ලි කෝවිල් ආදී හමුවන ඕනෑම සිද්ධස්ථානයකට යාම සිරිතය කෙසේ වෙතත් මොවුන් මුස්ළිම් පල්ලිවලට නොයයි ඊට හේතුව මුස්ළිම් ජාතිකයන් ගවඝාතනය කිරීම හා ගවමස් අනුභව කිරීමයි අහිකුණ්ඨික ජනයා ගව ඝෘතනය හා ගවමස් දැඩිලෙස පිළිකුල් කරයි අහිකුණ්ඨික වාර්ෂික එකතුවේ දී ඔවුන් සිකුරාදා විෂ්ණු දෙවියන්ටත් සෙනසුරාදා කතරගම දෙවියන්ටත් ඉරිදා පත්තිනි දේවියටත් වන්දනා කරති කිල්ල පිළිබද විශ්වාස කරන මොවුන් කූඩාරමක් ඉදිකල විගස මැතිරූ ගල් ඇතිරීම බාගෙට පිළිස්සූ රෙදි එල්ලීම ආදිය කරති.

ඔවුනගේ සම්මත ආර්ථික කටයුත්ත නයිනැටවීමයි මීට අමතරව රිළවුන් නැටවීම සාස්ත්‍රකීම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරදීම සුලු වශයෙන් කරන දඩයම් ද මේ අතරවිය ඇතැම් අවස්තාවල නාගයින් ඇල්ලීම නාග විෂට ප්‍රතිකාර කිරීම නාග විෂට ගන්නා බෙහෙත් විකිණිමද කරකි.

අහිකුණ්ටිකයන් ආහාර ලෙස සිංහල සමාජයෙ සම්මත ආහාර මෙන්ම ඔවුන්ට ආවේණික ආහාරද ගනී මේවා මහාසමාජයේ පිළිකුලට භාජනය වන අවස්ථා ඇත උදාහරන ලෙස බටු මීයන් ගැරඩියන් ආදී සතුන්ද මොවුනගේ ආහාර වෙයි ආහර ගැනීමට පෙර මත්පැන් පානයද මොවුනගේ සිරිතකි ස්ත්‍රී පුරුෂ දෙපාර්ෂවයම මත්පැන් පානය කරයි එහෙත් අවිවාහක කාන්තාවන් හා ගැබිනි මවුවරුන් මත්පැන් නොගනී එදිනෙදා හරහම්බ කරගත්දේ අනාගතය වෙනුවෙන් ඉතුරු නොකර එදිනෙදාම වියදම් කිරීම මොවුන්ගේ සිරිතයි ඔවුන්ට අනාගතය ගැන සිහින නැත වර්ථමානයේ පමණක් ජීවත් වෙයි.

අහිකුණ්ටික ද්වාර කර්ම[සංස්කරණය]

ද්වාර කර්ම හෙවත් උපත වැඩිවිය පැමිනීම විවාහය මරණය යන අවස්ථා වලදී අහිකුණ්ඨික ජනයා සිදුකරන චාරිත්‍ර වාරිත්‍ර පිළිබද මීලගට සොයාබලමු මොවුන් කිල්ල නම් සංකල්පය විශ්වාස කරන ජන කොසක් වූ අතර වැදුම් කිල්ල මේ අතරින් වඩාත් බලවත් බව මොවුන් විශ්වාස කරති දරු ප්‍රසූතියක් ඇතිවූවිට ඇයට මත්පැන් පානය තහංචිය ප්‍රසූතියට ආසන්න කාලයේ මව වෙනම කූඩාරමක රදවයි ඇයගේ සහයට වින්ඹනඹු මාතාවක් හා ඥති කාන්තාවක්ද යොදවනු ලබයි.

අහිකුණ්ඨික වැඩිවිය පැමිනීමේ චාරිත්‍ර බොහෝවිට මහාසමාජයේ සම්මත වාරිත්‍රවලට අනුවම සිදුවිය එහෙත් හේනෙ මාමා ගේ හා රෙදි නැන්දාගේ සේවය ඔවුනට නොලුබුණි ඒ ඔවුන් මහාසමාජයෙන් වෙන්ව වෙනම කණ්ඩායමක් ලෙස සිටි නිසා විය හැක.

අහිකුණ්ඨික විවාහ බොහෝ දුරට නෑනා මස්සිනා විවාහයන්ය මීට අමතරව දෙමළ සමාජයේ දක්නට ලැබෙන මාමා ලේලී විවාහ ක්‍රමයද පැවතුණි එනම් තම වැඩිමල් සෙහා්දරියගේ දියණිය ආවාහ කරගැනීම සිදුවිය මෙම විවාහ ක්‍රමය මගින් ඔවුනගේ දකුණු ඉන්දීය ද්‍රවිඩ සම්භවය පැහැදිළි වෙයි අහිකුණ්ටික විවාහ උස්සවශ්‍රීයෙන් පවත්වනු ලබයි විවාහයට පෙර මනාලයා හා මනාලිය වෙනම පැල්පත් දෙකක වාසය කරයි විවාහ දින ඔවුන් කැදවා දෙදෙනාගේම සිරුරුවල කහ ආලේප කර කිරිකළ දෙකකින් නහවනු ලබයි පොරුව ධාන්‍ය වලින් අතුරයි කරඹ දං හා පලු අතුවලින් පොරුව සරසයි මෙම චාරිත්‍ර බොහෝවිට දකුණු ඉන්දීය දුවිඩ හින්දු මංගල චාරිත්‍ර වලට සමාන ලක්ෂණ දරයි විවාහයෙන් පසු මනාලියගේ පාර්ෂවයෙන් යුවතිපති දෙදෙනා වෙත දෑවැද්ද ලෙස පේලාවක බහාලන ලද නාගයෙකු රිලවෙකු බල්ලකු බූරුවකු හා අදුමු පැළදුම් ලබා දෙයි මේ සදහා මනාල පාර්ෂවයද දායකත්වය දරයි.

අහිකුණ්ටික අවමංගල උස්සවශ්‍රීයක් නොගනී මරණයක් වූවිට කිසිවකු හඩා නොවැටේ වහාම මියගිය පුදුගලයා සිටි කූඩාරමේ සිලින්ඩරාකාර වලක් කපා මළ සිරුර රෙද්දකින් ඔතා ඔලුව යටට සිටිව සේ වලට බස්සවා පස්දමා හොද්න් තදකර වසති පසුව එතැන තණ පිඩැළි අතුරා මියගිය පුද්ගලයා භාවිතකළ සියල්ල එතැන දමා ගිනි තබයි ඉන්පසු වහාම වාඩි හකුළාගෙන ඉක්මනින් එතැනින් ඉවත්වෙයි...

අහිකුණ්ටික සමාජ වෙනස් වීම[සංස්කරණය]

ජනගහනය වැඩිවීම නවීකරණය නාගරීකරණය ඉඩම් කැබලිවීම ආදිය නිසා ඔවුනට සාම්ප්‍රධායක හැසිරීම් පද්ධතිය ආරක්ෂා කිරීමට බාධක ගොඩනැගිනි අතීතයේ පටන්ම අහිකුණ්ඨික ජනයා සංක්‍රමණ ජීවිතයෙන් මුදවා ස්ථීර නිවාස වල රැදවීමට අතීතයේ පටන් චිචිධ රජවරුන් ගත් උස්සසාහයන් ගැන ඉතිහාසයේ දැක්වේ කෙසේ වෙතත් වර්ථමානයේ ඇතිවී තිබෙන තත්වයන් යටතේ ඔවුන් වේගයෙන් මහාසමාජය හා අනුගත වෙමින් පවතීරජය විසින්ද මොවුන් මහාසමාජයට අනුගත කිරීමට නොයෙක් උස්සාහ දරා ඇත 1980 න් පසු අහිකුණ්ඨික ප්‍රජාවට මහවැලි ව්‍යාපාරය යටතේ ස්ථීර ඉඩම් ලබාදී ගොවිතැනට හුරුකිරීමට කටයුතු කළහ අපනයන සැකසුම් කලාප ඉදිවීමත් සමග අහිකුණ්ඨික කාන්තාවන්ට රැකියා ලැබීම ඇතමුන් විදේශ සේවයට යොමුවීම හා අහිකුණ්ඨික තරුණයින් යුධහමුදා සේවයට බැදීම සිදුවිය මොවුන් තවදුරටත් තම සාම්ප්‍රධායිකත්වයෙන් මිදී මහාසමාජයට අනුගතවීම වේගයෙන් සිදුවෙමින් පවතී.

අහිකුණ්ඨක භාෂාවේ වචන[සංස්කරණය]

සතියේ දින

ඉරිදා ආයිතරම් , ස`දුදා සොවාරම් , අඟහරුවාදා මහලාරම් , බදාදා බුදාරම් , බ්‍රස්‌පතින්දා බ්‍රාහැස්‌තරම් , සිකුරාදා සුකරම් , සෙනසුරාදා සෙනැරම්

එදිනෙදා කරන දේවල්

කනවා තීටර් , බොනවා නාග්තාර් , අ`ඩනවා එරස්‌තර , නානවා නීල් ලෙස්‌කී

සංඛ්‍යා

එක උගටු , දෙක රොන්ඩු , තුන මුඩු , හතර නාල්ග් , පහ අයියිද් , හය ආර් , හත යෝඩි , අට එනිමිදි , නවය තොම්මිදි , දහය පදි

උපකරණ

මස්කන් පිහිය , රොලු වන්ගෙඩිය , පස්රායි ඇබරුම්ගල , තාෙල් බෙසම , ඉරමින් හිරමනය , සක් කුල්ල , කදව කලය , පී පෙට්ටිය නයි පෙට්ටිය

ඥාතින්

අබ්බඩා=..................... , මාමා = මාමා , අට්ටම්මා= ........................ , පෙඩම්මා= .................... , අන්නා= අයියා , තාතා= ................. , මුල්ලම්මා=.......................

බාහිර සබැදි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=අහිකුණ්ඨක&oldid=591336" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි