කයිට්ස්

විකිපීඩියා වෙතින්
කයිට්ස්
ஊர்காவற்துறை
දිවයින
රටශ්‍රී ලංකාව
පළාතඋතුරු
දිස්ත්‍රික්කයයාපනය
ප්‍රාලේ කොට්ඨාශයඅයිලන්ඩ්ස් නෝර්ත්

කයිට්ස් (දෙමළ: ஊர்காவற்துறை උර්කාවර්තුරෙයි) යනු, උතුරු ශ්‍රී ලංකාවෙහි, යාපනය අර්ධද්වීපයෙහි, වෙරළ අසබඩ පිහිටි කුඩා දිවයිනක් වන, වේලනෙයි දිවයිනෙහි පිහිටි වැදගත් ගම්මාන අතරින් එකකි. [1] අල්ලෙයිපිඩ්ඩි, මාන්කුම්පන්, වේලනෙයි, සරවනෙයි, පුලියන්කූඩල්, සුරුවිල්, නරන්තනෙයි සහ කරම්පන් වැනි වෙනත් ගම්මාන ගණනක්ද වේලනෙයි දිවයින් තුල පිහිටා ඇත.

ජනතාවගෙන් බහුතරය හින්දු භක්තිකයන් වන අතර, සුළුතරයක් දෙනා, මුස්ලිම් සහ ක්‍රිස්තියානි භක්තිකයෝ වෙති. හින්දු දේවාල ගණනාවක් මෙන්ම, ක්‍රිස්තියානි දේවස්ථානයක් සහ මුස්ලිම් පල්ලියක්ද මෙහි ඇත. පාසල් දුසිමක් පමණ දිවයින තුල අධ්‍යාපනය සැපයීමට දායක වෙයි.මෙහි ප්‍රධාන පිවිසුම් මාර්ග ලෙස පංකුඩුතිව් පිවිසුම,කරම්පන් ජැටිය,පෙන්වා දිය හැක

1983 වසරෙහිදී සිට, අලෙයිපිඩ්ඩි සංහාරය ඇතුළු, ශ්‍රී ලාංකික සිවිල් යුද්ධයේ කොටසක් වශයෙන් ඇතිවූ ප්‍රචණ්ඩත්වය කයිට්ස් දිවයින තුල දක්නට ලැබුණි.[2][3]

චිත්‍රාගාරය[සංස්කරණය]

කයිට්ස් චිත්‍රාගාරය
ශාන්ත ජේම්ස් දේවස්ථානය, කයිට්ස්
ශාන්ත ජේම්ස් දේවස්ථානය, කයිට්ස් 
පෘතුගීසි කොටුව, කයිට්ස්
පෘතුගීසි කොටුව, කයිට්ස් 

ආශ්‍රිත[සංස්කරණය]

  1. "ඩිස්ට්‍රික්ට් සෙක්‍රෙට්රියට් ජැෆ්නා _ඩිවිෂනල් සෙක්‍රෙට්රියට් ලොකේෂන් ඇන්ඩ් මැප්". ds.gov.lk (Gov of Sri Lanka). http://www.jaffna.dist.gov.lk/index.php?option=com_content&view=article&id=34&Itemid=67&lang=en. 
  2. කේ. ටී. රාජසිංහම් (29 සැප්තැම්බර් 2001). "ශ්‍රී ලංකා: දි අන්ටෝල්ඩ් ස්ටෝරි : පරිච්ඡේදය 8: පෑන් සිංහලීස් බෝඩ් ඔෆ් මිනිස්ටර්ස් - අ සිංහලීස් ප්ලෝයි". ඒෂියා ටයිම්ස් ඔන්ලයින්. සම්ප්‍රවේශය 1 නොවැම්බර් 2009.
  3. "ස්පෙෂල් රිපෝට් නම්බර්.2". University Teachers for Human Rights (Jaffna), Sri Lanka in association with Pax Christi (an international Catholic peacemaking movement). සම්ප්‍රවේශය 1 නොවැම්බර් 2009.

බාහිර සබැඳි[සංස්කරණය]

ඛණ්ඩාංක: 9°40′N 79°52′E / 9.667°N 79.867°E / 9.667; 79.867


"https://si.wikipedia.org/w/index.php?title=කයිට්ස්&oldid=591645" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි