රාවන් (රූපවාහිනී කතාමාලාව)
Appearance
රාවන් | |
---|---|
තැනුවේ | ෆිල්ම්ස් ඇන්ඩ් ෂොට්ස් ප්‍රොඩක්ෂන්ස් |
රචනය කලේ | චන්දන් එන්. සිං |
අධ්‍යක්ෂණය කලේ | රංජන් සිං |
ඇරඹුම් තේමාව | රාවන් |
සම්භව රට | ඉන්දියාව |
කථාවාර සංඛ්‍යාව | 3 |
කථාංග ගණන | 105 |
නිෂ්පාදනය | |
ධාවන කාලය | මිනිත්තු 52 |
ප්‍රචාරණය | |
මුල් නාලිකාව | සී ටීවී |
රූප ආකෘතිය | 480i (SDTV), |
මුල් ධාවනය | 2006 නොවැම්බර් 18 – 2008 නොවැම්බර් 16 |
බාහිර සබැඳි | |
වෙබ් අඩවිය |
රාවන් යනුවෙන් හැඳින්වෙන්නේ 2006 නොවැම්බර් 18 සිට 2008 නොවැම්බර් 16 දක්වා සී ටීවී නාළිකාවෙන් විකාශය වූ ඉන්දියානු මිත්‍යාමය මාලා නාට්‍යයකි. මේ සඳහා පාදක කොටගෙන ඇත්තේ රාමායණයේ ප්‍රධාන එදිරිවාදී චරිතය වන රාවණාගේ කථාපුවතයි.[1]
චරිත නිරූපණය
[සංස්කරණය]- නරේන්ද්‍ර ජා - දශාණන් රාවණ්
- තපස්වී මෙහ්තා - යොවුන් දශාණන් රාවණ්
- මේඝන් ජාදව්- යොවුන් විභීෂණ
- රවී ගුප්තා - කෛකේසි (දශාණන්, කුම්භකරණ, විභීෂණ, චන්ද්රනඛාගේ මවයි. මහාඍෂි විශ්රවාස්ගේ භාර්යාවයි)
- රාජේන්ද්‍ර ගුප්තා - සුමාලි (මාල්යවන්ගේ සොහොයුරායි)
- අරු මාථූර් - මාල්‍යවන් (සුමාලිගේ වැඩිමහල් සොයුරායි)
- සුනිල් සිං - ප්‍රහස්ත (සුමාලිගේ පුත්‍රයා)
- මහේන්ද්‍ර ඝුලේ - අකම්පන (සුමාලිගේ පුත්‍රයා)
- සංජීව් ත්‍යාගි - ධූම්රාක්ෂ් (සුමාලිගේ පුත්‍රයා)
- ශෛලේන්ද්‍ර ශ්‍රීවාස්තව - මායාසුර (මණ්ඩෝදරීගේ පියායි)
- මානසී සාල්වේ / රශමි දේසායි - මණ්ඩෝදරී (ලංකාපුරයේ රැජිනයි. දශාණන් රාවණ්ගේ භාර්යාවයි)
- ෂාහි ෂර්මා - තඩ්කා (මරේඡ් සහ සුබාහුගේ මෑණියන් ය)
- ගජේන්ද්ර චෞහාන් - මහරජ දශරථ් (අයෝධ්‍යාවේ රජ)
- දිවාකර් පුණ්ඩීර් - ශ්‍රී රාම (විෂ්ණුගේ අවතාරයකි/සීතාවගේ සැමියායි)
- චිරාග් රුයා - ළමා රාම
- උජ්වාල් රාණා - සුමිත්රානන්දන් ලක්ෂ්මන් (ශ්‍රී රාම සහ භාරතගේ සොහොයුරායි. ශතෘඝ්නගේ නිවුන් සොහොයුරායි)
- නම්රාතා ථාපා - ජනක්නන්දිනී සීතා (ශ්‍රී රාමගේ භාර්යාවයි)
- ශ්වේතා ධාදිච් - කෞශල්‍යා (ශ්‍රී රාමගේ මෑණියන් ය)
- අමිත් පචෝරි - හනුමාන්
- ෂාබාස් ඛාන් - මහිෂ්මතී රජ කර්තවීර්ය සහස්ත්රාර්ජුන්/පතාලෝක් රජ අහීරවන් (ද්විත්ව රංගනය)
- අලි හසන් - පාතාලෝක් රාජ් මහීරවන් (අහීරවන්ගේ සොහොයුරායි/දශාණන් රාවන්ගේ ඥාති සොහොයුරායි)
- නිමායි බාලි- බලු (සුග්‍රීවගේ නිවුන් සොහොයුරා සහ දේවරාජ් ඉන්ද්‍රගේ පුත්‍රයායි)
- විනෝද් කපූර් - මහාඍෂි ගෞතම්/මහාඍෂි අගස්ත්‍ය (ද්විත්ව රංගනය)
- පවන් චොප්රා - කුවේර (රාවන්ගේ වැඩිමහල් සොහොයුරායි)
- අංජලී රාණා - මනෝරමා (රාවණගේ දෙවන බිසවගේ හොඳම යෙහෙළියයි)
- රතන් රාජ්පුත්/දිව්‍යා ද්විවේදී - චන්ද්රනඛා (දශාණන් රාවන්ගේ සොහොයුරියයි)
- පංකජ් භාටියා- ශ්‍රීහරි විෂ්ණු
- රාධේ ක්රිෂ්ණ දත්තා- ඍෂි විශ්රව (දශාණන් රාවන්, කුම්භකර්ණ, විභීෂණ සහ චන්ද්රනඛාගේ පියායි)
- තාරකේශ් චෞහාන් - ගුරු වාශිෂ්ඨ
- රමන් ඛාත්රි - කුම්භකර්ණ
- අනිල් යාදව් - විශ්වමිත්ර
අන්තර්ජාතික විකාශය
[සංස්කරණය]- ඉන්දුනීසියාව තුළ මෙම නාට්‍යය antv ඔස්සේ විකාශය විය.
- ශ්‍රී ලංකාව තුළ මෙම කතාමාලාව "රාවණ ලංකේශ්වර" යන තේමාව යටතේ ස්වාධීන රූපවාහිනී ජාලය ඔස්සේ විකාශය විය.
- තායිලන්තය තුළ මොංකොල් චැනල් නාළිකාව ඔස්සේ මෙම නාමයෙන්ම විකාශය විය. (තායි: ทศกัณฐ์)
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ "Zee TV enters new genre with 'Ravan' on Saturdays at 9". Indiantelevision.com. 16 November 2006.
බාහිර සබැඳි
[සංස්කරණය]- නිල වෙබ්අඩවිය සංරක්ෂණය කළ පිටපත 2007-07-24 at the Wayback Machine
- රාවන් සී ටීවී යූඑස්ඒ තුළ[permanent dead link]