කොරියානු රජවරුන්ගේ රාජකීය වංශවත් බිසව
රාජකීය වංශවත් බිසව යනු කොරියානු රජවරුන්ගේ (තුන් රාජධානි, එක්සත් සිල්ලා, ගෝර්යෝ සහ ජොසොන් රාජවංශ සමයන්හි). රාජකීය උපබිසෝවරුන් සඳහා භාවිතා වූ තනතුරකි. ජොසොන් රාජවංශ සමයේ (ජොසොන් අවසානයේ කොරියානු අධිරාජ්‍යය අයත් නොවේ) පහළ මට්ටමේ උපබිසෝවරුන්ට සහ මාලිග ස්ත්‍රීන්ට (5a මට්ටම සහ පහළ) වඩා ඉහළ මට්ටමක වූ උපබිසෝවරුන් නේගුංහි (내궁) කොටසක් ලෙස සැලකුණු අතර, ඔවුන් අගබිසවට පහළ නිලයන් දරන්නියන් ලෙස සැලකිණි. මෙහි අරුත නම් 1 සිට 4 දක්වා මට්ටම්වල රාජකීය වංශවත් උපබිසෝවරුන් රාජකීය පවුලේම කොටසක් ලෙස සැලකුණු බවයි.
මෙලෙසින්, අගබිසවට (ජුංජොන් 중전) පහළින් කාණ්ඩ 4ක් යටතේ උසස්-නිලයක් ඇති රාජකීය උපබිසෝවරුන් වර්ග කෙරිණි. මේ සෑම කාණ්ඩයක්ම මට්ටම් 2කින් සමන්විත වේ. මෙම මට්ටම් අතරින් ඉහළ මට්ටම a (ජොං, 정) ලෙසත්, පහළ මට්ටම b (ජොං, 종) ලෙසත් මෙහි දක්වා ඇත:
1a. බින් 빈 (嬪): රාජකීය වංශවත් බිසව ශ්‍රේණිය 1
1b. ග්වයිඉන් 귀인 (貴人)
2a. සෝඋයි 소의 (昭儀): රාජකීය වංශවත් බිසව ශ්‍රේණිය 2
2b. සුක්යි 숙의 (淑儀)
3a. සෝයොං 소용 (昭容): රාජකීය වංශවත් බිසව ශ්‍රේණිය 3
3b. සුක්යොං 숙용 (淑容)
4a. සෝවොන් 소원 (昭媛): රාජකීය වංශවත් බිසව ශ්‍රේණිය 4
4b. සුක්වොන් 숙원 (淑媛)
බින්ගේ තනතුර සඳහා, රජු හෝ අගබිසව විසින් රාජකීය බිසවගේ චරිතයට/පෞරුෂයට සම්බන්ධ උපසර්ගයක් එක්කරනු ලබයි. උදාහරණයක් ලෙස, හුයිබින් (හුයි = දීප්තිමත්), සුක්බින් (සුක් = නිර්මල/පවිත්‍රත්වය), ඉයුයිබින් (ඉයුයි = සුදුසු/ගැලපෙන) ආදිය දැක්විය හැක. කෙසේනමුත් ඔවුන් සියලු දෙනාම "බින්" නිලයෙහි වූ නිසා ඔවුන් සෑම දෙනාම සමාන මට්ටමෙහි ලා සැලකිණි.
5a. සංගුං (상궁 හෝ 尙宮) සහ සංග්‍යුයි (상의 හෝ 尙儀) පාලිකාවෝ රාජකීය පවුලේ සාමාජිකයන් යටතේ ඍජුවම සේවය කළ අතර, ඔවුන්ගේ ප්‍රධානියාට අංශය භාරව තිබිණි. ඔවුන්ගේ කාර්යය සහ අංශය අනුව, ඔවුන්ව සංගුං තනතුර තුළ අභ්‍යන්තරව නැවත ශ්‍රේණිගත කෙරිණි. උදාහරණයක් ලෙස අගිබසවට සේවය කළ සංගුංවරියට කුමරෙකුට, කුමරියකට හෝ උපබිසවකට සේවය කළ සංගුංවරියකට වඩා ශ්‍රේණිගත කිරීමෙහි ඉහළම බලතල හිමි විය. රජුගේ ප්‍රසාදය දිනාගතහොත් සංගුංවරියකට ද, "රාජකීය උපබිසවක්" බවට පත්විය හැකි විය. ඔවුනට අමතනු ලැබූයේ "ප්‍රසාදය ලත් සංගුං" ලෙස වූ අතර, ඔවුනට 5a වැනි ඉහළ තනතුරක් හිමි වේ. කෙසේනමුත්, ඔවුන් තවමත් සිටින්නේ ශ්‍රේණිය 5හි බැවින් "ප්‍රසාදය දිනූ සංගුංවරිය" නේගුංහි, එනම් රාජකීය පවුලෙහි සාමාජිකාවක ලෙස නොසැලකෙයි. එසේම රාජකීය වංශවත් බිසවක ලෙස නොසැලකෙයි. ඒ වෙනුවට ඔවුන් සංගුංගේ ශ්‍රේණියෙහි උපබිසවක ලෙස හැඳින්විණි. කෙසේනමුත්, ප්‍රසාදය දිනූ සංගං කෙනෙකුට ඇයගේ සේවය සඳහා සංගුංවරියක් හිමි විය.
5b සිට 9b දක්වා ශ්‍රේණි පහත් පන්තියේ මාලිග ස්ත්‍රීන් සහ දැරියන් සඳහා හිමි විය. මාලිග ස්ත්‍රීන් සාමාන්‍යයෙන් මාලිගයට ඇතුළත් කරගැනුණේ ලාබාල අවධියේදී ය. එමනිසා, මාලිගය ඔවුන්ගේ ප්‍රධාන නවාතැන ලෙස සැලකෙයි. විශේෂ අවස්ථාවලදී සහ ඉහළ නිලධාරීන්ගේ අනුමැතියකින් තොරව ඔවුනට මාලිගය හැරයාමට අවසර නොතිබිණි.
වැදගත් අගබිසෝවරු සහ රාජකීය වංශවත් බිසෝවරු
[සංස්කරණය]- මිෂිල් බිසව (540-600)
- හමන් යුන් වංශයේ ජෙහොන් අගබිසව (1445–1482)
- පප්යොං යුන් වංශයේ ජොංහුයි අගබිසව (1418–1483)
- පප්යොං යුන් වංශයේ මුන්ජොං අගබිසව (1502–1565)
- යොහ්‍යුං මින් වංශයේ ඉන්හ්යොන් අගබිසව (1667–1701)
- ග්යොංජු කිම් වංශයේ ඉන්වොන් අගබිසව (1687–1757)
- ඉන්දොං ජං වංශයේ රාජකීය වංශවත් හුයි බිසව (1659–1701)
- හේජු චෝයි වංශයේ රාජකීය වංශවත් සුක් බිසව (1670–1718)
- දල්සුං සියෝ වංශයේ ජොංසොං අගබිසව (1692–1757)
- ග්යොංජු කිම් වංශයේ ජොංසුන් අගබිසව (1745–1805)
- සොං වංශයේ රාජකීය වංශවත් උයි බිසව (1753–1786)
- පාක් වංශයේ රාජකීය වංශවත් සු බිසව (1770–1822)
- අන්දොං කිම් වංශයේ සුන්වොන් අගබිසව (1789–1857)
- අන්දොං කිම් වංශයේ චොනින් අගබිසව (1837–1878)
- යොහ්‍යුං මින් වංශයේ මියොංසොං අධිරාජිනිය (1873–1895, අගබිසව ලෙස)
- හේප්යොං යුන් වංශයේ සුන්ජොං අධිරාජිනිය (1894–1966)