උයි-බින් සොං

විකිපීඩියා වෙතින්
සොං උයි-බින් ආර්යාව
රාජකීය වංශවත් බිසව
උපත1753 ජූලි 8
මරණයNot recognized as a date. Years must have 4 digits (use leading zeros for years < 1000). (වයස Error: Need valid year, month, day)
වල්ලභයාජොසොන්හි ජොංජෝ රජු
දරුවන්කිරුළහිමි මුන්හ්යෝ කුමරු (1782)
නම් නොලද දියණියක් (1784)
නූපන් දරුවෙක් (1786)

සොං වංශයේ රාජකීය වංශවත් උයි බිසව (1753 ජූලි 8 – 1786 සැප්තැම්බර් 14) යනු ජොංජෝ රජුගේ උපබිසවකි.

චරිතාපදානය[සංස්කරණය]

අනාගතයේ දී රාජකීය වංශවත් බිසවක් බවට පත් වන උයි උපබිසව උපත ලැබූයේ 1753 ජූලි 8 වනදායි. ඇගේ නාමය දොග්-ඉම් (덕임) විය. ඇය සොං යුන්-උ සහ ඉම් මැතිණියගේ දියණිය විය. සැබවින්ම සොං යුන්-උ යනු, හ්යේග්යොං ආර්යාවගේ පියාණන් වූ හොං බොං-හන්ගේ වහලෙකි.

1762දී, දස වියැති සොං දැරිය රාජ මාලිගයට ඇතුළත්ව මාලිග සේවිකාවක් ලෙස පුහුණුව ලැබුවා ය. අනතුරුව ඇය ජොංජෝ රජුගේ මව වූ හ්යේග්යොං බිසවගේ පෞද්ගලික සේවිකාවක් බවට පත් වූවා ය.

1767දී, ජොංජෝ රජු සොංහට විවාහ යෝජනාවක් කළේ ය. නමුත් ඇය එය ප්‍රතික්ෂේප කළා ය. 1773දී, ඇය ජොංජෝගේ නැගණියන් වූ චොං යොන් සහ චොං සොන් සමග එක්ව කොරියානු නවකථාවක් වූ 《ග්වග්ජංග්යංමුන්රොග්》(곽장양문록) පිටපත් කළා ය.

1782දී, ජොංජෝ රජු සොං ආර්යාවට නැවත විවාහ වරක් විවාහ යෝජනාවක් ගෙනආවේ ය. නමුත් ඇය එවරද එය ප්‍රතික්ෂේප කළා ය. එම නිසා ඔහු ඇගේ සේවකයන්ට දඬුවම් කළ අතර, අනතුරුව ඔවුහු විවාහ වූහ.

ජොංජෝ රජු සොංව සං-උයි (상의) තනතුරට පත්කළේ ය. යි හ්යෑං කුමරුට (리 향) උපත ලබාදීමෙන් පසු 1782 සැප්තැම්බර් 7වන දින, සොං ආර්යාව 2වන නිලමට්ටමේ උපබිසෝ තනතුරක් වූ "සෝ-යොං" (소용, 昭容) තනතුරට ඔසවා තබන ලදී. 1782 නොවැම්බර් මස, හ්යෑං කුමරුන්ට අනුප්‍රාප්තික මුන්හ්යෝ කුමරු යන නාමය ලබා දුන් අතර, සොං බිසව "බින්" (빈, 嬪) තනතුර‍ට ඔසවා තබා ඇගේ නාමයට "යෝග්‍ය/සුදුසු" යන අරුතැති "උයි" නැමැති උපසර්ගය එකතු කරන ලදී. 1784 මාර්තු 20දින සොං බිසව නම් නොලද කුමරියකට උපත දුන් නමුත්, දැරිය උපතින් පසු මියගියා ය.

1784 ජූලි 2, අනුප්‍රාප්තික මුන්හ්යෝ කුමරුන්, ජොසොන්හි කිරුළහිමි කුමරු ලෙස නම්කරන ලදී. 1786 මැයි 11 දින, සිව් වියැති කිරුළහිමි මුන්හ්යෝ කුමරු මියගියේ ය. සිය පුතුගේ මරණින් මාස හතරකට පසු, සිය තෙවන ගර්භනී අවධියේ දසවන මාසයේ දී සොං බිසව ද මියගියා ය.[1] නූපන් දරුවාද ඇය සමග ජීවිතක්ෂයට පත් විය.

ජොංජෝ රජු විසින් ඇගේ සමරු පාඨය ලියන ලදී.

සොං ආර්යාවගේ දේහය, ඇගේ පුතණුවන් වූ කිරුළහිමි මුන්හ්යෝ කුමරුගේ දේහය සමග ‍සොසම්න්‍යුංහි හ්යෝචංවොන් ප්‍රදේශයේ භූමදානය කරන ලදී.[2] සැබවින්ම ඇගේ සොහොන පිහිටා තිබුණේ සෝල්හි යොං-සන් (හ්යෝ-චං පාක් 孝昌公園) ප්‍රදේශයේ ය. නමුත්, 1944 ජපන් ඈඳාගැනීමේ යුගයේ දී ජපන් රජය විසින් එය රැගෙන යන ලදී.

දරුවන්[සංස්කරණය]

  • කිරුළහිමි මුන්හ්යෝ කුමරු (යි හ්යෑං, 리 향) – 1786දී, එනම් වයස 5දී මියගියේ ය.
  • නම් නොලද කුමරියක් - 1784, උපතින් පසු මියගියා ය
  • නූපන් දරුවෙක් - සොං ආර්යාවගේ මරණයත් සමග ඇගේ දස වන ගැබ් මාසයේ ගර්භාෂය තුළ මරණයට පත් විය.

ජනප්‍රිය සංස්කෘතිය තුළ[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. රෝයල් ආර්ක් http://www.royalark.net/Korea/korea7.htm
  2. හ්යෝචංවොන් සහ උයිර්යොංවොන්හි සොහොන http://www.exploringkorea.com/tomb-of-hyochangwon-and-uiryeongwon/
"https://si.wikipedia.org/w/index.php?title=උයි-බින්_සොං&oldid=473327" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි