රඹුටන්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
Rambutan
Rambutan white background alt.jpg
Unpeeled and peeled rambutan
Rambutans by Muhammad Mahdi Karim.jpg
Rambutan fruits
Scientific classification
Kingdom: Plantae
(unranked): Angiosperms
(unranked): Eudicots
(unranked): Rosids
Order: Sapindales
Family: Sapindaceae
Genus: Nephelium
Species: N. lappaceum
Binomial name
Nephelium lappaceum
L.[1]
A cluster of yellowish rambutan.

රඹුටන් (/ræmˈbtən//ræmˈbtən/; වර්ගීකරණ නාමය: Nephelium lappaceum) මධ්‍යම ප්‍රමාණයේ-විශාලත්වයෙන් යුත්  Sapindaceae ගණයට අයත් නිවර්තන ශාකයකි. මෙම ශාකය කෑමට සුදුසු පළතුරක් නිපදවන බව නමෙන්ම සාක්ෂි දරයි. රඹුටන් වල නිජබිම මැලේ-ඉන්දුනීසියා (Malay-Indonesian) ප්‍රදේශ වේ,[2][3] නිවර්තන ආසියාව  (Southeast Asia) පුරාවට මෙම ශාකය පැතිර තිබේ .[4] මෙම පලතුර කෑමට සුදුසු නිවර්තන පලතුරු ( tropical fruits) වන    ලිචී( lychee),ලෝගන්( longan),මැමන්සිලෝ( mamoncillo) වලට නෑකම් කියයි.

නිරුක්තිය[සංස්කරණය]

'රඹුටන්' යන නාමය මැලේ-ඉන්දුනීසියානු භාෂාවේ ( Malay-Indonesian languages)  එන රම්බුට්(rambut)  "කෙඳි", (ලෙල්ලේ ඇති විශාල සන්ක්‍යවකින් යුක්තවන)පදය, නාම පද නිර්මාණය කරන උපසර්ගයක් වන "an" සමග එක්ව සෑදී තිබේ.[2][4] වියෙට්නාමයේ   chôm chôm ("ව්‍යාකුල කෙඳි") ලෙල්ල පුරා ඇති කෙඳි නිසා එම නම භාවිතා වේ.[5]

ආරම්භය හා ව්‍යාප්තිය[සංස්කරණය]

දකුණු ආසියාවේ නිවර්තන ප්‍රදේශවලට උරුම වූ රඹුටන් පොදුවේ අවට කලාපයේ සෑම රටකම වැවේ.[3] එහි සිට ආසියාව, අප්‍රිකාව,  Oceania සහ මධ්‍යම ඇමෙරිකාව දක්වා ව්‍යාප්තවිය .[6] විවිධ අවේනික වර්ග, වනගත හා වගා ලෙස ඉන්දුනීසියාවේ හා මැලේසියාවේ බහුලව  දැකගත හැක.[3]

13 වන හා 15 වන සියවස්වල අරාබි වෙළදුන්, ඉන්දියානු සාගරයේ වෙළදාමේ ආදිපත්‍ය රදවා තිබු අතර ඔවුන් සන්සිබරයේ(Zanzibar) සහ පෙම්බාවේ(Pemba) නැගෙනහිර අප්‍රිකාවේ(East Africa) රඹුටන් හඳුන්වා දීමට කටයුතු කර ඇත. ඉන්දියාවේ සමහර ප්‍රදේශවල සුළු වශයෙන් පමණක් රඹුටන් ව්‍යාප්තව පවතී. 19 වන සියවසේදී ලන්දේසීන් විසින් රඹුටන් ඔවුන්ගේ කොලනි බවට පත්ව තිබු ගිනිකොනදිග ආසියාවේ සහ දකුණු ඇමරිකාවේ සරිනෙම්(Suriname) වලට හදුන්වා දී ඇත. පසුව ශාකය ඇමරිකාවේ නිවර්තන ප්‍රදේශයට පැතිරුනි, තවද කොලොම්බියාවේ මුහුදුබඩ පහත් ප්‍රදේශවලත්, ඉක්වදොරයෙත්, හොන්ඩුරාස් වලත්, කොස්ට රිකාවෙත්, ත්රිනිද්‍රඩ් සහ කියුබවෙත් රෝපණය කර ඇත.1912දී ඉන්දුනීසියාවෙන් පිලිපීනයට හදුන්වාදී ඇත. තවද 1920 ඉන්දුනීසියාවෙ, 1930 මලය වල හදුන්ව දී තිබුනත් 1950 වනතුරු පැතිරීම සිමිත විය.

එක්සත් රාජධානියේ ගිනිකොන පෙදෙසට ජාවා වලින් 1906දි ආනයනය කරනලද බීජ මගින් රඹුටන් වගාව හදුන්ව දීමට ගිය අවස්ථාවන් අසාර්ථක විය,[2] නමුත් පියෝටෝ රිකෝ (Puerto Rico) හිදී සාර්ථක විය.[4]

සටහන[සංස්කරණය]

Ripe rambutan in Malaysia

රඹුටන් 12-20m උසකට වැවෙනා සදාහරිත ශාකයකි.[4] පත්‍ර එකාන්තරිකව  10–30 cm දිගින්, දෙපස්ව, කිනිත්තකට 3-11 ක් වන ලෙස, සැමපත්‍රයක්ම සම්පුර්ණ මායිම සැලකුවිට පිළිවලින්  5–15 cm පළල් සහ 3–10 cm විශාලත්වයෙන් වේ. මල් ඉතාම කුඩා වනඅතර, 2.5–5 mm, පෙති රහිත, මල්ඩලාකාර, ලිහිල්ව බැඳුනු මල් පොකුරු(15–30 cm පළල්) ලෙස හටගනී.[4]

රඹුටන් ශාකය පිරිමි (සරෙනුක මල් පමණක් නිපදවන සහ, එමනිසා, ඵල හට නොගන්නා), ගැහැණු(ක්‍රියාකාරී ගැහැණු මල් පමණක් නිපදවන), හෝ ද්වීලින්ගික(ගැහැණු මල් වැඩි ගණනක් නිපදවන අතර සුළු ලෙස පිරිමි මල් නිපදවන) ලෙස වර්ගකල හැක.

ඕවල් හැඩයෙන් යුත් ඇටයට පිටතින් රවුම් ආකාරයෙන් ඵලය පිහිටයි. 3–6 cm (කලාතුරකින් 8 cm) දිගින් සහ 3–4 cm පළලින් ,ලිහිල්ව එල්ලා වැටුන ගෙඩි 10-20 අතර ප්‍රමාණයෙන් යුත් පොකුරක් ලෙස හටගනී. ඉදුනු පසු ලෙල්ල රතු පැහැයෙනුත් (කලාතුරකින් තැඹිලි හා කහ), නැවෙන සුළු කෙඳි වලිනුත් සමන්විත වේ. පලතුරේ මදය, බීජ කවචමය ඉතාමත් රසින් යුතුවන අතර සුදු හෝ ලා රෝස පැහ වේ, තවද මෘදු ආම්ලික රසය මිදි වල රසය සිහිකරවයි.[4]

සෑම රඹුටන් බීජයක්ම ඔපදමනලද දුඹුරු පැහැයක් ගන්නා අතර, ප්‍රමාණයෙන් 1–1.3 cm වේ. තවද, අභ්‍යන්තරය සුදු පැහැයෙන් යුක්ත වෙයි.[4]  ඇටය මැද මෘදු වන අතර සංතෘප්ත සහ අසන්තෘප්ත මේද සම ප්‍රමාන වලින් අඩංගු වේ,[7] ඇටය සමහරවිට උයා අහාරයට ගනී.ලෙල්ල ඉවත්කර රඹුටන් නැවුම්ව හෝ උයා අහාරයට ගනී. පළමුව මිදී වැනි මස් සහිත කොටස,පසුව බීජය ආහාරයට ගන්න නිසා  කිසිවක් අපතේ නොයයි.

පරාගනය[සංස්කරණය]

සුවදැති රඹුටන් මල් වලට මීමැස්සන් ඇතුළු බොහොමයක් කෘමීන් ආකර්ෂණය වෙයි. ප්‍රධාන පරාග පොෂකයින් වන්නේ මැස්සන් (Diptera), මීමැස්සන් (Hymenoptera), සහ කුඹින් (Solenopsis) ය. මැස්සන් අතරෙන් Lucilia spp. වර්ගය බහුලව දායක වෙයි, මීමැස්සන් විශේෂ අතරින් honey bees (Apis dorsata සහ A. cerana) සහ stingless bee වර්ගය Trigona ප්‍රධාන වශයෙන් ආකර්ෂණය වෙයි.[4]  ඇසපි සේරනා (A. cerana) ජනපද වාසීහු රඹුටන් මල් වල යවසනය වෙමින් මී පැණි විශාල ප්‍රමාණයක් නිපදවයි. මීමැස්සන් මල් මත යවසනය වෙමින් මල්පැණි ලබාගන්න විට පිරිමි මල්වල කලංකය මත දැවටෙයි, එවිට ඇලෙන සුළු පරාග බොහෝ ප්‍රමාණයක් ඔවුන්ගේ අගේ තැවරේ. ඔවුන් ගැහැණු මල් මතට යනවිට ඇඟේ තැවරුණ පරාග සුළු ප්‍රමාණයක් දැකගත හැක. පිරිමි මල් උදැසන 6 ට පිපුනත් A. cerana මීමැස්සන් විශේෂය මල් මත යවසනය වන්නේ උදැසන 6ත් 11ත් අතර කාලයේදීය.ඉන්පසු හිටිහැටියේම  ඔවුන් නික්මයයි. තායිලන්තයේ කුඩා පරිමානයේ රඹුටන් වගා වල පරාගනයට නිර්දේශිත කෘමින් විශේෂය A. cerana මීමැස්සන්  වේ. එහි රේණු සහිත ස්වභාවය පරාග කෘමීන්ගේ ඇඟ මත දවටී ගැහැණු මල් මතට ගෙනයාමට උපකාරී වෙයි.

නිෂ්පාදනය[සංස්කරණය]

රඹුටන් ශාකය විශේෂයෙන් තෙත් වියලි දකුණු ආසියාතික කලාපයට අයත්, සාම්ප්‍රදායිකව වගාකරන, විශේෂයෙන් ඉන්දුනීසියාවේ, මැලේසියාවේ සහ තායිලන්තයේ බෝගයකි.[8] එය ගෙවතු වගාවක් ලෙස බොහෝදෙනා වගාකරන අතර ආර්ථික වාසි සදහා සුළු පිරිසක් වග කරයි. දකුණු ආසියාවේ බොහෝදෙනෙක් හොදින් හදුනන පළතුරක් වන රඹුටන් නිවර්තන ප්‍රදේශ වන අප්‍රිකාවේ,කැරිබියන් දූපත්වල, කොස්ට රිකාවේ, හොන්දුරසාවේ, පැනමවේ, ඉන්දියාවේ, පිලිපීනයේ, සහ ශ්‍රී ලංකාවේ බහුලව දැකිය හැක.මීට අමතරව ඉක්වදෝරයේ රඹුටන්, achotillo නාමයෙන් හදුන්වන අතර පියෝටෝ රිකෝ දූපත් වලද නිෂ්පාදනය කරයි.[4]

තායිලන්තය රඹුටන් වගාකරන රටවල් අතරින් ඉදිරියේම සිටී. 2005 වර්ෂයේ දත්ත වලට අනුව,ඒ රඹුටන් ටොන් 588,000ක් (55.5%), දෙවනුවට ඉන්දුනීසියාව, ටොන් 320,000ක් (30.2%), අනතුරුව මැලේසියාව ටොන් 26,300ක් (11.9%) සමග, මෙම රටවල් තුන ලෝක රඹුටන් නිෂ්පාදනයෙන් 97%කට හිමිකම් කියයි. තායිලන්තයේ ප්‍රධාන වගා මද්‍යස්ථානය සුරට් තානි පළාතේ ඇත. ඉන්දුනීසියාවේ ප්‍රධාන නිෂ්පාදන මධ්‍යස්ථානය ඉන්දුනීසියාවේ බටහිර ප්‍රදේශය වන ජාවා, සුමාත්‍රා සහ කලිමන්ටන් ප්‍රදේශවල වෙයි.[9] ජාවා වල මහා ජකර්තා, බටහිර ජාවා ගම්මානවල ඇති ඔර්චාර්ඩ් සහ පෙකරගන් යන වතු කොලනි සමයේදී පවා රම්බුටන් නිෂ්පාදනය කල බවත්,එහි වෙළද කේන්ද්‍ර ලෙස පසර් මින්ග්ගු,දකුණු ජකර්තාව යොදාගත් බවත් සඳහන් වෙයි.රඹුටන් නිෂ්පාදනය වේගයෙන් ඔස්ට්‍රලියාවේ ඉහල යන අතරම 1997දී හවායි වල ප්‍රධාන පලතුරු  නිෂ්පාදන තුනෙන් එකක් විය.

සාමාන්‍යයෙන් රඹුටන් නෙලගත්පසු නැවුම් බවෙන් අලෙවි කරයි, තවද ජෑම් සහ ජෙලි නිෂ්පාදනයටත්, ටින් කල ද්‍රව්‍යක් ලෙසත් අලෙවි කරයි. සදාහරිත රඹුටන් ශාකය ඉදුනු රඹුටන් වලින් බරවූ පසු ඇතිවන වර්ණවත් බව පරිසරයට ඉතා අලංකාරයක් එක් කරයි.

ඉන්දියාවට රඹුටන් තායිලන්තයෙන් ආනයනය කරයි.[10] ඒ වගේම ඉන්දියාවේ පතනම්තිට්ට දිස්ත්‍රීක්කයේ හා කේරල දකුණු ප්‍රාන්තයේ වගා කෙරේ.[11]

රඹුටන් ඍතුවිරාම පළතුරක් නොවේ — එය ශාකය මතදී පමණක් ඉදෙන පලතුරකි, ඵල නෙලීමෙන් පසු ඉදීමට අවශ්‍ය ශාක හෝමෝන, එතිලීන් වර්ග නිෂ්පාදනයට ඇති හැකියාව නැතිවී යයි.[4]

වගාව[සංස්කරණය]

රඹුටන් නිවර්තන කලාපිය උණුසුම් දේශගුණයට 22–30 °C සහ 10 °C ට අඩු උෂ්ණත්ව වලට සංවේදී වේ. වාණිජ වශයෙන් සමකයට 12-15° ප්‍රදේශ වල වර්දනය වේ.[12] මෙම ශාක මුහුදු මට්ටමේ සිට 500 m (1,600 ft) උස් ප්‍රදේශවල, පසේ ගැඹුරටම යාහැකි, මැටි ලෝම හෝ වැලි ලෝම කාබනික ද්‍රව්‍යයෙන් පොහොසත්, විශිෂ්ට ජලාපවාහන පද්දතියක් ඇති ප්‍රදේශවල සාර්ථකව වර්නධය වේ.රඹුටන් ශාකා බද්යධන්, වායු අතුබැඳීම්, සහ අංකුර බද්ධයන්;ප්‍රධාන වශයෙන් ඇඹුල් රසයෙන් යුත් රඹුටන් වල බීජ ව්‍යාප්තියෙන් රෝපණය වෙයි.බද්ධ ශාක වසර දෙක තුනකින් පලදරන අතර උපරිම අස්වැන්නක් සඳහා වසර 8-10 කාලයක් ගතවෙයි. බීජ වලින් වගා කෙරෙන ශාක වසර පහ හයකින් ඵල දැරීම සිදුකරයි.

සමහර වාණිජ වගාවන් වල බීජ කවචය බීජයට එකතුවී පවතී, "නිදහස්ආර" වගාවන් වලට වැඩි අවස්තාවක් පවතී. සාමාන්‍යයෙන්, පලතුර තුල ලා දුඹුරු පැහැයට හුරු බීජයක් පවතී, එහි අඩංගු අධික සාන්ද්‍රනයෙන් යුත්  මේද හා තෙල්(ප්‍රාථමික ඔලෙයික් අම්ලය සහ ඇරකිඩොනික් අම්ලය)[7] ව්‍යාපාරවලට ඉතා අගනේය, එමෙන්ම ආහාර පිසීමටත් සබන් නිෂ්පාදනයෙදීත් භාවිත කෙරේ. රඹුටන් මුල්, පොතු, සහ කොළ දේශීය වේදකමදී ඖෂධ ලෙස යොදාගනී [2] තවද ඩයි වර්ග නිෂ්පාදනය සඳහාද භාවිතා කෙරේ.

Rambutan before ripening

සමහර ප්‍රදේශවල,රඹුටන් ශාකය වසරකට දෙවරක් ඵල දරයි,ඒ වැසි සමයට පසු කාර්තුවේ හා ශීත ශිතුවට පෙර සමයේදී, සහ කෙටි සමයක් වන වසන්ත සමයට පසු හා ගිම්හාන සමයට පෙර කාල වලයි.[2] කොස්ට රීකා වැනි ප්‍රදේශ වල වසරකට එක්වරක් පමණක් ඵල දරයි, ඒ අප්‍රේල් මාසවල ලැබෙන වර්ෂාවත් සමග මල් හටගැනීම ආරම්භ වී, අගෝස්තු සැප්තැම්බර් මාසවලදී ඵල ඉදීම සිදුවේ. රඹුටන් පලතුර ශකයේදීම ඉදිය යුතුයි, එවිට ඒවා කාර්තු තුන හතරකදී නෙලාගනු ලබයි. ඉදුනු නැවුම් ඵලතුරු ඉක්මනින් තැලෙන සුළු වන අතර එහි ලෙල්ලට පවතින්නේ සුළු ආයු කාලයකි. සාමාන්‍ය වශයෙන් ගහකින් රඹුටන් ගෙඩි 5000-6000(ශාකයකට 60–70 kg හෝ130–155 lb) ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලබාදෙයි.[2] තරුණ ශාකවල ඵලදාවා හෙක්ටයාරයකට ටොන් 1.2ක් (අක්කරයකට ටොන් 0.5ක්) පමණ ලබාදෙන අතර පරිනත ශාක හෙක්ටයාරයකට ටොන් 20ක් (අක්කරයකට ටොන් 8ක්) දක්වා ප්‍රමාණයක් ලබාදෙයි.  හුවාවේ වල, වගාකරන ලද හෙක්ටයාර 38න් 24ක් (අක්කර 95න් 60ක්) 1997දී ටොන් 120ක අස්වැන්නක් ලබාදී ඇත. පලතුරු වත්ත නිසි ප්‍රමිතියෙන් කළමනාකරණය කළහොත් වැඩි අස්වැන්නක් ලබාගත හැක. ඒ නිසි පරාගනයෙන් සහ වැඩි ඵලදාවක් ලභාදෙන ප්‍රභේධ සංයුක්ත වගාවන් තුලින් වර්ධනය කෙරේ.[2]

බොහෝ වාණිජ වගාවන් ද්වී ප්‍රභේධ වේ; ක්‍රියාකාරී ගැහැණු ශාක වගා කරන වගාවන් තුල පිරිමි ශාක පැවතීම අත්‍යවශ්‍ය වේ.[2]  ද්වීලිංග ක්ලෝන මගින් ක්‍රියාකාරී ගැහැණු මල් ඉතා ඉහළ ප්‍රමාණයක් සහ පරාග නිෂ්පාදනය කරන මල් ඉතා අඩු සංක්‍යාවක්නි ෂ්පාදනය කරයි. පරාග පමණක්  නිපදවන පිරිමි ශාක කලාතුරකින් දක්නට ලැබේ. 3000 කට අධික  සුදු පැහැයට හුරු  මල් හටගන්නේ එකට බැඳුනු පිරිමි මල් කිනිති වලයි, ඒවගෙන් සියල්ලකම පරාගධානි 5-7 ප්‍රමාණයක්ද අක්ක්‍රීය ඩිම්භ කෝෂයක්ද පිහිටයි. පිරිමි මල් වල කහ පැහැති මධු කෝෂ සහ රේණු 5-7 ප්‍රමාණයක් පිහිටයි. කහ පැහැයට හුරු මල් 500ක් පමණ ද්වීලින්ගික එකට බැඳුනු මල්පොකුරු වල හටගනී. සෑම මලකම පරාගකෝෂ 6ක්, සාමන්යෙන් ද්විඛණ්ඩිකීය කලංකය, සහ ශාකා දෙකටම(කෝෂ්ඨය) එක් ඩිම්භයක් වශයෙන් පවතී..[4] මල් එක් දිනකින් පමණ බිමට වැටෙයි, නමුත් පරාග බැහැර කරන්නේ නම් ටික කලක් පවතී.

තායිලන්තයේ, රඹුටන් ගස් ප්‍රථමයෙන්  Surat Thani හා Ban Na San ප්‍රදේශ වලදී  1926 චීන මැලේ ජාතික කේ. වොන්ග් විසින් රෝපණය කර ඇත . අගෝස්තු අස්වැන්න නෙලනවත් සමගම වාර්ෂික රඹුටන් පොලක් පැවැත්වෙයි. [13]

මැලේසියාවේ රඹුටන් මල්, වැසි රහිත වියලි කාලයන් වන මාර්තු සිට ජුලි දක්වා කාලයේත් ජුනි සිට නොවැම්බර් දක්වා කාලයේදීත් දැකිය හැක. විවිධ ප්‍රදේශ වලට අනුව මල් හටගන්නා කාල වෙනස් වෙයි. සියල්ලම නොවුනත් මල් බොහොමයක් උදයේ විකසිත වේ. සෑම දිනකදීම එක් එක් ප්‍රභේධ වලට අයත්න් කාන්තා මල් 100 කට ආසන්න ප්‍රමාණයක් විකසිත වෙයි. මූලික ඵල දැරීම 25% ළඟා විය හැක, නමුත් අධික පාතනොපලනය නිසා අස්වැන්න ලබාගත හැකි වන්නේ 1%-3% අතර ප්‍රමනයකිනි. මල් හටගැනීමෙන් සති 15-18 කාලයකදී ඵල ලබාගත හැක.

ශ්‍රී ලංකාව තුල රඹුටන් ප්‍රධාන වශයෙන් කුඩා ගෙවතු වගාවන් ලෙස පවත්වාගෙන යයි. මල්වාන,කැලණි ගඟ නිම්නයේ පිහිටි සුන්දර  ගම්මානයකි,එහි රඹුටන් පළතුරු වතු වගාවක් ලෙස  ජනප්‍රියයි. ඔවුන්ගේ අස්වැන්න මැයි, ජූනි, ජූලි මාස වලදී වෙළඳ පොලට පැමිණෙයි. එම කාල වලදී කොළඹ නගරයේ වීදි දිගේ සෘතු වෙළෙඳුන් තම අස්වැන්න සමග දැකගැනීම සුලභ දසුනකි. බිබිල, මැදගම, සහ මොණරාගල යන ප්‍රදේශ වල ජනවාරි සහ පෙබරවාරි මාස තුලදී අවාරයේ රඹුටන් අස්වැන්න ලබාදෙයි.

පිරිමි සහ ගැහැණු මල් දෙවර්ගයේම යන්තමින් මිහිරි සුවඳ කැටි වන අතර ඩිම්බකෝෂ පාදමේ  ක්‍රියාකාරී මල් පැණි ඇත. ගැහැණු මල් පිරිමි මල් වඩා තුන් හතර ගුණයක් වැඩියෙන් මල් පැණි නිෂ්පාදනය කරයි. මල් පැණි වල සීනි සාන්ද්‍රණය 18% ක් සහ 47% ක් අතර පරාසයක් ගන්නා අතර එම ප්‍රමාණයන් මල් අතර සමාන වේ. රඹුටන් මැලේසියාවේ මී මැස්සන් සඳහා වැදගත් මල් පැණි මූලාශ්රක් වේ.

ක්‍රියාකාරී ගැහැණු මල් බොහොමයක පරාගධානිය නැති නිසා පර පරාගනය සිදුකරයි. විසංයෝගතාව සමහර වගා වල  සිදු කළත්, රඹුටන්, ලිචී(lychee) මෙන් පරාගනය කෘමීන් මත රඳා පවතී. මැලේසියාවේ ගැහැණු මල් වලින් 1% ක් පමණක් ඵල ලබාදේ, අතින් කරන්න වූ පරගනයෙන් 13% ක් ඵල දරන අතරම මලු කරන ලද මල් ඵල ලබා නොදේ. පිරිමි හෝ ද්විලිංග මල්(ගස්) නිවැරදි පරගනයේදී පවිත්‍රතාවය රැකගත යුතුයි. මෙ අනුව ස්වභාවික තත්ත්වයන් යටතේ පරාගණය හා පලතුරු සීමාවීම, පිරිමි සහ ගැහැණු මල් අතර හරස් පරාගනයේ අවශ්‍යතාව පැහැදිලි කරයි.

වගා වර්ග[සංස්කරණය]

Javanese rambutan seller in Semarang, Indonesia.

නිවර්තන ආසියාව පුරාවට වගාවන් 200කට අධික ප්‍රමාණයක් තෝරාගත් ක්ලොනයන්ගෙන් සාර්ථකව සංවර්දනය කර ඇත. මෙම බොහෝ වගා ද සංයුක්ත වර්ධනයක් සඳහා තෝරා ගනු ලැබේ, පහසු අස්වැන්න සඳහා මීටර් 3-5 ක් පමණක් උසකට වර්ධනය කරගනී.

ඉන්දුනීසියාවේ රඹුටන් වගා 22ක් හොඳ තත්වයේ හඳුනා ගන්නා ලදී, ප්‍රධාන පෙළේ වාණිජ වගාවන් පහක් සමග: 'Binjai', 'Lebak Bulus', 'Rapiah', 'Cimacan' සහ 'Sinyonya',[8] ඇතුළු තවත් ජනප්‍රිය වගා 'Simacan', 'Silengkeng', 'Sikonto' and 'Aceh kuning' සමග.[2] මාලයේ, වාණිජ වග වර්ග ලෙස 'Chooi Ang', 'Peng Thing Bee', 'Ya Tow', 'Azimat', and 'Ayer Mas' ගතහැක.[2]

නිකරගුවාවේ, ඒකාබද්ධ ලෝක සහන-යුරෝපා සංගමය මගින් ගොවීන් 100 කට වැඩි ප්‍රමාණයකට  2001 දී Ascociación Pueblos en Acción Comunitaria වැනි සංවිධාන හරහා බීජ පැල බෙදා දෙනලදී. මෙම ගොවීන්ගෙන් සමහරක් 2005-2006 වනවිට වේගයෙන් සන්වර්ධනයවී  තමන්ගේ ගස්වලින් ලබාගත්  පළමු අස්වැන්න දේශීය වෙළදපොලට නිකුත් කිරීමට සමත්විය.

පිලිපීනයේ, රඹුටන් වගාවන් ඔවුන්ගේ බීජ අනුව වර්ගීකරණයට ලක් කෙරේ. සාමාන්‍ය රඹුටන් වලින් ඇටය ඉවත්කිරීම පහසු නොවේ, නමුත් මස් රඹුටන් ('Maharlika Rambutan') වලින් පහසුවෙන් පිරිසිදුව ඇටය වෙන්කරගත හැක. මෙම වර්ග දෙකේ ප්‍රමාණයන් හා රසයන් සර්වසම වේ, නමුත් 'Maharlika Rambutan' (මස් රඹුටන්) වැඩ ජනප්‍රිය මෙන්ම මිලෙන්ද අධික වේ.

පෝෂ්‍ය පදාර්ථ සහ ශාක රසායනික ද්‍රව්‍ය[සංස්කරණය]

Rambutan, canned, syrup pack
Rambutan in white bg.jpeg
Nutritional value per 100 g (3.5 oz)
ශක්තිය 343 kJ (82 kcal)
කාබෝහයිඩ්‍රේට් 20.87 g
- ආහාරමය කෙඳි 0.9 g
මේද 0.21 g
Protein 0.65 g
Thiamine (vit. B1) 0.013 mg (1%)
Riboflavin (vit. B2) 0.022 mg (2%)
Niacin (vit. B3) 1.352 mg (9%)
Vitamin B6 0.02 mg (2%)
Folate (vit. B9) 8 μg (2%)
Vitamin C 4.9 mg (6%)
Calcium 22 mg (2%)
Iron 0.35 mg (3%)
Magnesium 7 mg (2%)
Manganese 0.343 mg (16%)
Phosphorus 9 mg (1%)
Potassium 42 mg (1%)
Sodium 11 mg (1%)
තුත්තනාගම් 0.08 mg (1%)
Link to USDA Database entry
Percentages are approximated from
US recommendations for adults.
Source: USDA Nutrient Database

රඹුටන් වල විවිධ පෝෂ්ය පදාර්ථ සුළු ප්‍රමාණයන්ගෙන් අඩංගු වේ, දිනකට 100 g ආහාරයට ගතහොත් එහි දලවශයෙන් manganese 16%ක් අන්තර්ගත වේ (දකුණු පස වගුව; දත්ත ටින්කල පලතුරු සිරප් සදහා පමණක් වේ. ටින් නොකළ පලතුරු වල විවිද පෝෂ්‍ය පදාර්ථ අඩංගු විය හැක).

ඇට සහිත පළතුරක් වන රඹුටන් පලතුරේ මස් සහිත ආහාරයට ගන්න කොටසේ සැලකිය යුතු polyphenol අන්තර්ගත නොවේ,[15] නමුත් එහි වර්ණවත් ලෙලි ප්‍රදේශයේ විවිධ ෆීෙනෝලීය අම්ල, syringic, coumaric, gallic, caffeic හා ellagic අම්ල කෘතීම ප්‍රතිඔක්සිකාරක ක්‍රියාකාරකම් දක්වයි.[16][17] රඹුටන් බීජ වල පිළිවෙලින් arachidic (34% ක්) සහ oleic (42%) වැඩි මේද ප්‍රමාණයක් අඩංගු වේ. තවද සංතෘප්ත හා අසංතෘප්ත මේද අම්ල සමාන ප්‍රමානවලින්අ ඩංගු වේ. [7]

රඹුටන් පළතුරේ ඇති මිහිරි සුවඳ beta-damascenone, vanillin, phenylacetic අම්ලය සහ cinnamic අම්ලය ඇතුළු විවිධ වාෂ්පශීලී කාබනික සංයෝග මගින් උපද්දවා ගත හැක.[14]

ගැලරිය[සංස්කරණය]

මෙයද බලන්න[සංස්කරණය]

  • Korlan
  • Longan
  • Lychee
  • Mamoncillo
  • Pulasan

මූලාශ්‍ර[සංස්කරණය]

  1. සැකිල්ල:ITIS
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 2.7 2.8 2.9 Morton JF (1987). Rambutan, In: Fruits of warm climates. Center for New Crops & Plant Products, Purdue University Department of Horticulture and Landscape Architecture, W. Lafayette, IN. pp. 262–265. 
  3. 3.0 3.1 3.2 H. D. Tindall (1 January 1994). Rambutan Cultivation. Food & Agriculture Org.. ISBN 978-92-5-103325-8. https://books.google.com/books?id=Ag-1Fzs0bxMC. 
  4. 4.00 4.01 4.02 4.03 4.04 4.05 4.06 4.07 4.08 4.09 4.10 The Rambutan Information Website. Panoramic Fruit Farm, Puerto Rico. සම්ප්‍රවේශය 25 June 2011. 
  5. Vietnamese tropical fruit. සම්ප්‍රවේශය 7 October 2012. 
  6. Robert E. Paull; Odilo Duarte (2012). Tropical Fruits. CABI. ISBN 978-1-84593-789-8. https://books.google.com/books?id=JukGd1c_ttYC. 
  7. 7.0 7.1 7.2 Manaf YN, Marikkar JM, Long K, Ghazali HM (2013). "Physico-chemical characterisation of the fat from red-skin rambutan (Nephellium lappaceum L.) seed". J Oleo Sci 62 (6): 335–43. doi:10.5650/jos.62.335. PMID 23728324. https://www.jstage.jst.go.jp/article/jos/62/6/62_335/_pdf. 
  8. 8.0 8.1 Rambutan (Nephelium lappaceum). Fruitipedia. සම්ප්‍රවේශය 11 July 2015. 
  9. R. Poerwanto. Rambutan and Longan Production in Indonesia. ISHS Acta Horticulturae 665: II International Symposium on Lychee, Longan, Rambutan and other Sapindaceae Plants. සම්ප්‍රවේශය 11 July 2015. 
  10. Shantanu Nandan Sharma (2006-05-07). "Thailand wants to export Rambutan,longan to India". The Economic Times. සම්ප්‍රවේශය 8 June 2012. 
  11. Kuttoor, Radhakrishnan (2009-06-28). "Farmers taking to Rambutan cultivation". The Hindu. සම්ප්‍රවේශය 8 June 2012. 
  12. Third Regional Workshop on Tropical Fruits. Instituto Interamericano de Cooperación para la Agricultura. 1994. පි. 86. ISSN 0253-4746. https://books.google.com/books?id=9zlkAAAAIAAJ&pg=PA85. 
  13. Agar, Charles; Eveland, Jennifer (2005). Frommer's Southeast Asia. John Wiley & Sons. පි. 158. ISBN 978-0-7645-7829-8. https://books.google.com/books?id=3wG5lM88rdAC&pg=PA158. Retrieved 18 September 2010. 
  14. Ong PK, Acree TE, Lavin EH (1998). "Characterization of Volatiles in Rambutan Fruit (Nephelium lappaceum L.)". J Agric Food Chem 46 (2): 611–615. doi:10.1021/jf970665t. PMID 10554286. 
"https://si.wikipedia.org/w/index.php?title=රඹුටන්&oldid=392129" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි