රඹකැන් ඔය ජලාශය
රඹකැන් ඔය ජලාශය | |
---|---|
![]() | |
රට | ශ්‍රී ලංකාව |
ස්ථානය | මහඔය |
අරමුණ | වාරි හා ගෘහස්ථ ජල පරිභෝජන අවශ්‍යතා සඳහා |
තත්වය | Operational |
ඉදිකිරීම ඇරඹුවේ | 12 පෙබරවාරි 2007 |
විවෘතය | 20 ජූලි 2013 |
Owner(s) | වාරි මාර්ග අමාත්‍යංශය |
වේල්ල සහ වාන් දොරටු | |
වේල්ලේ වර්ගය | පස් පුරවන ලද බැම්ම |
උස | 24.7 m (81 ft) |
දිග | 1,225 m (4,019 ft) |
පළල (crest) | 7 m (23 ft) |
වාන් දොරටු | 2 |
වාන් දොරටු වර්ගය | අරීය දොරටුව |
වාන් දොරටු ධාරිතාවය | 554.75 m3/s (19,591 cu ft/s) |
ජලාශය | |
නම | රඹකැන් ඔය ජලාශය |
ධාරිතාවය (Total) | 56,000,000 m3 (2.0×109 cu ft) |
ජලධාරකය | 129.5 km2 (50.0 sq mi) |
රඹකැන් ඔය ජලාශය ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය පිහිටා තිබේ. ජලාශයේ සැලසුම් නිර්මාණය හා ඉදිකිරීම මහවැලි අධිකාරිය මගින් සිදුකොට තිබෙන අතර වර්ථමානයේ එහි කළමණාකරන කටයුතු වාරි මාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යංශය මගින් සිදුකරයි.[1] මුන්දෙනි ඔය හරස් කොට මීටර 1225ක පමණ දිගකින් යුත් පස් පුරවන ලද බැම්මක් නිර්මාණය මගින් මෙම ජලාශය ඉදිකොට තිබේ.[2]
බහුකාර්ය වාරිමාර්ග ව්‍යාපෘතියක් සේ සැළකෙන රඹකැන් ඔය ජලාශ ව්‍යාපෘතිය, ප්‍රදේශයේ පානීය ජල අවශ්‍යතා සැපිරීමට හා වගා කටයුතු වෙනුවෙන් වුවමනා ජල ගැටළු විසදීම සඳහා දියත් කරන ලද්දක් වේ.[3] මහවැලි සංවර්ධන ව්‍යාපෘතියේ 10 කලාපයට අයත් වන ජලාශය බදුල්ල, මොණරාගල හා අම්පාර දිස්ත්‍රික්ක වලට මායිම්ව පිහිටයි.[4]
ඉතිහාසය[සංස්කරණය]
ඈත අතීතය[සංස්කරණය]
රඹකැන් ඔය ජලාශයේ මුල්ම ඉදිකිරීම් ආරම්භ කල සමය සම්බන්ධව විවිධ මත පවතී. ගිරිඅභය නම් කුමරු මෙම ප්‍රදේශය පාලනය කල ක්‍රි.පූ. 3 වන සියවස් සමයේ මෙම ජලාශයේ ඉදිකිරීම් ආරම්භ වූ බව එක් මතයකින් පැවසේ. තවත් මතයකට අනූව මෙම ප්‍රදේශය පසුකාලීනව පාලනය කල සද්ධාතිස්ස කුමරු (ක්‍රි.පූ. 137-119) විසින් ජලාශය ඉදිකිරීම ආරම්භ කොට තිබේ. කෙසේ නමුදු පුරාවිද්‍යා සාධක වලට අනූව ඈත අතීත සමයේ මෙහි ජලාශයක් ඉදිකිරීමට යෙදුණු සාධක වර්ථමානයේදීද දැකගත හැකිවේ.[5]
නටඹුන්[සංස්කරණය]

ජලාශයේ නව වේල්ල අසලම පැරණි වැව් බැම්මක නටඹුන් දැකගත හැකිවේ. ගොරිකනකන්ද හා ගල්කන්ද යා කරමින් සැතපුමක් පමණ දිගැති වැව් බැම්මක් මනා ලෙස ඉදිකල රළපනාවක් සමගම අතීතයේ මෙහි තිබෙන්නට ඇතැයි සාධක අනූව විශ්වාස කල හැකිය. කෙසේ වූවද පවතින පුරාවිද්‍යා සාධක වලට අනූව මෙම පැරණි ජලාශය කිසිවිටෙක ජලය පුරවාලීම දක්වා සංවර්ධනය කර නොමැති බව ප්‍රකාශ වේ.
පැරණි සෙරොව්ව ආසන්නයේම ක්‍රි.ව. 12-13 සියවස් වලට අයත් ශිලාමය ලේඛනයක් දැකගත හැකි අතර, එය රඹකැන් ඔය පුවරු ලිපිය ලෙස හඳුන්වනු ලැබේ. ඊට අනූව පැරණි ශිලා සොරොව් ඇළ, ගල් වැට ප්‍රදේශයේ විසූ ලියන නායකන් හා කනත්කන් වහන්සේ විසින් ඉදිකෙරූ බවට දක්වා ඇත.[6]
මෑත කාලීන ව්‍යාපෘතිය[සංස්කරණය]
මෑතකාලීන රඹකැන් ඔය සංවර්ධන ව්‍යාපෘතිය 2007 පෙබරවාරි 12 වනදා දියත් කරනු ලැබූ අතර,[7] වැඩ නිමකල ජලාශය විවෘත කිරීම 2013 වර්ෂයේ ජූලි 20 වන දිනදී එවක ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.[8]
මේවාද බලන්න[සංස්කරණය]
මූලාශ්‍ර[සංස්කරණය]
- ↑ "රඹකැන් ඔය රිසවයර්". development.lk. 22 ජූලි 2013. Retrieved 10 නොවැම්බර් 2015.
- ↑ "රඹකැන් ඔය". වාරිමාර්ග දෙපාර්තමේන්තුව. Retrieved 10 නොවැම්බර් 2015.
- ↑ "රඹකැන් ඔය රිසර්වයර් බිල්ට් විත් ලෝකල් එක්ස්පර්ටිස්, කොමිෂන්ඩ්". asiansun.lk. Retrieved 10 නොවැම්බර් 2015.
- ↑ "රඹකැන් ඔය ප්‍රොජෙක්ට්". news.lk. 6 ඔක්තෝම්බර් 2011. Retrieved 10 නොවැම්බර් 2015.
- ↑ "රඹකැන්ඔය ටෑන්ක්-රඹකැන්ශය ඕල්ඩ් කන්ස්ට්‍රක්ෂන්". ශ්‍රීලංකාට්‍රැවල්නෝට්. Retrieved 10 නොවැම්බර් 2015.
- ↑ "රඹකැන් ශය රුයින්ස් ඔෆ් ඒන්ෂියන්ට් ග්‍රැනයිට් කැනල් – අම්පාර රඹකැන් ඔය ගල් ඇල". අමේසින් ලංකා. Retrieved 10 නොවැම්බර් 2015.
- ↑ Naalir Jamaldeen (21 ජූලි 2013). "රඹකැන් ඔය ඉරිගේෂන් ප්‍රොජෙක්ට් කොමිෂන්ඩ්". සන්ඩේ ඔබ්සවර්. Retrieved 10 නොවැම්බර් 2015.
- ↑ "රඹකැන්ශය මල්ටි පපෝස් ඉරිගේෂන් ප්‍රොජෙක්ට්:'ලෑන්ඩ්මාර්ක් ඉන් කන්ට්‍රි'ස් ඉරිගේෂන් හිස්ට්‍රි'". ඩේලි නිව්ස්. 2 ජූලි 2013. Retrieved 10 නොවැම්බර් 2015.
බාහිර සබැඳි[සංස්කරණය]
- "රඹකැන් ඔය ටෑන්ක්". geoview.info. Retrieved 10 නොවැම්බර් 2015.
- "ප්‍රොජෙක්ට්ස්-රඹකැන් ඔය". වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකාව. Retrieved 10 නොවැම්බර් 2015.