යොද්ධා: ද වොරියර්
යොද්ධා – ද වොරියර් | |
---|---|
![]() | |
අධ්‍යක්ෂණය | රාජ් චක්‍රබෝර්ති |
නිෂ්පාදනය | ශ්‍රී වෙන්කටේශ් ෆිල්ම්ස් ප්‍රයිවට් ලිමිටඩ් |
රචනය | අභිමන්යු මුඛර්ජී |
රංගන ශිල්පීන් |
|
සංගීතය | ඉන්ද්රාදීප් දාස්ගුප්තා, සාව්වි ගුප්තා |
සිනෙමාරූපණය | ශුභංකර් භාර් |
සංස්කරණය | රබී රංජන් මෛත්‍රා |
නිකුත්වූ දිනය(න්) | 1 ඔක්තෝබර් 2014 |
දිවෙන කාලය | මිනිත්තු 151 |
රට | ඉන්දියාව |
භාෂාව | බෙංගාලි |
යොද්ධා – ද වොරියර් (බෙංගාලි: যোদ্ধা দি ওয়ারিয়র) යනු රාජ් චක්‍රබෝර්ති විසිනි අධ්‍යක්ෂණය කරන ලද 2014 ඉන්දියානු බෙංගාලි ප්‍රේම වෘත්තාන්ත ඓතිහාසික ප්‍රබන්ධ චිත්‍රපටයකි. මෙය රාම් චරන් තේජා සහ කාජල් අගර්වාල් විසින් ප්‍රධාන චරිත නිරූපණය කළ මගධීරා නම් 2009 තෙලිඟු බ්ලොක්බස්ටර චිත්‍රපටයේ ප්‍රතිනිර්මාණයකි. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ දේව් සහ මිමී චක්‍රබෝර්ති විසිනි. නයිජල් අක්කරා මෙහි ප්‍රධාන එදිරිවාදී චරිතය නිරූපණය කරයි. මෙම් චිත්‍රපටය අධ්‍යක්ෂක-නළු දෙපළක් වන රාජ් චක්‍රබෝර්ති සහ දේව්ගේ නැවත ආගමනය සනිටුහන් කරයි. ඔවුන් දෙදෙනා මින් පෙර දුයි ප්රිථිබි චිත්‍රපටයේ එක්ව කටයුතු කොට ඇත. ශ්‍රී වෙන්කටේෂ් ෆිල්ම්ස් වෙතින් නිෂ්පාදිත මෙම චිත්‍රපටය 2014 ඔක්තෝබර් 1 දින මුදාහැරුණේ දුර්ගා පූජාවේ දී ය.
චරිත නිරූපණය[සංස්කරණය]
- දේව්, රුද්රෝ ප්‍රතාප්/අබීර් ලෙස
- මිමී චක්‍රබෝර්ති, රාජ්කුමාරී දුර්ගා/නන්දිනී ලෙස (රජුගේ දියණිය)
- නයිජල් අක්කරා, රඝුවීර්/රන්බීර් ලෙස
- රජතාවා දත්තා අබු හොසේන්/ අලි භායි ලෙස
- හෙක්ටර් සන්ධු
- කාංචන් මුලික්
- සුප්‍රියෝ දත්තා
- නුස්රාත් ජහාන්, "දේසි ඡෝරි" ගීතයේ විශේෂ නර්තනය
ධ්වනිපථය[සංස්කරණය]
Untitled |
---|
චිත්‍රපටයේ ධ්වනිපථය නිර්මාණය කරන ලද්දේ ඉන්ද්රාදීප් දාස්ගුප්තා සහ සාව්වි ගුප්තා විසිනි.
පථය | ගීතය | ගායක(යින්) | කාලසීමාව (මිනි:තත්) | සංගීතය | පද රචක |
---|---|---|---|---|---|
1 | "දේසි ඡෝරි" | සතෘජිත් දාස්ගුප්තා සහ නේහා කක්කර් | 3:48 | සාව්වි ගුප්තා | ඍද්ධි[1] |
2 | "ශරතාදින්" | අරිජිත් සිං සහ අන්වේෂා දත්තා ගුප්තා | 5:13 | ඉන්ද්රාදීප් දාස්ගුප්තා | ශ්රීජතෝ |
3 | "ආමි තොමාර් කචේ" | අරිජිත් සිං | 3:50 | ඉන්ද්රාදීප් දාස්ගුප්තා | ප්රොසේන් |
4 | "යොද්ධා සාථේ ඒබර් පූජෝ කතන්" | නකාෂ් අසීස් | 3:49 | සාව්වි ගුප්තා | ඍද්ධි |
5 | "ඒබර් ජෙනෝ ඔන්නෝ රොකොම් පූජෝ" | නකාෂ් අසීස් සහ අන්තරා මිත්‍රා | 3:38 | ඉන්ද්රාදීප් දාස්ගුප්තා | ප්රොසේන්[2] |
ලෝක රූපවාහිනී මංගලාවතරණය[සංස්කරණය]
මෙම චිත්‍රපටයේ ලෝක රූපවාහිනී ප්‍රථම ප්‍රදර්ශනය 2015 ජනවාරි 25 දින ප.ව. 6:00ට ස්ටාර් ජල්ෂා ඔස්සේ සිදු විය.
ආශ්‍රේයයන්[සංස්කරණය]
- ↑ "Yoddha: The Warrior (2014) movie video Song". djmobmix.com. Retrieved 14 April 2015.
- ↑ "Yoddha: The Warrior (2014) movie Song". gimamusic.com. Retrieved 14 April 2015.
බාහිර සබැඳි[සංස්කරණය]
- යොද්ධා: ද වොරියර් ට ඉන්ටර්නෙට් මූවී ඩෙටාබේස් හි ඇති ගිණුම.
![]() |
බෙංගාලි චිත්‍රපටයක් පිළිබඳ මෙම ලිපිය තවමත් අංකුර ලිපියකි. විකිපීඩියාවට උදවුවක් ලෙසින් ඔබ හට එය විහිදුවාලිය හැක. |
- 2014 චිත්‍රපට
- Album articles lacking alt text for covers
- Pages using infobox album with empty type parameter
- Pages using infobox album with unknown parameters
- 2013 චිත්‍රපට
- බෙංගාලි-භාෂා චිත්‍රපට
- ඉන්දියානු ප්‍රේම වෘත්තාන්ත චිත්‍රපට
- 2010 දශකයේ ප්‍රේම වෘත්තාන්ත නාට්‍ය චිත්‍රපට
- ඉන්දියානු චිත්‍රපට
- පුනරුප්පත්තිය පිළිබඳ චිත්‍රපට
- බෙංගාලි-භාෂා චිත්‍රපට අංකුර ලිපි