Jump to content

යටත්ව සිටීමෙන් මිදීමේ දිනය

විකිපීඩියා වෙතින්
යටත්ව සිටීමෙන් මිදීමේ දිනය
光復節
දෙවන ලෝක යුද්ධයෙහිදී ජපානයේ පරාජයත් හා සමගම තායිවානයේ යටත්ව සිටීමෙන් මිදීම තායිපේයි කගැ ශාලාවේදී උත්සවාකාරයෙන් පැවැත්වීම
සමරනු ලබන්නේතායිවානය
වර්ගයඓතිහාසික, සංස්කෘතික, ජාතිකවාදී
දිනය25 ඔක්තොම්බර් 1945
Frequencyවාර්ෂික

යටත්ව සිටීමෙන් මිදීමේ දිනය (චීන: 光復節; පින්යින්: guāngfùjié) යනු, චීන සමූහාණ්ඩුව විසින් වාර්ෂිකව සිහිකෙරෙන දිනයක් වන අතර, වසර 50 ක් පුරා පැවති තායිවානයේ ජපාන යටත්විජිත පාලනය 1945 ඔක්තොම්බර් 25 දිනදී නිමවී චීනය වෙත තායිවානය නැවත බාරදීම මෙදිනදී සැමරෙයි. [1][2]

පසුබිම

[සංස්කරණය]

එකල බටහිර ලෝකයේ ෆෝමෝසා ලෙසින් ප්‍රචලිතව පැවති තායිවානය, ජපාන අධිරාජ්‍යයේ යටත් විජිතයක් බවට පත්වූයේ, 1894දී චිං චීනය විසින් පළමු චීන -ජපන් යුද්ධය පැරදී, 1895දී ෂිමොනොසෙකි ගිවිසුම හා සමගින් දිවයින පවරා දීම නිසාය. තායිවානයේ ජපාන පාලනය දෙවන ලෝක යුද්ධයේ කෙළවර වන තුරු පැවතියේය.

1943 නොවැම්බරයේදී, ඇමරිකානු, බ්‍රිතාන්‍ය සහ, චීන නායකයින් හා සමගින්, කයිරෝ සම්මේලනයට සහභාගීවූ චියං කයි-ෂෙක් දැඩි ලෙස කියා සිටියේ, තායිවානය සහ පංහූ දිවයින් ඇතුළු, ජපානය විසින් එහි අධිරාජ්‍යය වෙත ඈඳා ගත් සියළු භූමි ප්‍රදේශ නිදහස් කල යුතු බවයි.

ආශ්‍රිත

[සංස්කරණය]


බාහිර සබැඳි

[සංස්කරණය]