මිත්‍ර වෙත්තමුණි

විකිපීඩියා වෙතින්

 

මිත්‍ර ද සිල්වා වෙත්තමුණි (බු.ව. 2495 (1951) ජූනි 11 – බු.ව. 2562 දුරුතු පුර 15 (ජනවාරි 20)) 1983 දී ටෙස්ට් තරග දෙකකට සහ එක්දින ජාත්‍යන්තර (එදිජා) තරඟයකට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකි.

පවුලේ තොරතුරු[සංස්කරණය]

මිත්‍ර වෙත්තමුණි ශ්‍රී ලංකාව නියෝජනය කළ වෙත්තමුණි සොයුරන් තිදෙනාගෙන් කෙනෙකි (තිදෙනාම ආරම්භක පිතිකරුවන්). ඔහුගේ වැඩිමහල් සොහොයුරු වන සුනිල් 1975 හා 1979 ලෝක කුසලාන ක්‍රිකට් තරඟ සඳහා ක්‍රීඩා කර ඇති අතර ඔහුගේ බාල සොහොයුරු වන සිදත් ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් සියය රැස් කළේ ය.

ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය[සංස්කරණය]

1969/70 දී ඉන්දියාවේ සංචාරය කළ, පසුව ටෙස්ට් නායකයින් වුණු බන්දුල වර්ණපුර හා දුලිප් මෙන්ඩිස් ද ඇතුළත් වුණු, සාර්ථක ලංකා පාසල් පිලේ නායකයා ලෙස වෙත්තමුණි මුලින් ම කැපී පෙනුණි. ශ්‍රී ලංකාව 1982 දී ටෙස්ට් තත්ත්වය ලබා ගත් අතර, ඒ වන විට වයස අවුරුදු තිස් ගණන්වල මුල් භාගයේ වූ වෙත්තමුණිගේ මුළු පළමු පෙළ ක්‍රිකට් දිවියට දින 127ක් තුළ රටවල් හතරක පැවැත්වුණු තරග 9ක් ඇතුළත් විය. ඔහුගේ ඉහළ ම පළමු පෙළ ලකුණු සංඛ්‍යාව වූයේ 1982 නොවැම්බර මාසයේදී සිම්බාබ්වේ පිලට එරෙහි ව බුලවායෝහි දී සිය කුළුඳුල් තරඟයේදී ලබාගත් ලකුණු 55යි.

ඔහු ව 1982/83 නවසීලන්ත සංචාරය සඳහා තෝරා ගන්නා ලද අතර, එ ම සංචාරයේදී ටෙස්ට් තරග දෙකක් ක්‍රීඩා  කරමින් ඉනිම හතරකදී ලකුණු 28ක් ලබා ගැනීමට ඔහුට හැකි විය. ඒවා ඔහුගේ අවසන් පළමු පෙළ තරග විය. මෙම ටෙස්ට් දෙකෙන් පළමු තරඟයේදී ඔහු ඔහුගේ බාල සොහොයුරු වන සිදත් සමඟින් ඉනිම ඇරැඹුයේ ය - එය එතෙක් සහෝදරයන් දෙදෙනකු එක්ව ඉනිම ඇරැඹූ තුන්වන අවස්ථාව විය. ඔවුන්ගේ වැඩිමහල් සොහොයුරු වන සුනිල් ද ටෙස්ට් තත්ත්වය ලබා ගැනීමට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළේ ය.

යොමු කිරීම්[සංස්කරණය]

 

බාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=මිත්‍ර_වෙත්තමුණි&oldid=510415" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි