මහා මැගලැනික් වලාව

විකිපීඩියා වෙතින්
මහා මැගලැනික් වලාව
මහා මැගලැනික් වලාව
නිරික්ෂණ දත්ත (J2000 කාලාරම්භය)
තාරකා මණ්ඩලයඩොරාඩෝ/මෙන්සා
විෂුවදුංශය05පැය 23විනා 34.5තත්[1]
ක්‍රාන්තිය-69° 45′ 22″[1]
දුර162.98 kly (49.97 kpc)[2][3][4][5]
වර්ගයSB(s)m[1]
දෘශ්‍ය මිමි (V)10.75° × 9.17°[1]
දෘශ්‍ය විශාලත්වය (V)0.9[1]
අනෙකුත් නිල නාමයන්
LMC, ESO 56- G 115, PGC 17223,[1] නුබැකියුලා මේජර්[6]
මෙයද බලන්න: චක්‍රාවාටය, චක්‍රාවාට ලැයිස්තුව

මහා මැගලැනික් වලාව (LMC) යනු, සමීපයේ පිහිටි චක්‍රාවාටයක් සහ, ක්ෂීරපථයෙහි චන්ද්‍රිකා චක්‍රාවාටයකි. [7] කිලෝපාර්සෙක් 50 කට මදක් අඩු දුරකින් පිහිටි (≈163,000 ආලෝක වර්ෂ),[2][3][4][5] LMC, ක්ෂීරපථයට තෙවන සමීප චක්‍රාවාටය වන්නේ, සජිටේරියස් වාමන ගෝලාකාරය (~ 16 කිලෝපාර්සෙක්) සහ උත්ප්‍රේක්ෂීය කානිස් මේජර් වාමන චක්‍රාවාටය (~ 12.9 කිලෝපාර්සෙක්, චක්‍රාවාටයක් ලෙසින් එය සැලකීම මතභේදයට තුඩුදී ඇත) ක්ෂීරපථයෙහි කේන්ද්‍රයට වඩාත් සමීපයෙන් පිහිටන බැවිනි. සූර්යයාගේ ස්කන්ධය මෙන් බිලියන 10 ගුණයක (1010 සූර්ය ස්කන්ධ) ස්කන්ධයක් එයට හිමි වන හෙයින්, ක්ෂීරපථය මෙන් දළ වශයෙන් 1/100 ක් සද්දන්ත වන එය, ආලෝක වර්ෂ 14,000 (~ 4.3 kpc) පමණ විෂ්කම්භයකින් යුතු වෙයි. [8] ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාටයට (M31), ක්ෂීරපථයට සහ, ට්‍රයැන්ගුලම් චක්‍රාවාටයට (M33) පසුව ප්‍රාදේශීය කාණ්ඩයෙහි සතරවන විශාල චක්‍රාවාටය LMC වෙයි.

බොහෝවිට LMC සැලකෙනුයේ අක්‍රමවත් වර්ගයේ චක්‍රාවාටයක් ලෙසින් වන අතර ( නාසා බහිර්චක්‍රාවාටීය දත්තසමුදාය විසින් එහි හබල් අනුක්‍රම වර්ගය Irr/SB(s)m ලෙසින් ලැයිස්තුගත කරයි). එහි මධ්‍යයේ ඉතාමත් ප්‍රමුඛ බඳපටියක් LMC විසින් පෙන්නුම් කරමින් කියාපාන්නේ, එය පෙරදී බඳපටියක් සහිත සර්පිලාකාර චක්‍රාවාටයක්ව තිබී ඇති බවකි. LMCහී අක්‍රමවත් පෙනුම බොහෝවිට ක්ෂීරපථය සහ සුළු මැගලැනික් වලාව (SMC) යන දෙකෙන්ම එල්ල වූ උදම් අන්තර්ක්‍රියාවන්හී ප්‍රතිඵලයක් විය හැක.

ඩොරාඩෝ සහ මෙන්සා යන තාරකා මණ්ඩල අතර මායිමේ මැදිවී සිටිමින්, දක්ෂිණ අර්ධගෝලයෙහි රාත්‍රී අහසේ මද දීප්තියැති "වලාවක්" ලෙසින් එය දිස්වන අතර, පෘථිවියෙහි සිට එය දිස්වන්නේ පසළොස්වක චන්ද්‍රයා මෙන් 20 ගුණයකට වැඩි පළලකිනි. [9]

ඉතිහාසය[සංස්කරණය]

මහා මැගලැනික් වලාවේ කුඩා කොටසක්[10]

ක්‍රිව 964 දී පමණ, ඔහුගේ බුක් ඔෆ් ෆික්ස්ඩ් ස්ටාර්ස් නමැති ග්‍රන්ථය තුලින්, පර්සියානු තාරකා විද්‍යාඥ `අබ්ද් අල්-රහ්මන් අල්-සුෆී (පසුව යුරෝපයේදී හැඳින්වුනේ "ඇසෝෆි" ලෙසිනි) විසින් මහා මැගලැනික් වලාවේ ප්‍රථම ලිඛිත සඳහන වාර්තා කරයි. [11] [12]

ඊළඟ සටහන්ගත නිරික්ෂණය හමුවන්නේ, ඔහුගේ තුන්වන මුහුදු ගමන පිළිබඳ 1503–4 කාලයේදී ඇමරිගෝ වෙස්පුචී විසින් ලිවූ ලිපියකිනි. මෙම ලිපියේදී ඔහු "දීප්තිමත් දෙකක් සහ අඳුරු එකක් වශයෙන් වියන් තුනක් " පිළිබඳව සඳහන් කරයි; "දීප්තිමත්" යන්නෙන් මැගලැනික් වලාවන් දෙකද, "අඳුරු" යන්නෙන් කෝල්සැක් ද අදහස් කරයි. [13]

ඔහුගේ 1519 වසරෙහි මුහුදු ගමනෙහිදී ෆර්ඩිනෑන්ඩ් මැගැලැන් විසින් LMC නිරික්ෂණය කල අතර, ඔහුගේ ලේඛන නිසා LMC පිළිබඳ දැනුවත්බවක් පොදු බටහිර සමාජයෙහි ඇතිවුනි. චක්‍රාවාටයට වර්තමානයෙහි ඔහුගේ නම තබා ඇත.[12]

2006 වසරේදී ප්‍රකාශයට පත් කෙරුණු, හබල් අභ්‍යාවකාශ දුරදක්නයෙහි ප්‍රතිඵල පෙන්නුම් කරනුයේ මහා සහ කුඩා මැගලැනික් වලාවන් ගමන් කරන වේගයන් සලකා බැලූ කල, ක්ෂීරපථයෙහි කක්ෂගතව සිටීමට සුදුසු වේගයට වඩා ඒවා බෙහෙවින් වැඩි බවයි. [14]

ජ්‍යාමිතිය[සංස්කරණය]

මහා මැගලැනික් වලාව, සාමාන්‍යයෙන් සැලකෙන්නේ අක්‍රමවත් චක්‍රාවාටයක් ලෙසිනි. කෙසේවෙතත්, එය බඳපටි ව්‍යුහයක් පෙන්වන අතර, බොහෝ විට යළි-වර්ගීකරණය කෙරෙනුයේ මැගලැනික් -වර්ගයේ වාමන සර්පිලාකාර චක්‍රාවාටයක් ලෙසිනි.

මහා මැගලැනික් වලාව සතුව මධ්‍යම බඳපටියක් සහ සර්පිලාකාර බාහුවක් තිබේ. [15] මධ්‍යම බඳපටිය ඇද ගැසුණු බවක් පෙනෙන්නට ඇති අතර මධ්‍යයට වඩා, නැගෙනහිර හා බටහිර අග්‍ර ක්ෂීරපථයට සමීප වෙයි. [16] 2014දී, හබල් අභ්‍යාවකාශ දුරේක්ෂයෙහි මිනුම් තුලින් තිර්ණය කල හැකි වූයේ LMC සතුව වසර මිලියන 250 ක භ්‍රමණ කාලාවර්තයක් ඇති බවයි. [17]

බොහෝ කලක් තිස්සේ LMC සැලකුණේ, අප සමග එක් දුරක පිහිටි තලීය චක්‍රාවාටයක් ලෙසිනි. කෙසේ වෙතත්, 1986දී, කෝල්ඩ්වෙල් සහ කෝල්සන් [18] සොයා ගත්තේ, LMC හී ඊසාන දිග කොටසෙහි ක්ෂේත්‍ර සෙෆියඩ් විචල්‍ය තරු, නිරිත දිග කොටසෙහි සෙෆියිඩ් තරු වලට වඩා ක්ෂීරපථයට සමීපයෙන් පිහිටි බවයි. වඩාත් මෑතකදී, LMC හී ක්ෂේත්‍ර තරු සඳහාවූ මෙම ආනතික ජ්‍යාමිතිය, සෙෆියඩ් තරු, [19] මධ්‍යයේ වන හීලියම්-දහනය කරන රතු ගොමු තරු [20] සහ රතු යෝධයා ශාඛාවෙහි අග්‍රය යන ස්ථාන තුන වෙත සිදු කල නිරික්ෂණයන්ගෙන් සහතික කර ගන්නා ලදි. [21] මෙම ලියවිලි තුනම පෙන්නුම් කලේ ~35° ක ආනතියක් වන අතර, මුහුණට-මුහුණ චක්‍රාවාටයක නම් ආනතිය 0° ක් වෙයි.

සටහන්[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 "NASA/IPAC එක්ස්ට්‍රාගැලැක්ටික් ඩේටාබේස්". රිසල්ට්ස් ෆෝ ලාජ් මැගලැනික් ක්ලවුඩ්. සම්ප්‍රවේශය 2006-10-29.
  2. 2.0 2.1 උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Macrietal2006 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. 3.0 3.1 ෆ්‍රීඩ්මෑන්, වෙන්ඩි එල්.; මැඩෝර්, බැරී එෆ්. "ද හබල් කොන්ස්ටන්ට්", ඇනුවල් රිවිව් ඔෆ් ඇස්ට්‍රොනොමි ඇන්ඩ් ඇස්ට්‍රොෆිසික්ස්, 2010
  4. 4.0 4.1 මාජායෙස්, ඩැනියල් ජේ.; ටර්නර්, ඩේවිඩ් ජී.; ලේන්, ඩේවිඩ් ජේ.; හෙන්ඩන්, ආර්නෙ; ක්‍රාජිසි, ටොම් "ඇන්කරිං දි යුනිවර්සල් ඩිස්ටන්ස් ස්කේල් වයා අ වීසන්හයිට් ටෙම්ප්ලේට්", JAAVSO, 2010
  5. 5.0 5.1 පියට්රිසින්ස්කි, ජී; ඩී. ග්‍රාසිස්ක්; ඩබ්. ජෙයිරන්; අයි. බී. තොම්සන්; බී. පිලෙකි; ඒ. උඩල්ස්කි; අයි. සොසින්ස්කි; සහ අනෙකුන් (7 මාර්තු 2013). "ඇන් ඉක්ලිපිසිං-බයිනරි ඩිස්ටන්ස් ටු ද ලාර්ජ් මැගලැනික් ක්ලවුඩ් ඇකියුරේට් ටු ටූ පර්සෙන්ට්". නේචර්. 495: 76–79. arXiv:1303.2063. Bibcode:2013Natur.495...76P. doi:10.1038/nature11878. සම්ප්‍රවේශය 7 March 2013.
  6. ඇස්ට්‍රොනොමිකල් සොසයිටි ඔෆ් ද පැසිෆික් ලීෆ්ලට්ස්, "ද මැගලැනික් ක්ලවුඩ්ස්", බස්කොම්, විලියම්, වෙ.7, පි.9, 1954, පුස්තකනාමාවලිකේතය 1954ASPL....7....9B
  7. ඉම්ප්ලිකේෂන්ස් ඔෆ් රීසන්ට් මෙෂර්මන්ට්ස් ඔෆ් ද මිල්කි වේ රොටේෂන් ෆො දි ඕර්බිට් ඔෆ් t
  8. "මැගලැනික් ක්ලවුඩ්." එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා. 2009. මාර්ගගත එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා. 30 අගෝ. 2009.
  9. "ලාර්ජ් මැගලැනික් ක්ලවුඩ්: ස්පෙක්ටැකියුලර් ෆ්‍රොම් අර්ත්ස් සදර්න් හෙමිස්ෆියර් | ක්ලස්ටර්ස් නෙබියුලේ ගැලැක්සීස්". අර්ත්ස්කයි. සම්ප්‍රවේශය 2013-07-17.
  10. "ක්ලෝක්ඩ් ඉන් රෙඩ්". ඊඑස්ඒ / හබ්ල්. http://www.spacetelescope.org/images/potw1408a/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 12 මාර්තු 2014. 
  11. "ඔබ්සවටුවා ඩි පැරී (අබ්ද් අල්-රහ්මන් අල්-සුෆී)". සම්ප්‍රවේශය 2007-04-19.
  12. 12.0 12.1 "ඔබ්සවටුවා ඩි පැරී (LMC)". සම්ප්‍රවේශය 2007-04-19.
  13. "ඔබ්සවටුවා ඩි පැරී (ඇමරිගෝ වෙස්පුචී)". සම්ප්‍රවේශය 2007-04-19.
  14. මැගලැනික් ක්ලවුඩ්ස් මේ බී ජය් පාසින් තෲ ජනවාරි 9, 2007
  15. නිකල්සන්, ලේන් (1999). අන්ෆෝල්ඩිව් අවර් යුනිවර්ස්. ඇඑජ. පිටු. 213–214. ISBN 0-521-59270-4. http://books.google.com/?id=5iacbufd4kEC&printsec=frontcover&q=. 
  16. සුබ්‍රමානියම්, අන්නපූර්නි (2003-11-03). "ලාජ් මැගලැනික් ක්ලවුඩ් බාර්: එවිඩන්ස් ඔෆ් අ වෝප්ඩ් බාර්" (PDF). දි ඇස්ට්‍රොෆිසිකල් ජර්නල්. ඇඑජ. 598: L19–L22. Bibcode:2003ApJ...598L..19S. doi:10.1086/380556. සම්ප්‍රවේශය 2009-10-31.
  17. සැකිල්ල:උපන්‍යාස වෙබ්අඩවිය
  18. කෝල්ඩ්වෙල්, ජේ. ඒ. ආර්.; කෝල්සන්, අයි. එම්. (1986). "ද ජියොමෙට්රි ඇන්ඩ් ඩිස්ටන්ස් ඔෆ් ද මැගලැනික් ක්ලවුඩ්ස් ෆ්‍රොම් සෙෆියඩ් වේරියබල්ස්". රෝයල් ඇස්ට්‍රොනමිකල් සොසයිටි, මන්ත්ලි නෝටිසර්ස්. 218: 223–246. Bibcode:1986MNRAS.218..223C.
  19. නිකොලයෙව්, එස්.; සහ අනෙකුන් (2004). "ජියෝමෙට්‍රි ඔෆ් ද ලාර්ජ් මැගලැනික් ක්ලවුඩ් ඩිස්ක්: රිසල්ට්ස් ෆ්‍රොම් MACHO ඇන්ඩ් ද ටූ මයික්‍රෝන් ඕල් ස්කයි සර්වේ". දි ඇස්ට්‍රොෆිසික්ස් ජර්නල්. 601 (1): 260–276. Bibcode:2004ApJ...601..260N. doi:10.1086/380439.
  20. ඕල්සන්, කේ. ඒ. ජී.; සැලික්, සී. (2002). "අ වෝප් ඉන් ද ලාජ් මැගලැනික් ක්ලවුඩ් ඩිස්ක්?". ඇස්ට්‍රොනමිකල් ජර්නල්. 124 (4): 2045–2053. Bibcode:2002AJ....124.2045O. doi:10.1086/342739.
  21. වැන් ඩර් මරෙල්, ආර්. පී.; සියොනි, එම්.-ආර්. එල්. (2001). "මැගලැනික් ක්ලවුඩ් ස්ට්‍රක්චර් ෆ්‍රොම් නියර්-ඉන්ෆ්‍රාරෙඩ් සර්වේස්. I. ද විවිං ඈන්ග්ල්ස් ඔෆ් ද ලාජ් මැගලැනික් ක්ලවුඩ්". ද ඇස්ට්‍රොනමිකල් ජර්නල්. 122 (4): 1807–1826. arXiv:astro-ph/0105339. Bibcode:2001AJ....122.1807V. doi:10.1086/323099.
"https://si.wikipedia.org/w/index.php?title=මහා_මැගලැනික්_වලාව&oldid=306487" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි