බ්‍රිතාන්‍යයෙහි ලතින් සාහිත්‍යය

විකිපීඩියා වෙතින්
(බ්‍රිතාන්‍ය ලතින් සාහිත්‍යය වෙතින් යළි-යොමු කරන ලදි)

බ්‍රිතාක්‍යයෙහි ලතින් සාහිත්‍යය යනු ආරම්භයෙහිදී ලතින් භාෂාවෙන් ලියැවී ඇති බ්‍රිතාන්‍යයෙහි (එංගලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සය) සාහිත්‍යය වෙයි. ජර්මනික හෝ සෙල්ටික භාෂා භාවිතයෙන් ලියැවුනු බ්‍රිතාන්‍යයෙහි සාහිත්‍යය කෙරෙහි මහත් අවධානයක් යොමුවී ඇති නමුදු, ලතින් භාෂාවෙන් ලියැවුනු සාහිත්‍යය පිළිබඳ ඉපැහැදිලි සඳහන් කිරීම් විරල හා වතළ බව සඳහන් කල යුතුමය. සාහිත්‍යමය කෘති නිෂ්පාදනයෙහි ලා ලතින් භාෂාවෙන් ඉතා සාරවත් දායකත්වයක් බ්‍රිතාන්‍යය තුලින් දක්නට ලැබෙන මුත්, සමස්ත විස්තරය මනැසට නංවා ගැනුමට ඉවහල් වන සටහන් සොයාගැනුම ඉමහත් දුෂ්කරය. මෙම අඩුව පිරිමසාගනු වස් සිදුකරමින් පවතින කාර්යයක කොටසක් වශයෙන් මෙම පිටුව ඉදිරිපත් කෙරෙයි.