Jump to content

බ්‍රිතාන්‍ය සාහිත්‍යය

විකිපීඩියා වෙතින්

බ්‍රිතාන්‍ය සාහිත්‍යය යනුවෙන් හැඳින්වෙන්නේ, එක්සත් රාජධානිය, අයිල් ඔෆ් මෑන්, චැනල් දූපත්, මෙන්ම එක්සත් රාජධානිය නිර්මාණය වීමට පෙර එංගලන්තය, අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සය ද, ආශ්‍රිත සාහිත්‍යය වේ.[1] බ්‍රිතාන්‍ය සාහිත්‍ය යනු එක්සත් රාජධා‍නිය, Isle of Man හා චැනල් දූපත් වලින් හටගත් සාහිත්‍ය එම සාහිත්‍යයේ විශාලතම කොටසක් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා ඇති නමුත් ලතින්, වේල්ස, ස්කොටිස්ගාලික්, ස්කෝට්, කෝනිෂ්, මැන්ක්ස්, ජේරිඅයිස්, ගුවනේසිස් හා අනෙකුත් භාෂාවලින් ලියන ලද වෙනස් සාහිත්‍යයන් ද ඇතුළත් වෙයි.

කෙල්ටික භාෂාවෙන් ලියන ලද සාහිත්‍යයන් යුරෝපයේ ඉතිරිව ඇති පැරණි තම ස්වභාෂා සාහිත්‍ය වේ. වේල්ස සාහිත්‍ය සම්ප්‍රදාය 6 වන ශත වර්ෂයේ සිට 21 වන ශත වර්ෂය දක්වා දිවෙයි. පැරණි තම වේල්ස සාහිත්‍ය වර්ථමානයේදී අප වේල්සය ලෙස දන්නා‍ ප්‍රදේශයට අයත් නොවන නමුත් එය අයත් වන්නේ උතුරු එංගලන්තයට හා දකුණු ස්කෝට්ලන්තයට වෙයි. එය 6, 7 හා 8 වන සියවස දක්වා දින ගත කර ඇති නමුත් ඒවා දක්නට ඇත්තේ 13 හා 14 වන සියවස් වල අත් පිටපත් වල පමණි. අයර්ලන්ත පද්‍ය 6 වන සියවසේ සිට වර්තමානය දක්වා අඛණ්ඩ සම්ප්‍රදායක් නිරූපණය කරයි.

පැරණි ඉංග්‍රීසි සාහිත්‍ය

[සංස්කරණය]

ඉංග්‍රීසි සාහිත්‍යයේ ආදිතම ස්වරූපය වර්ධනය වුයේ සෙක්සන්වරු හා වෙනත් ජර්මානු අධිරාජ්‍යයන් රෝමන් වරුන් හමුවේ පරාජය වීමෙන් පසුව එංගලන්තයෙන් ලැඟුම් ගැනීමත් සමගය. එබැවින් එය පැරණි ඉංග්‍රීසි හෙවත් ඇන්ග්ලෝ සැක්සන් යන නමද දරයි. පැරණි ඉංග්‍රීසි වල වඩාත් ප්‍රසිද්ධතම රචනය වන්නේ යුධමය කාව්‍යයක් වු බියෝ වුල්ෆ්ය. අද ඉතිරිව පවතින එකම අත්පිටපත කපු අත්පිටපතයි. අත්පිටපතේ නිෂ්චිත දිනය විවාදාත්මකයි. නමුත් බොහෝ දෙනා ගණන් බලා ඇති පරිදි එය වසර 10 ක් පමණ පැරණිය. (පැරණිතම ඉතිරිවී ඇති ඉංග්‍රීසි ලේඛනය කේඩ්මන්ගේ Hymn ය.

යුගයෙහි ජනප්‍රියම කාව්‍යය වුයේ රත්නිල් කුරිසිය මත පදනම් වු කුරුසි සුරුවමේ සිහිනය යන කාව්‍යයි.

තවත් කාව්‍යයක් වුයේ ලැතින් බයිබල්ගේ මෙසපොටෙනියානු වංශයේ ගහලයා වන ජුඩිත් යන ග්‍රන්ථයෙන් උපුටාගත් ජුඩිත් කාව්‍යයි.

වංශකතා ඓතිහාසික හා සාහිත්‍යමය පරාසයක් තුළ අන්තර්ගත වෙයි. එක් උදාහරණයක් නම් ඇන්ලෝ සැක්ෂන් වංශ කතාවයි.

වෙනත් මධ්‍යකාලීන සාහිත්‍යයන්

[සංස්කරණය]
tiny globe
වේස් නම් පුරාණ පර්සියානූ කවියා ආතරියානූ (Arthurian) පුරාවෘත්තය සැකසුවේය.

වෙනත් රටවල් වලට සාපේක්ෂව කුඩා රටක් වන අයර්ලන්තය, ලෝක සාහිත්‍යයට සෑම අතකින්ම විශාල දායකත්වයක් දැක්වූ රටකි. අයර්ලන්තය සාහිත්‍යය එරටින් බාහිරව ප්‍රචලිත වන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් වුවද, එය (පුරාණ හා නූතන) යුරො‍්පානු භාෂා සාහිත්‍යයේ වැදගත්ම අංගයක් වේ.

මධ්‍යකාලින වෙල්ෂ් සාහිත්‍යයේ 1100 ට පෙර අවදිය Yr Cynfeirdd (මුල්ම කවියන්) හෝ Yr. Hengerdd (පුරාණ කාව්‍ය) ලෙස හැඳින්වේ. මෙම යුගය දළ වශයෙන් වෙල්ෂ් භාෂාවේ ආරම්භයේ සිට 11 වෙනි සියවසේ අගභාගයේ නෝර්මානුවන් වේල්ස් රටට පැමිණීම තෙක් වන කාල වකවානුව වෙයි.

මොන්මවුත්හි ජෙෆරිගේ 'Historia regum Britanniae' (බ්‍රිතාන්‍යය රාජ ඉතිහාසය)යෙන් සෙල්ටික් අදහස් ඉතා පුළුල් ලෙස බ්‍රිතාන්‍යයේ ප්‍රචලිත කරන්නට විය.

පර්සියානු කවියෙකු වන 'වේස්', ජර්සියානූ සාහිත්‍යයේ ආරම්භකයා ලෙස හැඳින්වෙන අතර, ඔහු ආතරියානූ (Arthurian) සාහිත්‍යයේ වැඩි දියුණුවට ද විශාල දායකත්වයක් දැක් වු පුද්ගලයෙකි. ඔහුගේ බෲට්" (Brut) නම් කාව්‍යයෙන්, ඇන්ග්ලෝ-නෝර්මානූ රාජ්‍යයේ ඉංග්‍රීසි බල ප්‍රදේශ මත පදනම් වුණු මිථ්‍යා ප්‍රබන්ධ පිළිබඳ නෝර්මානුවන්ට තිබු උනන්දුව පෙන්නුම් කරයි. ඔහුගේ "Roman de Rou' කාව්‍ය නෝර්මැන්ඩි හි සාමිවරුන් පිලිබඳව සත්‍ය අර්ථකථනයක් ලබා දේ. 14 වෙනි සියවස තෙක්ම, ඉංග්‍රීසි භාෂාවේ පද්‍යයන් රචිත වුයේ අයර්ලන්තයේ හා වෙනත් රටවල්වල විසූ අයර්ලන්ත ජාතිකයන්ගෙනි. වේල්ස් දේශයෙන් ඉංග්‍රිසි කාව්‍යයක් පළමු වරට රචනා වූයේ 1470 දීය.

ලෝලන්ඩ් ස්කොට්ස් (Lowland scots) සාහිත්‍යයේ ප්‍රථම නිර්මාණයක් ලෙස බාර්බෝර්ගේ (Brut) හැඳින්විය හැක. (14 වෙනි සියවසේ)

වින්ටඩුන්ගේ ක්‍රොනිකිල් (Whynoun's Kronykil) හා අන්ධ හැරීගේ 'වෙල්ස්' (Blind Harry's wallace) 15 වෙනි සියවසේ පිට වූ කෘතින් වේ.

13 වෙනි සියවසේ සිට හෙන්රිසවුත්, ඩන්බාර්, ඩග්ලස් හා ලින්ඩ්සේ වැනි ලේඛකයින් එඩින්බර්ග්හි රාජ්‍ය සභාව හා ශුද්ධ වූ අන්ධෲම සරවිය වටා සාහිත්‍ය කෘති ගණනාවක් නිර්මාණය කර ඇත. කොර්න්ෂ් සාහිත්‍යයේ පැරණිතම කාව්‍යය ලෙස 'Passhyon agan Arledh' (අපගේ දෙවිඳුන්ගේ දයාව) හැඳින්විය හැක. (1375) මධ්‍යකාලින කෝර්නිෂ් යුගයේ ලියැවුණු ප්‍රධානතම සාහිත්‍යමය කෘතිය ලෙස 'An Ordinale Kernewek' හැඳින්විය හැක. එය 1400 දී පමණ ලියැවුණු පේලි 9000 කින් සමන්විත ආගමික කෘතියකි. එලෙසම කෝර්නිෂ් සාහිත්‍යයේ ලියැවුණු දිගුම කෘතිය, 1504 දී ලියැවුණු 'Bywnans Mweriasek' (මේරියසක්ගේ ජීවිතය) ලෙස සැලකිය හැක.


එංගලන්තය

[සංස්කරණය]

පසු මධ්‍යතන යුගයේ සාහිත්‍ය

[සංස්කරණය]

දැනුමෙන් යුත් පන්ති අතර ලතින් සාහිත්‍ය නිරන්තරයෙන් සැරි සරන ලදී.

නොමර්න්ඩ් ආක්‍රමණයෙන් පසු ඇන්ග්ලෝ නෝර්මන්ඩ් රාජධානිය තුළ ඇන්ග්ලෝ නොමර්න්ඩ් සාහිත්‍යයේ දියුණු වීම යුරෝපානු මහාද්වීපයේ Chanson De Geste වැනි සාහිත්‍ය ප්‍රවණතා ඇති වීමට හේතුවිය.

පසු මධ්‍යතන යුගයේදී වර්තමානයේදී මධ්‍ය ඉංග්‍රීසි ලෙස හදුන්වන නව ආකාරයේ ඉංග්‍රීසි භාෂාවක් භාවිතයට පැමිණියේය. මෙය නූතන පාඨකයන්ට හා අසන්නන්ට තේරුම් ගත හැකි මුල්ම ආකාරය වන නමුත් එය එතරම් පහසු නොවෙයි.

වඩාත් ප්‍රචලිත මධ්‍යතන ඉංග්‍රීසි කතුවරයා වුයේ ජේෆ්රි චවුසර් නම් පද්‍ය රචකයාය. ඔහු තම නිර්මාණ එලි දැක්වුයේ 14 වන සියවසේදීය. ඔහුගේ ප්‍රසිද්ධ නිර්මාණ අතරට The Canterbury Tales හා Troilus and Criseyde ඇතුළත් වෙයි.

14 වන සියවසේ සාහිත්‍ය සදහා බහු භාෂා ප්‍රේක්ෂකයන් නිරූපණය කිරීමට හොදම උදාහරණය ජෝන් ගෝවර්ය. ඔහු ලතින් මධ්‍ය ඉංග්‍රීසි හා ඇන්ග්ලෝ නෝමන්ඩ් භාෂා වලින් ලිවීම සිදු කරන ලදී.

සාන්තුවරුන්ගේ චරිතා ප්‍රදාන වැනි ආගමික සාහිත්‍ය ග්‍රන්ථයන් ද ප්‍රසිද්ධියට පත්විය.

මාරි ඩි ප්‍රාන්ස් හා නෝරීක් හි ජුලියන් වැනි කාන්තා ලේඛිකාවන් ද ක්‍රියාකාරී විය.

Sir Gawain and the Green Knight (Pearl Poet සමාන වු) Le Morte D’ Arthur (සර් තෝමස් මැලෝරි)

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "British literature - Books tagged British literature". LibraryThing. සම්ප්‍රවේශය 23-01-2010. {{cite web}}: Check date values in: |accessdate= (help)