බරීස් නිම්සෝෆ්

විකිපීඩියා වෙතින්
බරීස් නිම්සෝෆ්
Борис Немцов
Boris Nemtsov 2014.jpg
නිම්සෝෆ් 2013 වසරෙහිදී
රුසියාවේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා
තනතුර දරමින්
28 අප්‍රේල් 1998 – 28 අගෝස්තු 1998
ජනාධිපතිවරයාබොරිස් යෙල්ට්සින්
අග්‍රාමාත්‍යවරයාසර්ගී කිරියන්කො
වික්තර් චර්නමර්චන් (වැඩ බලන)
රුසියාවේ පළමු නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා
තනතුර දරමින්
17 මාර්තු 1997 – 28 අප්‍රේල් 1998
ජනාධිපතිවරයාබොරිස් යෙල්ට්සින්
අග්‍රාමාත්‍යවරයාවික්තර් චර්නමර්චන්
පූර්වප්‍රාප්තිකයාව්ලැඩීමිර් පූටින්
ඇලෙක්සි බොල්ෂාකොෆ්
වික්තර් ඉලියූෂන්
අනුප්‍රාප්තිකයායූරි මසිපියුකෝෆ්
වඩීම් ගූස්ටෆ්
පුද්ගලික තොරතුරු
උපත
බරීස් යිෆිමරීච් නිම්සෝෆ්

9 ඔක්තෝබර් 1959(1959-10-09)
සෝචි, රුසියානු සෝසසස, සෝවියට් සංගමය
Died27 February 2015(2015-02-27) (වයස 55)
මොස්කව්, රුසියාව
දේශපාලන පක්ෂයයූනියන් ඔෆ් රයිට් ෆෝර්සර්ස් (1999–2008)
සෙලිඩාර්නෙස්ට් (2008 වසරෙහි සිට)
පීඒආර්එන්ඒඑස් (2010–12)
රිපබ්ලිකන් පාටි ඔෆ් රෂියා– පීඒආර්එන්ඒඑස් (2012 වසරෙහි සිට)
Awardsඕඩර් "ෆො මෙරිට් ටු ද ෆාදර්ලන්ඩ්" පදක්කම (දෙවන මට්ටම, 1995); ඕඩර් ඔෆ් ප්‍රින්ස් යොරස්ලාව් ද වයිස් (පස්වන මට්ටම, 2006) [1]

බරීස් යිෆිමරීච් නිම්සෝෆ් (රුසියානු: Бори́с Ефи́мович Немцо́в රුසියානු උච්චාරණය: [bɐˈrʲis jɪˈfʲiməvʲɪtɕ nʲɪmˈtsof]; 9 ඔක්තොම්බර් 1959 – 27 පෙබරවාරි 2015) යනු, රුසියානු විද්‍යාඥයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ ලිබරල් දේශපාලනඥයෙක් විය. 1990 ගණන් වලදී ජනාධිපති බොරීස් යෙල්ට්සින් යටතේ සාර්ථක දේශපාලන අභිවෘත්තියක නියැලී සිටි ඔහු , 2000 වසරෙහි පටන් ව්ලැඩීමිර් පූටින් නොවළහා විවේචනය කලේය. මොස්කව්හී ක්‍රෙම්ලිනය සහ රතු චතුරස්‍රය අසබඩ පාලමක් මතදී, 2015 පෙබරවාරියේදී ඔහු වෙඩිතබා මරා දැමිණි. [2]

රුසියානු ආර්ථිකයට ධනවාදය හඳුන්වාදීමේදී නිම්සෝෆ් ඉතා වැදගත් චරිතයක් විය.[3]ඝාතනය සිදු වන විට, නිම්සෝෆ් මොස්කව්හී සිටියේ, යුක්‍රේනයේ යුද්ධයට රුසියාව සම්බන්ධ වීමට සහ ආර්ථික අර්බුදයට එරෙහිව රැළියක් සංවිධානය කිරීමට සහාය වීමටය. ව්ලැඩීමිර් පූටින්ගේ රජය හා සමගින් නිම්සෝෆ්ගේ ගැටුමට හේතු වශයෙන් තිබුණේ, සෝචි ඔලිම්පික් තරග වලට පෙරාතුව, පුළුල් ලෙසින් මුදල් වංචා කිරීම සහ ලාභ උපැයීම මෙන්ම, යුක්‍රේනය පිළිබඳ ප්‍රතිපත්තිය විය.[4] ඔහුගේ මරණයට පෙර සති කිහිපය තුලදී, රුසියානු ජනාධිපති ව්ලැඩීමිර් පූටින් විසින් ඔහු මරාදැමීම සකසනු ඇති බවට නිම්සෝෆ් බිය පල කලේය. [5][6] පසුපසින් එල්ල කල වෙඩි පහර සතරකට ඔහු ගොදුරු විය. ක්‍රෙම්ලිනය සහ ආලෝකවත් ශාන්ත බැසිල්ගේ ආසන දෙව්මැදුර පසුබිමෙහි පවතින පරිදී ඔහුගේ දේහය "අහම්බෙන් හෝ අරමුණු සහිතව හෝ නාට්‍යානුකාර ලෙසින් හොවා ඇති අයුරු" විස්මයජනක පුවත් ඡායාරූපයකින් දැක්වුණි. [7]

නිම්සෝෆ්ගේ මරණයට සිදුවන විට, 2013 වසරෙහි සිට යරොස්ලව්ස්ක්යා ඔබ්ලාස්ටයෙහි ප්‍රාදේශීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙසින්, ආර්පීආර්-පීඒආර්එන්ඒඒස් හි සම-සභාපතිත්වයක් දරමින්, යුරෝපියානු ලිබරල් -ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයෙහි සාමාජිකයෙක් ලෙසින් සහ, සෙලිඩාර්නෙස්ට් විපක්ෂ ව්‍යාපාරයෙහි නායකයෙකු ලෙසින් ඔහු ක්‍රියාකරමින් සිටියේය.

නිම්සෝෆ්, නිෂ්නි නොව්ගර්ඩ් ඔබ්ලාස්ටයෙහි පළමු ආණ්ඩුකාරවරයා (1991–97) විය. ඉන්පසුව, ඉන්ධන සහ බලශක්ති අමාත්‍යවරයා (1997), රුසියාවේ උප අග්‍රාමාත්‍යවරයා සහ 1997 සිට 1998 දක්වා ආරක්ෂක මණ්ඩල සාමාජිකයෙක් වශයෙන් රුසියානු රජය සඳහා ඔහු සේවය කලේය. 1998 වසරෙහිදී, යං රෂියා ව්‍යාපාරය ඔහු විසින් ආරම්භ කරන ලදි. 1998 වසරෙහිදී, රයිට් කෝස් (1998) නමැති සභාග කණ්ඩායමෙහි සමාරම්භකයෙක් වූ ඔහු, 1999 වසරෙහිදී, පළමුව මැතිවරණමය කාණ්ඩයක් සහ අත්‍යන්තයේ දේශපාලන පක්ෂයක්වූ, යූනියන් ඔෆ් රයිට් ෆෝර්සර්ස් සම-සංස්ථාපනය කිරීමට දායකත්වය සැපයීය. රුසියානු පාර්ලිමේන්තුවෙහි මන්ත්‍රීවරයෙකු වශයෙන් ඔහු කිහිප වතාවක් තේරී පත්වී ඇත. මහජන නියෝජිතයන්ගේ කොංග්‍රසයෙහි (1990), ෆෙඩරේෂන් කවුන්සිලයෙහි (1993–1997) සහ රාජ්‍ය ඩූමාවෙහි (1999–2003) නිම්සෝෆ් මන්ත්‍රීවරයෙක් විය. රාජ්‍ය ඩූමාවෙහි උප කතානායකවරයෙක් සහ යූනියන් ඔෆ් රයිට් ෆෝර්සර්ස් පාර්ලිමේන්තු කණ්ඩායමෙහි නායකයාද ලෙසින් ඔහු ක්‍රියා කර ඇත. 2008 වසරෙහිදී යූනියන් ඔෆ් රයිට් ෆෝර්සර්ස් හී බිඳීම සමගින්, ඔහු විසින් සෙලිඩාර්නෙස්ට් සමාරම්භ කෙරිණි. 2010 වසරෙහිදී ඔහු විසින් පීපල්ස් ෆ්‍රීඩම් පාටි "ෆෝ රෂියා විත්අවුට් ලෝලස්නස් ඇන්ඩ් කරප්ෂන්" සභාගය සමසංස්ථාපන කරන ලද අතර, එය දේශපාලන පක්ෂයක් ලෙසින් ලියාපදිංචිය සඳහා කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරිණි. ලියාපදිංචි දේශපාලන පක්ෂයක් වන, රිපබ්ලිකන් පාටි ඔෆ් රෂියා – පීපල්ස් ෆ්‍රීඩම් පාටි (ආර්පීආර්-පීඒආර්එන්ඒඑස්) හී සම-සභාපතිත්වය, 2012 මුල් භාගයෙහි සිට නිම්සෝෆ් විසින් දරන ලදි. [8][9]

ඔහු විසින් ලියැවුනු ප්‍රකාශන කිහිපයක් විසින්, පුටින් පරිපාලනය විවේචනය කෙරුණු අතර, විමතිකයන්ගේ පෙළපාළි, ස්ට්‍රැටර්ජි-31 සිවිල් ක්‍රියාකාරකම් සහ "සාධාරණ මැතිවරණ සඳහා" රැළි යනාදියේ ඔහු සක්‍රීය සංවිධායකයෙක් මෙන්ම සහභාගියෙක්ද විය.


ආශ්‍රිත[සංස්කරණය]

  1. "Борис Немцов".
  2. ආමෝස්, හොවාඩ්; මිල්වර්ඩ්, ඩේවිඩ් (27 පෙබරවාරි 2015). "ලීඩිං පූටින් ක්‍රිටික් ගන්ඩ් ඩවුන් අවුට්සයිඩ් ක්‍රෙම්ලින්". ද ටෙලිග්‍රාෆ් (ලන්ඩනය). http://www.telegraph.co.uk/news/worldnews/europe/russia/11441466/Veteran-Russian-opposition-politician-shot-dead-in-Moscow.html. 
  3. Birnbaum, Michael; Branigan, William (28 පෙබරවාරි 2015). "පූටින් ක්‍රිටික්, රෂියන් ඔපොසිෂන් ලීඩර් බරීස් නිම්සෝෆ් කිල්ඩ් ඉන් මොස්කව්". වොෂිංටන් පෝස්ට්. සම්ප්‍රවේශය 1 මාර්තු 2015.
  4. පූටින් ක්‍රිටික් බරීස් නිම්සෝෆ් ෂොට් ඩෙඩ්. NPR. 27 පෙබරවාරි 2015
  5. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; Sobesednik නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  6. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; BBC News 27 February 2015 නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  7. ක්‍රේමර්, ඇන්ඩෲ ඊ., " බරීස් නිම්සෝෆ්, පූටින් ෆෝ, ඊස් ෂොට් ඩෙඩ් ඉන් ෂැඩෝ ඔෆ් ක්‍රෙම්ලින්," නිව්යෝර්ක් ටයිම්ස්, 27 පෙබරවාරි 2015.
  8. "Сопредседатели". Svobodanaroda (රුසියානු බසින්). සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2015.
  9. Борис Немцов. Svobodanaroda. සම්ප්‍රවේශය 28 පෙබරවාරි 2015. {{cite web}}: Unknown parameter |trans_title= ignored (|trans-title= suggested) (help)
"https://si.wikipedia.org/w/index.php?title=බරීස්_නිම්සෝෆ්&oldid=358636" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි