බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021-22
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021 | |||||
ශ්‍රී ලංකාව | බටහිර ඉන්දීය කොදෙව් | ||||
දින වකවානුව | 2021 නොවැම්බර් 21 – 2021 දෙසැම්බර් 3 | ||||
නායකයන් | දිමුත් කරුණාරත්න | ක්‍රේග් බ්‍රැත්වේට් | |||
ටෙස්ට් තරගමාලාව | |||||
ප්‍රතිඵලය | තරග 2 කින් යුතු තරග මාලාව 2–0 ලෙසින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේය | ||||
වැඩිම ලකුණු | දිමුත් කරුණාරත්න (278) | න්ක්රුමා බොනර් (148) | |||
වැඩිම කඩුළු | රමේෂ් මෙන්ඩිස් (18) | ජොමෙල් වොරිකන් (9) | |||
තරගමාලාවේ ක්‍රීඩකයා | රමේෂ් මෙන්ඩිස් |
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ටෙස්ට් තරඟ දෙකකට ක්‍රීඩා කිරීම සඳහා 2021 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.[1][2] මුලින් 2022 ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල ක්‍රීඩා කිරීමට සැලසුම් කර ඇත,[3] පසුව මෙම සංචාරය 2021 අයිසීසී පිරිමි වි20ජා ලෝක කුසලානයෙන් පසුව ක්‍රීඩා කිරීමට ඉදිරියට ගෙන එන ලදී.[4] ටෙස්ට් තරඟ 2021-2023 අයිසීසී ලෝක ටෙස්ට් ශූරතාවයේ කොටසක් විය.[5][6] ටෙස්ට් තරඟාවලියට පෙර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කොළඹදී සිව්දින පෙරහුරු තරඟයක් පැවැත්වීමට නියමිතව තිබුණා.[7][8] කෙසේ වෙතත් වර්ෂාව හේතුවෙන් එකදු පන්දුවක් හෝ නොයවා තරගය අතහැර දැමුණා.[9]
පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලකුණු 348ක ඉලක්කයක් හිමිව තිබුණද, සිව්වන දිනය අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 52කට සීමා විය.[10] ටෙස්ට් තරගයේ පස්වැනි දිනයේ දිවා විවේකයෙන් පසු පන්දුවට පහරදෙමින් සිටියද බටහිර ඉන්දීය කොදෙව් පිල ලකුණු 160කට දැවී ගිය අතර එම තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 187ක ජයක් හිමිවිය.[11] අවසන් කඩුල්ල බිඳ වැටී මඳ වේලාවකට පසු පිටියට මහ වැස්සක් පතිත විය.[12] දෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනයේ දිවා ආහාරය වන විට කොදෙව්වන් 65/2 ක් ලබා සිටි අතර ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 232 ක් අවශ්‍යව තිබුණි.[13] කෙසේ වෙතත්, ඔවුන්ගේ අවසන් කඩුලු 8 ලකුණු 40කට දැවී ගිය අතර, මුළු ලකුණු 130කට සියලුදෙනා දැවී ගියහ. ශ්‍රී ලංකාව ලකුණු 164කින් තරගය ජය ගනිමින් තරගාවලිය 2-0ක් ලෙස ජය ගත්තේය.[14]
සංචිත
[සංස්කරණය]ටෙස්ට් | |
---|---|
ශ්‍රී ලංකාව[15] | බටහිර ඉන්දීය කොදෙව්[16] |
|
|
දෙවැනි ටෙස්ට් තරගයට පෙර දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, සුමින්ද ලක්ෂාන්, කමිල් මිෂාර සහ රොෂේන් සිල්වා යන සියලු දෙනාම ශ්‍රී ලංකා තේරීම් කමිටුව විසින් සංචිතයෙන් නිදහස් කර තිබේ.[17]
පුහුණු තරගය
[සංස්කරණය]2021 නොවැම්බර් 14-17
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය බැලුවේ නැත
- වර්ෂාව හේතුවෙන් ක්‍රීඩා කිරීමට නොහැකි විය.
ටෙස්ට් තරගමාලාව
[සංස්කරණය]ප්‍රධාන ලිපිය: සෝබර් - තිසේරා කුසලානය
1 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]2021 නොවැම්බර් 21-25
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් තෙවැනි දිනයේ තරගයට ක්‍රීඩා කිරීමට හැකි වූයේ පන්දුවාර 38ක් පමණි.
- ජෙරමි සොලෝසානෝ ඔහුගේ මංගල ටෙස්ට් තරගයට පිවිසියේය.
- ෂායි හෝප්, ජෙරමි සොලෝසානෝ වෙනුවට බටහිර ඉන්දීය කොදෙව්වන් සඳහා කම්පන ආදේශකයක් ලෙස පත් කරන ලදී.[18]
- ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: ශ්‍රී ලංකාව 12, බටහිර ඉන්දීය කොදෙව් 0.
2 වන ටෙස්ට් තරගය
[සංස්කරණය]2021 නොවැම්බර් 29 - දෙසැම්බර් 3
ලකුණු පුවරුව |
එ
|
||
- කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවට පහරදීමට තීරණය කළේය.
- වර්ෂාව හේතුවෙන් පළමු දිනය සහ 2 වැනි දින පිළිවෙළින් ඕවර 34.4 ක් සහ ඕවර 56.3 ක් පමණක් ක්‍රීඩා කිරීමට හැකි විය.
- චරිත් අසලංක ඔහුගේ මංගල ටෙස්ට් තරගයට සහභාගි විය.
- වීරසාමි පර්මාවුල් ඔහුගේ පළමු, තරගයක ටෙස්ට් කඩුලු 5 දවා ගැනීම.[19]
- රමේෂ් මෙන්ඩිස් ඔහුගේ පළමු, තරගයක ටෙස්ට් කඩුලු 5 දවා ගැනීම.[20]
- ලෝක ටෙස්ට් ශූරතා ලකුණු: ශ්‍රී ලංකාව 12, බටහිර ඉන්දීය කොදෙව් 0.
බාහිර සබැඳි
[සංස්කරණය]යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Schedule for inaugural World Test Championship announced". International Cricket Council. සම්ප්‍රවේශය 11 January 2019.
- ^ "CWI names squads for Best v Best matches ahead of Sri Lanka Test tour". Cricket West Indies. සම්ප්‍රවේශය 25 October 2021.
- ^ "Men's Future Tours Programme" (PDF). International Cricket Council. සම්ප්‍රවේශය 11 October 2019.
- ^ "Five T&T players for Sri Lanka tour trial matches". Loop News. සම්ප්‍රවේශය 25 October 2021.
- ^ "ICC confirms details of next World Test Championship". International Cricket Council. සම්ප්‍රවේශය 21 September 2021.
- ^ "Sri Lanka to host WI for two Tests in November-December 2021". CricBuzz. සම්ප්‍රවේශය 29 October 2021.
- ^ "Best v Best: Hope hits 100 not out as Sri Lanka tour looms for Test team". Cricket West Indies. සම්ප්‍රවේශය 2 November 2021.
- ^ "Charith Asalanka to lead Sri Lanka President's XI against West Indies". The Papare. සම්ප්‍රවේශය 13 November 2021.
- ^ "Sri Lanka and Windies rely on spinners in First Test". Daily News. සම්ප්‍රවේශය 20 November 2021.
- ^ "West Indies crumble against spin in pursuit of 348". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 November 2021.
- ^ "Embuldeniya five-for helps Sri Lanka beat looming rain and West Indies". ESPN Cricinfo. සම්ප්‍රවේශය 25 November 2021.
- ^ "Embuldeniya wipes out Windies tail minutes before rain arrives". The Papare. සම්ප්‍රවේශය 25 November 2021.
- ^ "Spin magic from Embuldeniya, Mendis guide Sri Lanka to series win". International Cricket Council. සම්ප්‍රවේශය 3 December 2021.
- ^ "Mendis, Embuldeniya spin out West Indies for 2-0 series win". ESPN Cricinfo. සම්ප්‍රවේශය 3 December 2021.
- ^ "Three uncapped players to feature in squad to face West Indies". The Papare. සම්ප්‍රවේශය 19 November 2021.
- ^ "West Indies name squad for test tour of Sri Lanka - November 14 to December 3". Cricket West Indies. සම්ප්‍රවේශය 4 November 2021.
- ^ "Five players released from Sri Lanka Test squad". The Papare. සම්ප්‍රවේශය 28 November 2021.
- ^ "Jeremy Solozano suffers concussion after blow to head, Shai Hope replaces him as concussion substitute". ESPN Cricinfo. සම්ප්‍රවේශය 22 November 2021.
- ^ "Permaul's five-for headlines brilliant day for the visitors". International Cricket Council. සම්ප්‍රවේශය 30 November 2021.
- ^ "West Indies take lead after Ramesh Mendis five-fer". CricBuzz. සම්ප්‍රවේශය 1 December 2021.