ඵෙතිහාසිකත්වය

විකිපීඩියා වෙතින්


කි‍්‍ර. පූ. 3 වන සියවස දක්වා වූ ශී‍්‍ර ලංකා ඉතිහාසය පිලිබඳ පුරාවෘතයන්මහාවිහාර භික්‍ෂූන් විසින් පවත්වාගෙන එනු ලැබිණි. කි‍්‍ර. ව. 5 වන සියවසේදී බෞද්ධ භික්‍ෂුවක් වූමහානාම මහතෙරුන් විසින් මෙම පුරාවෘතයන් තනි රචනාවක් ලෙස සංගෘහිත කරන ලදී. ඊට පෙර මෙම පුරාවෘත සංගෘහික කරමින් ලියනු ලැබූ කෘතියක් පැවැති බවත් මහානාම තෙරුන් පදනම් කරගත්තේ එම කෘතිය බවටත් සාධක පවතින බව විල්හෙල්ම් ගයිගර් දක්වා සිටියි. පැරණි ඵෙතිහාසික පුරාවෘත සංගෘහිත කරනු ලැබූ කෘතීන් අතර මහාවංශය හැරුනුවිට අද දක්වාම නොනැසී පවතින කෘතියකි දීපවංශය. එය මහාවංශයට වඩා සරළ වන අතර එහි මහාවංශයේ තරම් තොරතුරු අන්තර්ගත නොවේ. බොහෝවිට එය මහාවංශ අට්ඨකථාව පදනම්කරගෙන ලියැවුනක් වියහැක.

විවිධ කාලවකවානු වලදී විවිධසිංහල බෞද්ධ භික්‍ෂූන් විසින් මුල් චූල වංශයෙන් අනාවරනය නොකෙරෙන පසුකාලීන කාල පරිච්ජේදය එනම් 4 වන සියවසේ සිට ශී‍්‍ර ලංකාව බි‍්‍රතාන්‍යයන්ට යටත්වූ 1815 දක්වා කාළ පරිච්ජේදයද ඇතුලත් කරමින් චූල වංශයේ දෙවන කොටසක් රචනා කොට ඇත. මෙසේ කලින් කල ලියන ලද චූල වශයේ සියලූම කොටස් එක්ව ගත්කළ සමහර අවස්ථාවන්හිදී මහාවංශය ලෙසින්ද හැඳින්වේ. එහි වසර දෙදෙහසක පමණ කාලයක ඉතිහාසය ලියැවී ඇති අතර එය ලෝකයේ දීඝතම අඛණ්ඩ ඵෙතිහාසික කාළපරිච්ඡේදයක් ආවරණය කරන ඵෙතිහාසික ලියවිල්ල ලෙස සැලකේ. එහි දැක්වෙන අශෝක රජුගේ මරණයට පෙර ඉතිහාසය විශ්වාසනීය නොවන හා බොහෝදුරට ජනප‍්‍රවාදයන් මත පදනම්ව ලියා ඇති නමුත් ලේඛණයේ ඇතුලත් ඵෙතිහාසිකත්වය පිලිබඳව සැලකීමේදී එය විශ්මයජනක කෘතියක් බව නොකිවමනාය. කෙසේවෙතත් මහාවංශයේ එම කොටස විජයගේ පැමිණීම පිලිබඳ පුරාවෘතයට පෙර ලංකාවේ වාසය කළ නාගයින් හා යක්‍ෂයින් පිලිබඳව තොරතුරු ඇතුලත් ඉතා දුර්ලභ ලේඛනයන්ගෙන් එකකි. මහාවංශය නිතරඉන්දියාවේ රාජකීය රාජවංශයන් පිලිබඳව සඳහන් කරන බැවින් ඉන්දියානු උපමහාද්වීපයේ රාජවංශයන් පිලිබඳ දින වකවානු සහ තොරතුරු සොයායන ඉතිහාසඥයින්ටද එය වැදගත් මූලාශ‍්‍රයක් වෙයි. මෞර්ය රාජවංශික අශෝක අධිරාජ්‍යයාගේ අභිශේකය සිදුවූ කාළවකවානුව නිශ්චය කිරීම වැදගත් වන්නේ ඊට සමකාලීනව මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයාගේ රාජ්‍ය සමයද පැවතීම නිසාවෙනි. සාංචි සහ වෙනත් වැදගත් ස්ථානයන්හි සිදුකළ කැනීම්වලින් අශෝක අධිරාජ්‍යයාගේ ඵෙතිහාසික සාධකයන් සොයාගැනීමට මුල්වූ මූලාශ‍්‍රය වන්නේ මහාවංශයයි. මහාවංශය විසින් සපයනු ලබන දත්තයන් දිවයින තුල විවිධ ස්ථානයන්ගෙන් හමුවන විවිධ ශිලාලේඛනයන්ගෙන් තහවුරු වෙයි. ඍජු ඵෙතිහාසික වටිනාකමක් නොමැති මහාභාරතය, රාමායනය වැනි වීරකාව්‍යයන්ගෙන් මහාවංශය වෙනස්වන්නේ මේ හේතුවෙනි. මහාවංශය නොවන්නට ශී‍්‍ර ලංකාවේ අනුරාධපුරයේ ඇති රුවන්වැලිසෑය, ජේතවනාරාමය, අභයගිරිය වැනි අතිවිශාල දාගැබ් පසුපස ඇති කථාන්තරයන් දැනගැනීමට කිසිදිනෙක හැකි නොවනු ඇත.

පාලියෙන් ලියැවුනු විශිෂ්ඨතම වීරකාව්‍ය

වැදගත් ඵෙතිහාසික මූලාශ‍්‍රයක් වනවාට අමතරව මහාවංශයපාලි භාෂාවෙන් ලියැවුනු විශිෂ්ඨතම වීරකාව්‍ය වෙයි. එහි දැක්වෙන යුද්ධ හා ආක‍්‍රමණ, රාජ්‍ය කුමන්ත‍්‍රණ, විශිෂ්ඨ ස්ථූප සහ වැව් ඉදිකිරීම් පිලිබඳව මතකයේ රැඳෙන ආකාරයෙන් ඉදිරිපත් කර ඇති කාව්‍යාත්මක භාෂාව තුල එම කාලයේ පැවැති බෞද්ධ පරිකල්පනය මනාව අන්තර්ගතව ඇත. රුවන්වැලිසෑය එම යුගයේ ලොව පැවැති උසම ඉදිකිරීම විය. පරාක‍්‍රමබාහු රජුගේ වාරිකර්මාන්තයන් එවක ලෝකයේ පැවැති විශිෂ්ඨතම වාරිනිර්මාණ විය. පුරාතනයේ ලියැවුනු බොහොමයක් පඨිතයන් මෙන් නොව මහාවංශය සාමාන්‍ය ජනයාගේ ජීවිතයේ විවිධ පැතිකඩවල් අනාවරනය කරයි. ඔවුන් රජුගේ හමුදාවට බැඳුනු ආකාරය සහ ගොවිතැන් කළ ආකාරය පිලිබඳ තොරතුරු එහි අන්තර්ගතය. මහාවංශය සේද මාවත ඔස්සේ බෞද්ධ රටවල් බොහොමයකටම රැගෙන ගොස් ඇත. එහි සමහර කොටස් වෙනත් භාෂාවන්ට පරිවර්තනයකොට නැවත ලියවී සහ වෙනත් භාෂාවන් තුලට අන්තර්ග‍්‍රහනය වී ඇත. මහාවංශයේ වැදගත් අනුවාදයන් බුරුමයේ සහ තායිලන්තයේ පවතී. එකල පාලි සාහිත්‍යය පිලිබඳ වැදගත්ම ලෝක මධ්‍යස්ථානය බවට ශී‍්‍ර ලංකාව පත්කරමින් වංශකථා ධාරාවේ වෙනත් බොහොමයක් පාලි කෘතීන් බිහිවීමටද මහාවංශය මුල්විය.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Mahavamsa#Historical_Aspects

"https://si.wikipedia.org/w/index.php?title=ඵෙතිහාසිකත්වය&oldid=433566" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි