පේර ශාකය

විකිපීඩියා වෙතින්
ඉදුණු ඇපල් පේ‍ර (Psidium guajava)

 පේර යනු බොහෝ නිවර්තන හා උපනිවර්තන ප්‍රදේශවල වගා කරන හා භාවිත වන පලතුරු වේ.

 Psidium guajava (සාමාන්‍ය පේර, ලෙමන් පේර), මෙක්සිකෝ, මධ්‍යම ඇමරිකානු, හා  දකුණු ඇමෙරිකාවේ උතුරු ප්‍රදේශයේ උපන් මරඳ පවුලේ (Myrtaceae) කුඩා වෘක්ෂයකි.එයට අදාල විශේෂ ද පේර ලෙස හැඳින්විය හැක වුවද, ඒවා "අන්නාසි පේර" Acca sellowiana  වැනි අනෙකුත් විශේෂ හෝ ගණ වලට අයත් වේ.

වර්ග[සංස්කරණය]

ඇපල් පේර (Psidium guajava) මල

නිරන්තරයෙන් ආහාරයට ගන්නා විශේෂ අතර, බොහෝ විට "පේර" වශයෙන් සලකනු ලබන්නේ, ඇපල් පේර (Psidium guajava) ය. පේර සාමාන්‍ය Myrtoideae ගණයට අයත්, විරුද්ධව පිහිටි සරල, ඉලිප්සාකාර සහ සෙ.මි 5-15 පමණ දිගැති දැඩි අඳුරු කොළ වලින් යුක්ත වේ. පේර මල්, පෙති පහක් සහ බොහෝ රේණු සහිත සුදු වර්ණ මල් වේ. පේර, මාංසමය බහු බීජ ඵලයකි[1].

 Accara හා Acca (Feijoa, අන්නාසි පේර) යන ගණ වරක් Psidium වලට අයත්ව තිබුණි.

නිරුක්ති ශාස්ත්‍රය සහ කලාපීය නම්[සංස්කරණය]

කහ පැහැ චෙරි පේර, (සමහර අවස්ථා වලදී ලෙමන් පේර ලෙස හැඳින්වේ) Psidium littorale var. littorale
ස්ට්‍රෝබෙරි පේර, Psidium littorale var. cattleianum

"පේර" යන වචනය ස්පාඤ්ඤ guayaba හරහා Arawak guayabo "පේර ගස" යන්න මගින් වි‍යුත්පන්න වී ඇත. එය සමාන ස්වරූපයක්[2] සහිත, බොහෝ යුරෝපීය හා ආසියානු භාෂා වලට අනුවර්තනය වී ඇත.

පේර, පෙයාස් යන්නෙන් වි‍යුත්පන්න වී ඇති, පේරු යන නමින් ද හැඳින්වේ. එය බටහිර ඉන්දීය සාගරයේ මායිම්වන රටවල් වල බහුල අතර, අතැම් විට ස්පාඤ්ඤ හෝ පෘතුගීසි භාෂා මගින් වි‍යුත්පන්න වී ඇත. ඉන්දියානු උප මහාද්වීපය හා මැද-පෙරදිග ප්‍රදේශවල පේර amrood යන නමින් ද හදුන්වන අතර, බොහෝ විට එය අරාබි හා තුර්කි භාෂා වල ඇති "pear " යන අර්ථය දෙන armoot වල ප්‍රභේදයක් විය හැක.

ආරම්භය හා ව්‍යාප්තිය[සංස්කරණය]

පේර වල සම්භවය මෙක්සිකෝව හෝ මධ්‍යම ඇමරිකාව යන ප්‍රදේශවලින් බිහිවී නිවර්තන ඇමරිකාව හා කැරිබියානු කලාපය[2] පුරා පැතිරී යන ලද බවට සැලකේ. මෙය උපනිවර්තන සහ නිවර්තන ආසියාව, දකුණු එක්සත් ජනපදය (ටෙනසි ​​හා උතුරු කැරොලිනා දකුණු, මෙන්ම බටහිර සහ හවායි), සහ නිවර්තන අප්‍රිකානු බෝග ලෙස වගා කර ඇත.

මේවන විට පේර බොහෝ නිවර්තන හා උපනිවර්තන රටවල වගා කර ඇත.[2]බොහෝ විශේෂ වාණිජමය කටයුතු සඳහා වගා කර ඇති අතර,  ඇපල් පේර වඩාත් සුලබව ජාත්‍යන්තර වශයෙන් වෙළඳාම් කරයි.[2]

බොහෝ විශේෂවල  පරිණත ශාක  25 ° F (−4 °C)ට වඩා අඩු උෂ්ණත්ව වලදි තම පැවැත්ම  කෙටි කාලසීමාවක් සඳහා හෝ රැක ගත හැකි නමුත් ළපටි ශාක විනාශ වී යයි.[3]

19 වන සියවසේ දී පේර ෆ්ලොරිඩාවට හඳුන්වා දෙන ලද[2] අතර මේ වනවිට සරසොටා, චිප්ලි, වැල්ඩො සහ ෆෝට් පියර්ස් දක්වා වගා කර ඇත.කෙසේ වෙතත්, පේර කැරිබියානු පළතුරු මැස්සාගේ ප්‍රාථමික ධාරකයා වන අතර මෙම පළිබෝධ වර්තමානයේ ෆ්ලොරිඩා ප්‍රදේශවල ඇති බැවින් පේර  එමගින් ආරක්ෂා  කර ගත යුතුය.[4]

20 වන සියවසේ මැද භාගයේ සිට, විශේෂයෙන් මාලග කොස්තා ඩෙල් සොල්, (ස්පාඤ්ඤය) පිහිටා ඇති බටහිර යුරෝපයේ දකුණු ප්‍රදේශවල කුඩා කොටසකද පේර වාණිජමය කටයුතු සඳහා වගා කර[5] ඇති  අතර රෝපණ මාධ‍‍ය්‍ය  යොදා ගනිමින් ප්‍රගුණනය ද සිදු කරයි.

නිවර්තන කලාපීය පළතුරු අතරින් පේර ගෘහස්ථ ලෙස වගා කල හැකි බැවින් පේර වගාව සඳහා උපනිවර්තන ගෘහස්ථ වගාකරුවන් උනන්දුවක් දක්වයි. බීජ මගින් වගා කරන විට,පේර වල වසර දෙකක් ගත වන විටම ඵල හට ගන්නා අතර වසර 40 ක් පමණ වනතෙක් ඵල හට ගැනීම සිදුවේ.[2]

පරිසර විද්‍යාව[සංස්කරණය]

ඇපල් පේර ශාක පත්‍ර

සමහර Lepidoptera විශේෂ වල දළඹුවන්, Psidium විශේෂ ආහාර පැළෑටි ලෙස භාවිතා කරන අතර, ප්‍රධාන වශයෙන් සළඹයන් Ello Sphinx (Erinnyis ello), Eupseudosoma aberrans, E. involutum, සහ Hypercompe icasia සඳහා කැමැත්තක් දක්වයි. Pronematus pruni සහ Tydeus munsteri වැනි මයිටාවන්, ඇපල් පේර (P. guajava) සහ අනෙකුත් විශේෂ වලට හානි කරන කෘමින් ලෙස සැලකේ.[2] bacterium Erwinia psidii ඇපල් පේර වල කුණු වීමේ රෝගය ඇති කරයි.

මිනිසුන් විසින් පේර වගා කරනු ලැබුවද ඒවා බොහෝ සතුන් හා කුරුල්ලන් විසින් පරිභෝජනය කරන අතර, බීජ අතහැරීම මගින් ඒවා විසුරුවා හැරීම සිදුවේ. හවායි හි, ස්ට්රෝබෙරි පේර (P. littorale) 100 කට වඩා වැඩි අනෙකුත් ශාක විශේෂ වඳ වී යාමේ තර්ජනයට ලක් කරන ආක්‍රමණ්ශීලී ආක්‍රමණික විශේෂ බවට පත් වී තිබේ.[6][7]පේර විශේෂ කීපයක්, වාසස්ථාන විනාශ වීම නිසා දුර්ලබ වී ඇති අතර අවම වශයෙන් එක් විශේෂයක්(ජැමෙයිකානු පේර, P. dumetorum) හෝ මේ වන විටත් වඳ වී ඇත.

පේර ශාකයේ දැව, හවායි හි මස් දුම් පානය කිරීම සඳහා භාවිතා කරනු ලබන අතර ඇමරිකා එක්සත් ජනපදයේ බාබකියු තරඟ සඳහා භාවිතා වේ. කියුබාව සහ මෙක්සිකෝව, බාබකියු සඳහා පේර කොළ භාවිතා කරයි.

පළතුර[සංස්කරණය]

පේර පළතුරු, සාමාන්‍යයෙන් සෙ.මි 4-12 පමණ දිගැති, ශාක විශේෂය අනුව ගෝලාකාර හෝ ඕවලාකාර වේ.[2] ඊට දෙහි ලෙලි වලට මදක් සමාන සාමාන්‍ය සුවඳක් ඇත. පිටත සම  රළු, බොහෝ විට තිත්ත රසය සමග, හෝ මෘදු හා මිහිරි විය හැක. විශේෂ අතර, වෙනස්කම් සැලකූ විට, සම ඕනෑම ඝනකම විය හැකි අතර, පරිණත වීමට පෙර  සාමාන්‍යයෙන් කොළ පැහැ නමුත්,ඉදීමත් සමග කහ, දුඹුරු, හෝ කොල පැහැ බවට පත් වෙයි. ඇතුළත මදය පැණි රස හෝ ඇඹුල් සහ සුදු ( "සුදු" පේර) සිට තද රෝස ( "රතු" පේර) පැහැය දක්වා විය හැක. විශේෂය අනුව මදයේ බීජ, ප්‍ර්‍රමාණය සහ දැඩිබව වෙනස් වේ.

'Thai maroon' පේර, රතු ඇපල් පේර cultivarses

ආහාර පිසීමේදී භාවිතයන්[සංස්කරණය]

මෙක්සිකෝවේ, පේර agua fresca ජනප්‍රිය පානයකි. සමස්ත පළතුර punch සඳහා ප්‍රධාන අමුද්‍රව්‍යක් වන අතර, යුෂ බොහෝ විට ආහාර පිසීමේ දී සෝස් වර්ග (උණුසුම් හෝ ශීතල)ලෙස ද යොදා ගනී. එමෙන්ම artisan සූකිරි, වියළි කෑම වර්ග, පළතුරු බාර්, අතුරුපස, හෝ chamoy ඉසිනු සඳහා ද භාවිතා වේ. Pulque de පේර යනු දේශීය මත්පැන් සඳහා යොදා ගන්නා ජනප්‍රිය මිශ්‍රණයකි.

බොහෝ රටවල් වල, පේර, අමුවෙන් කොටස් වලට කපා හෝ ඇපල් ආහාරයට ගන්නා ලෙස භාවිතා කරන අතර සමහර රටවල් වල එය ලුණු හා ගම්මිරිස් ස්වල්පයක්, cayenne කුඩු හෝ කුළු බඩු මිශ්‍රණයක්(masala) සමඟ ආහාරයට ගනු ලබයි. එය පකිස්ථානයේ ජාතික පළතුර ලෙස හැඳින්වේ. පිලිපීනයේ, ඉදුණු පේර sinigang පිසීම සඳහා යොදා ගනු ලබයි. පේර, තායිවානයේ ජනප්‍රිය සුලු ආහාරයක් වන අතර, ඒවා උණුසුම් කාලයේදී බොහෝ වීදි වෙලඳසල් හා රාත්‍රී වෙලඳපොලවල් වල, සීනි සහ ලුණු සමඟ වියළි මිදි කුඩු මිශ්‍රණ පැකට් සමඟ විකුණනු ලැබේ. නැගෙනහිර ආසියාවේ, පේර සාමාන්‍යයෙන් පැණිරස හා ඇඹුල් රසැති වියළි මිදි කුඩු මිශ්‍රණ සමඟ ආහාරයට ගනු ලබේ. පේර යුෂ බොහෝ රටවල ජනප්‍රිය වී ඇත.පේර පළතුරද බොහෝ විට පළතුරු සලාද ලෙස සූදානම් කෙරේ.

පේර වල ඇති ඉහළ පෙක්ටීන් මට්ටම නිසා,ඒවා පුළුල් ලෙස සූකිරි, කල් තබා ගන්නා ආහාර, ජෙලි, ජෑම්, සහ දොඩම් ජෑම් ( බ්රසීලියානු goiabada හා කොලොම්බියානු හා වෙනිසියුලානු bocadillo වැනි) සෑදීමට හා යුෂ හා aguas frescas හෝ ටෝස්ට් කරන ලද දොඩම් ජෑම් සෑදීමට භාවිතා කරයි.[2]

රතු පේර විශේෂයෙන් ආම්ලිකතාවය අවම කිරීම සඳහා ලුණු දැමූ නිෂ්පාදන වන සෝස් වර්ග වන තක්කාලි වල ආදේශක සඳහා පදනම ලෙස භාවිතා කළ හැක. බ්රසීලයේ chá-de-goiabeira නම් වූ බීම වර්ගය, පේර සහ ඒවායේ කොළ වල තැම්බුම්සාරය යොදා ගෙන සෑදිය හැක. එය ඖෂධීය ගුණයකින් යුතු පේර ශාක පත්‍ර "තේ" නම් වේ.

සංඝටක[සංස්කරණය]

පෝෂ්‍ය පදාර්ථ[සංස්කරණය]

පේර මධ්‍යස්ථ මට්ටමක් සහිත ෆෝලික් අම්ලය, තන්තු සහ විටමින් C වලින් පොහොසත් ය. සාමාන්‍යයෙන් අඩු කැලරි සහිත වැඩි වශයෙන් අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ඇති නිසා එක් පේර පළතුරක (P. guajava), දොඩම් පළතුරක ඇති විටමින් C ප්‍රමාණය මෙන් හතර ගුණයක් පමණ අඩංගු වේ.[8]

කෙසේ නමුත්, පෝෂණ ප්‍රමාණය එය වගා කරනු ලබන ආකාරය හරහා වෙනස් වේ.බොහෝ පොදු ප්‍රභේද වල ඇති  ප්‍රමාණයෙන් ස්ට්‍රෝබෙරි පේර(P. littorale var. cattleianum) වල 25% ක් පමණක් පැවතියද එවායේ එක් පළතුරක් මගින්(90 mg) ලබා දෙන මුලු විටමින් C මගින් ගත යුතු ආහාර පාලක නිර්දේශයේ 100% සපයයි.[9]

ශාක රසායනික ද්‍රව්‍ය[සංස්කරණය]

(+)-gallocatechin හා leucocyanidin වැනි කැරොටිනොයිඩ හා polyphenols යන දෙවර්ගයම පේර වල අඩංගු වේ.[10] මේවායින් සමහර phytochemicals පළතුරේ සම සහ මාංසමය වර්ණය නිෂ්පාදනය කරන අතර රතු-තැඹිලි පේර, කහ-කොළ පේර වලට වඩා polyphenol හා කෙරොටිනොයිඩ ඉහළ අන්තර්ගතයක් දරයි.

පේර බීජ තෙල්[සංස්කරණය]

A bottle of guava seed oil surrounded by fruit
පේර බීජ තෙල්

සමහරවිට ආහාර පිසීමේ හෝ විලවුන් නිෂ්පාදනය සඳහා යොදා ගැනේ. පේර බීජ තෙල්, බීටා කැරොටින්, විටමින් A, විටමින් C, තඹ, සින්ක් හා සෙලෙනියම් ප්‍රභවයක් වේ.

පේර බීජ තෙල් තුළ ඇති මේද අම්ල සංයුතිය පහත සඳහන් වගුව මගින් ඉදිරිපත් කර ඇත.එය පේර බීජ තෙල් linoleic අම්ලයෙන් පොහොසත් බව පෙන්වනු ලබයි.[11]

Lauric අම්ලය <1.5%
Myristic අම්ලය <1.0%
Palmitic අම්ලය 8-10%
Stearic අම්ලය 5-7%
Oleic අම්ලය 8-12%
Linoleic අම්ලය 65-75%
සන්තෘප්ත මේද, මුළු
14%
අසංතෘප්ත මේද අම්ල, මුළු
86%

ජන වෛද්‍ය විද්‍යාව[සංස්කරණය]

1950 සිට මේ දක්වා, පේර - විශේෂයෙන්ම කොළ -, ඒවායේ සංඝටක, ජීව විද්‍යාත්මක ගුණ විභවය හා ජන වෛද්‍ය විද්‍යාවේ ඉතිහාසය සඳහා අධ්‍යනය කර ඇත.[12]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. Judd, WS; Campbell, CS; Kellogg, EA; Stevens, PF; Donoghue, MJ (2002). Plant systematics, a phylogenetic approach. Sinauer Associates, Inc. pp. 398–399. ISBN 0878934030.
  2. 2.0 2.1 2.2 2.3 2.4 2.5 2.6 2.7 2.8 Morton JF (1987). "Guava, in Fruits of Warm Climates, p 356-63". Center for New Crops & Plant Products, Department of Horticulture and Landscape Architecture, Purdue University, West Lafayette, Indiana. සම්ප්‍රවේශය 24 April 2015.
  3. Sauls JW (December 1998). "Home fruit production – Guava". Texas A&M Horticulture Program. සම්ප්‍රවේශය 2012-04-17.
  4. Boning, Charles R. (2006). Florida's Best Fruiting Plants: Native and Exotic Trees, Shrubs, and Vines. Sarasota, Florida: Pineapple Press, Inc. p. 99. ISBN 1-56164-372-6.
  5. http://www.magrama.gob.es/ministerio/pags/biblioteca/hojas/hd_1974_14.pdf
  6. Price J (14 June 2008). "Strawberry guava's hold has proven devastating". Honolulu Star Bulletin. සම්ප්‍රවේශය 7 December 2014.
  7. "Leveling the Playing Field in Hawai'i's Native Forests" (PDF). Conservation Council for Hawai‘i. 2010. සම්ප්‍රවේශය 7 December 2014.
  8. Nutritiondata.com. "Nutrition facts for common guava". සම්ප්‍රවේශය August 17, 2010.
  9. Nutritiondata.com. "Nutrition facts for strawberry guava". සම්ප්‍රවේශය August 17, 2010.
  10. "Polyphenols of the leaves of psidium guava—quercetin, guaijaverin, leucocyanidin and amritoside". Phytochemistry. 4 (6): 989–92. 1965. doi:10.1016/S0031-9422(00)86281-0.
  11. "Characterization of some seed oils from fruits for utilization of industrial residues (in Spanish)" (PDF). Ciênc Agrotec. 29 (5): 108–14. 2005.
  12. "Medicinal plants for women's healthcare in southeast Asia: a meta-analysis of their traditional use, chemical constituents, and pharmacology". J Ethnopharmacol. 151 (2): 747–67. 2014. doi:10.1016/j.jep.2013.11.030. PMID 24269772.
"https://si.wikipedia.org/w/index.php?title=පේර_ශාකය&oldid=565031" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි