පෙගසස්

විකිපීඩියා වෙතින්
පෙගසස්
ඌාටාන්, මියුසී රුලොන් වෙතින් සොයාගත්, ක්‍රිව 2වන සිට 3වන සියවස අතර කාලයට අයත් ගෝල්-රෝමානු මෝසෙයිකයක මධ්‍ය පතොරමක දැක්වෙන, පෙගසස් මත නැගී යන බෙලෙරෆෝන් විසින් කිමෙයිරා මරා දමන අයුරු.
වාසස්ථානහිපක්‍රීන්, හෙලිකෝන් කන්ද
දෙම්පියෝපොසයිඩන් සහ මෙඩූසා
උරෝජාතයෝක්‍රිසේයො

පෙගසස් (ග්‍රීක: Πήγασος Pḗgasos; ලතින්: Pegasus, Pegasos) යනු, පියාපත් සහිත දිව්‍යමය අශ්වයෙකු වන අතර, ග්‍රීක මිථ්‍යා ප්‍රබන්ධ තුල සාමාන්‍යයෙන් තනි සුදු පැහැයෙන් නිරූපණය කෙරෙයි. අශ්වයන් පිළිබඳ දේවතාවා යන භූමිකාව නිසාම, පොසයිඩන් ඔහුගේ පියා වූ අතර, ගෝර්ගන් මෙඩූසා ඔහුගේ මව විය. පෙගසස් ක්‍රිසේයොගේ සොහොයුරා වූ අතර, ඔවුන් දෙදෙනාම එකවර උපත ලද්දේ, පර්සියස් විසින් ඔවුන්ගේ මව ශීර්ෂඡේදනය කල අවස්ථාවෙහිදීය.

හෙලිකෝන් කන්ද මත පිහිටි හිපක්‍රීන් උල්පතෙහි නිර්මාතෘවරයා පෙගසස් වෙයි. පිරෙනෙ උල්පත අසලදී, ග්‍රීක වීරයෙකු වූ බෙලෙරෆෝන් විසින්, ඇතීනා සහ පොසයිඩන් ගේ උපකාරය ඇතිව, ඔහු අල්ලාගන්නා ලදි. කිමෙයිරා නමැති භීමරූපියා පරාජය කිරීමට සහ තවත් බොහෝ උපයෝගී කිරීම් සඳහා බෙලෙරෆෝන් හට තමා මත නැග යෑමට පෙගසස් ඉඩ සැලසීය. පසුව, ඔලිම්පස් කන්ද තරණය කිරීමට උත්සාහ කරද්දී පෙගසස්ගේ පිට වෙතින් බෙලෙරෆෝන් බිමට පතිත විය. ඔලිම්පස් කන්ද තරණය කිරීමට උත්සාහ කිරීමේ වරදට සියුස් අතින් පෙගසස් සහ බෙලෙරෆෝන් දෙදෙනාම මරණයට පත්වූහ.

අත්‍යන්තයෙහිදී සියුස් විසින් ඔලිම්පස් කන්ද වෙත පෙගසස් ගෙන එන ලදි. එහිදී ඔහු සියුස්ගේ අකුණු අසබඩින් ඉස්තාලගත කෙරිණි. සියුස්ගේ අකුණු රැගෙන යෑම, ඔහුගේ රාජකාරි අතරින් එකක් විය. අත්‍යන්තයෙහිදී ඔහු තාරකා මණ්ඩලයක් බවට පත් කෙරිණි.

"https://si.wikipedia.org/w/index.php?title=පෙගසස්&oldid=570823" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි