ආග්නේය පාෂාණය

විකිපීඩියා වෙතින්

ආග්නේය පාෂාණ, හෝ මැග්මාමය පාෂාණ, යනු ප්‍රධාන පාෂාණ වර්ග තුන අතුරින් එකක් වන අතර, අනෙක්වා වන්නේ අවසාදිත සහ විපරිත වෙති. මැග්මා හෝ ලාවා සිසිල්වී ඝණිභවනය වීම තුලින් ආග්නේය පාෂාණ තැනෙයි. ග්‍රහලෝකයක ප‍්‍රාවරණයෙහි හෝ කබොල්ලෙහි දැනට පවත්නා පාෂාණයන්හී පාර්ශවීය දියවීම් හේතුවෙන් මැග්මා නිපැයිය හැක. සාමාන්‍යයෙන්, මෙම දියවීමට හේතුකාරක වන්නේ පහත ක්‍රියාවලීන් තුන තුලින් එකක් හෝ කිහිපයක් විසිනි: උෂ්ණත්වයෙහි වැඩිවීමක්, පීඩනයෙහි අඩුවීමක් හෝ, සංයුතියෙහි වෙනසක්. පාෂාණ ලෙසට ඝණීභවනය වීම පෘෂ්ඨයෙන් පහළ මට්ටමකදී ආක්‍රාන්තික පාෂාණ ලෙසින් හෝ පෘෂ්ඨයෙහි මට්ටම මතදී උත්සාරිත පාෂාණ ලෙසින් හෝ සිදුවෙයි. කණිකාමය, ස්ඵටිකරූපී පාෂාණ තැනීම සඳහා ස්ඵටිකීකරණය හා සමගින් හෝ ස්වභාවික වීදුරු තැනීම සඳහා ස්ඵටිකීකරණය නොමැතිව හෝ ආග්නේය පාෂාණ නිමැවිය හැකිය. පුළුල් පරාසයක භූ විද්‍යාත්මක සිටුවම් තුල ආග්නේය පාෂාණ නිමැවිය හැක: පළිහාකාර පාෂාණමය පෘෂ්ඨ, සමතල මතුපිට, පර්වතකාරක චලන, ද්‍රෝණි, විශාල ආග්නේය පළාත්, ප්‍රසාරිත කබොල්ල සහ සාමුද්‍රික කබොල්ල.

ලාවා පිටකරමින් සිදුවන යමහල් විදාරණ ආග්නේය පාෂණ තැනීම සඳහා ප්‍රධාන ලෙසින් අමුද්‍රව්‍ය සපයයි. (පිලිපීනයෙහි මෙයෝන් යමහල 2009දී විදාරණය වෙමින්)

(උදාහරණ - ග්‍රැනයිට්, පෙග්මටයිට්, බැසෝල්ට්, රියෝලයිට්)

"https://si.wikipedia.org/w/index.php?title=ආග්නේය_පාෂාණය&oldid=537003" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි