තෝමස් හොබ්ස්

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

1.0 ප්‍රවේශය.

           දේශපාලන විද්‍යාව වූ කලී දවසින් දවස සxවර්ධනය වන හා පුළුල් වනු ලබන විෂයක්‍h යන්න අප හැදින්වීම නිවැරදි වේයැයි මා සිතමි.මක් නිසාද අද පිළිගන්නා ලබන සම්මතයක් හෙට පිළිනොගැනීමට හැකිය.එසේම අද පවතින දේශපාලන කරුණු හෙට වන විට මුළුමනින්ම වෙනස් වීමට හැකියාවක් පවතී.එහෙයින් පැහැදිළි වන්නේ මෙහි පවත්නා ගතික ස්වරූපය පිළිබඳවයි.නමුත් කොතරම් ගතික ස්වරූපයක් ගත්තද මෙම විෂය නිර්මාණය වීම සදහා මූලික අඩිතාලම දමනු ලැබුවේ ග්‍රීක, රෝම, මධ්‍යතන හා නූතන යුගයේ සමහරක් දේශපාලන දාර්ශනිකයන් විසින්‍h.මූලිකවම ඔවුන් දුටු දේශපාලන පරාසය පිළිබදව ඔවුන් අදහස් ඉදිරිපත් කර අතර එසේම එවා එවකට ප්‍රචලිත කිරීම උදෙසා කෘතීන් ලෙස ලොව පුරා ව්‍යාප්ත කරන ලදී.මෙලෙස ගොඩනගනු ලැබූ දර්ශනයේ ප්‍රතිපලයක් ලෙස අද වන විට වඩාත් වැදගත්ම ක්ෂේත්‍රය වන දේශපාලනය පිළිබදව හැදෑරීමට විෂය පථයක් නිර්මාණය වී ඇත.එසේනම් මෙම නිර්මිත විෂයේ මූලික අයිතිය හිමිවිය යුත්තේ එය ගොඩනැගීම උදෙසා කරුණු කාරන ඉදිරිපත් කල පුද්ගලයන් වෙතයි.මෙම කාරනයේදී අප අමතක නොකර යුතු දේශපාලන දාර්ශනිකයන් රාශියක් සිටින අතර ඒ අතරින් අප මෙමගින් සාකච්ඡාවට භාජනය කරන්නේ තෝමස් හොබ්ස් පිළිබදවයි.

1.1 තෝමස් හොබ්ස් පිළිබදව මූලික විග්‍රහය(ක්‍රි.ව.1588-1679)

           එxගලන්තයේ 17 වන ශත වර්ෂයේ පැවැති අර්බුධකාරී පළමු අවධිය තෝමස් හොබ්ස්ගේ දේශපාලන දර්ශනයට අවශ්‍ය පදනම සකස් කරයි.හොබ්ස්ගේ පියා එxගලන්ත රාජකීය සභාවේ දුප්පත් පූජක වරයෙකි.මොහු ඇතිකරගත් ආරවුලක් නිසා තම දරුවන් තිදෙනා සහ තම බිරිඳ අතහැර යන්නට යෙදුනී.ඉන්පසුව ඔහුගේ සහෝදරයා දරුවන් තිදෙනාගේ වගකීම ගත් අතර එහිදී හොබ්ස් කෙරෙහී විශේෂ අවදානයක් දී ඇත.හොබ්ස් කුඩාකලම ලිවීම හ කියවීමට දක්ෂ වූ අතර අවුරුදු 6දී ග්‍රක් සහ ලතින් උගෙන ගත්තේය.ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාලයට වයස අවුරුදු 15 දී ඇතුලත් විය. වසර 5ක් හොබ්ස් ඔක්ස්පර්ඩ්වල නැවැතී සිටි අතර ඔහු තමාගේ පාඨමාලාව පිළිබදව එතරම් සතුටුට පත් නොවීය.හොබ්ස් උපාධිය ලැබීමෙන් පසුව කැවෙන්ඩිස් සාමිවරයාගේ වැඩිමහල් පුතුගේ සහායකයා සහ නිබන්ධක තනතුරට පත්විය.හොබ්ස්ගේ මරණය තෙක්ම කැවෙන්ඩිස් පවුල සමඟ ආශ්‍රය පවත්වාගෙන ගියේය(ඉලxගසිxහ,2002:55-58). එxගලන්තයේ වඩාත් ප්‍රබල රදළ පවුලක් වූ කැවෙන්ඩ්ස් පවුල සමග සම්බන්ධතා පැවැත්වීම නිසා හොබ්ස්ට ඒ අවධියේදී වඩාත් ප්‍රසිද්ධියට පත්වූ විද්‍යාඥයින් වූ බේකන්(Bacon) හාර්වි(Harvey) ඩිස්කාට්ස්(Discartes) සහ ගැලීලියෝ(Galileo) මූණ ගැසුනි. හොබ්ස් විශාල වශයෙන් සxචාරය කළේය. වසර 20 ක් පමණ යුරෝපා මහද්වීපය තුළ විශේෂයෙන්ම පැරිස්වල කාලය ගතකළ අතර එහිදී ඒ අවධියේදී ඇති වෙමින් තිබූ විද්‍යාත්මක වර්ධනයත් සමග සම්බන්ධ වන්නට යෙදුනී. 1640 දී පාර්ලිමේන්තුව තම අධිකාරී බලය ස්ථාපිත කරගැනීම ආරම්භ කළ විට හොබ්ස් ප්‍රxශයට පැන ගියේය. හොබ්ස් තමා විසින් රාජකීය කණ්ඩායම් සමඟ පවත්වන ලද කිට්ටු සම්බන්ධතා සහ තමාගේ ලේඛන පාර්ලිමේන්තු විරෝදී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වරූපයක් ගැනීමත් නිසා බියට පත්විය.මොහු ප්‍රxශයේ ජීවත් වූ 1646-1648 කාල පරිච්ඡේදය තුළදී පළමුවන චාල්ස් රජුගේ පුත් දෙවන චාල්ස්ට ගණිතය පිළිබඳව උපදෙස් දුන්නේය(Hobs,1996:1-5).

           එxගලන්තයට පැමිණීමට ටික කලකට ප්‍රථම 1651 දී හොබ්ස්ගේ වැදගත්කම කෘතිය වන ලෙවියතාන් ඉදිරිපත් කළේය. මෙම ග්‍රන්ථයේ පසුබිම සඳහා කිසියම් දුරකට එවකට එxගලන්තයේ පැවැති සිවිල් යුද්ධය පාදක විය.කෙසේ වුවත් නියම අරගලය පැතිර යාමට බොහෝ කලකට පෙර හොබ්ස්ගේ ප්‍රධාන අදහස් සකස් විය. කෙසේ නමුත් පළමුවන ජේම්ස් 1603 දී ඔටුන්න ලබා ගැනීමත් සමග එxගලන්තය තුළ නියම සාමයක් නොවීය. ලෙවියතාන් ස්ටුවට් රාජාණ්ඩුව වෙනුවෙන් නිදහසට කරැණු ඉදිරිපත් කරන ග්‍රන්ථයක් හෝ ඒකාධිපති ආණ්ඩුවක් පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ග්‍රන්ථයකට වඩා ඉxග්‍රීසී භාෂාවෙන් ඉදිරිපත් වූ දේශපාලනය පිළිබඳ පළමු පොදු න්‍යාය වශයෙන් සැලකේ.

2.0 ප්‍රජාතන්ත්‍රවාදී අxග ලක්ෂණයන් යනු මොනවාද?

           දේශපාලනය යන විෂය පරිපතය පිළිබදව අප අවදානය යොමු කිරීමේදී මුලින්ම අප විමසා බැලිය යුතු කාරනයනම් කුමක්ද මෙම ප්‍රජාතන්ත්‍රවාදය වශයෙන් හදුන්වන්නේ යන කාරනය පිළිබදවයි.කෙටියෙන්ම පවසන්නේනම් ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාව මූලික කරගෙන පාලන කටයුතු සකසා ගැනීම හා ක්‍රියාත්මක කිරීමයි.ප්‍රජාතන්ත්‍රවාදය යටතේදී අත්තනෝමතික පාලනයකට ඉඩ නොමැත ඒ සදහා සීමාකම් පනවනු ලබයි.මෙමගින් පුරවැසියන්ගේ ආකල්ප හා අගනාකම් වලට අනුකූලව රට පාලනය කිරීමට පාලන තන්ත්‍රය වගබලා ගැනීම මෙම පාලන රාමුව තුළ දක්නට හැකිය.එනම් ප්‍රජාතන්ත්‍රවාදී අxග මොනවාද යන්න අප විමර්ශනය කරන්නේනම් එහිදී සරලව අපට ප්‍රජාතන්ත්‍රවාදී අග ලෙස හදුනා ගත හැක්කේ යහපත්‍hයි සම්මත අගනාකම් ප්‍රජාතන්ත්‍රවාදී අxග වශයෙන් පෙන්වා දිය හැකිය.එසේනම් ඉහත සම්මතයට ඉහලින් යන දෑ ප්‍රජාතන්ත්‍රවාදී නොවන අxග ලක්ශන වශයෙන් අප හදුන්වයි(Barry,1995:3-7).

3.0 හොබ්ස්ගේ චින්තනයේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී අxග ලක්ෂණ.

           තෝමස් හොබ්ස්ගේ දේශපාලන දර්ශනය තුලින් ඔහු විවිධාකාර කරුණු කාරණා ඉදිරිපත් කර ඇති අතර එම දර්ශනයේ සමහරක් කරුණු ප්‍රජාතන්ත්‍රවාදී අxග වශයෙන්ද සමහරක් අxග ප්‍රජාතන්ත්‍රවාදී නොවන දෑ වශයෙන් වෙන් කර හැකිය.එසේනම් අප මුලින්ම මොහුගේ දර්ශනය තුළ ඇති ප්‍රජාතන්ත්‍රවාදී කරුණු කාරණා පිළිබදව අවදානය යොමුකරමු.

3.1 ශරීරය හා මනස යන අxශවලින් මිනිසුන් සමානයින්‍h

       හොබ්ස්ගේ දර්ශනයේ කියවෙන යම් යම් කරුණු වෙත අප අවධානය යොමු කිරීමේදී විවිධ දේශපාලන හා සමාජ සන්සිද්ධීන් හොබ්ස්ගේ ආකල්පයන් අනුව තෝරා බේරා ගැනීමේ හැකියාවක් පවතී.හොබ්ස් මිනිසා හා මිනිස් ආකල්ප පිළිබදව තොරතුරු ඉදිරිපත් කර ඇත.එනම් ඔහු පවසන ආකාරයට මිනිසා ශරීරයෙන් එක හා සමාන වන්නේය.මෙහිදී මොහු පවසන කරුණ සරලාර්තයෙන් වටහා ගැනීම වැරදි ආකල්පයකට පාර කියයි.එනම් මොහු පවසන්නේ මිනිසා ශරීර ප්‍රමානයෙන් එක හා සමාන පුද්ගලයන් වන බවට නොව මිනිසාට උපතින් හිමිවන ශරීර ස්කන්ධය මගින් මිනිසා එක හා සමාන වන බවයි.එනම් කිසිදු පුද්ගලයෙක් අනිකාට වඩා උසස් නොවන අතර තවකෙකු අනිකාට වඩා දුර්වල පහත් පුද්ගලයෙකු නොවන බවත් හොබ්ස්ගේ අදහස විය(පෙරේරා,2001).

එසේම හොබ්ස් පෙන්වා දෙන ලෙසට මිනිසා මනස යන දෙයින්ද එක හා සමාන පුද්ගලයන් වේ.එනම් උපතින් එකිනෙකාට උසස් හා පහත් මනසක් එසේත් නැතිනම් බුද්ධි ප්‍රමාණයක් හිමි නොවන බවත් එවා ලගා කර ගන්නේ එසේත් නැතිනම් එවා වර්ධනය කර ගන්නා ආකාරය මත මිනිසා පසුව විශේෂීකරණය වන බවත් හොබ්ස් සදහන් කරයි.එහෙයින් මිනිසා සෑම අතින්ම එක හා සමාන බව ඔහුගේ අදහසයි(ASIRVATHAM,1994:25-29).

එසේනම් මේ කාරනය පිළිබදව කෙනෙකු සරලව දකීනම් ඔහුට මෙම කාරනයේ විශේෂිත දාර්ශනික පදනමක් දැක ගත නොහැක.නමුත් මෙම කාරනය පිළිබදව තාර්කිකව හා සxකීර්ණ අන්දමින් විමසා බැලීමේදී මෙහි පවත්නා විස්තරාත්මක බාවය මනාව පැහැදිළි වෙනු ඇත.එනම් මිනිසා උපතින් මනස හා ශරීරයෙන් එක හා සමානනම් සියලු දෙනාට සමාජය පද්ධතිය මගින් ලබා දෙන්නා වූ අගනාකම් ඒ සියලු දෙනාටම එක හා සමාන ආකාරයට ලැබිය යුතුයැයි එම තොරතුරු මගින් මනාව පැහැදිළි වේ.එසේනම් මෙම කාරනය වෙත අප අවදානය යොමු කිරීමේදී අපට පැහැදිළි වන්නේ ඉතා ප්‍රජාතන්ත්‍රවාදී අදහසක් මෙමගින් ඉදිරිපත් කරන බවයි.එසේනම් හොබ්ස් ප්‍රජාතන්ත්‍රවාදී ක්ෂේත්‍රය වැඩි දියුණු කිරීමට දායකත්වය ලබා දී ඇති බවයි.

3.2 ස්වාධිපත්‍ය ලබා ගන්නා මාර්ග.

           හොබ්ස්ට අනුව ස්වාධිපත්‍ය ලබා ගන්නා මාර්ග දෙකකි එක් මාර්ගයක් වන්නේ ස්වභාව ධර්මයෙන් ලැබෙන බලය යෙදවීමෙනි. මිනිසෙකුට තමන්ගේ ළමයින් ඔවුන්ගේ බලය ආණ්ඩුවට බාරදීමට ක්‍රියා කිරීම මෙහිදී අදහස් කෙරේ. මොවුන් තම බලය බාරදීම ප්‍රතික්ෂේප කරන්නේනම් ඔවුන් විනාශ කරනු ලබයි.අනිත් ක්‍රමය වන්නේ මිනිසුන් ස්වේච්ඡාවෙන්ම තම බලය කිසියම් පුද්ගලයෙකුට හෝ මිනිසුන්ගෙන් සමන්විත මණ්ඩලයකට පැවැරීමට කැමැති වීමයි.මෙහිදී පාලකයා විසින් ඔවුන්ව අනෙකුත් විරුද්ධවාදීන්ගෙන් ආරක්ෂා කරන්නේය යන විශ්වාසය ඇතිකර ගනී.මෙම දෙවන ක්‍රමය දේශපාලන වශයෙන් නිදහස් රාජ්‍යයක්(Political Commonwelth) හෝ ආයතනික ලෙස ඇතිකරන නිදහස් රාජ්‍යක්(Commonwealth by institution) ලෙසත් පළමු වැන්නා පවරා ගැනීම තුළින් ඇතිකරනු ලබන නිදහස් රාජ්‍යයක් (Commonwealth by acquisition)  ලෙසත් සැලකේ(මැන්සන්,1990).

එසේනම් ඉහත තොරතුරු අනුව පැහැදිළි වන්නේ ස්වාධිපත්‍ය යන සxකල්පයේ පවත්නා විහිදීම පිළිබඳවයි.එනම් පුද්ගලයන් සතු ස්වාධිපත්‍ය බලය රට පාලනය කරණු ලබන පුද්ගලයාට හෝ පුද්ගල කණ්ඩායමට පැවැරීම මගින් යහපත් පාලනයක් ගෙනයාමට අපේක්ෂා කරයි.එසේනම් ඉතා වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් පිළිබදව තෝමස් විසින් අවදාරනය කරයි.

3.3 සාමය හා ආරක්ෂාවට ආණ්ඩුවක්.

           ලෙවියතාන් ග්‍රන්තයේ දෙවන කොටසේ 6 වෙනි පරිච්ඡේදයේ විවිධ රාජ්‍යන් පිළිබදව ඔහු සාකච්ඡා කරයි.මෙහිදී ආණ්ඩුක්‍රම 3ක් දක්වයි.

1.     රාජාණ්ඩු (Monarchy)

2.     ප්‍රජාතන්ත්‍රවාදී පාලනය හෝ මහජනයාගේ පාලනය.

3.     රදළ ආණ්ඩුව. (Aristocracy)

හොබ්ස් පෙන්වා දෙන්නේ කුමන පාලන ක්‍රමයකින් වුවද එමගින් සිදු විය යුත්තේ එම පාලන රාමුව තුළ සිටින පුද්ගලයන්ගේ සාමය හා ආරක්ෂාව තහවුරු කිරීමයි.මක් නිසාද අදාල පාලන රාමුවේ සම්පූර්න පාලන අයිතිය පවතින්නේ පුරවැසියන්ගේ ස්වාධීපතීත්වයේ හිමිකාරීත්වය වන බැවින් එම ස්වාධීපත්තීත්වයේ සැබෑ හිමිකාරීත්වය ආරක්ෂා කිරීම පාලකයන් සතු වගකීම වන නිසාය.එසේනම් අප ප්‍රජාතන්ත්‍රවාදී අxග පිළිබදව අවදානය යොමුකිරීමේදී පැහැදිළි වන්නේ සාමය හා ආරක්ෂාව යනු ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අxග උපාxග ලෙස ක්‍රියා කරන බවයි(MISRA & IYENGAR,1988:58). එසේනම් හොබ්ස් පෙන්වා දෙන සාමය හා ආරක්ෂාව තහවුරු කිරීම ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංගයක් බව පැහැදිළිය(වර්ණපාල,1991).

3.4 ස්වාධීපත්‍ය හුවමාරු කළහැකි හෝ බෙදිය හැකි දෙයක් නොවේ.

             ස්වාධිපත්‍ය බලය “හුවමාරු කළහැකි හෝ බෙදිය හැකි බලයක් නොවේ.” එසේම රාජ්‍යයේ අසහාය බලය දුර්වල කරන ඔනෑම ආයතනයකට, තරගයකට හෝ පුද්ගල සමාගමකට හෝ බලය බෙදීමකට දැඩිව විරුද්ධවේ.ස්වාධිපත්‍ය බලය රජු, සාමිවරු හා නියෝජිත මන්ත්‍රි මණ්ඩලය අතර බෙදිය යුතුය යන පළල් මහජන මතය නොපැවතුනානම් එxගලන්තය තුළ සිවිල් යුද්ධයක් ඇතිවීමට ඉඩක් නොමැති බව හොබ්ස්ගේ අදහසයි.ස්වාධිපතීගේ කටයුතුවල නීත්‍යානුකූල බව හෝ බුද්ධිමත් බව අභියෝගයට ලක් කිරීම පුරවැසියන්ගේ නිදහස අනතුරට පත්කිරීමකි.අප මෙහිදී හොබ්ස්ගේ සම්පූර්න අදහස පිළිබඳව එතරම් අවදානය යොමුකල යුත්තේ නැත.මක් නිසාද ඔහුගේ සම්පූර්න අදහස ගත් කල එමගින් කිසියම් වූ අතාත්වික ස්වරූපයක් ගෙන දිය හැකි බැවිනි.නමුත් අපට මෙහිදී වැදගත් වන්නේ හොබස්ගේ මූලික අදහස පමණි.එනම් ස්වාධිපතීත්වය වනාහී බෙදිය හැකි හෝ හුවමාරු කල හැකි දෙයක් නොවන බවය.එසේනම් හොබ්ස් විසින් ප්‍රජාතන්ත්‍රවාදයේ ඉතා වටිනා අxගයක් පෙන්වා දෙන බව මෙම කරුන අනුව පැහැදිළි වේ.

4.0 හොබ්ස්ගේ චින්තනයේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන අxග ලක්ෂන.

             සැබෑවටම ගත්කල හොබ්ස්ගේ චින්තනය මගින් ගෙනහැර දක්වන බොහෝමයක් දෑ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂනයන්ට පටහැනි වූ දෑ වශයෙන් පෙන්වා දිය හැකිය.එයට ඔහු ජීවත් වූ සමාජ පසුබිම හා ඔහු ඇසුරුකල සමාජ පන්තිය බලපෑවා වීමට හැකිය.ඔහුගේ චින්තන දාරාවට අනුව රාජාණ්ඩුව හා රාජ පාලනය වෙත ඔහුගේ වැඩි නැUQරුවක් එසේත් නැතිනම් වැඩි මනාපයක් තිබූ බව ඔහුගේ කරුණු අනුව පැහැදිළි වෙයි.එසේනම් අප මෙම කොටසින් හොබ්ස්ගේ චින්තනයේ ඇති ප්‍රජාතන්ත්‍රවාදී නොවන දෑ පිළිබදව අවදානය යොමු කරමු.

4.1 බලය මත මිනිසුන් හැසිර වීම.

             හොබ්ස් මිනිස් ස්වභාවය පිළිබද විශ්ලේෂණයට අනුව මිනිසුන් එකිනෙකා අතර ගිවිසුමක් ඇතිවිය නොහැකි වුන් අතර එවැන්නක් ඇතිකර ගැනීමට කැමැත්තක් දක්වන්නේද නැත. මිනිසාට මරණයට තිබෙන බිය නිසා මධ්‍යස්ථ භාවයට පත්වීමටත් කැමති නොවන එසේම ප්‍රතිඵල වලක්වා ගැනීම සම්බන්ධයෙන් ඉගෙනුමක් ලබාගැනීමටත් හැකියාවක් තිබේ. එසේ වුවත් මිනිසා තුළ බලය (Power) සහ කීර්තියට තිබෙන අශාව නිසා ඔහු විසින් දෙන ලද පොරොන්දු කඩ කිරීමට පෙළඹිය හැක. මෙම තත්වය හමුවේ පුද්ගලයා එම පොරොන්දුවට බැද තැබිය හැක්කේ ඒ සදහා ප්‍රමාණවත් බලයක් පැවතුන හොත් පමණි.හොබ්ස්ට අනුව මිලිටරි බලයක් නොමැතිව ඇතිකර ගන්නා ගිවිසුම වචනවලට පමණක් සිමාවන අතර එවාට මිනිසුන් ආරක්ෂා කිරීමට හැකියාවක්ද නොමැත.ගිවිසුම් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ශේ%ෂ්ඨ අධිකාරි බලයක් නොමැතිව ගිවිසුමක් ඇතිකර ගැනීමට මිනිසුන් ප්‍රමාණවත් ලෙස සාමකාමි වන්නේ නම් පළමුකොට ආණ්ඩුවක අවශ්‍යතාවයක් නොදැනෙන බව හොබ්ස්ගේ විශ්වාසය විය(Vincent,1995:78). මක්නිසාද යත් බලපෑමකින් තොරව සාමය ඇතිවන නිසයි.

එසේනම් හොබ්ස් පෙන්වා දෙන ලෙස බලය මූලික කරගෙන පුද්ගල හැසිරීම් පාලනය කිරීම අතාත්විකයි.මක් නිසාද මිනිසාට උපතින් හිමිවන්නා වූ ස්වභාවික අයිතීන්ට අනුව නිදහසේ අයිතිය හොබ්ස්ගේ අදහසට අනුව ඛන්ඩිත වී යන බව පැහැදිය.එසේම හොබ්ස් පවසන ලෙස මිලිටරි බලයකින් තොරව සමාජය පාලනය කිරීමක් ගැන විස්වාස කල නොහැකි බව පවසයි.නමුත් මිලිටරි බලයක් ඇති තැන ප්‍රජාතන්ත්‍රවාදයක් නොමැතිබව අප සියලු දෙනා දන්නා කරුනකි.ඒ අනුව මෙය හොබ්ස්ගේ චින්තනයේ ඇති ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි කරුනක්‍h යන්න පැහැදිළිය.

4.2 බලය පැවරීම.

             මිනිසුන් බලයක් නිර්මාණය කර නොගන්නේ නම් සෑම මිනිසෙකුට නිත්‍යානුකූල තම ශක්තිය කෙරෙහී විස්වාසය තැබිය හැක. මේ තත්වය අනිත් සියලුම මිනිසුනට විරුද්ධවීමක් හැටියටද පෙන්නුම් කළ හැක. එබදු පොදු බලයක් ඇතිකර ගැනීමට ඇති එකම මාර්ගය වන්නේ මිනිසුන් තමන්ගේ සියලුම බලය එක් මිනිසෙකුට හෝ මිනිසුන්ගෙන් සමන්විත කවුන්සිලයට පැවරීමයි. මෙවිට සියලු දෙනාගේම කැමැත්ත අඩුවේ.බහුවිධ කැමැත්ත එක් කැමැත්තක් බවට පත්වේ. මෙය කැමැත්ත හෝ ගිවිසුමකට වඩා වැඩි දෙයකි.මෙය සියලු දෙනාගේම නියම එක්සත් භාවයයි.මෙම එක්සත් බව එක් පුද්ගලයෙකු වඩා සිදුවන අතර මෙයට නිදහස් රාජ්‍යක් යන්න ලතින් භාෂාවෙන් Civitas යන්න භාවිතා කරයි.

හොබ්ස් පවසන අන්දමට මිනිසුන්ගේ සියලු බලය පාලන තන්ත්‍රයට පැවරීම කිසිසේත් යහපත් නොවේ.මක්නිසාද එමගින් පාලනය ඒකාධිපති වීමක් දැක ගැනීමට හැක.එහෙයින් සියලුම බලය නොව පාලනයට අදාල දෑ පැවැරීම තාත්විකයැයි මාගේ අදහයි. එහෙයින් ඉහත කාරණය ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව පැහැදිලිය.

4.3 පාලකයාට ඕනෑම දෙයක් කිරීමේ හැකියාව.

             හොබ්ස්ගේ සමාජ සම්මුති න්‍යාය ඇතිවන්නේ පුරවැසියන් අතර පමණකි. පුරවැසියන් හා පාලකයා අතර ඇති වන්නක් නොවේ. පලකයා සම්මුතියේ කොටස් කරුවෙකු නොවේ.නමුත් ඔහු එහි නිර්මාපකයායි.සමාජ සම්මුති න්‍යායේ මෙම සxකල්පයට අනුව පාලකයා ගිවිසුමේ පාර්ශ්වකරුවකු නොවේ. පාලකයාට නපුරු දෙයක් කළ හැකි බවත් නමුත් එය නියම අර්ථයෙන් අයුත්තියක් හෝ බාධාවක් නොවන බවත් හොබ්ස් පිළිගනියි. මක්නිසාද යත් නිර්වචනයට අනුව ඔහුට නීති විරෝධී ලෙස කටයුතු කළ නොහැකි නිසයි. යුක්තිය අයුක්තිය කුමක්ද යන්න ඔහු තීරණය කරන අතර ඔහුගේ ක්‍රියාව නීතියයි(අතුකෝරල,2005:62-64).

හොබ්ස්ට අනුව පාලකයා වනාහී පාලන තන්ත්‍රය පිළිබඳව සර්ව බලධාරියා වේ.ඔහුට ඉහලින් කිසිවක්  නොමැත.ඔහු තීරනය කරන දෑ සියලු පුරවැසියන් කෙරෙහී නීත්‍යානුකූල වන්නකි.පාලකයාට ඉහලින් යාමට කිසිවෙකුටත් ඉඩකඩක් නොමැති අතර ඔහුගේ නියමයන් පිළිපැදීම හැරෙන්න්ට වෙනත් වූ දෙයක් කිරීමට පුරවැසියන්ට ඉඩකඩ නොමැත.නමුත් මෙම කාරනය කිසිසේත් යථාර්ථවාදී නොවන්නකි.මක් නිසාද පාලකයා කරන්නා වූ සියලු දේවල් නිවැරදි නොවේ.ඔහුට අත්තනෝමතික ක්‍රියා කර නොහැක.ඔහු මහජනතාවගේ හඩට කන් දිය යුතුය.එසේ නොවෙන්නේනම් පාලනය පුරවැසියන්ට නුරුස්සා යනු ඇත.එහෙයින් තෝමස් පෙන්වා දෙන මෙම කරුණ ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි වූවකි.

4.4 රාජාණ්ඩුව පිළිබදව වැඩි වැදගත්කමක් දීම.

             හොබ්ස්ගේ චින්තනය පිළිබදව අප පිරිස්සීමේදී පැහැදිළි වන්නේ ඔහු රාජාණ්ඩුව පිළිබදව වැඩි කැමැත්තක් දක්වා ඇති බවයි.එනම් රාජාණ්ඩුව ශක්තිමත් කිරීමට ඔහු කරුණු ඉදිරිපත් කර ඇති බවයි.නමුත් එය එතරම් යථාර්ථවාදී නොවන බව අපට වැටහී යයි.මක්නිසාද රාජාණ්ඩුවක් තුළ ක්‍රියාත්මක වන්නේ රජුගේ හෝ රැජිනගේ බල අධිකාරියකි.එම පාලන තන්ත්‍රයට මහජන අශාවන් හා සිතුම් පැතුම් අදාල නොවේ.සරළාර්තයෙන් කිවතොත් පාලනයට පුරවැසියා සහභාගී කර ගැනීමක් දක්නට නොමැත.එක් පුද්ගලයෙකු සමස්ත ජනතාවගේම යහපත හා සිතුම් පැතුම් අනුව කටයුතු කිරීමට ඉඩ කඩ නොපැවතිය යුතුය.මක්නිසාද එමගින් හුදු සමාජ සම්මුතිය නිර්මාණය නොවන බවයි.

ඒ අනුව පාලන ත්‍රන්තය හැඩ ගැසිය යුත්තේ සමස්ත මහජනතාවගේ කැමැත්ත හා නියෝජනය මතයැයි කීම නිවැරදී වේයැයි මා සිතමී.එනමුත් හොබ්ස්ගේ ආකල්පය එක් පුද්ගලයෙකු සමස්ත ප්‍රජාවම කෙරෙහී අත්තනෝමතික තීරණයන් ගැනීම යහපත් බවයි.එය සර්ව සම්පූර්ණයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි බව පැහැදිළි වෙයි.

4.5 බලය බෙදීමට විරුද්ද වීම.

           තෝමස් හොබ්ස්ගේ අදහස් මගින් අපට පැහැදිළි වන කාරණයනම් ඔහු බලය බේදීම සදහා එතරම් කැමැත්තක් නොදක්වයි.ඔහු අදහස් කරන්නේ රාජ්‍ය බලය එක් පුද්ගලයෙකු වටා ඒකරාශී වී තිබීමයි.එය සDජුවම රාජාණ්ඩුව ශක්තිමත් කිරීම සදහා යොදන ලද උපක්‍රමයක්‍h යන්න මනාව පැහැදිළි වන්නේ ඔහුගේ තර්ක වලට අනුවය.ඔහුගේ තර්කය වන්නේ බලය වනාහී බෙදිය හැකි දෙයක් නොවන අතර එය එක් පුද්ගලයෙකු වටා ඒකරාශී කර තිබිය යුතුය යන්න අදහස් කරයි.නමුත් ගැටලුව වන්නේ එලෙස බලය ඒකරාශී කිරීම මගින් පුද්ගල ඒකාධිපතීත්වයක් නිර්මාණය වූවේනම් එම ගැටලුවට ඉහලිම් යෙදීමක් පිළිබදව හොබ්ස් අදහස් ඉදිරිපත් කර නොමැති අතර එමගින්ම ඔහුගේ තර්කය නිශ්ප්‍රභා වනු ඇත(අතුකෝරල,2005:62-65).

වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදය සමග සන්සන්දනය කිරීමේදී බලය බෙදීමකින් තොරව පාලන කටයුතු ගෙන යාම අතාත්වික බව කිව යුතුය.මක් නිසාද එක් පුද්ගලයෙකු හෝ එක් කන්ඩායමක් සතුව සියලු බලතල පවතින කල්හී එය අත්තනෝමතික වීම නොනැවත්විය හැකි බැවිනි.එසේනම් හොබ්ස්ගේ ඉහත කාරනයද ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි වේ.

4.6 අසහාය රාජ්‍ය සxකල්පය.

           අසහාය රාජ්‍ය යනු හොබ්ස් නිර්මාණය කිරීමට වැයම් කල හා ආරක්ෂා කිරීමට වෑයම් කල සxකල්පයක්ය යන්න අපට ඔහුගේ මූලික අදහස් පිළිබදව සන්සන්දනය කිරීමේදී පැහැදිළි වෙයි.අසහාය රාජ්‍ය සxකල්පය යනු එම පාලන තන්ත්‍රයේ අනිකුත් සියලු දෙයට වඩා පාලන අxශය බලවත්ව පැවැතීම මෙම අසහාය රාජ්‍ය සxකල්පයෙන් කියවේ.සියලු දෙනාටම අදාල රාජ්‍යට විරුද්දව කටයුතු කල නොහැකි අතර, පාලකයා කුමනාකාරයේ නපුරක් කලද එය සාදාරනීකරනය කිරීමක් මෙම අසහාය රාජ්‍ය සxකල්පය තුළින් අදහස් ඉදිරිපත් වේ.එනම් පාලකයාට ඔනෑම නපුරක් කිරීම ප්‍රශ්න සහගත නොවන අතර එවැන්නක් කලායයි පාලකයාට එරෙහි වීමක්ද මෙමගින් අදහස් නොකරන බව පැහැදිළිය.මෙම කාරනය වෙත අප ප්‍රජාතන්ත්‍රවාදී කෝණයෙන් බලන කල එය ප්‍රජාතන්ත්‍රවාදයට මුළුමනින්ම පටහැනි වන්නක් බව කිව යුතුය.

4.7 නීත්‍යානුකූලභාව්‍ය පිළිබඳව සැලකිල්ලක් නොවීම.

           අවසාන වශයෙන් හොබ්ස්ගේ අදහස් පිළිබදව අප අවදානය යොමුකිරීමේදී පැහැදිළි වන කාරනයනම් හොබ්ස් නීත්‍යානුකූල දෑ වෙත එතරම් සැලකිල්ලක් නොදැක්වූ බවයි.ඔහු මුළුමනින්ම මනෝරාජික ස්වරූපයක් වෙත තම අදහස් යොමු කර ඇති බාවයක් අපට ඒ පිළිබදව විමසීමේදී පැහැදිළි වෙයි.නීත්‍යානුකූලව පත්කර ගන්නා වූ පාලකයෙක්,මහජන කැමැත්තට අනුව ක්‍රියා කරන පාලනයක්, වගවීම හා වගකීම යන සිද්ධාන්ත මත පිහිටි පාලන තන්ත්‍රයක් හොබ්ස් ප්‍රතිකේෂ්ප කරයි.ඒ අනුව පැහැදිළි වන්නේ හොබ්ස්ගේ බොහෝ ආකල්ප ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි වන බවයි.

5.0 හොබ්ස්ගේ ප්‍රයෝගික වැදගත්කම.

           හොබ්ස් පිළිබදව ප්‍රයෝගික වැදගත්කම වන්නේ ඔහු විසින් අසහාය රාජ්‍යයක් පිළිබද සxකල්පය ශක්තිමත් කිරීමයි.රාජාණ්ඩුවේ දිව්‍යමය අයිතිය කෙරෙහී අඩු සැලකිල්ලක් හොබ්ස් දැක්වූවේයයි ඔහුට විවේචනයට ලක්කරන්නට යෙදුනේ නීත්‍යානුකූල රාජාණ්ඩුවක් කෙරෙහී විශ්වාසය තබා සිටි කොන්සර්වේටොව්වාදීන්h. ක්‍රියාකාරී ආණ්ඩුවක් කෙරෙහී මිස නීත්‍යානුකූල භාවය කෙරෙහී හොබ්ස් සැලකිල්ලක් නොවීය. හොබ්ස් ජීවිත කාලය මුලුල්ලේම රාජාණ්ඩුවක් කෙරෙහි සහාය දැක්වූවෙකු වුවත් ඔහු 1651 දී එxගලන්තයට පැමිණෙන විට එහි පැවැති ක්‍රොම්වෙල්ගේ ආණ්ඩුවට සහය පලකළේය. මීට ප්‍රධාන හේතුව එම ආණ්ඩුවට ඒ වන විට එxගලන්තය තුළ නීතිය හා සාමය ආරක්ෂා කළ ක්‍රියාකාරි ආණ්ඩුවක් වූ නිසයි. හොබ්ස්ගේ ප්‍රධාන විරුද්ධවාදීන් පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමය හා සීමිත බලය පිළිබදව විස්වාසයක් තැබූ අයයි.මෙම මූලධර්මය ඉxග්‍රීසි කථා කරන රටවල ප්‍රධාන සම්ප්‍රදාය බවට පත්විය. හොබ්ස්ගේ චින්තනය බ්‍රිතාන්‍යය හෝ ඇමරිකන් දේශපාලන චින්තනය තුළ දැකිය නොහැක. කෙසේ නමුත් අසහාය සහ ඒකාධිපති ආණ්ඩු සම්බන්ධ සම්ප්‍රදායන් පිළිබදව බොහෝ රටවලට හොබ්ස්ගේ බලපෑම ලැබී තිබෙන ආකාරය දැකිය හැකිය.එසේනම් මෙලෙස හොබ්ස්ගේ ප්‍රයෝගික වැදගත්කම් පෙන්වා දිය හැකිය(සොයිසා,1993).

Nalaka sanjeewa.BA (University of Peradeniya)

"https://si.wikipedia.org/w/index.php?title=තෝමස්_හොබ්ස්&oldid=423362" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි