පවුල් ප්‍රතිකාරය

විකිපීඩියා වෙතින්
Family therapy
Intervention
ICD-9-CM94.42
MeSHD005196

පවුල් ප්‍රතිකාරය යුගල සහ පවුල් ප්‍රතිකාර සහ පවුල් පද්ධති ප්‍රතිකාර ලෙස ද හැඳින්වේ. මෙය අඹුසැමි යුවලයන් සහ පවුල් සමඟ කුළුපග ලෙස කටයුතු කරමින් ඔවු‍නගේ වෙනස්කම් සහ වර්ධනයන් ඇති කිරීමට යොදා ගන්නා මනෝ ප්‍රතිකාරක ක්‍රමයේ එක් අංගයකි.

පවුල් සාමාජිකයින් අතර සම්බන්ධතා පද්ධතියේ වෙනස්කම් නිරීක්ෂණය කිරීම ද සිදුවේ. තවද යහපත් පවුල් සම්බන්ධතා හොඳ මානසිකත්වයක පසුබිම් වන සාධකයක් ලෙස ද විස්තර කෙරේ.

පවුල් ප්‍රතිකාරයන්හි යෙදෙන විවිධ ආයතන අතර පොදු මතයක් වනුයේ සේවාදායකයා ගැටළුව පුද්ගලික හෝ පවුලට අදාල එකක් හෝ ලෙස සැලකුව ද, ගැටළුවේ ආරම්භය කුමක් වුවද එහි විසඳුම් සඳහා පවුල් සාමාජිකයින් සියල්ලම සහභාගී කර ගැනීම වැඩදායී වන බවයි. මෙම සහභාගීත්වය ප්‍රතිකාරාත්මක වැඩමුළු තුළ දී ඔවු‍නගේ සහභාගිත්වයෙන් ද සපුරා ගනී. මෙහිදී පවුල් උපදේශකයා සංවාදයේ දී ශක්තිය උත්ප්‍රේරණය නිදහස සහ වඩා පුළුල් පද්ධතියකට උදව් දීම යන කටයුතු සඳහා හැකියාවක් ලබා තිබිය යුතු වේ.

මෙම අංශයේ මුල් කාලයේ දී බොහෝ චිකිත්සකයින් පවුල යන කුඩා සම්ප්‍රදායී දෙමාපියන් සහ දරුවන්ගෙන් සමන්විත ඒකකයක් ලෙස හඳුන්වන ලදී. පසුව පරිණාමය සමඟ පවුල යන්න වඩා පුළුල්ව විග්‍රහ කරමින් ප්‍රබල ලෙස උපකාරී , දිගු කාලීන ලේ නෑකම් ඇති හෝ ඇතැම් විට නොමැති පුද්ගල සම්බන්ධතා ලෙස අර්ථ දක්වන ලදී.

පවුල් ප්‍රතිකාරයන් සියලුම මිනිස් ප්‍රශ්නවලදී හොඳින් යොදාගෙන ඇත. එනම් පවුල් ප්‍රතිකාර ක්‍රම උපයෝගී කර නොගත් පුද්ගල සම්බන්ධතා වර්ගයක් හෝ මනෝ විද්‍යා ගැටළුවක් නොමැති තරම් වෙයි.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

පාද සටහන්[සංස්කරණය]

භාහිර සබැඳි[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=පවුල්_ප්‍රතිකාරය&oldid=594133" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි