පරිශීලක සාකච්ඡාව:Ishanthilina

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

ආයුබෝවන්![සංස්කරණය]

ආයුබෝවන් Ishanthilina, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
ඔබගේ දායකත්වයට ස්තූතියි. ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! ---- බිඟුවා සාකච්ඡාව 06:21, 29 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

යථොක්ත ලිපිය ඔබ ඇරැඹිය යුතුවැ ඇත්තේ අනුලා රැජින ලිපිය තුල අනු කොටසක් වශයෙනි. කෙසේවතුදු මවිසින් ඔබ ඇතුලත් කළ දත්ත සියල්ල ම අදාල ලිපියට ගෙන ගිය අතර ඉදිරියේ දී මෙවන් දෑ අවම කොට කටයුතු කරන ලෙස කාරුණිකව දන්වා සිටිමි. ඔබගේ දායකත්‍වයට ස්තූතියි. --තඹරු විජේසේකර සාකච්ඡාව 07:24, 29 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]

ඇත්තම කියනවානම් ලිපිය අරඹා ඇත්තේ ෆෙලිඩේ විසින් නේද? ඉෂාන් කර තිබෙන්නේ එහි වැරදි හැදීමක්. මොනවා උනත් දැන් ලිපිය හරි තැනට ගිය එක ගැන නම් සතුටුයි. ;-) --Lee (talk) 08:27, 29 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
බලවත් දෝෂයෙකි. කනගාටුයි. --තඹරු විජේසේකර සාකච්ඡාව 08:31, 29 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
තඹරු, කලබල නොවන්න. ඔහු අද ගිණුම සෑදූ අයෙකි. ඔවුන් වැටෙනුයේ නව පරිශීලකයින්ගේ ගණයටය. එම නිසා ඔවුනට ගෙනයන්න විධානය සක්‍රිය වීමට කල් ගත වේ. (මෙය ඔබ නොදන්නවා විය හැකියි.) නවකයින්ට කරන ආකාරය කියා දීම වැදගත්. මෙම ලිපියේ මාතෘකාව ඔහුට වෙනස් කිරීමට අවැසිව තිබුණා. ඒ කෙසේ නමුත් ඔබ විසින් අන්තර්ගතය ඒකාබද්ධ කර ඇත. ස්තුතියි! -- බිඟුවා සාකච්ඡාව 08:32, 29 දෙසැම්බර් 2010 (යූටීසී)[reply]
අම්මෝ, ඔන්න අද තමා මේකට පිලිතුරු දෙන හැටි හොයාගන්න හම්බුනේ. ඒක මගේ ඇස් පෙනීමේ වරදක්ද, නැත්තම් සබැඳුම මතු උනේ අදද කියන එක මට තාම හිතාගන්න බෑ. කොහොම උනත් මේ සාකච්ඡාවට අදාල ලිපිය ගැන කතා කලොත් බිඟුවා විසින් කියූ පරිදි මට උවමනාව තිබ්බා ඒ ලිපිය අළුත් තැනකට ගෙන යන්න. නමුත් ඊට අදාල සබැඳිය මට පෙනෙන්න තිබුනේ නෑ. මම බිඟුවා ගෙන් ඇහුවම ඔහු කිවා මගේ ගිණුම අළුත් එකක් නිසා එහෙම වෙනවා ඇති කියලා. කොහොම උනත් ඔන්න අද තමා මට ඒ සබැඳියත් පේන්න පටන් ගත්තේ( එක දවසට සබැඳි දෙකයි!!). සිදුවූ දෝෂය ගැන කණගාටුයි. ඉදිරියේදී මීට වඩා ප්‍රවේසම් සහගත වෙන්න බලන්නම්.

( ලොකුම ප්‍රස්නේ අපි වගේ අළුත්ම අළුත් සාමාජිකයන්ට උදව් ලබාගන්න තැනක් නැතිවීමයි :-/ ) --ඉෂාන් තිළිණ

ඔබේ දායකත්‍වයට නැවතත් ස්තූතියි. නවක සාමාජිකයන්ට ප්‍රශ්ණ ඉදිරිපත් කිරීමට තමන්ගේ ම සාකච්ඡා පිටුවේ {{helpme}} ලෙස සඳහන් කළ හැක. නැතහොත් කෝපි කඩේ භාවිතා කළ හැකි යි. කිසිවිටකත් ඔබේ ගැටළු නිරාකරණය කර ගැනීමට පසුබට නොවන්න. සියළු සාමාජිකයන් සහ පරිපාලකවරු ඔබට සහාය වනු ඇත. --තඹරු විජේසේකර සාකච්ඡාව 09:35, 2 ජනවාරි 2011 (යූටීසී)[reply]
ඔව් ඔව්. තඹරු හරි. තව එකක් තියෙනවා. මෙන්න මෙයාලගෙනුත් අහන්න පුලුවන්. විකිපීඩියා:පිළිගැනීමේ_කමිටුව/සාමාජිකයින් -- බිඟුවා සාකච්ඡාව 14:38, 2 ජනවාරි 2011 (යූටීසී)[reply]

your work in 2005 ජූලි 7 ලන්ඩන් පිපිරවීම්[සංස්කරණය]

Well done brother. you have arranged things in one page which is really good. Use some immages from the original English article ( like you have already done) . Continue good work.සමන් (talk) 08:16, 3 ජනවාරි 2011 (යූටීසී)[reply]

ඔව් ඔව්. වැඩේ නියමයි. ඔන්න මම අර ලිපි කැලි මකලා දැම්මා. දැන් ඒක පිරිසිදුයි. දැන් තියෙන්නේ මේ ලිපියට සබැඳි/පින්තූර එක් කරලා ගන්න එක. -- බිඟුවා සාකච්ඡාව 08:21, 3 ජනවාරි 2011 (යූටීසී)[reply]
මම පින්තූර දාන්නේ කොහොමද කියලා දන්නේ නැහැනේ O.o
(Ishanthilina (talk) 15:20, 3 ජනවාරි 2011 (යූටීසී))[reply]
ඉස්සරලාම පින්තූරය විශේෂ:උඩුගත_කිරීම කරන්න ඕනැ. දැන් [[ගොනුව:පින්තූරයේ_නම.jpg]] විදියට භාවිතා කරන්න පුලුවන්. http://commons.wikimedia.org වල ගොඩාක් නිදහස් පින්තූර තියෙනවා. ඒවාත් කෙලින්ම භාවිතා කරන්න පුලුවන්. -- බිඟුවා සාකච්ඡාව 15:32, 3 ජනවාරි 2011 (යූටීසී)[reply]

ලිපි ගෙනයාම[සංස්කරණය]

ලිපියක් වෙනත් තැනකට ගෙනයාමට යෝජනා කිරීම කරන්නේ කෙසේද? (Ishanthilina (talk) 15:44, 3 ජනවාරි 2011 (යූටීසී))[reply]

උදාහරණයක් ලෙස මට http://si.wikipedia.org/wiki/Diabetes_-_Genetics ලිපිය http://si.wikipedia.org/wiki/%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80 තුලට ගෙනයාමට යෝජනා කිරීමට අවශ්‍යයි. එය කරන්නේ කොහොමද? (Ishanthilina (talk) 15:53, 3 ජනවාරි 2011 (යූටීසී))[reply]
{{mergewith|දියවැඩියාව}} ලෙසින් සැකිල්ල Diabetes - Genetics ලිපිය තුලට එක් කරන්න. -- බිඟුවා සාකච්ඡාව 16:03, 3 ජනවාරි 2011 (යූටීසී)[reply]
බොහෝම ස්තුතියි (Ishanthilina (talk) 16:05, 3 ජනවාරි 2011 (යූටීසී))[reply]
මෙම විස්තර සියල්ල ඇති පිටුවක් තියෙනවද? (Ishanthilina (talk) 16:06, 3 ජනවාරි 2011 (යූටීසී))[reply]
උදවු:පටුන මේක දැන් පරිවර්තනය වෙමින් යන්නේ. en:Help:Contents තමා මූලාශ්‍රය. පුලුවන්නම් උදව් කරන්න ඒක කරන්න, ඒක ගොඩාක් වැදගත් නවකයින්ට. අපේ ලොකුම අඩුව මේකයි. උදව් නැ. මම නම් කැමතිම මේ පිටු දියුණු කරන එකටයි. අපි හැම වෙලාවෙම online නැ. -- බිඟුවා සාකච්ඡාව 02:13, 4 ජනවාරි 2011 (යූටීසී)[reply]

ලිපි මැකීම[සංස්කරණය]

ලිපි මැකීම පරිපාලකවරුන්ට පමණක් සීමා වූවකි. එම නිසා ලිපියක් මැකීමට අවැසි නම් {{delete}} ටැගය එම ලිපියට එක් කරන්න. -- බිඟුවා සාකච්ඡාව 16:06, 4 ජනවාරි 2011 (යූටීසී)[reply]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක_සාකච්ඡාව:Ishanthilina&oldid=135434" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි