පරිශීලක සාකච්ඡාව:ජයසිරි

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

--ජයසිරි (talk) 04:03, 26 අගෝස්තු 2016 (යූටීසී)==ආයුබෝවන්!==[reply]

විකිපීඩියාව සංස්කරණයට
නො පැකිළෙන්න​!
බිය නො වන්න​!

ආයුබෝවන් ජයසිරි, ඔබව සිංහල විකිපීඩියාව වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!
අප හා සම්බන්ධ වීම ගැන ඔබට ස්තූතිය පුද කරන අතර, ඔබ මෙහි බොහෝ කාලයක් රැඳේවා යි අපි ප්‍රාර්ථනා කරමු.

නවක සාමාජිකයන්ට ප්‍රයෝජනවත් විය හැකි ලිපි කිහිපයක් මෙන්න:

ඔබ, විකිපීඩියානුවෙකු ලෙස මෙය සංස්කරණය කිරීම විනෝදයක් වනු ඇති බවට අපි ප්‍රාර්ථනා කරමු! කරුණාකර සාකච්ඡා පිටු වලදී ඔබේ නම මෙසේ (~~~~) අත්සන් කරන්න, මෙමගින් ස්වයංක්‍රීයව ඔබගේ නම සහ දිනය සටහන් වනු ඇත. ඔබට උදවු අවශ්‍ය නම්, ප්‍රශ්න යොමු කරන ආකාරය බලන්න, වෙනත් සාමාජිකයෙකුගේ සාකච්ඡා පිටුවක දී ප්‍රශ්නය යොමු කරන්න, එසේ නැතිනම් මෙය => {{helpme}} ඔබේ සාකච්ඡා පිටුවේ සටහන් කරන්න, එවිට කවුරුන් හෝ ඔබට උපකාර කිරීමට ඉදිරිපත්වනු ඇත.

ස්තූතියි ! --L Manju (talk) 17:24, 4 මාර්තු 2016 (යූටීසී)[reply]


2016/03/17 දින ම විසින් පටිච්ච සමුප්පාදය යටතේ සකස් කරන ලද ඉතා සරල හා වටිනා ලිපිය අද දින මට දැක ගැනීමට නොමැත,  ඊට හේතුව දැනගැනීමට උවමනාය.  උදව් විය හැකිද? 

පවතින මාතෘකාවක් පිලිබඳව තවත් ලිපියක් සැකසීම[සංස්කරණය]

හිතවත් ජයසිරි වෙත
ඔබ විසින් පටිච්චසමුප්පාද වැනි අතිශ්‍යය වටිනා මාතෘකාවක් පිළිබඳ විකිය තුල කරුණු එක්කිරීම අගය කරමි. විකිපීඩියා සම්මතයනට අනුව පවතින මාතෘකාවක් පිලිබඳව තවත් ලිපියක් සැකසීම කලනොහැකිය. එබැවින් නොහැක. එබැවින් පටිච්චසමුප්පාදය ලිපියම අදාල කරුණු ඇතුල්කර / වෙනස්කර සංස්කරනය කිරීම යන පිලිගත් ක්‍රමවේදය අනුගමනය කිරීම යෝග්‍ය වේ. Singhalawap (talk) 11:54, 18 මාර්තු 2016 (යූටීසී)[reply]

ම විසින් සකස් කරන ලද ලිපිය තවමත් ආරක්ෂිතව ඇත්නම් කරුණාකර එම ලිපිය ඒ අයුරින්ම පටිච්චසමුප්පාදය පිටුවට සුදුසු පරිදි ඇලවිය හැකිනම් කෘතඥ වෙමි. ජයසිරි

ඉහත Singhalawap විසින් කරුණු පෙන්වාදීම අගය කරමි.ජයසිරි මල්ලි ! ඔබව ඉතාමත කරුණාබරව පිළිගමි !ඔබ සිංහල විකියට දක්වන උනන්දුවද ඇත්තටම අගය කරමි.ඔබ විසින් සංස්කරණය කල ලිපිය ගැන දුක් නොවන්න!.ඔබගේ දැනුම ඉතාම වටිනවා. විකියේ රීති මගින් කිසිම අවස්තාවක අෛධර්යමත් නොවන්න.කාලයත් සමග ඔබට විකියේ රීති පිලිවද නිසැකයෙන්ම අවබෝධ වනු ඇත. ඕනෑම අවස්තාවක විකිය දියුණු කිරීමට අවශ්‍ය දේ දැනගැනීමට,ලබාගැනීමට අවශ්‍යනම් මාගේ සාකච්චා පිටුවේ සටහනක් තබන්න.--RsEkanayake 15:01, 21 මාර්තු 2016 (යූටීසී)[reply]

කාරුණිකව කරන මගපෙන්වීමක්.[සංස්කරණය]

  • සිංහල විකිපීදියාව් ඕනෑම අයෙකුට සංස්කරණය කල හැක, ඒ සදහා අවශ්‍යවන්නේ සිංහලෙන් අකුරු කරවීමේ හැකියාව සහ අදාළ විෂය දැනුම පමණි. මේ සදහා විකිපීඩියාවේ නීති භාදාවක් කර නොගත යුතුය.ඔබගේ දැනුම ඉතාම වටිනවා.තිබෙන ලිපියක් සංස්කරණය කිරීමට අමතරව ,විකිපීඩියාවේ දැනට නොමැති ලිපි ඇත්නම් නිර්මාණය කරන්න.ලිපියේ මාතෘකාවන් සංශිප්ත වනසේ කෙටියෙන් සියල්ලන්ටම පහසුවනසේ තේරුම්යන පරිදි තෝරාගෙන.ඉන්පසු පිටුවේ දකුණේ ඉහල කෙලවරේ ඇති SEARCH මත එය යතුරු කරවන්න.එවිට ඔබේ ලිපිය විකියේ දැනට පවතීනම් එය පෙන්නුම් කරයි ,එසේ නොමැතිනම් නව ලිපියක් අරඹන්න. ඔබ විසින් නිර්මාණය කල ලිපිය යම්තාක්දුරට සංවර්දනය කරන්න.
  • සාකච්ඡා පිටු වලදී ඔබේ අත්සන දැමීම ස්වයන්ක්‍රීයව සිදුකිරීම කල යුතුය.ඒ සදහා සාකච්චා පිටුවල ඉහල කෙලවරේ වම් පස ඇති පෑනක් වැනි අයිකනය මත ක්ලික් කිරීමෙන් ඔබේ නම ස්වයන්ක්‍රීයව අත්සන් කල හැක.සෑම අදහස් දක්වීමකින්ම අනතුරුව මෙය කරන්න.(නම අකුරු කරවීමෙන් ලියන්න එපා), අනිත් කාරණය පිටුවේ යටම ඇති show preview මත ක්ලික් කර සංස්කරණ දෝෂයක් නොමැති බව තහවුරු කරගෙන save කරන්න. සුභ දවසක් ! --RsEkanayake 18:21, 24 මාර්තු 2016 (යූටීසී)[reply]


'ඒ සදහා සාකච්චා පිටුවල ඉහල කෙලවරේ වම් පස ඇති පෑනක් වැනි අයිකනය මත ක්ලික් කිරීමෙන් මෙය විස්තරකරන්න

දිවිමග සිසිල[සංස්කරණය]

නිතර සතුටින් සිටිමුද?

දුක හා සතුට


අපි කව්රුත් සතුටින් සිටීමට කැමැත්තෝ වෙමු. නමුත් සමහර විට ඔබ නොදැනුවත්වම හෝ කැමැත්තෙම්ම දුක වැලඳගත් අවස්ථා කොතෙකුත් ජීවිතයේ අත්විඳ ඇතුවාට සැකයක් නැත. සතුට ජීවිතයට අවශ්‍යම කාරණයක් වන්නේ එය දිවිමග සරුකරන ප්‍රධාන සාධකයක්ද වන බැවිනි. එනම් සතුටින් කරන ඕනෑම කටයුත්තක් සාර්ථකත්වය කරා ලගාකරවීම පහසුවන බැවිනි. එසේනම් සතුට අපට වැදගත්ම අවශ්‍යතාවයක් වන බව ඔබට දැන් වැටහෙනවා ඇති.

සතුටින් සිටීමට අප කලයුත්තේ කුමක්දැයි යන්න මීලගට ඔබට ඇතිවන ගැටලුව විය හැක. එය ඔබට ගැටලුවක් කර නොගෙන ජීවිතය සතුටින්ම ගතකිරීමට හැකි උපදෙසක් නේද ඔබ දැන් බලාපොරොත්තු වන්නේ. එසේනම් මා දෙන මේ ඔවදන ඔබට දිවිමග සතුටින් ගතකිරීම උදෙසා පිටිවහලක් වනවා නොඅනුමානයි.

මුලින්ම සිතන්න සතුට ඔබෙන් ඈත්වන්නේ කෙසේද කියා. ඒ අනිවාර්යයෙන්ම දුක හටගැනීම නිසාම නේද?

එය එසේනම් දැන් ඊලගට අප කලයුතුව ඇත්තේ දුක ඇතිවන හේතු සොයා බලා ඊට පිලියම් සොයා ගැනීම නොවේද? මම මෙහෙම කිවුවොත් අප දුක් වන්නේත් අපේ දුකට ප්‍රධාන සාධකය වන්නේත් අප තුල ඇති අසීමිත ආශාවන් සපුරාගැනීමට නොහැකි වීම නිසාය කියා ඔබ මා සමග එකග නොවන්නේද? නමුත් එය නොවේද අප පිලිගතයුතු පරම සත්‍යය වන්නේ?

අප හැම දෙනෙකුටම විවිධ අවශ්‍යතාවයන් ඇතිබව ඇත්ත නමුත් මේ අවශ්‍යතාවයන් ඉටුකරගැනීමට යාමේදී අපට අත් විඳින්නට සිදුවන විවිධ දුෂ්කරතාවයන් දුකක්,කරදරයක් ලෙස දකින්න අපි පුරුදුව සිටින නිසාවෙනුයි එහිදී අපේ සිතේ දුකක් හට ගන්නේ. එසේනම් අප කලයුතුවන්නේ මේ සියලු දුෂ්කරතාවයන් ජීවිත අභියෝග ලෙස සලකා ඒවාට සතුටින් මුහුන දීමයි. එසේ නොයෙක් දුෂ්කරතාවයන් අභියස නොසැලී ඒවාට සතුටින් මුහුන දීමේ ශක්තිය ඔබතුල වර්ධනයකරගත හැකිනම් ඔබ ජීවිතය සතුටින් ගතකරන අයෙක් වනවා පමණක්නොව ජීවිතයේ සියලු අභිමතාර්ථයන් ඉෂ්ඨකරගැනීමද ඔබට එතරම් අභියෝගයක් නොවනු ඇත.

සතුටින් සිටීමට නම් අප අසීමිත අවශ්‍යතාවයන් ගෙන් මිදී සැහැල්ලු සරල ජීවිතයකට හුරුවීම අතිශය වැදගත් වන්නේය.

ලෝකය දුකක්ද , නැත්ද ? යන්න මෙහිද අදාළ වන්නේ නැත. අනිච්ච දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණ දැක අවබෝධ කලයුතුයි

නිවැරදි වචන වන්නේ  අනිත්‍ය නොව අනිච්ච යන්නයි . 

එහි අදහස වන්නේ තමන් කැමැති ලෙස ම පවතින්නේ නැත යන අදහසයි. කැමති ලෙස නොපවතින විට ඇතිවන්නේ දුකක් මිස සැපක් සතුටක් නොවන බව පැහැදිලි නේද? සැප යනු මුලාවක් මිස පවතින ඇත්තක් නොවන බව නුවනින් විමසා බලන විට පැහැදිලි නොවන්නනේද? ලස්සන රුපයක් දෙස කොපමණ වෙලාවක් ආසාවෙන් බලාසිටිය හැකිද . සැලකියයුතු වෙලාවක් එක දිගට බලලා සිටිය හොත් එය එපානොවන්නේද ? සැප යන සියල්ලෙහි ඇත්තේ මේ අනිච්ච ලක්ෂණය වන අතර මෝහය නිසාම සැප ලෙස දකින බව පැහැදිලි නැද්ද?

බුදුන් වහන්සේ ලෝකයට දෙසනා කලේ  සසරේ දිගින් දිගට සැප විඳිමින් යන ධර්මතාවයක් ගැන නොව එයින්  ගැලවෙන මග පිළිබඳවයි
බුදු දහම අවශ්‍ය වන්නේ  සසරින් ගැලවීම අපේක්ෂා කරන අය ට මිස සැප විඳීමට ආශා කරන්නන්ට නොවේ ,

බුදු දහම දැකිය යුත්තේ එලෙසයි. එයයි සම්මා දිට්ටිය වන්නේ

විකීපොත[සංස්කරණය]

අපගේ පරිශීලකවරු විසින් සිංහල භාෂාව සම්බන්ධ විකීපොත සංවර්ධනය කිරීමට ආරම්භ කොට තිබේ. (මේ සබැදිය බලන්න.) මේ විකිපොත සංවර්දනයට ඔබටත් හැකියාව පවතීනම් වටිනා දායකත්වයක් ලබාදෙන්න. ස්තූතියි --L Manju (talk) 08:29, 21 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

මෙම විකිපොත් අඩවිය වෙත එන්න[සංස්කරණය]

පරිශීලක: L Manju විසින් යෝජිත අඩවිය වෙනුවට මෙම විකිපොත් අඩවිය වෙත පිවිස එය ප්‍රවර්ධනය කරන මෙන් ඉල්ලා සිටිමු. විකිමාධ්‍ය තුල පිළිගැනුමට ලක්ව ඇත්තේ මෙම අඩවිය වන අතර එය වඩාත් සංවර්ධනයකට ලක්ව ඇත. --- Shwetha (talk) 15:08, 21 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

පැහැදිලි කිරීමක්[සංස්කරණය]

ඉහත මා විසින් පරිශීලක ඔබ වෙත පෙරදී යොමු කෙරූ සබැදිය ඉංග්‍රීසි විකියට අයත් විකීපොත් අඩවියයි. සිංහල භාෂාව මවු බස නොවන අයට සිංහල බස පිළිබද දැනුමක් ගැනීම උදෙසා මේ වන විට එහි සිංහල භාෂාව සම්බන්ධ විකීපොතක් සංවර්ධනය වෙමින් පවතී. දැනට එහි බොහොමයක් භාෂාවන්ට අයත් අදාල පොත් රැසක් නිර්මාණය වී පවතී. උදා ප්‍රංශ, දෙමළ, ස්පාඥ්ඥ, කොරියන්, හින්දි වැනි බෝහොමයක්. විකිපොත මාතෘකාව යටතේ මා විසින් පරිශීලක ඔබ වෙත පණිවුඩයක් යොදමින් එම සබැදිය දැක්වූයේ ඒ වෙත ගොස් අදාල පණිවුඩයෙන් දැක්වූ කරුණ පිළිබද පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන නිසයි. කෙසේ නමුදු මෙම විකිපොත් අඩවිය වෙත එන්න යන මාතෘකාවෙන් යුතු පසු පණිවුඩය යොදමින් උක්ත පරිශීලකයා මා විසින් දැක්වූ අඩවිය වෙනුවට සිංහල විකියට අයත් සිංහල විකීපොත් සංවර්ධනයට දායකවන්නැයි ඉල්ලා තිබූ අතරම විකීමාධ්‍යහී වඩා පිළිගැනීමට ලක්ව ඇත්තේද එම අඩවිය යන්න දක්වා තිබෙනවා. මා විසින් ඔබතුමන් වෙත අවධානයට යොමුකෙරූ සබැදිය වෙනුවට ඊට කිසිදු සම්බන්ධයක් නොමැති වෙනත් සබැදියක් පිළිපදින ලෙස එම පරිශීලකයා විසින් යෙදූ පසු පණිවුඩයෙහි දක්වන්න යෙදෙන්නට ඇත්තේ කුමන අනවබෝධාත්මක හේතුවක් නිසාවෙන්දැයි යන්න මා නොදනිමි. සසදා බැලීමේදී ස්ථීර හා තහවුරු පරිශීලකයන් අතින් නිතරම පාහේ යාවත් කාලීන නොවන සිංහල විකීපොත් හා සක්‍රීය පරිපාලකවරු හා පරිශීලකයන් රැසක් යටතේ යාවත් කාලීන වන ඉංග්‍රීසි විකී පොත් යන ඉහත පරිශීලකයා හා මා විසින් ගෙනහැර දැක්වූ මෙම අඩවි ද්විත්වයම විකීමාධ්‍ය වෙතින් සම අනුග්‍රහයට හා පිළිගැනීමට ලක්ව තිබේ. ස්තූතියි --L Manju (talk) 07:25, 24 අප්‍රේල් 2016 (යූටීසී)[reply]

නිවන පිළිබද සාකච්චාව කෝපිකඩේට ගෙන ගියා[සංස්කරණය]

ඔබගේ කාලය වැය කර විකියේ ධර්ම කරුණු ඇතුලත් කොට සංස්කරණය කිරීම අගයකල යුත්තකි. ඔබගෙන් දැනගත හැකි කරුණු බොහොමයකි !මෙතන නිවන පිළිබද සාකච්චාවකි. ඔබට හැකිනම් පමණක් පිළිතුරු දෙන්න නොමැතිනම් මා පැහදිලි කරන්නම්.( මෙය සුහද සාකච්චාවක් පමණක් බව සිතන්න,ටික දිනක් ඉදලා උත්තර දෙන්නම් අනිත් අයගේ විරුද්දත්වයක් නැත්නම් )--RsEkanayake 14:53, 25 අගෝස්තු 2016 (යූටීසී)[reply]

--ජයසිරි (talk) 09:16, 26 අගෝස්තු 2016 (යූටීසී) බුදුන් වහන්සේ පෙන්න දුන් පරිදි සිත කියා ශරීරයෙන් බැහැරවූ දෙයක් නොමැත. සිත යනු ශරීරයේම ක්‍රියාකාරකමකි.සිත කොටස් තුනකින් යුක්තවේ. එනම් විඤ්ඤාණය ,මනෝ සහ චිත්ත වේ.එය ශරීරයේම ක්‍රියාකාරකමකි. හැගීම් ඉබේම ක්‍රියා කරන බව බුදුන්වහන්සේ පෙන්වා දී ඇත.[reply]

ඔබගේ මෙම ප්‍රකාශයට අනුව මෙය ඔබේ අදහසක් නම් "බුදුන් වහන්සේ විසින් පෙන්නා දුන් පරිදි යැයි සඳහන් කිරීම උචිත නොවේ යනු මගේ මතයයි. අඩුම තරමින් ත්‍රිපිටක ධාරි භික්ෂුන් වහන්සේනමක් විසින් පාඨ ගෙන හැර දක්වමින් කල දේශනාවක් අසා හෝ ඔබ මෙවන් ප්‍රකාශයක් කලානම් එය නිවැරදියි පිළිගත හැක. හුදෙක් ඔබේ හිතේ හෝ මනසේ සකස් වූ අදහසක් මෙසේ ඉදිරිපත් කිරීමෙන් වැලකුනොත් වඩාත් උචිත යයි මගේ විශ්වාසයයි.--ජයසිරි (talk) 07:52, 26 අගෝස්තු 2016 (යූටීසී)

ඔබේ පලවන ප්‍රශ්නයට පිළිතුරු දීමට ප්‍රථම 'අපට නිවන අසලටවත් යන්න බැරි' යයි ඔබ දරන දුර් මතය පිළිබඳව මගේ බලවත් කනගාටුව ප්‍රකාශකරමි.

   #යමෙකුට නිවනට ළඟා වීමට නොහැකිවන ප්‍රධානම බාධකය වන්නේද මට නම් නිවන අසලටවත් යා නොහැක යන සිතුවිල්ලමවේ.
    අදට දශකයකට පමණ ඉහත ධර්මය දේශනාකළ දේශකයන් වහන්සේලා අනුදැන වදාළේ මෙතේ (මෛත්‍රි) බුදුන් දැක නිවන් දැකීමක් ගැනයි. නමුත් ඒ අදහස අදවනවිට නිවැරදිව ධර්මය අවබෝද කරගනු ලැබූ (උතුම් නිවන අවබෝධකරගත්) ධර්මධර භික්ෂුන් වහන්සේලා විසින් තරයේ 
    ප්‍රතික්ෂේප කරනු ලැබ  ඇත. (එවැනි රහතන් වහන්සේලා අද මේ ධර්මද්ධිපයේ වැඩසිටින බව බොහෝදෙනා දන්නා කරුණකි) එවන් උතුමන්ගෙන් නිර්මල බුදු දහම අසා දැනගන්න. ඉතා සරලව හා පැහැදිලිව ඒ මගින් ඔබට නිවන දැකගත හැක.

සිත ශරීරයෙන් වෙන්ව පැවතීමක් ගැන හෝ එක්ව බැඳී පැවතීමක් ගැන හෝ මම කිසිම තැනක ප්‍රකාශකළ බවක් මගේ මතකයේ නැත. බුදුන් වහන්සේ එවන් දේශනාවක් කර ඇති බවක් ද මම අසා නැත. එබැවින් ඔබගේ දෙවන ප්‍රශ්නය මට අදාළ වන්නේද නැත. ඔබේ තුන්වන ප්‍රශ්නය ඉතාම වැදගත් ප්‍රශ්නයක් ලෙස මා දකිමි. සිත පවතින්නේ මේ මොහොතේ පමණක්ම බවත් අතීත සිතක් හෝ අනාගත සිතක් කියා කිසිවක් නොමැති බවත් තේරුම් ගැනීමට උත්සාහ කරන්න. අතීතය මතකයක් පමණි. අනාගතය යනු බලාපොරොත්තු හෝ ප්‍රාර්ථනා මිස යතාර්ථයක් නොවේ (තව මොහොතකින් මා මිය නොයාවියයි කිවහැක්කේ කාටද) නිවන දකින්නාහු විසින් එය දැකිය යුත්තේ මේ මොහොතේම මිස එලඹේවියයි විශ්වාසයක් හෝ නැති අනාගතයේදී නොවන්නේය. උපන්දා සිට මේ දක්වා ගෙවාගෙන එන මේ සසර ගමනේ මා සිටින්නේ මේ මොහොතේම පමණක් බව නුවනින් දකින්න. (අතීතයේ සිටි මා දැන් නැත. අනාගතයේ මා පැමිණ නැත.) මේ මොහොතේ මගේ සිතිවිලි අතීත සිදුවීමක් හෝ අනාගත බලාපොරොත්තුවක් ගැන විය හැක. පසිඳුරන් නිසා ලබන වේදනාවක් සම්බන්දව වියහැක. මේ වේදනාවේ ලක්ෂණයයි වේදනාව නිසා ඇතිවන්නේ තණ්හාවයි ( ඇලීමත් ගැටෙන ස්‌වභාවයත් දෙකම තන්හාවේම ලක්ෂණ වේ)තන්හාවට බැඳී ගිය කල්හි (උපාදාන) භවය සකස්වේ. නැවත උපතක් කරා යන්නේ එබැවිනි. මෙයයි හේතු ඵල ධර්මතාවය. මේ මොහොතේ සිතුවිලි නිරුද්ධ වේ නම් තන්හා උපාදාන නැත . නැවත උපතක් නොවේ.මෙය දැකිය හැක්කේ ප්‍රඥාවෙන්ම පමණි. නිවන් දැකීමෙන් පසු සිතට මොකද වෙන්නේ? සිතේ ස්වබාවය සිතුවිලි ඇසුරු කිරීමයි(අතීත හෝ අනාගත සිතුවිලි සහ වින්දනය මුල් කරගත් සිතුවිලි = සසර ) නිවන යනු සිතුවිලි වලින් නිරුද්දවිමයි. සසරින් එතෙර වීමයි. පැවැත්මක් ඇත හෝ නැත යන මේ දෙකම අන්ත දෙකකි. බුදු දහම කිසිම අන්තයකට යන්නේ නැත. මේ පිළිබඳව පසුව විස්තර කරමි.--ජයසිරි (talk) 09:16, 26 අගෝස්තු 2016 (යූටීසී)[reply]

කොපි කඩේට ගිය නිවන ද්වේශ සහගතව නිවන් යැවුවා . හොද සාකච්චාවක් කරන්න තිබුන අවස්තාව? .දැක්කා නේද විකිපීඩියා ඇසුරුකරන උගතුන් ගේ අදහස් ? .තමන්ගේ මට්ටම් තම්මැට්ටම්ලු අනුන්ගේ මට්ටම් හුටන් පටස්."--RsEkanayake 18:44, 27 අගෝස්තු 2016 (යූටීසී)[reply]

උපදෙස් කීපයක්[සංස්කරණය]

සාකච්චා පිටුවේ ලිපි සංස්කරණය කරන විට පහත රීති පිළිපදින්න.

  1. සෑම විටම සටහන අවසානයේදී අත්සන තබන්න.( සංස්කරණ තීරුවේ ඉහලින් වම්පස ඇති පෑනක් වැනි සලකුණ මත එබූ විට මෙය ස්වයන්ක්‍රීයව සිදුවේ ).
  2. වරකට එක අදහසක් පමණක් ඉදිරිපත් කරන්න. ඔවුන්ට පිළිතුරු දීමට කාලය ලබාදෙන්න.ඔවුන් සක්‍රීයව සිටින්නේද කියා විමසිලිමත් වන්න.ක්‍රියාකාරීන් කවුදැයි හදුනාගන්න.ක්‍රියාකාරීන් විමසිල්ලෙන් සිටින බව නිතරම සිහියේ තබාගන්න.
  3. සටහන් වල මුලට ස්පේස් එකක් තියන්න එපා. ඒ වෙනුවට  : යන සංකේතය එකක් හෝ දෙකක් හෝ තුනක් අවශ්‍ය පරිදි යොදන්න .මෙමගින් සිරස් අතට පියවරකින් පේලිය දකුණට යොමුවේ. (මෙසේ කල විට දෙදෙනෙක් අතර කල සාකච්චාවක් පහසුවෙන් හදුනාගත හැක , චේද වෙන් කිරීමක් වැනිය.)
  4. සංස්කරණ තීරුවේ (ඉහතින් දිස්වන) ඇති මෙනුවේ සියලු මෙවලම් පළමුව අත්හදා බලන්න, ඉංග්‍රීසි විකියේ නීතිද අද්‍යනය කරන්න. සුබ දවසක් !--RsEkanayake 09:40, 29 අගෝස්තු 2016 (යූටීසී)[reply]

නිහැඩියාව බිද පැමිණෙන්න[සංස්කරණය]

ලිපි ගොඩක් තියෙනවා සංස්කරණය කරන්න. එන්න ඉක්මනින්.--RsEkanayake 16:27, 5 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

මොනවද සංස්කරණය කලයුතු ලිපි?--112.134.51.35 07:41, 6 සැප්තැම්බර් 2016 (යූටීසී)--112.134.51.35 07:41, 6 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

කවුද ඔබ?--RsEkanayake 13:01, 6 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
අයියෝ සහෝ!... මේ සාකච්ඡාවට මාත් විපරම් කළා. ඇයි ඔබට තේරුම් ගන්න බැරි ඒ ඔහුමයි කියල. පේන්නෙ නැද්ද අත්සන් 2 ගහල. කරදරයක් වුනි නම් සමව--Ravindu Navin (talk) 13:12, 6 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

"නිහැඩියාව බිද පැමිණෙන්න"--112.134.50.255 08:45, 7 සැප්තැම්බර් 2016 (යූටීසී) මේ සටහන තැබුවේ ඔබනේද? ඇයි ඔබ කවුද කියා විමසන්නේ?[reply]

ජයේ ලොගින් වුනොත් නේද හොඳ--Ravindu Navin (talk) 08:53, 7 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

ලොගින් වෙන්නේ කොහොමද? මම දන්නේ ලියන්න විතරයි --112.134.50.255 09:45, 7 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

දන්නේ නැතිනම් ඔබ ජයසිරි ගිනුමෙන් පෙනී සිටියේ කෙසේද? අනේ මේ බොරු කියන්නැතුව මෙහෙට එනව හලෝ.--Ravindu Navin (talk) 10:16, 7 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

අද මම දැන් යනවා. හෙට මම නැ. අනිද්දා එන්නම්. --112.134.50.255 11:19, 7 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

අලේ.....😖--Ravindu Navin (talk) 11:29, 7 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
අලෙ නොවෙයි බොලේ පාවිච්චි කරපන් මොලේ --112.134.50.96 05:12, 9 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
ඇ බොලේ අද නැද්ද රවිඳු මෙහේ? ගිහින් වද්ද හාරන්න අලේ?--112.134.50.96 05:22, 9 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]
@ජයසිරි ! අවසන් වරට ඔබ විසින් කල මෙම සටහන හා බැදේ. ඔබ ජයසිරි නමින් පළමුව ලොග් විය යුතුයි. අනතුරුව වීකිපීඩියාව සපයා ඇති මෙම මෙවලම භාවිතා කර මට ඊ මෙයිල් කරන්න.--RsEkanayake 13:00, 29 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

@ජයසිරි "මනස හදුනාගමු" යන පළමු ලිපිය ඔබගේ විකි ඊ මෙයිල් එකට එවුවෙමි.--RsEkanayake 14:41, 30 සැප්තැම්බර් 2016 (යූටීසී)[reply]

විකිපීඩියා ආසියානු මාසය 2016[සංස්කරණය]

සිංහල විකිපීඩියාව කෙරේ ඔබේ පවතින උනන්දුව සහ රුචිකත්වය මතපදනම්ව, 2016 විකිපීඩියා ආසියානු මාසයට එක්වන ලෙස අපි ඔබට ආරාධනා කර සිටිමු!

විකිපීඩියා ආසියානු මාසය යනු ආසියානු විකිපීඩියා ප්‍රජාවන් අතර අවබෝධය පුළුල් කරලීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන සංස්කරණ ව්‍යාපෘතියක් වේ. 2016 නොවැම්බර් මාසයේදී ඇරඹෙන එම ව්‍යාපෘතියහි මූලික අරමුණ වන්නේ, සිංහල විකිපීඩියාව තුළ ශ්‍රී ලංකාව සම්බන්ධ ලිපි හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් පිළිබඳව පවතින ලිපි සංඛ්‍යාව හා ඒවායේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම වේ. පසුගිය වර්ෂයේදී ලොව වටා භාෂා 43ක පැවැත්වූ විකිපීඩියා ආසියානු මාසය සඳහා ඉදිරිපත් වූ ලිපි සංඛ්‍යාව 7,000 අධිකය.

අවම වශයෙන්, අදාළ උපමාන සපුරන ලද ලිපි පහක් තනනු ලබන එක් එක් විකිපීඩියානුවා වෙත, මීට සහභාගී වන අනෙකුත් රටවල්වලින් නිර්මාණය කරන ලද විශේෂ විකිපීඩියා තැපැල්පතක්, විකිපීඩියා ආසියානු ප්‍රජාව අතර මිත්‍රත්වයේ සංකේතයක් වශයෙන් හිමිවනු ඇත.

විකිපීඩියාව තුළ දී වැඩිම ලිපි ප්‍රමාණයක් තනන විකිපීඩියානුවා/වන් "විකිපීඩියා ආසියානු තානාපති"වරයා/වරුන් ලෙස ගෞරවයට පාත්‍ර වනු ඇත.

මේ සම්බන්ධව ඔබේ අවධානය යොමුකිරීම පිළිබඳව ස්තූතියි! L Manju (talk) 10:32, 26 ඔක්තෝබර් 2016 (යූටීසී)[reply]

Share your experience and feedback as a Wikimedian in this global survey[සංස්කරණය]

  1. This survey is primarily meant to get feedback on the Wikimedia Foundation's current work, not long-term strategy.
  2. Legal stuff: No purchase necessary. Must be the age of majority to participate. Sponsored by the Wikimedia Foundation located at 149 New Montgomery, San Francisco, CA, USA, 94105. Ends January 31, 2017. Void where prohibited. Click here for contest rules.

Your feedback matters: Final reminder to take the global Wikimedia survey[සංස්කරණය]

(Sorry for writing in English)