Jump to content

පරිශීලක:හෙළ ඉතිහාසය

විකිපීඩියා වෙතින්

රිටිගල ජයසේන හෙවත් මහාසෝණ යනු කාවන්තිස්ස රජතුමා සහ දුටුගැමුණු රජතුමා ළග සිටි ඇතුන් දහයකගේ ශක්තිය ඇති ප්‍රධාන යක්ක සෙන්පතියෙකි. මෙම රණශූරයා අංගම් ශ්‍රාස්ත්‍රයේ කෙළ පැමිණියෙකි. රිටිගල දැනට උගන්වන රිටිගල විශුද්ධි අංගම් ශාස්ත්‍රය නැත්නම් අපි අහලා පුරුදු සුදලිය අංගම් පොර පරම්පරාවේ උරුමක්කාරයා වන්නේ මොහුය. එය රිටිගල පරපුරට ලබා දී ඇත්තේ මේ රිටිගල ජයසේන හෙවත් මහාසෝණ සේනාධිපතියාය. එය අදටත් එම ප්‍රදේශයේ උගන්වනු ලබයි.

රිටිගල ජයසේන හෙවත් මහාසෝණ යනු

[සංස්කරණය]

මහාවංශයට අනුව මහාසෝණ යෝධයා කුළුම්බරී ප්‍රදේශයේ හුන්දරිවාපි ග්‍රාමයේ තිස්ස නමැත්තාට දාව අටවැනි පුතු ලෙස උපත ලබා ඇත. මහාසෝණ යෝධයා පිළිබඳව මූලාශ්‍ර වල දැක්වෙන තොරතුරු ද ඉතාම අල්පය. ලක්දිව රෝහණ ජනපදයෙහි කුටුම්බරිකන්නිකාවෙහි උපන් බව සහස්සවත්තුප්පකරණයේ වාර්තා කරයි. රසවාහිනිය දක්වන්නේ රෝහණයේ කදලුම්කන්නිකාවෙහි හුන්දරිවාපිගම උපන් බවයි. මොහු සත් හැවිරිදි කල විසල් තල්ගස් මුලින් උදුරා දැමීමට තරම් ශක්තිමත් වූ බවත්, දස හැවිරිදි කල මහත් බල ඇති බවත්, පසුව ඇතුන් දස දෙනෙකුගේ ශක්තිය දැරූ බවද සාහිත්‍යයේ දැක්වේ. දුටුගැමුණු රජුට යුද්ධය සඳහා සහය දුන් යක්ක සේනාවේ නායකයා මොහුයි. දුටුගැමුණු - එළාර යුද්ධයේදී, විජිතපුර බලකොටුව අල්ලා ගැනිම සඳහා සිදු වූ සටනේ දී, මහාසෝණ යෝධයා පවුර කඩා වෙනම විවරයක් සදා ඉන් ඇතුළුව තල් රුකක් ගෙන සටන් කළ බව සාහිත්‍යයේ සඳහන් වේ.

රිටිගල ජයසේන හා ගෝඨයිම්බර අතර සටන පිළිබද සාහිත්‍ය කතාව

[සංස්කරණය]

දුටුගැමුණු රජතුමා විසින් එළාර රජුව පරදා යුද්ධය ජයග්‍රහණය කළාට පසුව ගෝඨයිම්බර යෝධයා අලුත් නිවසක් තනා ගෙට ගෙවදීම නිමිත්තෙන් ඉතා විශාල උත්සව‍යක් සංවිධානය කර ගොඩාක් අයට මේ උත්සවයට ආරාධනා කරන ලදී. සාදයේ මුලදීම ගෝඨයිම්බර මත්පැන් නිසා මත් වීම නිසා ඔහුගේ බිරිද වන සෝනා කුමරිය පැමිණි අය පිළිගන්න රාජකාරිය කළේය. ඒ අසලින් එදා ගමන් කරපු ආරාධනයකින් තොරව එකවිටම මැදිවිය ඉක්මවු කලු ඇගපත මනාව වැඩුනු පුද්ගලයකු සාදය‍ට පැමිණි අතර කුමරිය මේ හැඩරුව පවසමින් ඒ බව ගෝඨයිම්බර යෝධයාට පැවසු අතර කියු හැඩරුව අනුව එකවිටම ඔහු හදුනා ගත් ගෝඨයිම්බර යෝධයා, ඔහුව පිළිගෙන සංග්‍රහ කරන ලෙස සෝනා කුමරියට අණ කළාය. ඒ වෙන කිසිවකු ‍නොව නම ඇසු පමණින් බොහෝ දෙනා බිය සලිත වන රිටිගල ජයසේන හෙවත් මහාසෝණ ය.

ගෝඨයිම්බර ‍සෙනවියාත් මේ රිටිගල ජයසේනට සාදයේ හොද හැටි කෑම බීම දී සැලකු අතර මධුවිතෙහි ප්‍රමාණය වැඩි වු විටම සියල්ල අමතක වු ජයසේන එකවිටම සිතට ආ අදහසකට සෝනා කුමරිය වැලද ගත්තේය. එකවරම මෙය දුටු ‍ගෝඨයිම්බර සෙනවියාට තරු විසිවුනු අතර ජයසේනට අසැබි වචනයෙන් බැන වදිමින් තම නිවසින් යන ලෙස තර්ජනය කරන ලදි. රිටිගල ජයසේන ඉතා ලැජ්ජාවට පත් වුනු අතර තරහත් සමඟම ගෝඨයිම්බර යෝධයා තමාට කිසිම අභියෝගයක් නැති බවත් සතියකින් තම්මැන්නා සුසාන භුමියේ දී හැකි නම් ද්වන්ධ සටනකට එන ලෙසත් උත්සව සභාවේදීම ඉතා සැරවැරයෙන් කියා සිටි අතර ‍ගෝඨයිම්බර ‍සෙනවිත් බිමතින්ම ජයසේන තමාට කිසිදු අභියෝගයක් නොමැති බවත් කඩුවකින් නොව තමාගේ වම් පයේ සුලැගිල්ලෙන් ජයසේනගේ හිස ගසා දමන බවත් මහ හඩින් උත්සව සභාව මධ්‍යයේ බහින් බස් විය. මේ ආරංචිය දැනගත් ගැමුණු රජු වහාම මේ සටන නවත්වා දමන ලෙස අණ කළත් තම අභිමානයත්, තමන්ට සිදුවු ලජ්ජාවත් මකා ගැනීමට අනිවාර්යයෙන් මේ සටන පැවතිය යුතු බව දෙදෙනාම පවසා ඇත.

සටනට දිනය පැමිණි අතර සටනට පෙර දා හොදින් මත්පැන් බී සටන දාත් දවල් වන තුරු නිදමින් සිටි ගෝඨයිම්බරයා සෙනවියාට එකපාරම තම අභියෝග කල සටන මතක් වු අතර කෑම බීමද අමතකව ඇද සිටි සළුව තදින් ගැ‍ට ගසා උතුරු සළුව හිසේ ජටාවක් ලෙස බැදගෙන සොහොන් බිමට දිව යන්නට විය. ඒ වන විටත් රිටිගල ජයසේන ලෝහ සන්නායකයක් පැලද සිටිමින් මනාව සටනට සුදානම් වී සිට අතර ඔහු හතර රියන් උස පුද්ගලයකු වු අතර ගෝඨායිම්බරයා ඉන් හරියටම අඩක් උස විය. ගෝඨයිම්බරයාගේ සහායට සටන නැරඹීමට පැමිණි අය මෙය දුටු සැනින් ම බෝහෝම දුකට පත්වුයේ ගෝඨයිම්බරයා පරාද වේවි යන හැගීම බොහෝම දෙනාගේ සිතට ආ නිසාය. තම මිතුරාට ආචාර කල ගෝඨයිම්බර සටනට පිවිසිය. ආචාර කිරීමත් සමඟම හිස ඔසවා සතුරා හෙවත් ජයසේනයාගේ මුහුණ බැලු ගෝඨයිම්බර ඇසිපිය ගහන සැනින් අහසට පැන ජයසේනගේ නිකටට තම වම් ප‍යෙන් දැඩි පහරක් එල්ල කලේය. එක විටම අන්ද මන්ද වු ජයසේනට තමා නමස්කාර කරන සෙනසුරු දෙවියන් සිහිවන විටම හිස කදින් වෙන්වී රිටිගල පැත්තේ කරඔ ගසක රැදී ඇත. (අද එම ස්ථානය ඔළුකරදන නම් වේ.)

මෙය එක විටම දුටු, දැනුන සෙනසුරු දෙවියන් කලබල විම නිසා කල් යල් බලා මනාව වැඩකරන සිරිතද අමතකව ගොස් වහා පැමිණ එවේලෙහි සොයා ගත් වලසකුගේ හිසක් ගෙනවිත් ජයසේනගේ හිස නැති සිරුරට දිවි බේරා ගැනීම සඳහා සවි කරන ලදි. (එම වලසා සොයා ගත්තායයි පැවසෙන්නේ ත්‍රිකුණාමලය මරතඩිය හන්දිය අසල පිහිටි සෙනසුරු කෝවිල් භුමියෙන් ලු) හැම විටම සිතා මතා වැඩකරන සෙනසුරු දෙවියන්ට කලබලයට ජයසේනට වලස් හිස සවිකර ඇත්තේ මුහුණ පිටුපසට සිටින ලෙසය. (පහතරට මහසෝන් නැටුමේදී ද හිස පලදිනු ලබන්නේ පිටුපසටය.) එලෙස නැවත පන ලැබු ජයසේන එදා සිට රියන් 81 ක් උස ඇස් 03 හා අත් 04 ඇති රතු ඇදුමින් ද කළු පාට ශරිරයෙන් යුතුව යෝධ ඌර වාහනයකින් ගමන් කරන මහසෝන් යක්ෂයා බවට පත්විය. මොහුට අවතාර 05 ක් ඇති බවද සදහන් වේ. එනම්,

එළුවකු වාහනයක් කරගත් “ලේ සොහෝන් යක්ෂයා” මුවකු වාහනයක් කරගත් “අමු සොහොන් යක්ෂයා” අශ්වයා වාහනය කරගත් “ජය සොහොන් යක්ෂයා” බැටළු වාහනය සහිත “මරු සොහොන් යක්ෂයාද” අලියකු පිට යන “ගොළු සොහොන් යක්ෂයාද”

මේ මහසෝන් යක්ෂයාගේ පංච අවතාර වේ. වෙසමුණි රජු මහසොහෝන් යක්ෂයාට දෙගාත (මිනිස් හා කුකුළු) බිලිපුද ලබා ගැනීමට අවසර දී ඇත. සුසාන භූමි කදු මුදුන් හා ගිරිහෙල් වාසස්ථාන කර ගත් බුදු අණටද යටත් නොවේ යයි පවසන මහසෝහෝන් යක්ෂයා ගෝඨයිම්බර දැහැනට පමණක් අවනත වන බව පැවසේ. (ඒ ගැන නම් විශ්වාස කරන්න අමාරුයි නේද? මොකද බුදු අණට සියල්ලන්ම යටත් වන බැවින්)

මේවාද බලන්න

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]

[1] [2] [3] [4] [5] [6] [7]

  1. ^ දීපවංශය
  2. ^ මහාවංශය
  3. ^ රසවාහිනිය
  4. ^ සහස්සවත්තුප්පකරණය
  5. ^ https://si.wikipedia.org/w/index.php.action=edit
  6. ^ https://si.wikipedia.org/w/index.php?title=action=edit&redlink=1
  7. ^ https://si.wikipedia.org/w/index.php?title=action=edit&redlink=1
"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:හෙළ_ඉතිහාසය&oldid=486777" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි