දසමහා යෝධයෝ

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

නන්දිමිත්ත යෝධයා[සංස්කරණය]

එළාර රජහු ගේ මිත්ත නම් සෙනවියෙක් ඇත්තේය.නැගෙනහිරි කඩදොර නම් රට ඒ සෙනවිය කම්මාන්ත ගම්හි සිත්පව් සමීපයෙහි බුහුනනියන් පුතෙක් වීය.ඒ තෙම කොසෝහිත චත්තුගුය්හ ඇත්තේ,මාමාගේ නම් ඇති විය.දුරද බඩගා යන ඉතා ළදරු ඒ කටියෙහි වරපටින් බැද අබරුම් ගල බන්දෝය.ඔහු අබරුම්ගල ඇද ගෙන බිම බඩගාගෙන යන කල එළිපත වැදීමේදී වරපට බිදී ගිය හෙයින් නන්දි මිත්තයැයි ප්‍රසිද්ද විය.ඇතුන් දස දෙනෙකුගේ බල ඇත්තේද,විය.ඒ නන්දිමිත්ත යෝද තෙමේ කුමරු වෙත විසීය.

උපන් ගම[සංස්කරණය]

නන්දිමිත්ත යොදය පිලිබදව මුලාශ්‍ර වල සදහන් වන තොරතුරු සුලුසුලු වෙනස් කම්වලින් යුක්ත වෙයි.ඔහුගේ ජන්මභූමිය පාචීනඛන්දරාජියේ චිත්ත පබ්බත අසල වීයයි මහාවංශයේ දැක්වෙයි[1] එසේම පාලි රසවාහිනියේද මේ විස්තරයම දක්වයි.මේ කරුණු තවත් පැහැදිලි කරන ස්තුපවන්ශයද අනුරපුරයට නැගෙනහිරි දිශාවෙහි සිත්පව් නම් පර්වතය සමීපයෙහි කඩදොර නම් ගම යනුවෙන් දක්වන අතර සමහර පිටපතක සිතුල්පව්ව හා කඩරෙද්ද යනුවෙන් ගම් දෙක නම් කර ඇත.[3] සද්දම්මාලන්කරයේ සිතුල්පව් සමීපයෙහි නැගෙනහිරි දික්භාගයෙහි කඩරෙද්ද නම් ගම යනුවෙන් විස්තරවෙයි.[4] සහස්සවත්තුප්පකරණය[5] මේ මුලාශ්‍ර වලට වඩා පැරණි වුවද එහි මාගම කකුට නම් ගම යනුවෙන් දක්වා තිබේ.සමහර විට එය දෙවන පදිංචිය අරභයා සටහන් කළා විය යුතුය.

    ඉහතින් කී ලේඛනවල සදහන් වන චිත්ත පබ්බත හෝ සිත්පව් යනුවෙන් පාලි ග්‍රන්ථ වල දැක්වෙන චිත්තල පබ්බතය හෝ සිංහල ග්‍රන්ථ වල එන සිතුල්පව්ව නොවිය හකිය.ඒ නමින් සදහන් වන්නේ වර්තමානයේ දකුණු දිශාවේ සිතුල්පව්ව නමින් ප්‍රකටව ඇති සුප්ප්‍රසිද්ද පුජා භුමිය හා එය පිහිටි ප්‍රදේශයයි.එය ශිලා ලේඛණවල චිතල පවත ලෙසින් තිබේ.[6] 

මුලින් දුටු පරිදි නන්දිමිත්ත යෝධයා ගේ උපන් ගම දක්වන මුලාශ්‍ර කිහිපයකම එය නැගෙනහිරි දිශා භාගයෙහි පිහිටිබව ප්‍රකාශ වී ඇත.

මාපියන්[සංස්කරණය]

නන්දිමිත්ත යෝධයා ගේ මාපියන්ගේ නම් කිසිදු සාහිත්‍ය මුලාශ්‍රයක සටහන් වී නැත.එළාර රජුගේ සේනාපතියෙකු වූ මිත්තගේසහෝදරියකගේ පුත්‍රයකු ලෙස මහාවංශයේ [7]දැක්වෙතත් සහස්සවත්තුප්පකරණයේ ඒ බව නොදැක්වේ.සහෝදරියගේ කතාව දැක්වෙන රසවාහිනිය හා සද්දර්මාලංකාරය [8]එක කුලපුත්‍රයෙකු යනුවෙන් පිය ගැන සදහන් කරයි.පියාගේ නමින් පුතා හැදින වීමේ පිතෘමුලික ක්‍රමය ලංකාවේ ඉතා අතීතයේ සිටම පවතී බව බ්‍රාහ්මී ලිපි වලින් පෙනෙයි.එහෙත් අනෙක් යෝධයන් ගැන විස්තර කරද්දී ඔවුන් පිතෘමුලිකව හදුන්වා ඇතත්නන්දිමිත්ත යෝධයා මතෘමුලිකව සාහිත්‍ය ලේකනවල දැක්වීමට විශේෂ හේතුවක් තිබිය යුතුය.

ජාතික මෙහෙවර[සංස්කරණය]

නන්දිමිත්ත පාචිනඛන්ඩරාජයෙන් ගොස් අනුරාධපුරයේ සිය මලණුවන් වෙත විසුවේය.එවක ඔහුගේ වයස අවුරුදු දොළොසකි.පුජනිය නගරයේ පුදබිම් දුෂණය කරන ආක්‍රමණිකයන් දුටු තරුණ වියට පා තබමින් සිටි නන්දිමිත්ත ගේ ජාතික අභිමානය නැගී ආ බව හා ඔහු ආක්‍රමණිකයන් මර්දනය කළ බවත් පෙනේ.රජරට ආක්‍රමණික පරසතුරන් ගෙන් මුදවා ගැනීමට දුට්ටගාමිණී මහරජතුමා ගත්සටන් කාර්යයේදී නන්දිමිත්ත යෝධයගෙන් මහගු සේවයක් ඉටු විය.විජිතපුර සටනට පෙර දුට්ටගාමිණී රජු නන්දිමිත්ත ගේ බල විමසා සිටියේය.කණ්ඩුල හස්තියාට රා පොවා කෝප ගන්වා නන්දිමිත්ත ඉදිරිපිටට ඇතු මෙහෙයවිය.හඩා ගෙන එන අතුට බියේ මිනිසුන් සීසීකඩ දුවන විට නන්දිමිත්ත ඉදිරියට පැනදළ දෙක ගෙන දෙවුර මත තබා බිම ඇනවීය.මෙයින් මහත් ලෑජ්ජාවට හා බියට පත් ඇතා නන්දිමිත්ත කෙරෙහි වෙර විය .එය සන්සිදුනේ විජිතපුර යටත් කර ගන්න දින ඇතු බිදී යදොර ඇතු වෙතට කඩා එනුදුටු නන්දිමිත්ත යෝධයා එය බාහුවෙන් පැහැර ඉවත දැමීම නිසාවෙනි.මෙහිදී සෝඩය අග තබාගෙන සිටි ගල් කැබැල්ල ඇතු බිම තබා නන්දිමිත්ත යෝධයා කෙරෙහි කරුණාව පහල කර ගත්තේය .සටන් වලින් ජය ගත් දුට්ටගාමිණී රජු යෝධයන්ට සංග්‍රහ කළ අතර නන්දිමිත්ත යෝධයාට මහත් යසස් දුන් බව සහස්සවත්තුප්පකරණයේ සදහන් වේ.

       අංකිත ස්ථාන''

[1]ම.ව.-23-4,5 [2] රස-පිටු 79 [3] ස්තුප -පිටු 129 [4] සලන් -පිටු 504 [5] සහස්ස - පිටු 27 [6] EN-P.29 [7] ම.ව.-23-5 [8] රස -79 පිටුව ,සලන් -504 පිටුව ,ස්තුප-129 පිටිව

මහා සෝණ යෝධයා[සංස්කරණය]

කුළුම්බරිකන්නිකාවෙහි හුන්දරීවාපි නම් ගම තිස්ස නම් කෙලෙබියා සෝණ නම් අටවැනි පුතෙක් වීය.සත් හැවිරිදි කල ඒ තෙමේ තල පැළ ඉදිරීය.දස හැවිරිදි කල මහත් බල ඇත්තේය.කල් යාමෙන් ඒ මහාසෝණ තෙමේ දස ඇත් බල ඇති වීය.රජ තෙමේ එබදු වූ ඔහු අසා පියා වෙතින් ගෙන පොසනය කරනු කැමැත්තෙන් ගැමුණු කුමරු හට දුන්නේය.යෝධ තෙමේ ගැමුණු කුමරු වෙත විසීය.

උපන්ගම[සංස්කරණය]

මහාසෝණ යෝධයා පිළිබදව මුලාශ්‍ර වල දැක්වෙන තොරතුරු ද ඉතාම අල්පය.කුලුම්බරිකන්නිකවෙහි හුන්දරිවාපි ගම්මානයේ ඔහු උපන් බව මහාවංශයේ දැක්වේ.[1]ලක්දිව රෝහණ ජනපදයෙහි කුටුම්බරිකන්නිකාවෙහිඋපන් බව සහස්සවත්තුප්පකරණයේ [2] වාර්තා කරයි.රසවාහිනිය දක්වන්නේ රෝහණ ජනපදයේ කදලුම්කන්නිකාවෙහි හුන්දරිවාපිගාම යනුවෙනි .[3]මෙය තවත් විස්තර කරමින් සද්දම්මාලන්කාරය රුහුණු රට මල්වතු මඩුල්ලෙහි කලබුරුකන උන්දුරු කනවිට [4]යනුවෙන් දක්වන අතර මල්වතු මඩුල්ලෙහි උතුරු කරවිට හෝ කලවිට යනුවෙන් ස්තුපවංශයට [5] එක්වීතිබේ.

මාපියන්[සංස්කරණය]

මහාසෝණ යෝධයාගේ මාපියන් ගැන විස්තර කල යුතු අවස්ථාවෙහි මහාවංශය බෙහෙවින් අල්පේච්ඡ වී ඇති ,සැටියක්[6] පල කරයි.ඔහු තිස්ස නම් අයකුගේ පුතුන් අතුරින් අටවැන්නා ය.,යනුවෙන් පමණක් එහි දැක්වී ඇත.සහස්ස්සවත්තුප්පකරණයේ[7] ඔහුගේ පියා කුන්දවාලිකතිස්ස යනුවෙන් දක්වයි.

ජාතික මෙහෙවර[සංස්කරණය]

මේ පිළිබදව අප හමුවේ පවතින්නේ ඉතා සුළු තොරතුරකි.සවිස්තරව දැක්විය උතු කරුණු ඉවත් වී ගියා සේ පෙනේ.දෙමල දෙතිස් බලකොටුවලදී කෙරුණු සටන් වලදී ඔහුගේ කාර්රයය බාර්ය කුමක්දැයි කිසිදු මුලාශ්‍රයක දැක්වී නැත.නමුත් විජිතපුර බලකොටුවේදී සිදු වූ සටනේදී මහාසෝණ යෝධයා පවුර කඩා වෙනම විවරයක් කර ඉන ඇතුල්ව තල් රුකක්‌ ගෙන සටන් කළේය."යන විස්තර පාලි සිංහල මුලාශ්‍රය [8] එක සමානව දැක්වෙයි.


 අංකිත ස්ථාන 

[1] ම.ව.-23/45 [2] සහස්ස -93 [3] රස- 86 [4] සලන් -515 [5] ස්තුප -133 [6] ම .ව.-23/45 [7] සහස්ස -94 [8] ම .ව.-25/46,සහස්ස -94,රස 87,ස්තුප -149

ගෝටයිම්බර යෝධයා[සංස්කරණය]

ගිරි නම් දන්නව්වෙහි නිසේල්විටි නම් ගම මහානාග නම් තනත්තෙහුගේ පිත් දසබල ඇත්තෙක් වීය.මිටි සිරුර ඇති බැවින් ගොටක නම් වීය.දෙටු බෑයෝ ඔහුව කෙළියට ගෙන සිනා කරන්නේය.ඔහු ගොස් උදු වපුරනු පිණිස මහවනය කොටා ඔහුගේ බාගය තබා ගොස් ඔවුනට දැන්වීය.ඒ තෙමේ එකිනෙකෙහි ගොස් ඉබුරු ගස් උදුරා බිම සම කොට දැන්වීය.බෑයෝ ගොස් ඔහුගේ අරුම ක්‍රියාව දැක ඔහුගේ කර්ම කීර්තනය කරමින් ඔහු වෙතට ගොස් දැන්වුහ.ඒ නිමිත්ත කරගෙන ඔහු ගෝටයිම්බර විය.රජ තෙමේ ඔහුටද කී පරිද්දෙන් ගැමුණු කුමරු වෙත යැවීය.

උපන් ගම[සංස්කරණය]

ගෝටයිම්බර යෝධයා ගිරි නම් ජනපදයේ නිච්චේල විට්ටික ගමේ උපත ලද බව මහාවංශය [1] දක්වයි.

මාපියන්[සංස්කරණය]

ගොට්යිම්බරගේ පියා ගැන මහාවංශයේ දක්වයි.[2]ඔහු මහානාගයවේ.මහානාග කුකුටුම්බික සහසවත්තුප්පකරනයේද නාගකුටුම්බික ලෙස රසවාහිනියේ දැක්වෙන අතර මහානාග කෙලෙබි වශයෙන් සද්ධර්මාලන්කාරය හා ස්තුපවංශය විස්තර කරයි.

ථෙරපුත්තාභය යෝධයා[සංස්කරණය]

කොටගල් අසල කාන්ති නම් ගමෙහි ඊශ්වර වූ රෝහණ නම් ගෘහපතියෙකු හට තම හට දාව උපන් පුතෙක් ගොළු අබා රජ හට සමාන නම් කළේය.ඒ දරු තෙමේ බල ඇති වීය.සොළොස් හැවිරිදි වූ ඔහුට පිය තෙමේ සොළොස් රියන් දික්ව අටතිස් ඇති ගදාවක් කර වීය.ඒ තෙමේ එයින් තල් පොල් කද පහර බිම හෙලා එයින්ම ඒ යෝධ තෙමේ ප්‍රකට වීය.එසේද රජ කුමරු තෙමේ ඔහුද ගැමුණු කුමරු වෙත යැවීය.මොහු ගේ පියා පැවිදි වූ අතර භාවනාවේ යෙ දී රහත් බවට පැමිණියේය.ඒ හේතුවෙන් මේ තෙරුන්ගේ පුත්‍ර තෙමේ ථෙරපුත්තාභය නමින් ප්‍රසිද්ධ වීය.

උපන් ගම[සංස්කරණය]

ථෙරපුත්තාභය යෝධයා ගේ උපන් ගම කොටිපබ්බතය සමීපයෙහි වූ කිත්තිගම මහාවංශ පිටපතක [1]සදහන් වන අතර සමහරක කොටපබ්බතය සමීපව කන්තිගාම යනුවෙන් දක්නට ලැබේ.රසවාහිනිය මහාවංශය අනුව යැයි.[2]

මාපියන්[සංස්කරණය]

ථෙරපුත්තාභය යෝධයා ගේ මාපියන් ගැන ඇත්තේ ඉතා අල්ප තොරතුරකි.මහාවංශය ඔහුගේ පියා රෝහණ ඉස්සර[3] ලෙසද රසවාහිනිය රෝහණ ගහපති ලෙසද[4] සද්දර්මාලංකාරය රෝහණ සිටානන් ලෙසද [5] දක්වයි.

ජාතික මෙහෙවර[සංස්කරණය]

ථෙරපුත්තාභ යෝධයා සෙසු යෝධයන් සේම දුටුගැමුණු රජතුමාගේ ජාතික මෙහෙවරේ කොටස් කරුවෙක් විය.දෙමල ආක්‍රමණයන් මැඩ විජිතපුර සටන සිදුවෙද්දී ඔහු මහා ගදාවක් ගෙන සටන් කල බව කියැවේ [6] මොහු ගදායුද පුහුණුව ලද්දෙකි.සොළොස් හැවිරිදි වියේදී ඔහුට . පිය තෙමේ සොළොස් රියන් දික්ව අටතිස් ඇති ගදාවක් කර වීය.ඒ තෙමේ එයින් තල් පොල් කද පහර බිම හෙලීය.විජිතපුර සටනේදී යොදාගෙන ඇත්තේ මේ ගදාවයි.[7]

   අංකිත ස්ථාන 

[1] ම.ව.-23/55 [2] රස-93 [3] ම.ව.-23/55 [4] රස-93 [5] සලන් -527 [6] එම [7] ම.ව.-25/46,සලන්-531,ස්තුප 148

මහාභරණ යෝධයා[සංස්කරණය]

කැපකරු නම් ගම්හි කුමාරයාගේ භරණ නම් පුතෙක් වීය.ඒ තෙමේ කල් යාමෙන් දස දොළොස් හැවිරිදි වුයේ ගම දරුවන් හා වනයට ගොස් බොහෝ සාවුන් ලුහුබැද පයින් පැහැර දෙකඩ කොට බිම ගැසීමය.සොළොස් හැවිරිදි වුයෙන් වනාහී ගම්වැස්නන් හා වලට ගොස් වලට ගොස් එසේම මුවන්,ගෝනුන්,ඌරන් ;වහ පෙරලීය.භරණ නම් ඒ මහා යෝධ තෙමේ එයින් ප්‍රකට විය.රජ තෙමේ ඔහුද යට කී පරිද්දෙන් ගැමුණු කුමරු වෙත යැවුහ.

උපන් ගම[සංස්කරණය]

මහාභරණ යෝධයා කප්පකන්දර ග්‍රාමයෙහි උපන් බව මහාවංශයේ [1] දැක්වේ.රෝහණ ජනපදයේ කප්කන්දර ගාමය ලෙස රසවාහිනියද [2]රුහුණු රට කප්කදුරු ගම යැයි සද්දම්මාලන්කාරයේද[3] සප්පදුරු ගම යැයි ස්තුපවංශයේ දැක්වේ.

මාපියන්[සංස්කරණය]

මහාභරණ යෝධයාගේ පියා කුමාර යැයි මහාවංශය [4]දක්වයි.කුමාර කුටුම්බික ලෙසද රසවාහිනිය ඩ කුමාර කෙලෙබි ලෙසද සද්ධර්මාලංකාරය [5]හා ස්තුපවන්ශයද [6]සදහන් කරයි.

ජාතික මෙහෙවර[සංස්කරණය]

අනිත් යෝධයන් මෙන්ම මහාභරණ යෝධයාද මොහු ගැන මුලාශ්‍රවල සදහන් වී නොතිබීම මහා පුදුමයකි.ඔහුගෙන් විජිතපුර සටනේදී කුමන සේවයක් ඉටුවී ඇත්දයන්න නොදැක්වෙයි.රජු සමග දානමාන පිම්කන් කර මිය පරලොව ගිය බව ඉතිහාසයේ දැක්වේ.

  අංකිත ස්ථාන 

[1] ම.ව.-23/64 [2] රස -96 [3] සලන් 532 ,ස්තුප-134 [4] ම.ව.-23/64 [5] ස්තුප-134 [6] සලන්-533

වේළුසුමන යෝධයා[සංස්කරණය]

ගිරි නම් දන්නව්වෙහි කුටුබිය නම් ගම ප්‍රසිද්ද කුටුබි නම් කෙලෙබියෙක් විය.ඒ තෙමේ මෙසේ ප්‍රසිද්ද විය .වේළුසුමන අසු නගී ඒ මඩලේ වහා මෙහෙයි.දුවන්න වුද ,මේ අසු පිට පුරුෂ වල්ලක් සේ හුන්නේය.සැලකිලි නැත්තෙන් උතුරු සළුව මුදැයි.නැවත බදියි.ඒ දැක මිනිසුන් ඔල්වරසන් දුන්නේය.,,මේ තෙමේ රජ හට සුදුසුයැයි ,, සතුටු වුයෙන් රජු වෙත යවුයේය.

උපන් ගම[සංස්කරණය]

වේළුසුමන යෝධයා ගේ උපන් ගම ගිරුජනපදයේ කුටුම්බියන්ගන නම් වීය.මෙය මහාවංශ පිටපත්වල කුටියන්ගන ලෙසද දැක්වේ.

මාපියන්[සංස්කරණය]

සෙසු යෝධයන්ගේ සේම වේළුසුමන යෝධයා ගේ මාපියන් පිළිබදව ඇත්තේ ඉතා අල්ප තොරතුරකි.එනම් ඔහුගේ පියා වසභ නම් සම්මත අයෙකි.[1]

ජාතික මෙහෙවර[සංස්කරණය]

වේළුසුමන යෝධයා තරුණ වයසේදීම ජාතික මෙහෙවරක නිරත වීමට සුදුසුකම් ඇති අයෙකු බව පෙනේ.ඒ බව කියවෙන්නේ සුමන ගිරිභෝජකයාගේ නිවසේ සිටියදී කිසිවෙකුටත් පිටනගීමට නොදුන් අශ්වයා අරුදව දක්වන ලද විස්කම් මගිනි.[2] වේළුසුමන දැක තමා පිටට නැගීමට සුදුස්සෙකු යැයි සිතා ඔහුගේ මුහුණ බලා හෙශාවර කල බව මුලාශ්‍රවල සදහන්ය.පසු අසුඅසු පිට පුරුෂ වල්ලක් සේ හුන්නේය.සැලකිලි නැත්තෙන් උතුරු සළුව මුදැයි.නැවත බදියි.මේ පිළිබද බොහෝ විස්තර මහාවංශයේ (22/53,57 )ඇත.

අංකිත ස්ථාන [1] ම.ව -23/68,සහස්ස-83 [2] ම.ව.-23/71 ,සහස්ස-83 ,රස-98,සලන්-535

"https://si.wikipedia.org/w/index.php?title=දසමහා_යෝධයෝ&oldid=440934" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි