පරිශීලක:පොපියන/මයික්‍රො බිට්

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
Micro Bit
BBC Microbit.jpg
DeveloperBBC Learning, BBC R&D, ARM Holdings, Barclays, element14, NXP Semiconductors, Lancaster University, Microsoft, Samsung, Nordic Semiconductor, ScienceScope, Technology Will Save Us, Python Software Foundation
මාදිලියSingle-board microcontroller
නිකුත් කළ දිනයපාසල්: 2015 සැප්තැම්බර් (ප්‍රමාද වී)

මහජන: 2015 ඔක්තොම්බර් (ප්‍රමාද වී)

2016 පෙබරවාරි 10 දින ගුරුවරුන් වෙත පළමු යැවිම් වාර්ථාවිය.
CPUNordic Semiconductor nRF51822, 16 MHz ARM Cortex-M0 microcontroller, 256 KB Flash, 16 KB RAM.[1][2]
පරිගණක සම්බන්ධන හැකියාවBluetooth LE, MicroUSB, edge connector
Websitemicrobit.org

මයික්‍රෝ බිට් (බිබිසි මයික්‍රො බිට් ලෙසද හැඳින්වේ,micro:bit ලෙස ලියා දැක්වේ) යනු බීබීසී විසින් එක්සත් රාජධානියේ පරිගණක අධ්‍යාපනය වෙනුවෙන් සැලසුම් කළ ආර්ම්-පාදක නිහිත පද්ධතියකි.

ප්‍රමාණයෙන් 4 cm × 5 cm වන මේ පුවරුවේ ARM Cortex-M0 ප්‍රොසෙසරයක්, ත්වරණමාන හා චුම්භකමාන සංවේදක, බ්ලූටූත් හා යූඑස්බී සම්බන්ධතා, එල්ඊඩී 25කින් සමන්විත සංදර්ශකයක්, ක්‍රමලේඛනය කළ හැකි බොත්තම් 2ක් පවතී, මෙයට යූඑස්බී හෝ බාහිර බැටරි ඇසුරින් බලය ලැබිය හැක. මෙම උපාංගයේ ආදාන හා ප්‍රතිදාන පින්-23 සම්බන්ධකයේ කොටසක් වන මුදු සම්බන්ධක පහක් හරහා සිදුකෙරේ.

දෘඩාංග[සංස්කරණය]

උපාංගයේ ප්‍රමාණය විස්තර කෙරෙනුයේ ක්‍රෙඩිට් කාඩ්පතකින් බාගයක් ලෙසය, අවසන් නිශ්පාදනය ආරම්භ වන විට, ප්‍රමාණයෙන් 43 mm × 52 mm විය.[3] අන්තර්ගතය:

  •  නෝඩික් nRF51822 – 16 MHz බිටු-32 ARM Cortex-M0 ක්ෂුද්‍රපාලකය, 256 KB සැනෙළි මතකය, 16 KB ස්ථිතික රැම්, 2.4 GHz අඩු ශක්ති බ්ලූටූත් රැහැන් රහිත ජාලකරණය. 16MHz හා 32.768 kHz අතර හුවමාරු හැකියාවක් ඒආර්එම් කොර් හි ඇත.[4][5][6][7]
  • එන්එක්ස්පී/ෆ්‍රීස්කේල් KL26Z – 48 MHz ARM Cortex-M0+ ප්‍රධාන ක්ෂුද්‍රපාලකයේ, සම්පූර්ණ-වේග යූඑස්බී 2.0 ඔන්-ද-ගො (ඔටිජි) පාලකය තිබේ, එය යූඑස්බී හා ප්‍රධාන නෝඩික් ක්ෂුද්‍රපාලකය අතර සන්නිවේදන අතුරුමුහුණත ලෙස භාවිත වේ. මෙම උපාංගය යූඑස්බී සැපයුම (4.5-5.25V) සිට මුද්‍රිත පරිපථයේ අනෙකුත් කොටස් වල භාවිත වන වෝල්ට් 3.3 දක්වා අඩු කරන වෝල්ටීයතා යාමකයක් ලෙසද හැසිරේ. බැටරි මගින් ධාවනය වන විට මෙම යාමකය ක්‍රියා නොකරයි.
  • එන්එක්ස්පි/ෆ්‍රීස්කේල් MMA8652 – අක්ෂ-3 ත්වරණමාන සංවේදකය I²C-බසය හරහා ක්‍රියාකරයි.
  • එන්එක්ස්පි/ෆ්‍රීස්කේල් MAG3110 – අක්ෂ-3 චුම්භකමාන සංවේදකය I²C-බසය හරහා ක්‍රියාකරයි (මාලිමාව හා ලෝහ අනාවරකය ලෙස ක්‍රියා කිරීමට).
  • මයික්‍රොයූඑස්බී සම්බන්ධකය, බැටරි සම්බන්ධකය, පින්-23 එජ් සම්බන්ධකය.[1][8]
  • 5x5 අරාවක පිහිටි එල්ඊඩී 25 කින් සමන්විත සංදර්ශකය.
  • එබිය හැකි බොත්තම් තුන (පරිශීලකයාට දෙකක්, යළි සැකසීමට එකක්).

ආදාන ප්‍රතිදාන සඳහා ක්‍රොකඩයිල් ක්ලිප් හෝ 4 mm බනානා කෙවෙනි සමග සම්බන්ධ විය හැකි මුදු සම්බන්ධක තුනක් (හා එක් බලසැපයුමක් හා එක් භූගතයක්)[9] එසේම පීඩබ්ලිව්එම් ප්‍රතිදාන දෙකක් හෝ තුනක් සමග පින්-23 එජ් සම්බන්ධකයක්, හයේ සිට 17 දක්වා ජීපීඅයිඔ පින් (වින්‍යාසය මත රඳාපවතී), ප්‍රතිසම අදාන හයක්, සීරියල් අයි/ඕ, එස්පීඅයි, හා I²C. ඇතුලත බැටරියක් තිබූ, පූර්ව මූලාකෘතිවල මෙන් නොව, බාහිර බැටරි කුට්ටමක් (AAA බැටරි) මගින් පැළඳිය හැකි හා ස්වාධීන නිපැයුම් වලට බලය සැපයිය හැකිය.[10] සෞඛ්‍යය හා ආරක්ෂාව සැලකීම, එසේම වියදම, පූර්ව සැලසුම් වල තිබූ බොත්තම් බැටරිය ඉවත් කිරීමට හේතු ලෙස පැවසීය.

මෘදුකාංග[සංස්කරණය]

නිල කේත සංස්කාරක හතරක් [https://www.microbit.co.uk/create-code බිබිසි මයික්‍රො:බිට් වෙබ් අඩවියේ දැක්වේ:
]

  • කෝඩ්කිංඩම්ස්, ජාවාස්ක්‍රිප්ට් භාවිතයෙන්;[11][12]
  • බ්ලොක්ලි මත පදනම් වූ, මයික්‍රොසොෆ්ට් බ්ලොක් එඩිටර්;
  • මයික්‍රොසොෆ්ට් ටච්ඩිවලොප්;
  • මයික්‍රොපයිතන්.[13]

මයික්‍රොබිට් මත පයිතන් ක්‍රමලේඛන හැකියාව ලබාදෙන්නේ මයික්‍රොපයිතන් මගිනි.[14][15] පරිශීලකයන් හට මයික්‍රොබිට් වෙබ් සංස්කාරකය මත පයිතන් කේත ලියා අනතුරුව මයික්‍රොපයිතන් ස්ථීරාංගය සමග සම්බන්ධකර උපාංගයට උඩුගත කෙරේ. එසේම පරිශීකයන්ට යූඑස්බී ශ්‍රේණිගත කෙවෙනිය හරහා සෘජුවම උපාංගය මත ධාවනය වන මයික්‍රොපයිතන් ආර්ඊපීඑල් වෙත ප්‍රවේශ විය හැක, මේ මගින් මයික්‍රොබිට් පර්යන්ත උපාංග සමග සෘජුව අන්තර්ක්‍රියා කිරීමේ හැකියාව ලැබේ.

මයික්‍රොබිට් නිර්මාණය කරන ලද්දේ ඒආර්එම් ම්බෙඩ් සංවර්ධන කට්ටල භාවිත කරගෙනය. ධාවන පද්ධතිය හා ක්‍රමලේඛන අතුරු මුහුණත පරිශීලකයාගේ කේතය සම්පාදනය කරන්නේ ම්බෙඩ් ක්ලවුඩ් සම්පාදක සේවය උපයෝගී කරගෙනය. සම්පාදනය කළ කේතය අනතුරුව යූඑස්බී හෝ බ්ලූටූත් සම්බන්ධතා යොදාගෙන උපාංගයේ සැනෙළි මතකයට යවයි. උපාංගය පරිගණකයකට සම්බන්ධ කළ විට යූඑස්බී ධාවනය ලෙස දැක්වෙන අතර කේත ඇද ගෙන ගොස් හෙළීම මගින් කේත එක් කළ හැක.[16]

අනෙකුත් බිබිසි මයික්‍රො:බිට් සංස්කාරකයන්:

  • codethemicrobit.com, බ්ලොක්/ ජාවාස්ක්‍රිප්ට් සංස්කාරකයක්
  • මු, පයිතන් සංස්කාරකයක්
  • එස්පෘයිනො, ජාවාස්ක්‍රිප්ට් අර්ථ වින්‍යාසකයකි.
  • Microsoft PXT Editor මයික්‍රෝසොෆ්ට්'හි නව මයික්‍රො:බිට් ප්‍රොගැමිං එක්ස්පීරියන්ස් ටූල්කිට් (පීඑක්ස්ටී) සංස්කාරකය බ්ලොක්-පාදක සංස්කාරකයක් හා ජාවාස්ක්‍රිප්ට් යන දෙකටම සහය දක්වන්නේ, පියර්-ටු-පියර් රේඩියෝ වැනි විශේෂාංග සමගය.

බිබිසි මයික්‍රො:බිට් සඳහා වන අනෙකුත් ක්‍රමලේඛ භාෂා:

බිබිසි මයික්‍රො:බිට් වෙනුවෙන් තැනිය හැකි මෙහෙයුම් පද්ධති:

  • සෙපීර් - සෙපීර් සැහැල්ලු මෙහෙයුම් පද්ධතිය මෙම පුවරුව මත ධාවනයට හැකිවන පරාමිතීන් සම්පූර්ණ කරයි.

ඉතිහාසය[සංස්කරණය]

සංවර්ධනය[සංස්කරණය]

මයික්‍රො බිට් සැලසුම් කළේ මාධ්‍යයේ පාරිභෝගිකයන් වීම වෙනුවට, දරුවන් පරිගණක සඳහා මෘදුකාංග ලිවීම හා අළුත් දේ තැනීම සඳහා ක්‍රියාකාරී ලෙස දායක වීමට පෙළඹවීමටය. එය නිර්මාණය කළේ රාස්බෙරි පයි වැනි, අනෙකුත් පද්ධති වලට සමාන්තරව,[17] බිබිසි මයික්‍රො සිට පැවත එන බිබිසි'හි පරිගණක අධ්‍යාපනය සමගය. බ්‍රිතාන්‍යයේ සෑම 7 වසර (අවුරුදු-11 හා අවුරුදු-12 වයස) දරුවෙකුවටම 2015 ඔක්තොම්බර් සිට මෙම උපාංගය නොමිලේ ලබාදීමට (උපාංග මිලියන 1කට ආසන්නව) බිබිසි සැලසුම් කරන ලදි.[2][18] අධ්‍යාපනඥයන්ට පෙර සූදානම් වීමට උපකාරයක් ලෙස ජාලගත සිමියුලේටරයක් පූර්වයෙන් එළිදක්වන ලදි, එසේම ඇතැම් ගුරුවරුන් වෙත 2015 සැප්තැම්බර් වලදී උපාංගය ලැබුනි. එබැවින්, උපාංගය 2015 අවසාන වන විට පොදු වෙළඳපලේ තිබීමට සැලසුම් කර තිබුනි.[19] නමුත්, ගැටලු හේතුවෙන් දියත් කිරීම 2016 මාර්තු 22 දක්වා ප්‍රමාද වීය.[20]

මුලින්ම මයික්‍රො බිට් නොමිලේ ලබාදෙන්නේ කිනම් වයස් කාණ්ඩයටද යන්න පිළිබඳ බිබිසි'ය අපහසු තීරණයක් ගන්නා ලදි, අධ්‍යාපනය පිළිබඳ බිබිසි ප්‍රධානියා පවසා සිටියේ "අපි 7 වසර තෝරා ගැනීමට හේතුව වූයේ [පහ වසරට වඩා] ඒමගින් මෙම වයස් කාණ්ඩයට වැඩි බලපෑමක් තිබීමයි ... ඔවුන් එය පන්ති කාමරයෙන් පිටතදී භාවිතයට වැඩි උනන්දුවක් දැක්වුවා".

මෙම ව්‍යාපෘතිය සැලසුම් කිරීම 2012 දී පමණ බිබිසි පරිගණක සාක්ෂරතා වැඩසටහනේ කොටසක් ලෙස ආරම්භ විය එසේම 2015 දී නිකුත් කරන විට බිබිසි'ය නිශ්පාදනය, සැලසුම්කරනය හා බෙදාහැරීම සඳහා සහකරුවන් 29 දෙනෙකුගේ සහය ලබාගන්නා ලදි.[21][22] බිබිසි පවසා සිටියේ සංවර්ධන වියදම් වලින් බහුතරයක් දැරුවේ ව්‍යාපෘතියේ සහකරුවන් බවත්, එබැවින් මේ තාක්ෂණය විවෘත කේත ලෙස අධ්‍යාපන භාවිතයට ලොව පුරා නිශ්පාදනයට අවසර දීමට අදහස් කළ බවය, එසේම මෙය අධීක්ෂණය සඳහා ඔවුන් ලාභ-නොලබන සමාගමක් ස්ථාපිත කරන ලදි.

සහයෝගීතාවන්[සංස්කරණය]

මයික්‍රො බිට් සංවර්ධනයවූයේ බිබිසි සමග එක්වූ සහකරුවන් විශාල සංඛ්‍යාවකගේ ක්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙසය:

  • මයික්‍රොසොෆ්ට් – ඔවුන්ගේ මෘදුකාංග පිළිබඳ විශේෂඥ දැනුම දායක කර ටච්ඩිවලොප් උපස්ථරය උපාංගය සමග ක්‍රියාකළ හැකි ලෙස සකසන ලදි. නිශ්පාදනය මහජනයාට නිකුත් කිරීමෙන් අනතුරුව ඔවුන් උපාංගයේ සියලුම පරිශීලකයන්ගේ ව්‍යාපෘති හා කේත දරා සිටීමට වගකියනු ලැබේ.[21] එසේම ඔවුන් උපාංගය සඳහා වන ගුරු පුහුණු ද්‍රව්‍යයද සංවර්ධනය කරන ලදි.[1]
  • ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලය – උපාංගයේ ධාවනකාල සංවර්ධනයෙන්.[23]
  • ෆානෙල් එලිමන්ට්14 – උපාංගයේ නිශ්පාදනය අධීක්ෂණයෙන්.[1]
  • නෝඩික් සෙමිකන්ඩක්ටර් – උපාංගයට මධ්‍යය සැකසුම් ඒකකය සපයන ලදි.[1]
  • එන්එක්ස්පී සෙමිකන්ඩක්ටර්ස් – සංවේදක හා යූඑස්බී පරිපාලකය සපයන ලදි.[1]
  • ආර්ම් හෝල්ඩිංස් – ම්බෙඩ් දෘඩාංග, සංවර්ධන කට්ටලය හා සම්පාදක සේවා සපයන ලදි.[23]
  • ටෙක්නොලොජි විල් සේව් අස් – උපාංගයේ භෞතීය පෙනුම සැලසුම් කරන ලදි.[9]
  • බාක්ලේස් – උපාංගය බෙදාහැරීමේ හා ලබාදීමේ ක්‍රියාවන්ට සහයවන ලදි.[23]
  • සැම්සුං – උපාංගය දුරකථන හා ටැබ්ලට් සම්බන්ධවීමට සහය වී ඇන්ඩ්‍රොයිඩ් යෙදවුමක් සංවර්ධනය කරන ලදි.[23]
  • ද වෙල්කම් ට්‍රස්ට් – ගුරුවරුන් හා පාසල් සඳහා අධ්‍යාපන අවස්ථා සලසන ලදි.[23]
  • ScienceScope – developing an iOS app and distributing the device to schools.[23]
  • Python Software Foundation – worked to bring MicroPython to the device, created native and web-based beginner-friendly Python code editors, produced numerous educational resources and organised developer-led workshops for teachers.[24][25]
  • Bluetooth SIG – Developed the custom Bluetooth LE profile.[26]
  • Creative Digital Solutions – developed teaching materials, workshops and outreach activities.[27]
  • Cisco – provided staff and resources to STEMNET to aid with the national rollout.[27]
  • Code Club – Created a series of coding resources aimed at children ages 9 to 11 and delivered via volunteer run coding clubs.[27]
  • STEMNET – Provided STEM ambassadors to support schools and teachers and to liaise with third parties such as Bloodhound SSC and Cisco.[27]
  • Kitronik – Produced and gave away 5,500 e-textile kits for the BBC micro:bit to D&T teachers across the UK. Designed hardware such as a Motor Driver board to allow the BBC micro:bit to control devices such as motors and servos.[27]
  • Tangent Design – Created the brand identity for the BBC micro:bit and developed the website.[27]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. 1.0 1.1 1.2 1.3 1.4 1.5 Anthony, Sebastian (7 July 2015). "BBC Micro:bit—a free single-board PC for every Year 7 kid in the UK". arstechnica.uk. Retrieved 8 July 2015.
  2. 2.0 2.1 Sherwin, Adam (7 July 2015). "BBC micro:bit: Can a pocket-sized computer 'inspire digital creativity' in Britain's children?". The Independent. Retrieved 7 July 2015.
  3. Bell, Lee (7 July 2015). "BBC teams with ARM, Microsoft and Samsung to launch Micro:bit and get kids coding". The Inquirer.
  4. Austin, Jonathan (7 July 2015). "Working with the BBC on micro:bit: Part 1 – using the mbed HDK". …we plugged them into a Nordic NRF51822 development kit, which uses the same chip as the micro:bit…
  5. Introducing the BBC micro:bit (Shockwave Flash) (Television production). BBC. 7 July 2015. Event occurs at 00:39.
  6. Franklin-Wallis, Oliver (7 July 2015). "BBC unveils final Micro:Bit computer design". wired.co.uk. Retrieved 8 July 2015.
  7. BBC micro:bit; mbed.org.
  8. "BBC micro:bit". mbed.org. Retrieved 8 July 2015. The BBC micro:bit is based on the mbed HDK. The target MCU is a Nordic nRF51822 with 16K RAM, 256K Flash. As well as the nRF51822 there's also an onboard accelerometer and magnetometer from Freescale.
  9. 9.0 9.1 "Groundbreaking initiative to inspire digital creativity and develop a new generation of tech pioneers". BBC. Retrieved 8 July 2015.
  10. Wired: Micro bit hands on
  11. "New BBC Micro:bit Is Free for Preteens in the UK". Make:.CS1 maint: extra punctuation (link)
  12. Code Kingdoms
  13. Williams, Alun. "Hands on with the BBC Micro-Bit user interface". ElectronicsWeekly.com. Retrieved 8 July 2015.
  14. "The Story of MicroPython on the BBC micro:bit". ntoll.org. Retrieved 13 November 2015.
  15. "MicroPython for the BBC micro:bit". GitHub. Retrieved 13 November 2015.
  16. Williams, Alun. "Micro Bit reunites BBC and ARM for grand education initiative". Electronics Weekly. Retrieved 8 July 2015.
  17. Stuart Dredge. "BBC Micro Bit will complement Raspberry Pi not compete with it". The Guardian.
  18. Anderson, Tim. "Why the BBC is stuffing free Micro:bit computers into schoolkids' satchels". The Register. Retrieved 8 July 2015.
  19. Dredge, Stuart (7 July 2015). "BBC to give away 1m Micro:bit computers to schoolchildren". The Guardian. Retrieved 8 July 2015.
  20. "BBC defends delay of 'truly transformational' micro:bit". Wired. 18 September 2015. Retrieved 17 November 2015.
  21. 21.0 21.1 Brian, Matt (7 July 2015). "How the BBC's Micro:bit came to be". Engadget. Retrieved 8 July 2015.
  22. Stainer, Katie. "Microsoft and the BBC micro:bit: a million ways to inspire a generation". Microsoft. Retrieved 8 July 2015.
  23. 23.0 23.1 23.2 23.3 23.4 23.5 Bell, Lee. "BBC teams with ARM, Microsoft and Samsung to launch Micro:bit and get kids coding". The Inquirer. Retrieved 8 July 2015.
  24. "A Million Children". Python Software Foundation News. Retrieved 24 April 2016.
  25. "BBC launches MicroBit". Python Software Foundation News. Retrieved 13 November 2015.
  26. http://www.electronicsweekly.com/news/bluetooth-sig-creates-stack-for-bbc-microbit-2016-03/
  27. 27.0 27.1 27.2 27.3 27.4 27.5 https://www.microbit.co.uk/partners

බාහිර සබැඳි[සංස්කරණය]