පට්ටිපොල දුම්රිය ස්ථානය

විකිපීඩියා වෙතින්
පට්ටිපොල
පට්ටිපොල දුම්රිය ස්ථානය, 2016
සාමාන්‍ය තොරතුරු
පිහිටි ස්ථානයශ්‍රී ලංකාව
භූගෝලීය ඛණ්ඩාංක6°51′21″N 80°49′50″E / 6.8559°N 80.8306°E / 6.8559; 80.8306ඛණ්ඩාංක: 6°51′21″N 80°49′50″E / 6.8559°N 80.8306°E / 6.8559; 80.8306
ක්‍රියාකරුශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව
දුම්රිය මාර්ග(ය)Main line
දුර224 km (139.2 mi) කොළඹ සිට
වේදිකා ගණන1 වේදිකාව
වෙනත් තොරතුරු
දුම්රිය ස්ථාන කේතයPPL
ඉතිහාසය
විවෘතය1893

පට්ටිපොල දුම්රිය ස්ථානය යනු ශ්‍රී ලංකාවේ, මුහුදු මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටි දුම්රිය ස්ථානයයි[1]. එය මුහුදු මට්ටමේ සිට 1897m ක් ඉහළින් පිහිටා ඇත. මෙය ශ්‍රී ලංකාවේ ප්‍රධාන (බදුලු) දුම්රිය මාර්ගයේ පිහිටා ඇති අතර පොඩි මැණිකේ දුම්රිය ඇතුළු බහුතරයක් නවත්වන දුම්රිය ස්ථානයකි.

ලොව දුෂ්කරතම දුම්රිය මාර්ග අතරින් 07 වන ස්ථානය හිමි අපේ රටේ ප්‍රධාන මාර්ගය නොහොත් උඩරට දුම්රිය මාර්ගයෙහි පිහිටි පට්ටිපොල දුම්රිය ස්ථානය අඹේවෙල සහ ඔහිය යන දුම්රිය ස්ථාන දෙකට මැදිව පිහිටා තිබේ.

මෙම දුම්රිය ස්ථානය මධ්‍යම පලාතේ නුවරඑලිය දිස්ත්‍රික්කයෙහි පිහිටා ඇති අතර කොලඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ආසන්න වශයෙන් කිමී. 225 ක පමණ දුරක් ගෙවූ විට ප්‍රධාන මාර්ගයේ පිහිටි 62 වන දුම්රිය ස්ථානය ලෙස පට්ටිපොල දුම්රිය ස්ථානය හමු වේ. මෙහි ආරම්භය 1893 වර්ෂයේදී පමණ සිදු වී ඇත.

මුහුදු මට්ටමේ සිට මීටර් 1897 (අඩි 6240) පමණ උසකින් පිහිටි මෙම දුම්රිය ස්ථානය අපේ රටේ මුහුදු මට්ටමේ සිට වැඩිම උසකින් පිහිටි දුම්රිය ස්ථානය වේ.

එමෙන්ම ලොව පිහිටා ඇති පළල අඟල් 5.5 වූ පටු අමාන දුම්රිය මාර්ගයක් ගමන් ගන්නා උසම ස්ථානය නොහොත් Summit Level පිහිටා ඇත්තේ ද පට්ටිපොල දුම්රිය ස්ථානය ආශ්‍රිතවයි.

උඩරට මාර්ගයේ රඹුක්කන සිට බදුල්ල දක්වා ගමන්කිරිමේදී තිබෙන සීඝ්‍ර නැග්මෙහි අවසානය පට්ටිපොල දුම්රිය ස්ථානය වන අතර එතැන් පටන් බදුල්ල දක්වා ඇත්තේ බැස්මකි. නුවරඑලිය දිස්ත්‍රික්කයේ පිහිටා තිබීම නිසාද යම් යම් කාලගුණික විපර්යාස නිසාද බොහෝ දිනවල සවස 5.00 - 5.30 වන විට අවට පරිසරය මීදුමින් වැසී යන අතර කුඩා වැහි පොදක් ද ඇති කරමින් සැඳෑ අදුර විසින් මේ සුන්දර පරිසරය ගිල ගනී. සාමාන්‍යයෙන් සවස 6 ,7 වන විට 17°c - 16°c තරම් පහල උෂ්ණත්වයක් තිබෙන සුන්දර පට්ටිපොල පාන්දර 3 වන විට 10°c ආසන්න උෂ්ණත්වයක් හෝ ඊටත් අඩු උෂ්ණත්වයකට ළඟා වේ.

ද්විත්ව එන්ජින් වල උපකාරයෙන් ධාවනය වන බදුල්ල රාත්‍රී තැපැල් දුම්රියෙහි අනෙක් එන්ජිම pilot කිරීමද සිදු වන්නේ සුන්දර පට්ටිපොල දුම්රිය ස්ථානය හි වන අතර කොලඹ කොටුව තෙක් ධාවනය වන (down) තැපැල් දුම්රිය පසුපස Banking එන්ජිම ඉස්සරහට සවි කිරීමද , එලෙසම බදුල්ල තෙක් ධාවනය වන (up) දුම්රියට ගම්පොලින් ලබා දෙන banking එන්ජිම ඉස්සරහට සවි කිරීම ද මෙම දුම්රිය ස්ථානයේදී සිදු වේ. දුම්රිය සේවයකයන් අතරින් දුෂ්කරතම රාජකාරියක් ලෙස සැලකෙන එන්ජින් Shunting කිරීම නොහොත් එන්ජින් දෙකක් සම්බන්ධ කිරිමෙහි නියතු සේවක මහතා සිදුකරන ඒ කටුක සේවය නිසා ඔහුගේ රැකියාවේ කටුකත්වය වෙන කිසිදු shunter කෙනෙක් නොලබන නිසාද පට්ටිපොල තවත් ආරකින් වැදගත් වේ. දුෂ්කර බව වැඩිම shunting වරයා සිටින, අවම උෂ්ණත්වයකට ලක්වන දුම්රිය ස්ථානය නිසාත් පට්ටිපොල තව දුරටත් සුවිශේෂ වේ.

ඉතා කාරුණික සහ මානුශික සේවක පිරිසක් සහ ස්ථානාධිපතිවරයෙක් ගෙන් යුත් පට්ටිපොල දුම්රිය ස්ථානය තුළ දේශගුණයට ගැලපෙන මල් ආදිය වවා අලංකාරව සහ පිරිදුව සකසා ඇති අතර මෙහි ඇති විශේෂත්වයට මනා වටිනාකම් එක් කිරීමට ඒ කරුණු වලට හැකි වී ඇත.

පට්ටිපොල නාම පුවරුව

සම්බන්ධතා[සංස්කරණය]

පෙර නැවතුම්පොළ   ශ්‍රී ලංකා දුම්රිය සේවය   පසු නැවතුම්පොළ
ඔහිය   ප්‍රධාන දුම්රිය මාර්ගය   අඹේවෙල

ආශ්‍රිත[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Pattipola Railway Station of Sri Lanka". සම්ප්‍රවේශය 2011-05-07.